බිඟුන් මේනක ගමගේ
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කර බලයට පත්කර ගත් අනුප්‍රාප්තිකයා තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු වී ඇතැයි ද මාදුළුවාවේ සෝභිත හිමියන් සමග අස්සන් කළ ගිවිසුම සටකපට ලියැවිල්ලක් වී ඇතැයි ද සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව විදේශගත විය නොහැකි යැයි ද ආරක්ෂක ඇමැතිවරයා හැටියට ජනාධිපතිවරයා ඊට පිළිතුරු දිය යුතු යැයි ද මහාචාර්ය විජේසූරිය මහතා කීය.
ජනාධිපතිවරයා කතා කළ යුත්තේ හොඳ අගමැතිවරයකු පත්කරගැනීම නොව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන යැයි කී හෙතෙම වේදිකා මත සිට දර්ශනය ගැන පුරසාරම් දෙඩුව ද නීතිය මත රට පාලනය කිරීමේ දර්ශනයක් නැති බව ජනාධිපතිවරයා ක්‍රියාවෙන් ඔප්පු කර ඇතැයි ද ලංකාදීප සමඟ දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා කීය.
ඉදිරි ජනාධිපතිවරණයකදී නැවත පත්කරගැනීමට ජනාධිපතිවරයා නුදුසුස්සෙකු යැයි ද එපරිද්දෙන්ම ඊළග පාර්ලිමේන්තුවක අගමැතිවරයකු වීමට රනිල් වික්‍රමසිංහ මහතා ද නුසුදුස්සෙකු යැයි ද මහාචාර්ය විජේසූරිය මහතා පැවසීය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රණවිරුවන්ගේ බේරුම්කරුවා හැටියට පෙනී සිටිමින් තමන්ට බලයට ඒමට උදවු කළ දේශපාලන බලවේගයන්ට එන්.ජී.ඕ කාරයන් ලෙස ලේබල් ගැසීම ගර්හාකටයුතු යැයි ද නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු බලයට පත්කර රටේ නීතිගරුක පුරවැසියන් උගෙනගත්තේ ජීවිතයටම අමතක නොවන පාඩමක් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ
යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ විදෙස්ගතවීම ගැන ජනාධිපති පිළිතුරු දිය යුතුයි- සරත් විජේසූරිය
indra Monday, 10 September 2018 12:35 PM
අපිත් මේ රජය පත් කිරීමට දායක වුනා. දැන්නම් හිතෙනවා මහා පාපයක් කරේ කියලා, නැවතත් රට වෙනුවෙන් අලුත් මුහුණක් සෙවිය යුතුයි. රට වෙනුවෙන් අවංකව හඩ නගන ඔබතුමාලා වගේ කෙනෙක් ඉදිරිපත් වෙනවනම් කාලෝචිතයි .
gunarathnaTuesday, 11 September 2018 01:11 AM
කවුද රට වෙනුවෙන් කතා කරන්නේ මෙයාද?මෙයාට ඕනේ උනේ රට බේරාගන්ට නෙමෙඉ ගෝටව,මහින්දව ,හිරේ දාන්ට.ඒක වුනේ නැතිනිසා තමා මෛත්‍රීට දොස්කියන්නේ.කොල්ලන්ට ලෙක්චර් දෙනවා වගේ කියල හිතනවා ඇති රටක් පාලනය කරන එකත්.
lalith Monday, 10 September 2018 01:12 PM
මිනිස්සුන්ට ප්‍රශ්නෙකුත් නැතිනම්... පාර්ලිමේන්තුවට ප්‍රශ්නෙකුත් නැතිනම්... උසාවියට ගැටළුවකුත් නැතිනම්... මේ කව්ද?
කාන්ති Monday, 10 September 2018 02:43 PM
මිනීමැරුම් 11කට චෝදනා තියෙනවා.. රටෙන් පැනලා ..
Janaka from MataraTuesday, 11 September 2018 12:20 AM
කවුද මේවා ඔහෙට කිව්වේ ??? "..මිනිස්සුන්ට ප්‍රශ්නෙකුත් නැත... පාර්ලිමේන්තුවට ප්‍රශ්නෙකුත් නැත... උසාවියට ගැටළුවකුත් නැත ..."
Raveendra Monday, 10 September 2018 01:14 PM
අනේ මම දැනගත්තෙත් පත්තරේ දාල තිබුණු නිසා කිව්වොත් උත්තර හොයන්න වෙන්නේ ටිකිරි මොලවලටම තමයි...
anura Monday, 10 September 2018 01:16 PM
මේ අය බලාගෙන ඉන්නේ රණවිරුවන්ට කෙළවෙනකම් තමයි.
අමරේ Monday, 10 September 2018 02:46 PM
රණවිරුවෝ කියන්නේ රට බේරා ගන්නට සටන් කරන හමුදාවේ අයට. මිනීමරුවෝ කියන්නේ ඉස්කෝලේ යන සිංහල, දෙමළ ළමයින්ව වද දීලා මරපු හමුදාවේ වධකයින්ට...
Sira Monday, 10 September 2018 01:27 PM
ආත්මාර්ථකාමී, අදූරදර්ශී, දේශද්‍රෝහී අය නිසා මගේ මව්බිම විනාශවෙනවා. උදාර මගේ මව්බිම වෙනුවෙන් මටකළ හැකිදෙය නම්, විෂ්ණු අවතාරයෙන් මේ අය පසුපස ගොස් ආත්ම ගණනාවකට දඬුවම් කිරීමයි.
සතයපාල Monday, 10 September 2018 01:42 PM
අනිවාර්යෙන්ම ඔහු මෙයට වගකිව යුතු පමණක් නොවේ. ඒ ගැන ඔහුගෙන් කට උත්තරයක් ලබා ගැනීමටත් කටයුතු කල යුතුයි. ඒ වගේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන කණ්ඩායම් මේ ගැන අධිකරණයට පැමිණිලි කල යුතුයි.
chamith Monday, 10 September 2018 04:06 PM
අනේ මහත්තයෝ අයේ මිනිස්සුන්ව රවට්ටන්න එන්න එපා.. මේ රට මේ තත්වයට පත්වීමට ඔබතුමන්ලත් වගකියන්න ඕනේ.. දැන් නිකන් ඇඟ බේරගන්න හදන්න එපා...
Kamal sanjeewa Monday, 10 September 2018 04:08 PM
ආයෙත් හොරු පත්කරන්න වෙහෙස ගන්න එපා මැතිතුමනි, " නාගනන්ද කොඩිතුවක්කු " මැතිතුමන් ගැන සලකලා බලමු නේද?
nasrudin Monday, 10 September 2018 08:11 PM
මහැදුරු තුමණි, ඔබ තැනගේ අධ්‍යයනවේදී ප්‍රාමාණික දැනුම් සම්භාරයට හිස් වැසුම ඉවත් කර ගරු කරමි. රටට ගැලපෙන දේශ පාලන නායකයෙකු තෝරා බේරා ගන්න කරපු මෙහෙවරේදී ටයිටේනියම් වටින ඔලුවක් නිරපරාදේ කීතු කීතු වලට කැබලි කර ගත්ත නේද? කනගාටුයි, මහැදුරෙක් යන්න නිර්වචනය කිරීම අපහසුයි. සරලව ගත්තොත් ඔහුට තුන් කල් දක්නා නුවණක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මගේ ටිකිරි මොලයට එන පැනය නම් ඔබ තැන අඩු තරමින් එම නුවණ ස්පර්ශ කර තිබේද? යන්නයි. ඔබ තැන ගේ අධ්‍යයන වේදී කාර්ය සාඵල්‍ය සර්වප්රාකාරයෙන්ම සාර්ථක වේවා!!! ආයු රඛන්තු ආවඩා!!!
kudabandara Tuesday, 11 September 2018 01:10 AM
උගත්කම නෙති මිනිස්සු වේදිකාවල මොර දෙනවා. අපි කරගත් මෝඩකම මහ ට හරකෙක් මු න හිත මතම් දර්සනය කතා කරනවා රනිල් හිතෙන දේ කරනවා. මංගල එයට හිතෙන දේ කරනවා ජනතාව දුක් විඳිනවා. අනේ අපට වෙච්චදේ??? මුන් රට යනවා. රට කනවා අපිත්කනවා.
Adam Tuesday, 11 September 2018 01:40 AM
ඇත්තම කියනවනම් අපේ ගෙදර කුස්සියේ ඉන්න අය අපේ ජනාදිපති තුමාට වඩා රටේ වෙන දේවල් ගැන දන්නවා. මෙතුමා රට ගැන දැනගන්නේ අපේ පත්තර වලට පින්සිද්ද වෙන්න. මෙතුමා වගේ අසාර්ථක නායකයෙක් මේ මුළු ලෝකෙම පහල වෙලත් නැහැ අායෙ පහල වෙන්නෙත් නැහැ. මෙතුමාව ජනාදිපති කරලා අපි අපේ රටට කලේ ලොකු අපරාදයක්.
ranga Tuesday, 11 September 2018 03:44 AM
එකනේ යහ පාලනය කියන්නේ
දිලු්ම Tuesday, 11 September 2018 03:57 AM
උණ විකාරෙන් වගේ මෙයා දැන් කියවන්නේ. රට කන්න මුල පුරපු අයට දැන් කොහොමත් උණ තමයි. අපේ රටට හෙන ගෙනාපු අයගෙන් ප්‍රමුඛයෙක්නේ මෙයත්.
විජිත් Tuesday, 11 September 2018 06:14 PM
කමල්, මමත් එකඟයි ඔබ සමග.