IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අගමැති මහින්දට රාජ්‍ය නායකයන්ගෙන් සුබපැතුම්

(හර්ෂණ තුෂාර සිල්වා)

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රාජ්‍ය නායකයෝ කිහිපදෙනෙක්ම අද (7) සුබපැතුම් එක් කළහ.

මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමද් සෝලි, උප ජනාධිපති ෆයිසල් නසීම්, නේපාලයේ අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි යන රාජ්‍ය නායකයන් දුරකතන ඇමතුම් ලබාදෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර තිබිණි.

ඔස්ට්‍රේලියාන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ද සුබ පැතුම් එක් කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

දුරකතන ඇමැතුම් දුන් රාජ්‍ය නායකයන් සියලු දෙනාට මෙන්ම සුබ පැතුම් එක් කළ නායකයන්ට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩ නිකුත් කරමින් ස්තූතිය පළ කර තිබිණි.

ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට බලපාන ද්විපාර්ශ්වීය ලැදිකම් සහ අභිලාෂ සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමට සූදානම් වන බව මාලදිවයිනේ ජනාධිපතිවරයාට සහ උප ජනාධිපතිවරයාට ස්තූතිය පළ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබිණි.

ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්තූතිය පළ කර තිබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මුලින්ම සුබපැතුම් එක් කළේ අසල්වැසි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන විටදීම දුරකතන ඇමතුමක් දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළේය.

‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් එල්ල වූ අභියෝග මධ්‍යයේ වුවද සාමකාමී අයුරින් සහ සාර්ථකව මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවට ඊයේ සුබපැතුම් එක් කළේය.



අදහස් (9)

අගමැති මහින්දට රාජ්‍ය නායකයන්ගෙන් සුබපැතුම්

kamal Saturday, 08 August 2020 08:18 AM

චීනයේ බැංකුත් ලෑස්තිවෙලා ඇති දැන් උගස් බඩුගන්න.

:       6       422

ranja304 Saturday, 08 August 2020 08:45 AM

තාම කිසිම ධනවත්, බලවත්, බුද්ධිමත් රටකින් ආශීර්වාදයක්, ආරාධනාවක් තාම ලබාගෙන නැහැ. මුලු ලෝකයම විරුද්ධ දෙයක් තමයි පවුල්වාදය...!!! 

:       1284       1539

bandula Saturday, 08 August 2020 09:57 AM

බහුතරය ඉන්නේ ආඥාදායකත්වයේ මාවතේ...

:       1       34

Sanjeewa Saturday, 08 August 2020 09:57 AM

කවුරු ආවත් දැන් වෙන විකල්පයක් නැහැ. රට තියෙන්නෙ 0 වේ...

:       3       174

විජිත් Saturday, 08 August 2020 10:39 AM

බයියනේ , දැන් ලැහැස්තිවෙලා ඉඳපල්ලා "චීන" භාෂාව කතාකරන්න. ඒ කාලයේ රට චීනාට විකුණලා ගත්ත ණය ගෙවාගන්න බැරුව අපේ රට චීනාට සින්න වුණාම, මහ චීනා ෂින් පින් ලංකාවට චීන ආණ්ඩුකාරයෙක් පත්කරනවා. ඒ තමයි මහින්ද කියන්නේ. බයියන් 69 ලක්ෂයක් ඡන්දෙ දීලා පත්කරගත්ත කෙනා තමයි ඔය ඉන්නේ. දැන් ඉතින් ඡන්දෙට කලින් මිනිහා නුඹලාට දුන්නු පොරොන්දු ඉල්ලලා කාපල්ලා වෙඩි...!!! ඔයාලට වෙඩිත් හොඳ වැඩියි.

:       214       245

අරුන Saturday, 08 August 2020 01:31 PM

චීනේ මේ දවස්වල දිගටම පාටිලු සංතෝසෙට...

:       14       246

විජිත් Saturday, 08 August 2020 02:39 PM

ලෝකයේ දේශපාලනික වාර්තා කිහිපයක් තබා ඇති ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ තියෙන බයියන්ගේ දූපත බවට පත්වෙලා. ලෝකයේ පළමු අගමැතිනිය පත්වුණෙත් මේ රට සුන්දර රටක් ලෙස පැවති ඒ යුගයේයි. 2020 වසරේ ආයෙත් රෙකෝර්ඩ් එකක්.. බයියනේ කාටද ආඩම්බර..?

:       0       0

Nimal Saturday, 08 August 2020 04:29 PM

ඡන්දේ පැරදුන අයට ගොඩක් හිත රිදිලා.

:       0       0

guththila Sunday, 09 August 2020 01:49 AM

චීනේ පොලී මුදලාලිලාත් සුබපැතුම් ඒවා ඇති නේද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 224 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 545 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 391 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 457 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1040 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1838 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site