IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හදිසියේ කැඳවූ කැබිනට් රැස්වීම

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරු යළි තනතුරු වලට

 

සතියේ අඟහරුවාද‌ා උදේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම මෙවර නොපැවැත්විණි. ඊට හේතුව පෞද්ගලික කටයුත්තක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩනය බලා පිටත්ව යාමය. ජනපති මෛත්‍රීගේ පුත් දහම් සිරිසේනගේ උපාධි ප්‍රද‌ානෝත්සවය ගිය සතියේ ලන්ඩනයේදී පැවැත්විණි. ජනපති මෛත්‍රීද සිය බිරිය ද සමග ඊට සහභාගි වූ අතර ජනාධිපතිවරයා මේ සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.


හදිසි කැබිනට් රැස්වීම ගිය ඉරිද‌ා සවස 5.00 ට පැවැත්විණි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ කැබිනට් රැස්වීම පැවැති අතර ඊට සහභාගි වී සිටියේ ඇමැතිවරුන් අඩු පිරිසකි. කැබිනට් රැස්වීම හදිසියේ කැඳවීමත්, මංගල සමරවීර ඇමැතිවරයාගේ දේශපාලන දිවියට වසර 30 ක් පිරීම නිමිත්තෙන් මාතර පැවැති උත්සවයට ඇතැම් ඇමැතිවරුන් සහභාගිවීමත් ඊට හේතුව විය. ‘අද මේ කැබිනට් රැස්වීම හදිසියේ කැඳවීම මගේ කැමැත්තට වුණු දෙයක් නෙවෙයි. ඕන නම් මට අද මේක කැඳවන්නෙ නැතිව ඉන්න තිබුණා. මෙයාලගේ ඉල්ලීමට අනුවයි කැබිනට්ටුව හදිසියේ කැදෙව්වේ’ යැයි ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම ආරම්භයේදීම සඳහන් කළේය. 


කූරගල ආරණ්‍ය සේනාසනයේ මේ දිනවල කතාබහට ලක්වී තිබෙන විදුලිය සැපයීමේ අර්බුදය ද මෙවර කැබිනට් රැස්වීමේ කතාබහට ලක්වූ මාතෘකාවකි. රවි කරුණානායක ඇමැතිවරයා කීවේ විදුලිය සැපයීමට බාධාවක් වී ඇත්තේ පුරාවිද්‍යාවේ ඇති ගැටලුවක් නිසා බවය. සජිත් ප්‍රේමද‌ාස ඇමැතිතුමාත් එක්ක සාකච්ඡා කළාදැයි ජනාධිපතිවරයා රවිගෙන් විමසීය.‘කොහොමද සාකච්ඡා කරන්නේ. එතුමා සති තුනකින් කැබිනට් ආවෙත් නැහැනේ.’ රවි කරුණානායක ඇමැතිවරයා ද ඇඟට පතට නොදැනෙන්න කීවේය. මේ දිනවල සජිත් හා රවි අතර තිබෙන ගැටුම දේශපාලන කරළියේ හැමෝම දන්නා කාරණයකි.


අනතුරුව මේ කතාබහට තලතා අතුකෝරල ඇමැතිවරිය ද එක්වූවාය. ඇය කීවේ තමා මේ ගැන සොයා බැලූ බවය. මට ඊයේත් එහි නායක හාමුදුරුවෝ හම්බ වුණා. මෙතන තියෙන්නේ පුරාවිද්‍යාවේ ප්‍රශ්නයක් යැයි තලතා කියද්දී රවි ඇසුවේ ‘ඇයි ඔබතුමිය ඕක මාධ්‍යයට නොකියන්නේ කියාය. මේ කතාබහට චම්පික රණවක ඇමැතිවරයාද මැදිහත් විය. ‘මේ ප්‍රශ්නය සමාජ මාධ්‍ය ජාලවල බරපතළ ලෙස කතාබහ වෙන ප්‍රශ්නයක්. ප්‍රදේශයේ විදුලි ඉංජිනේරුවයි පුරාවිද්‍යා එකේ ප්‍රධානියයි එතනට එක්කරගෙන ගිහින් මේ ගැන කතා කරලා ප්‍රශ්නය විසඳන්න.’ චම්පික කීවේය. ඒ සමගම ජනාධිපතිවරයා ඇඟට පතට නොදැනෙන සේ රවීට විහිළුවක් ද කළේය. ‘ඔබතුමාගේ යාළුවෝ දෙන්න මාතර ගිහින් නේදැයි’ ජනාධිපතිවරයා විමසුවේ රවී දෙසට හැරෙමිනි. ‘මලිකුත් ගිහිල්ල ද දන්නේ නැහැ.’ යැයි ජනාධිපතිවරයා කියද්දි මම ඉන්නවා යැයි මලික් කීවේ අතක් ද ඉහළට ඔසවමිනි. ‘ඔයා ඉතින් කට්ටිය එහෙට යවල මෙහෙට වෙලා ඉන්නවා.’ නේද යැයි ජනාධිපතිවරයා කීවේ මලික්ට පොඩි විහිළුවක් ද කරමිනි.

 

ආණ්ඩුවේ කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිධුර දැරූ මුස්මල්ම් න්ත්‍රීවරුන් සියලු දෙනා මීට මාසයකට පමණ ඉහතදී සිය ධුරවලින් ඉල්ලා අසුවූයේ රිෂාද් බදියුදින් හිටපු ඇමැතිවරයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා ද සැලකිල්ලට ගනිමිනි. ඔවුන් කීවේ පාස්කු ඉරිද‌ා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබඳ පරීක්ෂණවලට සහාය පළකරමින් සිය ධුරවලින් ඉවත්වන බවය. එසේ ඉල්ලා අස්වූ කබීර් හෂීම්, අබ්දුල් හලීම් යන දෙදෙනා මීට සති දෙක තුනකට පෙර සිය ධුරවල දිවුරුම් දුන් අතර එය එජාප නායකයින්ගේ අනුදැනුමකින් තොරව සිදුවූ බවට ද ආරංචි පැතිර ගියේය.


මේ අතර තනතුරුවලින් ඉවත් වූ රාවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් ජනපති මෛත්‍රි ලන්ඩන් බලා පිටත්ව යාමට පෙර ගිය ඉරිද‌ා රාත්‍රියේ ජනාධිපතිවරයා හමු වී තිබිණි. එහිදී ජනාධිපතිවරයා ඉල්ලීමක් ද කර තිබුණේ නැවත ඇමැති තනතුරු බාර ගන්නා ලෙසය. එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ මුස්ලිම් මන්ත්‍රීවරුන් කණ්ඩායම රැස්වී මේ ගැන තීන්දුවක් ගන්නා බවය. ඒ අනුව තනතුරුවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරු ගිය බ්‍රහස්පතින්ද‌ා රාත්‍රියේ පාර්ලිමේන්තුවේදී රැස්වී මේ ගැන සාකච්ඡා කළහ. එහිදී ඔවුන් තීරණය කළේ යළි ඇමති ධුර බාර ගැනීමටය.



අදහස් (0)

හදිසියේ කැඳවූ කැබිනට් රැස්වීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site