ඉන්දියානු පාර්ලිමේන්තුවෙන් (ලෝක් සභාවෙන්) කෙරුණු විශේෂ ඇරයුමක් පරිදි කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරුන් ද ඇතුළත් නියෝජිත පිරිස නවදිල්ලිය බලා පිටත්ව ගියේ පසුගිය සඳුදාය.
ඉන්දිය ජනාධිපති, අගමැති ඇතුළු ප්‍රධානතම චරිත කිහිපයක් සමඟ වැදගත් රාජතාන්ත්‍රික හමුවීම් එක දිගට යෙදී තිබූ බැවින්, ලංකා දූත පිරිස වෙනුවෙන් දිල්ලියේ කවදත් ප්‍රමුඛ විදේශ දූතයන් සඳහා වෙන් කෙරෙන අශොක් හෝටලයේ නවාතැන් පහසුකම් සැලසීමට ඉන්දියානු බලධාරීන් කටයුතු කර තිබිණි.
කතානායක ප්‍රමුඛ දූත පිරිසට විපක්ෂ නායක ආර්. සම්බන්දන්, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන් යන මහත්වරුන් සහ ඩග්ලස් දේවානන්ද, විජිත හේරත් යන මන්ත්‍රීවරු ද, පාර්ලිමේන්තු මහ ලේකම් දම්මික දසනායක යන අය ද එක් වූ අතර, සඳුදා පෙරවරුවෙහි ඔවුහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවූහ.
එය ඉතා සුහද ගෞරවණීය හමුවක් ලෙසින් සංවිධානය කිරීමට ඉන්දිය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් කටයුතු සම්පාදනය කර තිබූ අතර, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කරමින් එම සාකච්ඡාව පැවැත්විණි.
විශේෂයෙන්ම ඉන්දියාවේ පවතින ඛණිජ තෙල් මිල අර්බුදය කෙරෙහි රජයේ පුළුල් අවධානයක් යොමුව තිබියදී ශ්‍රී ලංකාවේ දූත පිරිස වෙනුවෙන් හෝරාවකට ආසන්න කාලයක් වෙන් කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි සාකච්ඡාවට එක්වීම ඉන්දිය මාධ්‍යයන්හි පුළුල් අවධානයට ලක්ව තිබිණි.
දේශපාලන පක්ෂ ගණනාවක් නියෝජනය කළද ශ්‍රී ලාංකික නියෝජිත පිරිස මව්බිමට පොදු වැදගත් කාරණා සම්බන්ධව එකම මතයක සිට අදහස් දැක්වීම පරිණත දේශපාලනඥයකු වූ ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට හේතු විය.
කරු ජයසූරිය මහතා ඇතුළු පිරිස වෙනුවෙන් ඉන්දීය ජනාධිපති රාම්නාත් කොවින්ද් විශේෂ හමුවක් සඳහා කටයුතු යොදා තිබූ අතර, පිරිස ඉතා සුහදව පිළිගත් ඉන්දිය ජනපති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ඉතා සමීප ඓතිහාසික සබඳතා තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන සෑම අංශයකින්ම සහාය දීමට ඉන්දියාව කිසිවිටෙක හෝ පසුබට නොවනු ඇති බවද අවධාරණය කළේය.
ලෝක පාර්ලිමේන්තු සංගමයේත්, ලෝක කතානායක සමුළුවේත් ජ්‍යෙෂ්ඨයෙකු වන ශ්‍රී ලංකාවේ කථානායක කරු ජයසූරිය මහතා වෙනුවෙන් ඉන්දිය කථානායිකා සුමිත්‍රා මහාජන් මහත්මිය ද ඉහළ පිළිගැනීමක් ලබා දුන් අතර, ඇය ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනැමුවාය.
මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක
නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ
ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි
එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක
රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාර්ලිමේන්තු දූත පිරිසක් නවදිල්ලියේ