IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහින්ද මට තෑග්ගට බෝම්බයක් එවාවි - චන්ද්‍රිකා

 

පසුගිය බ්‍රහස්පතින්ද‌ා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ උපන් දිනය විය. අගමැති රනිල් ඇයට උදෙන්ම කතා කර සුබ පැතුවේය.   
“යාළුවා කතා කළේ නැද්ද” අගමැති විමසුවේ සිනාසෙමිනි.   
“කවුද මහින්දද” ඇය ඇසුවාය.   
“ඔව්. ඔව්. කතා කරල මදි හරි නම් තෑගිත් එවන්න ඕනෑ” අගමැති කීය.   

 

“තෑග්ග හැටියට එයා පුළුවන් නම් මට ලොකු බෝම්බයක් එවාවි” චන්ද්‍රිකා මැතිනිය කීවේද උස් හඬින් සිනාසෙමිනි.   


අනතුරුව අගමැතිවරයා අරලිය ගහ මැදුරට ආවේ ඇමැති රාජිතගේ අමාත්‍යාංශයෙන් දුන් පත්වීම් ලිපි බෙද‌ා දීමේ උත්සවයටය. ඉන් පසුව වෙනත් නිල සාකච්ඡාවක් යෙදී තිබුණද ඊට පෙර ඔහු තම කාර්යාලයට ආවේ පැමිණ සිටි මැති ඇමැතිවරුන් හා මාධ්‍යවේදීන් හමුවීමටය.   


“සංවිධානාත්මකව කල්ලි වශයෙන් ඇවිත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගහලා විනාශ කළ ළමයි ගැන ආණ්ඩුව හැටියට කරන්නේ මොකක්ද ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ අගමැතිගෙනි.   


“ඔය ළමයි අහිංසකයි. එක එක්කෙනාගෙ අතකොළු වෙලා ඉගෙන ගැනීමත් පැත්තක ද‌ාලා ප්‍රචණ්ඩත්වයට ගිහින්. පොලිසිය හා උසාවිය නීතිය ක්‍රියාත්මක කරාවි. අප අතගහන්නේ නැහැ. අගමැති කීය.   


“රාජ්‍ය දේපොළ විනාශ කරපු බව ඔප්පු වෙන ළමයින්ට රජයේ රැකියා දෙන්නෙ නැහැ කියලා කතාවක් පළවුණා. ඒකේ ඇත්ත මොකක්ද” දයා ගමගේ ඇසුවේ අගමැතිගෙනි.   


“එහෙම තීන්දුවක් අරන් නැහැ. ඒත් පටු දේශපාලන අවස්ථාවාදීන්ගේ උසිගැන්වීම්වලට රැවටිලා මේ ළමයි දිගටම ප්‍රචණ්ඩව හැසිරුණොත් එයාලමයි අමාරුවේ වැටෙන්නේ. අගමැති පැහැදිලි කළේය.   


“සිසුන් කිහිප දෙනකුගේ මළ කඳන් උඩින් දේශපාලන වාසි ගන්නයි සමහරුන් හදන්නේ. මොනවා හරි විපතක් වුණොත් උසිගන්වපු අය මඟ අරීවි. ඒ නිසා තම දරුවන්ට යහමඟ කියාදීමේ වගකීම දෙමව්පියන් සතුයි. ඒත් ඒ බොහෝ දෙමවුපියනුත් අවස්ථාවාදීන්ට රැවටිලා පාරට බැහැලා.” විජයද‌ාස රාජපක්ෂගේ විග්‍රහය එය විය.   


“වෛද්‍ය සංගමය කැඩිලා. සංගමයේ නිලධාරීන්ගේ පටු දේශපාලනය හුඟක් දොස්තරලාට තේරිලා ඉන්නේ. රෝගීන් රෝහලට යනවා වගේ රෝගීන් බිල්ලට දෙන දොස්තරලාට ළඟදීම පොලීසි යන්න වේවි.” දයා ගමගේ කීවේය.   


“දොස්තරලා වර්ජනය කරන විට ජනතාවගේ රතු කට්ට දැන් පැනලා ඉන්නේ. ජනතාවගේ විරෝධතා කිහිප තැනකදී ඔවුන්ට එල්ලවීම පටන් ගත්තේ ඒකයි” රන්ජන් රාමනායක කීවේය.   


“වෛද්‍ය විද්‍යාල ගැන ආණ්ඩුවට කළ හැකි උපරිම දේවල් සාධාරණව කළා. කවුරුත් අතර මැදට එන්න ඕනෑ. ෂයිලොක්ලා වගේ මස් රාත්තලම ලෝකේ කොහේවත් ලැබෙන්නෙ නැහැ. උසාවියේ මේ ගැන නඩු තිබෙනවා. ආණ්ඩුවට එ්වාට අත තියන්න බැහැ. අධිකරණයෙන් පිටතදී කළ හැකි උපරිම සාධාරණය ආණ්ඩුව කළා” අගමැති කීය.   


“ජනතා විරෝධය දොස්තරලට එන්න පටන් ගත්තාම ජනාධිපතිතුමාගෙන් වැඳලා වගෙයි වෛද්‍ය සංගමය සාකච්ඡා ගෙන තිබෙන්නෙ. ඒක නිල සාකච්ඡාවක් නොවෙයි. රහස් සාකච්ඡාවක් බව එතුමා මුලින්ම කියලා තිබෙනවා.   


ලේකම්වරුන් කවුරුවත් ඒකට ගෙනල්ලත් නැහැ. දොස්තරලා එළියට ඇවිත් රටට ප්‍රකාශ කරන්න කළින් ජනාධිපති මාධ්‍ය අංශය ඉක්මන් වුණා නම් දොස්තරලා තවත් හිරවෙනවා. ආණ්ඩුවට ඕනෑ වුණේ ස්ට්‍රයික් එක නවතා ගැනීමයි. දොස්තරලටත් ඕනෑ වෙලා තිබිලා තිබෙන්නේ ජනාධිපතිතුමාට මුවාවෙලා වර්ජනය ඉවර කිරීමයි.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.   


“ජනතාව බිල්ලට දීලා වර්ජනය කරන එක දොස්තර කෙනෙකු හදන්න ජනතා මුදල් අඩුම ගානේ ලක්ෂ 110ක් වැය වෙන බව ගණන් හදලා තියෙනවාලු විජයද‌ාස රාජපක්ෂ කී විට අගමැතිවරයා නළල රැළි ගැන්වූවා මිසක කිසිවක් කීවේ නැත.  


“වෛද්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කළ යුතු බවට සමාජයේ දැඩි මතයක් ලියලනවා. වෛද්‍ය සේවාව අඩපණ කිරීම මානව හිමිකම් කඩ කිරීමක් බව ව්‍යවස්ථාවට වගන්තියක් එක් කළොත් හොඳයි කියන තරමට බුද්ධිමතුන් පවා දැන් මත පළ කරනවා.” දයා ගමගේ ඇසුවේ අගමැති ගෙනි.   


“එහෙම කරනවද කියල සෞඛ්‍ය ඇමැතිගෙන් අහන්න. දෙ‌‌ාස්තරලට එහෙම නීති ද‌ාන්න ඕනැ නැහැ. එහෙම කළොත් ජනතාව හා ආණ්ඩුව වැටුණා වේවි. ජනතා මුදලින් ඉගෙන ගන්නා දොස්තරවරුන් ජනතාවට සාධාරණය නොකර පටු දේශපාලනය දිගටම කළොත් ඔවුන් ජනතා අධිකරණයේ චූදිතයන් වේවි” අගමැති කළ අපූරු විග්‍රහයට කාගේත් එකඟත්වය හිමිවිය.   


“උමා ඔය ව්‍යාපාරය 2009 දී පටන් අරන් තිබෙන්නෙ කාන්තාරවල උමං හාරන ක්‍රමයටයි. ජල මූලාශ්‍ර හිඳිලා, ගෙවල් ඉරිතලා විනාශයක් වෙලා. ​ලොකු ණයකුත් ඉරානෙන් අරන් මේකට මොකද කරන්නේ.” විජයද‌ාස රාජපක්ෂ ඇසුවේය.  

 
“ආණ්ඩුව ලෙස අපට මහින්දගේ ඒ කුණු ගොඩත් කර ගහන්න වෙනවා. පත් කරපු ත්‍රිපුද්ගල ඇමැති කමිටුවේ වාර්තාව හා ඒ ප්‍රදේශයේ පිරිස් එක්ක ජනාධිපතිතුමාගේ සාකච්ඡාවෙන් පසු තීන්දුව ගන්න ලැබේවි.” අගමැතිවරයාගේ ස්ථාවරය එය විය.   


“ඇමරිකාව එක්ක ගෝඨාභය අත්සන් කළ ආරක්ෂක ගිවිසුම රාජ්‍ය නායකයා අත්සන් නොකළ නිසා ඒ කාලේ බලාත්මක වුණේ නැහැ කියලා මහින්ද වාසුදේව අන්දලා නේද?” රන්ජන් රාමනායක අගමැතිගෙන් විමසීය.   


අගමැතිවරයා නළල රැළි ගන්වා සිනාසෙමින් ඉවත බලා ගත්තේය.   


“කුණුවලින් පුත්තලමේ හිරිගල් වළවල් පුරවලා ඊට උඩින් පස්ද‌ාන වැඩේ චම්පික රණවක පටන් ගන්න යන්නේ. ඒකට රුපියල් කෝටි 1500ක් යනවාලු. ඉක්මණින් ඒ මුදල් දෙන්න ක්‍රියා කරමු” ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිවරයාට කළ යෝජනාව ඔහුද එක හෙළා අනුමත කළේය.   


“සමහර පන්සල් දවසකට රුපියල් දස ලක්ෂ කීපයක් උපයනවා. ඒත් සමහර පන්සල්වලට ද‌ානය ​හෝ සිවුරුත් නැහැ. පොහොසත් පන්සල්වල මුදල් රජය හරහා දුගී පන්සල්වලට බෙදන්න කියලා වනවාසී රාහුල හිමි මාර කතාවක් කිව්වා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.   
“හැබැයි ඕවා හරි පරිස්සමෙන් අත ගහන්න ඕනෑ වැඩයි. විජයද‌ාස රාජපක්ෂ මෙන්ම දයා ගමගේද කීවේ එකම කතාවකි.   


 

 

පාර්ලිමෙන්තුව ශෝක වෙයි

 

පාර්ලිමේන්තුව නියෝජනය කළ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිළිබඳ ශෝක යෝජනා ඉදිරිපත් කිරීම දිගුකලක් අතපසු වෙමින් තිබූ අතර එම ශෝක යෝජනා කඩිනමින් ගෙන ඒම රටට විශාල සේවයක් කළ එම දේශපාලන නායකයන්ට ඉටු කරනු ලබන ගෞරවණීය යුතුකමක් බව අවධාරණය කළ කථානායකවරයා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පුළුල් ඉඩකඩක් ඒ වෙනුවෙන් වෙන් කිරීම ආරම්භ කළේය. 


ජුනි මස පාර්ලිමේන්තුවේ අවසන් සතිය නිමාවූයේද එම කාර්යය සඳහා පාර්ලිමේන්තුවේ ශෝක යෝජනා ගෙන ඒමෙනි. මෙලෙස ඒ.එම්.එස්. අධිකාරී, ආරියරත්න ජයතිලක, චන්ද්‍රා රණතුංග, මෛත්‍රීපාල හේරත් යන ජ්‍යෙෂ්ඨ ජන නායකයන් පිළිබඳව කෘත​ෙව්දී ගුණානුස්මරණයන් සිදුවිය. 


විශේෂයෙන්ම තම ඥාතීන්ගේ ජාතික සේවය පිළිබඳව පාර්ලිමේන්තුව යළි සිහිපත් කළ එම වැදගත් දිනයෙහි ඒ ඒ පවුල්වල වත්මන් සාමාජිකයන් පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියේ කථානායකවරයාගේ ඇරයුමිනි. එම පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමූ කථානායකවරයා වෙන වෙනම ඒ ඒ පවුල්වල සාමාජිකයන් වෙත ගොස් පෞද්ගලිකවම සුවදුක් විචාළේය.   


 

 

හිත හැදූ සුභ ආරංචිය - සජිත්


රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ ජන්ම දිනය වන ජූනි 23 වැනිදා රජය විසින් ‘ජාතික නිවාස දිනය’ ලෙස ප්‍රකාශයට පත් කළේ මීට වසර දෙකකට පෙරදීය. 


මෙවර ජාතික නිවාස දින සැමරුම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හම්බන්​තොට, මානජ්ජාවේදී පැවැත්වීමට නියමිතව තිබුණේ 30 වැනි උදා ගම්මානය වන ‘‘සඳපහනගම’’ ජනතා අයිතියට පත් කිරීම ද සමගිනි. එහෙත් එදින හිමිදිරි පාන්දරම සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට දුරකථන ඇමතුමක් ලැබුණේ ජනාධිපතිවරයාගෙනි. ‘‘සජිත්, මට හදිසි වැඩකටයුතු වගයක් නිසා උත්සවයට එන්න වෙන්නෙ නෑ. ඔයා වැඩේ හොඳට කරගෙන යන්න’’ ජනාධිපතිවරයා කියද්දී සජිත් කීවේ ‘‘සර්, විනාඩි කීපයකට හරි එන්න ලැබුණ නම් තමයි හොඳ. කමක් නෑ. හදිසි වැඩක් නම් නෑවිත් හිටියට කමක් නෑ’’ කියාය. උත්සවයේ කටයුතුවලට සහභාගි වෙමින් ජනහමු වේදිකාවේ අසුන් ගෙන සිටියදී ලැබුණු ජංගම දුරකථන ඇමතුමකින් සජිත් විමතියට පත්විය. ඉන් කියැවුණේ ‘‘ඔබ ඔබේ රටේ ග්‍රාමීය ජනතාව වෙනුවෙන් අරඹා ඇති උදා ගම්මාන වැඩපිළිවෙළ වෙනුවෙන් ලොකු ආධාරයක් කිරීමට විදේශ රටක් තීරණය කර තිබෙනවා’’ කියාය. සජිත් ඒ මොහොතේම සිය නිලධාරීන්ට කීවේ මේ වැඩපිළිවෙළින් උපරිම ඵල නෙළා ගැනීමට සූදානම් වන ලෙසයි. ඒ සමගම සිය අසුනට යාබද අසුනේ හිඳගෙන සිටි ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍ය ඇමැතිවරයාට සජිත් කීවේ ‘‘දවසම ප්‍ර​බෝධමත් වෙන සුභ ආරංචියක්නේ ලැබුණේ’’ කියාය.  


සොරකමට වැට  


ඉකුත් සතියේ දිනක සජිත් සිය අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් කැඳවා නැගුවේ බරපතළ චෝදනාවලියකි. ‘‘ඔය හැම ආයතනයකටම මම වෙස් වලාගත් කණ්ඩායම් යවල තියෙන්නේ. ඒ අය මට හැම දෙයක්ම වාර්තා කරනවා. වාහනේකට ලීටර් 120 ක් තෙල් ගැහුවා කියල බිලක් ගෙනාවට ගහන්නේ ලීටර් 85 යි. ලීටර් 35 ක සල්ලි සාක්කුවේ. පිරවුම් හල්වලින්මයි මට මේ ආරංචි එන්නේ. මේ වගේ අක්‍රමිකතා කරන අය සම්බන්ධව දැඩි පියවර ගන්න. ඒ අයට එරෙහි විනයානුකූල පියවර ගන්න. මම මගේ නිල නිවස, වාහන, වැටුප්, දීමනා, වරප්‍රසාද නොගෙන සේවය කරද්දී මේ හොරු ආයතන කාබාසිනියා කරනවා. පහුගිය ආණ්ඩුව කාලේ කරපු හොරකම් මගේ කාලෙ බෑ. ඒක හොඳින් මතක තියාගන්න’’ සජිත් කතා කළේ කෝපයෙනි.  



අදහස් (0)

මහින්ද මට තෑග්ගට බෝම්බයක් එවාවි - චන්ද්‍රිකා

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 183 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site