IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


ඉන්දියාවේ ආධාරත් ව්‍යවස්ථා සංශෝධනත් අතර සම්බන්ධයක් නෑ

(ඩයනා උදයංගනී)

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන සහන හා ආධාරත් ව්‍යවස්ථා සංශෝධනත් අතර කිසිම සම්බන්ධයක් නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පසුගියදා පැවති සාකච්ඡාවේදී දෙරටටම වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා කෙරුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා ජනතාව රජයට විශාල ජනවරමක් ලබාදුන්නේ සියලු ජාතීන්ට සමානව සේවය කිරීමට බැවින් සියලු ජාතීන්ට සමඟියෙන්, සහයෝගයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනගන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී පැවසූ බව ඇමතිවරයා සඳහන් කළේය.

ඒ සඳහා ඉන්දීය රජයේ සහයෝගය අපේක්‍ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා කීවේ යැයි ද ඇමති රඹුක්වැල්ල මහතා පැවසීය.



අදහස් (9)

ඉන්දියාවේ ආධාරත් ව්‍යවස්ථා සංශෝධනත් අතර සම්බන්ධයක් නෑ

විජිත් Monday, 28 September 2020 01:05 PM

ඔයාගේ බොරු කතන්දර අහලා ඒවා විශ්වාසකරන බයියෝ ඉන්නේ 69 ලක්ෂයක් විතරයි. උගත්, බුද්ධිමත් සිදුවන දේ ගැන හොඳටම දැනුවත් ලක්ෂ ගණනකුත් මේ රටේ ඉන්නවා. මෝඩි, මදි නොකියන්නම මහින්දට "තෝසේ" "චපාති" කැව්වා. ඉස්මුරුත්තාවට එන්නම... 13 ඉල්ලපුවාම, 13 ප්ලස් දෙන්නම්" කියලා එදා මන්මෝහන් සිං ළඟ බඩගාපු මහින්ද රාජපක්ෂ හිතුවේ මෝදී ඒවා දන්නේ නැහැ "මේ ඉස්සර කෝච්චියේ තේ විකුණපු කෙනානේ" කියලා. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. අපේ රටේ නම් ලපයි-සිපයි, ගෝතයින් බයියන්, දුෂ්ඨයින්, නෂ්ඨයින්, බ්‍රෂ්ඨයින් කියන කියන විදිහට වෙනස් වන විදේශ ප්‍රතිපත්තියක් තියෙන්නේ. රටේ සල්ලි හොරාකාලා රට හිඟන ජාතියක් බවට පත්කරපු සක්කිලි දේශපාලුවන්ට වෙන රටවලින් සල්ලි හිඟාකනකොට ඒ ඒ රටට ඕනෑ විදිහට ප්‍රතිපත්ති වෙනස් කරනවා. මට සැකයි මේ අය මුළුරටම දැනටමත් කාට හරි විකුණලාද කියලා...

:       1       37

Champa Monday, 28 September 2020 01:34 PM

ඔව්, සියලු ජාතීන්ට සමානව සලකන්න කියලා සිංහල බෞද්ධයින් එකට එකතු වෙලා ඡන්දය දුන්නේ, දේශපාලකයන් සුළු ජාතීන්ගේ කේවල් කිරීම්වලට යටත්වෙලා රටේ මහ ජාතිය වන සිංහලයින්ට සහ ප්‍රධාන ආගම වන බුද්ධාගමට කරපු කෙනෙහිලි නතර කරන්න. හැබැයි වුනේ මොකක්ද? ආපහු සිංහලයන් සහ බුද්ධාගම දෙවෙනි තැනට වැටුණු එක. ආපහුත් වෙන්නේ රට පාවලා දීලා හරි ආණ්ඩුව පවත්වාගෙන යන්න ප්‍රදාන ලබාගන්න එක. 20 වෙනි සංශෝධනයෙන් රාජ්‍ය සමාගම් විගණනයෙන් මුදා හරිනවා කියන්නේ ඒ ආයතන තවදුරටත් ආණ්ඩුවට වග කියන්නේ නැහැ හෙවත් ඔවුන්ට අභිමත විදිහට වැඩ කරන්න පුළුවන් කියන එක. සිංහලයින්ට මෙතෙක් කල් මේ රටේ අයිතිය තීරණය කරපු එකම වගන්තිය වන ලංකාව ඒකීය රටක් කියන වගන්තිය නැති 20 වෙනි සංශෝධනය වෙනුවෙන් පෙනී හිටින්නේ සිංහලයින්ද? ප්‍රභාකරන් පෝෂණය කරපු කාලේ ඉඳලාම ඉන්දියාව මේ වගන්තිය වෙනස් කරලා ලංකාව ෆෙඩරල් කරන්න හැදුවා. අගමැතිතුමාට අමුතුවෙන් 13ට කැමති වෙන්න දෙයක් නැහැ. 20 වෙනි සංශෝධනයේ අවසාන ප්‍රතිඵලය ෆෙඩරල් රටක්. ඉතාම සූක්ෂම විදිහට ඒ බව සඟවලා තියෙනවා 20 වෙනි සංශෝධනයේ...

:       2       22

Rohana Tuesday, 29 September 2020 01:51 AM

සාකච්ඡාවේ කරුණු ශුද්ධ පවිත්‍ර කෙරුවාට ඇත්තම කියනවා නම් මෝදි 13 ක්‍රියාත්මක කරන්න ලංකාවට බලකර තිබෙනවා. එහෙම නොකලොත් ඔය කියන ආධාර ලැබෙන්නේ නැහැ.

:       0       1

sharm warn Tuesday, 29 September 2020 04:52 AM

මේගොල්ලෝ කිවොත් දෙයක් ඒක කණපිට තමයි කරන්නේ.

:       0       1

sachith Tuesday, 29 September 2020 05:14 AM

හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේවට තමා.

:       0       1

Rata Perata Tuesday, 29 September 2020 06:23 AM

මෙයා කට අරිනකොටම අපි දැන් දන්නවා මෝඩ කතාවක් තමයි කියන්නේ කියලා.

:       0       2

wedage Tuesday, 29 September 2020 07:08 AM

ඔව් පස්සේ කියන්න පුළුවන්නේ කලින් සම්බන්ධයක් තිබුනේ නෑ පසුව සම්බන්ධයක් ඇතිවුණා කියලා.

:       0       3

Hafeel Tuesday, 29 September 2020 08:51 AM

එහෙමනම් මොනවටද මෝඩි 13 ගැන තදින්ම කිව්වේ? 

:       0       3

අතුල Tuesday, 29 September 2020 01:01 PM

මට "චේතිය" කියන රජතුමාව මතක් වෙනවා. මුන්නැහේගේ කතා අහන කොට...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 94 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 345 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි
2024 මැයි මස 11 623 0

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක්
2024 මැයි මස 11 301 0

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.


ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා
2024 මැයි මස 11 231 0

ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි.


ඩයනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගන්න යයි
2024 මැයි මස 10 1889 0

ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2085 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site