IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අමාත්‍ය මහින්ද සමරසිංහ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කෙරේ

සුජිත් හේවාජුලිගේ

වාරාය හා නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටිති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදයක සභාවේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ඒ තනතුරේ නිල කාලය ඉකුත්  10 වැනිදා අවසන් වුණු අතර ජනාධිපතිවරයා විසින් මහින්ද සමරසිංහ මහතා මෙසේ පත් කරනු ලැබ ඇත්තේ ඒ පුරප්පාඩුව සඳහායි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට එක් සමාජිකයකු තමන්ගේ අභිමතය පරිදි පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ තවත් සමාජිකයන් 6 දෙනෙකුගේ නිල කාලයද ලබන මාසයේ අවසන්වීමට නියමිතය. මෙහි සාමාජිකයකුගේ නිල කාලය වසර තුනකි.

කතානායක , අගමැති හා විපක්ෂ නායක මෙම සභාවට නිල බලයෙන් පත්වෙති.කතානායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ස්වාධීන කොමිසන් සභාවලට සාමාජිකයන් පත් කිරීම,  ඉහළ ස්වාධීන තනතුරු වලට සාමාජිකයන් පත් කිරීම මෙම සභාවට පැවරෙන ප්‍රධාන වගකීම් අතර වෙයි.



අදහස් (3)

අමාත්‍ය මහින්ද සමරසිංහ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කෙරේ

CHANDA Saturday, 15 September 2018 09:23 AM

විදේශිය රටකට වැඩ කරන සුපිරි චරපුරුෂ ඒජන්තයෙක්... ඕන් අද නොකිව්වයි කියා කියන්න එපා අනාගතේ රටට ගිනි ගෙඩිපාත් වුණාම...

:       0       55

GihanSunday, 16 September 2018 02:16 AM

ඒ කතාව නම් සහතික ඇත්ත මහත්තයෝ. මේ වගේ දේශපාලනෙන් අතුගා දාන්න කාලේ හරි.

:       0       2

gunarathnaSunday, 16 September 2018 07:18 AM

මෛත්‍රීට වැරදී දේවල් කියලාදෙන පලවෙනි පුද්ගලයා මෙයා. මෛත්‍රී විනාස වෙන්නේ මෙයා ගෙනුයි රාජිත ගෙනුයි උපදෙස් අරන් වැඩ කරන්ට ගිහිල්ල තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 26 10 0

ඇල්ල මලිතගොල්ල ප්‍රදේශයේ පැරණි නායාමක් මේ වනවිට නැවත සක්‍රිය වී එම තත්වය වේගවත් වී ඇතැයි ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම්


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 185 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 73 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 269 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 618 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1222 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site