IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආමි සුරංග ඝාතනයට පොලිසියේ තුනක් අත්අඩංගුවට ගන්න යයි

(නිමන්ති රණසිංහ)

පාතාල කි‍්‍රයාකාරිකයකු වූ බුද්ධික ප‍්‍රසාද් ගමගේ නොහොත් ‘‘ආමි සුරංග’’ නමැත්තා පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇඹිලිපිටිය සෙවනගල ප‍්‍රදේශයේ  වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට අද (06) උපදෙස් දුන්නේය.

ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන බී 626 නඩුවට අදාළව මෙම පොලිස් නිලධාරීන් තිදෙනා සැකකරුවන් ලෙස නම් කර ඔවුන් අත්අඩංග-ුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා නිතිපතිවරයා සිය උපදෙස් ලබා දී ඇතැයි නිතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීන් නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

ඒ අනුව, මෙලෙස සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ මේ වන විට ත‍්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි ලසන්ත රත්නායක, එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල සහ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපතිව සිටි කන්දප්පා නිශාන්ත සිල්වා (ඔහු මේ වන විට ස්විස්ටර්ලන්තයේ ජීවත් වන බව සදහන් වෙයි) සහ එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් 32684 (මේ වන විට රක්වාන පොලිසියේ සේවය නියුතු) පේ‍්‍රමකුමාර යන නිලධාරීන් තිදෙනා සඳහන් වෙයි.

 



අදහස් (4)

ආමි සුරංග ඝාතනයට පොලිසියේ තුනක් අත්අඩංගුවට ගන්න යයි

සේනකඉතාලිය Tuesday, 06 April 2021 02:08 PM

එහෙනම් මාකදුරෙ මධුෂ්⁣ ඝාතනය වුණු වෙලාවේ හිටිය පොලිස් නිලධාරීන්වත් අත්අඩංගුවට ගනියි. මේවා මහා විහිළු කතා. එතකොට අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න යන්නෙ නීතිපතිතුමා වෙන ඔබතුමාද?. ඔහොම දෙවල් වෙනවා නම් ලංකාවට පොලිසියක් අවශ්‍යය නැහැනේ...

:       48       43

siri Tuesday, 06 April 2021 02:24 PM

"මෙන්න මෙන්න රණවිරුවන් දංගෙඩියට ගෙනියන්න හදනවෝ..."

:       24       32

WCA Tuesday, 06 April 2021 03:28 PM

කොමිසමක් දාලා... කල් මරලා... ඕක කරන්න බැරිද? ඔය පාර්ලිමේන්තුවේ හරක් ගාලේ අයට කරනවා වගේ...

:       27       37

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 07 April 2021 04:52 AM

රට වනසන පස්ථාලයන්ට මොකක්ද මේ තරම් අනුකම්පාව.රටට හෙන ගැහුවත්,පොතේ නීතිය අකුරට තිබුණොත් ඇති.ඇමරිකාව බින් ලාඩන් ගෙනිච්චා.අද වෙනකං මිනියවත් නැහැ.කොහොමද ඒ රටේ ජනාධිපති වීරයෙක් වගේ ඒක මෙහෙයවපු හැටි.අපේ රටේ අය නම්, බින්ලාඩන්ගේ දුක හොයලා සීල් භටයන් දංගෙඩියට යාවාවි . පව් අපේ පොලීසියේ අය. රට රකින්න ගිහිල්ලා නිකං අමාරුවේ.දැන් ඔය පොලීසියට දීලා තියෙන තුවක්කු ආදිය අයිංකරලා පොල්පිති ටිකක් දීලා පාතාලයන්ට රට බාරදෙමූ. අපත්,පොලීසියේ අයව නිතර විවේචනය කරලා තියෙනවා.ඒත්,ඒ මිනිස්සුන්ට තියෙන බය නිසා තමයි මෙහෙමවත් හොර හතුරන්ගෙන් ගැලවිලා ඉන්නේ.නැතුව අපරාධ කාරයන් උසාවියට හෝ බන්ධනාගාරයට බය නැහැ. මොකද ඒවායින් ගැලවෙන ක්‍රම සහ විධි ඔවුන් දන්නවා.අපි පොලීසිය සුද්ද කරනවා නොවෙයි.ඒත්,මේ කරන වැඩ නිසා රටට හොඳක් වෙන්නේ නැහැ.පොතේ නීතිය හැමවිටම ප්‍රායෝගිකව කරන්න බැහැ.බොහෝ දෙනාට ඒ ගැන නිසි අවබෝධයක් නැහැ.

:       14       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 96 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 240 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 275 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 224 1

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 329 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 117 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site