IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනපති තිරුපති ගියේ ඇයි ?

අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් ගෙවී ගිය සතියෙ දේශපාලන කරළියේ දක්නට ලැබුණේ ඇල්මැරුණු ස්වභාවයකි. ඇතැම් මැති ඇමැතිවරුන් අවුරුදු නිවාඩුව ගත කරන්නට පිටරටවල ගොස් සිටි අතර තවත් සමහරු කොළඹින් පිටව සිය ගම්බිම්වලට ගොස් සිටියහ. ඒනිසා ගිය සතියේ කොළඹ දේශපාලන කරළිය පාළුවට ගොස් තිබිණි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹට වී අලුත් අවුරුද්ද සැමරුවේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ සිට අලුත් අවුරුද්ද සැමරූ බව වාර්තා විය. අවුරුදු නිවාඩු දින දෙක තුනේම කොළඹ නිල නිවසට වී ගත කළ ජනාධිපතිවරයා අවුරුදු චාරිත්‍ර ඉටුකළේ පවුලේ අය පමණක් නොව දේශපාලන සගයින් කිහිප දෙනෙකු ද එක් කරගනිමිනි. ඒ අනුව අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකරන අවස්ථාවේදී දෙමළ සන්ධානයේ සුමන්තිරන්, ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද, ශාන්ත බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය ද ජනාධිපති නිල නිවසට පැමිණ සිටියහ. ජනාධිපතිවරයාට සුබ පතන්නට මැති ඇමැතිවරුන්, කලාකරුවන් හිතවතුන් ඇතුළු විශාල පිරිසක් ද ජනාධිපති නිල නිවසට පැමිණ සිටි අතර ජනාධිපතිවරයා නැකතට ආහාර අනුභව කළේ ඔවුන් ද එක්කර ගනිමිනි. අවුරුදු නැකතට ජනාධිපතිවරයා වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටුකළේ සිය නිල නිවෙස පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමිනි. ජනාධිපතිවරයා වැඩ ඇල්ලීමේ නැකතට පමණක් නොව පහුවද‌ා (15) උදේ 11.17ට යෙදී තිබූ සුබ නැකතට ද සිය නිල නිවසේ පලතුරු පැළයක් රෝපණය කළේ මතු පරපුර වෙනුවෙන් පරිසර සංරක්ෂණය සඳහා කැපවීමේ ආදර්ශය පෙන්නුම් කරමිනි.


කොළඹ සිය නිල නිවසට වී අවුරුදු චාරිත්‍ර ඉටුකළ ජනාධිපතිවරයා 16 වැනිද‌‌ා පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේ තිරුපති කෝවිල වැඳ පුද‌ා ගෙන ආශිර්වාද ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. සිය බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය හා පවුලේ සාමාජිකයින් ද සමඟ පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා කෙටි නිවාඩුවක් සඳහා එතනින් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්තා විය. සිය පෞද්ගලික සංචාරය නිම කරමින් ජනාධිපතිවරයා ​ඊයේ (20) දින දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.

 



අදහස් (0)

ජනපති තිරුපති ගියේ ඇයි ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site