IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අනුර කුමාර කතානායකගේ ඇලය වෙනස් කරයි

( බන්දුල ඉලේපෙරුම)
 

පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේදී කථානායකවරයා අපක්ෂපාතීවිය යුතු නමුත්  මේ  මොහොතේදී  ඔබතුමා  පුටුවේ වාඩිවී සිටින්නේ ආණ්ඩුපක්ෂයට,  එනම් දකුණු පැත්තට බරව  යැයි  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම කථාව ඇසුණු සැනින් දකුණු ඇලයට බරව වාඩිවී සිටි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිනාසෙමින් වහා හරි බරි ගැසී අසුනේ කෙලින් වාඩිවන අයුරු දක්නට ලැබිණි.

කථානායක අසුන පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙපක්ෂයට හරි මැද පිහිටා තිබුණත් කථානායකවරයා ඉඳගෙන සිටින්නේ දකුණට බරව මෙන්ම කටයුතු කරන්නේද එසේම බවත් එසේ කටයුතු නොකර මැදහත්ව කටයුතු කරන මෙන්ද අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේය.

 



අදහස් (19)

අනුර කුමාර කතානායකගේ ඇලය වෙනස් කරයි

amila Thursday, 24 September 2020 06:39 AM

එක එක්කෙනාගේ ඇල පේනවා තමන්ගේ ඇල පේන්නේ නැති කුහකම පක්ෂයක් තමයි. යහපාලනේ ගෙනැල්ලා ලංකාව විනාශ කරන්න මූලිකවම වග කියන්න ඕනේ පක්ෂ 2න් එකක්. බැරිවෙලාවත් බලේට පත්වුණොත් මිනිස්සුන්ට රටදාලා යන්න තමයි වෙන්නේ.

:       114       62

mohomedThursday, 24 September 2020 08:35 AM

යහපාලන රජය ගැනම කතා කර කර ඉඳලා වැඩක් නැහැ. 69 ලක්ෂය ඡන්දය දීලා පත්කරපු රජය ගැන... ජනතාවට මොකද කරන්නේ කියලා බලන්න මේ රජය පත්වූ දවසේ ඉඳලා මොකද කරන්නේ කියලා.. ලංකාවේ අක්කර දාස් ගණන් කැලය කපනවා. ජනතාවට හරියට කන්නත් නැහැ. බඩුමිල අහස අසට නැගලා. වටිනා ඉඩම් ඔක්කොම විකුණනවා. ඔය කවුරු කයිය ගහගෙන ආවත් වැඩක් නැහැ...

:       13       69

Dasa PThursday, 24 September 2020 01:10 PM

ඔබ පක්ෂපාතී පක්ෂය කරන්නෙත්, කෙරුවෙත් ඒකම තමයි නේද? අනුන් කරද්දී වැරැදි දේ තමුන් කරද්දී හරි...

:       7       18

AchiraThursday, 24 September 2020 05:02 PM

අද රට බල්ලට ගිහින්... දවසින් දවස බඩුමිල ඉහළ යනවා. ගෝඨා මහතාත් මුකුත් කරන්නේ නැති හැඩයි...

:       1       3

Raveendra Thursday, 24 September 2020 06:39 AM

ඈ බොල කළුකුමාර මල්ලියේ.. අපට කවුරු බලයේ සිටියත් කමක් නැත.. දැන් කතානායකගේ ඇලය ගැන කතාකරන ඔබ, කරූ සීයා නොහොත් "කෙසෙල් කරුවා" පට්ටියේ කතානායක ලෙස පැත්තකටම ඇලවෙලා කෑමොර දෙනකොට කළු කුමාරයාගේ කට වහලමද තිබුනේ?

:       133       49

mohomed Thursday, 24 September 2020 07:52 AM

කතානායක කියන්නේ ආණ්ඩු විපක්ෂ භාවයකින් තොරව මුලසුන හොබවන්න ඕනෑ පුද්ගලයෙක්... එහෙත් මේ කතානායක සම්පූර්ණයෙන්ම ආණ්ඩු පක්ෂයට කඩේයාමක් දකින්න ලැබෙනවා. පාර්ලිමේන්තුවේ දිගටම හිටියොත් හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් ඉදිරියේදී.

:       14       58

ව්කුම්Thursday, 24 September 2020 09:02 AM

හ්ම්. හිටපු කතානායක නම් අගමැතිගේ මුහුණ බලාගෙනමයි හිටියේ. සමහරවිට එය පූර්ව සූදානමක් ඇතුව වගේ. අගමැතිගේ ඉරියව් අනුව තමයි ඔහු තීරණ ගත්තේ එදා...

:       14       24

ලුම්බිණි Thursday, 24 September 2020 08:00 AM

මන්දමානසිකත්වයෙන් උද්ධච්ඡ වෙලා ඉන්න කට්ටියට කෙනෙක් හරි දෙයක් කිව්වත් ඒක අගය කරන්න ටිකක් අමාරුයි.

:       15       53

සාලිය Thursday, 24 September 2020 08:13 AM

ඔබට ඔබගේ ඇදය පෙනෙන්නේ නැද්ද?

:       35       24

සෙනෙවිරත්න Thursday, 24 September 2020 08:30 AM

හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන වහල්ලුන්ගේ පරපුර..

:       9       91

chinthaka Thursday, 24 September 2020 09:44 AM

මෙයාලට පෙනෙන්නේම අනුන්ගේ ඇද.

:       1       0

Rohana Thursday, 24 September 2020 09:53 AM

බලමුකො 69 ලක්ෂයක් ඡන්දය දීලා තෝරාගත් කට්ටිය වැඩකරන හැටි...

:       5       41

Demuni Uduwara Thursday, 24 September 2020 03:00 PM

එම ස්ථානයට ඔහු සුදුස්සෙක් නොවේ.

:       3       24

Perera Thursday, 24 September 2020 06:55 PM

ලෝක සිතියමේ විදියට මුළු ලංකාවම තියෙන්නේ ටිකක් ඇලේට. ඕවා වෙනස් කරන්න බැහැ දැන්.

:       0       1

Perera Thursday, 24 September 2020 07:06 PM

ලංකාවනම් දැන් ගන්නම දෙයක් නැහැ. කොරෝනා නිසා ගිලෙන නැවෙන් වෙන රටකට පැන ගන්න විදියකුත් නැහැ.

:       0       1

chandana Friday, 25 September 2020 06:20 PM

සර්ව සාධාරණ මෙතුමා ලඟදීම දවසක කියයි ඇයි කතානායකතුමා සද්දෙ අනුව බහුතරය තීරණය කරන්නේ නැත්තේ කියලා. ආයිත් කියයි ඇයි ස්ථාවර නියෝත අත්හිටුවලා 20 සම්මත කරගන්නේ නැත්තේ කියලා. එහෙම නොකරන මේ කතානායක පක්ෂග්‍රාහීයි කියලත් කියයි.

:       1       0

Bamunuarachchi Saturday, 26 September 2020 02:46 AM

මොන කතානායක වුණත් ආණ්ඩුව පැත්තට ඇලවෙනවා. ඕක මේ කතානායක විතරක් කරන දෙයක් නොවේ. ඔහෙලා යහපාලන කාලේ කතානායකත් එක්ක යහපාලන ආණ්ඩු පැත්තේ වාඩිවෙලාම හිටියේ... මතක නැද්ද?

:       1       1

BamunuarachchiSaturday, 26 September 2020 01:46 PM

මිනිස්සු රතු අලි කීවේ කටකහනවට නොවේ.

:       0       0

BamunuarachchiTuesday, 29 September 2020 01:42 AM

කකුළුවා අනික් එවුන්ට කෙලින් යන්න කියපු කතාව මතක් වෙනවා මේ රතු අලි පැටියාගේ කතාවට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 261 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 568 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 678 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 397 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 467 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 167 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site