ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (26) උදේ පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූයේ කොටුව ජනාධිපති මන්දිරයේදීය. එහිදී ජනාධිපතිවරයා ආන්දෝලනාත්මක දේශපාලන කාරණා ගණනාවක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ දේශපාලන පොරපිටියද ගිනියම් කරමිනි. බැඳුම්කර වාර්තාව ලැබී සති දෙකකින් පමණ පසුව ඒ පිළිබඳ රටට ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටියද වාර්තාව එළියට දමන ලෙස කළ ඉල්ලීම් හමුවේ තමා වාර්තාව ලැබී දින දෙක තුනකින් ප්‍රකාශයක් කළ බව ජනාධිපතිවරයා කීවේය. ඒ සමගම බරපතළ වංචා දූෂණ පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවද එළිදැක්වුණු බවත් එය සැලසුම් සහගතව සිදුවූවක් නොවන බවත් කී ජනාධිපතිවරයා වාර්තා දෙකම එකට එළියට ආ නිසා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව කීවේය. වාර්තාව එළියට දමන්න යැයි කියමින් කෑ මොර දුන් අය වාර්තා දෙකම පාර්ලිමේන්තුවට දැමූ පසුව පුදුමාකාර විදියට නිහඬ වූ බව ජනාධිපතිවරයා කීවේ ඒ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක්ද කරමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මේ දිනවල ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවන්නට රට වටා යමින් සිටී. සමහර දිනවල රැස්වීම් තුන හතරකි. දේශපාලන රැස්වීම්වලට අමතරව කොළඹ පැවැත්වෙන රැස්වීම්වලින් ද ජනාධිපතිවරයාට අඩුවක් නැත. ගිය සති අන්තයේ පොළොන්නරුවේ ගත කළ ජනාධිපතිවරයා සඳුදා උදේ මහනුවර බලා පිටත්ව ආවේ මහනුවර නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියට සහභාගි වීම වෙනුවෙනි. මහනුවර ජනපති මැදුරට ආ ජනාධිපතිවරයා මහ ඇමැති සරත් ඒකනායක ඇතුළු දිස්ත්‍රික්කයේ මැති ඇමැති කිහිප දෙනෙකු ද සමග දිවා ආහාරය ගත්ෙත් ඡන්ද උණුසුම ගැන ද කතා බහ කරමිනි.
අනතුරුව මහනුවර පොළ භූමිය අසල පැවැති ජනහමුවට ගිය ජනාධිපතිවරයා රැලිය අමතන විට රෑ බෝ වෙමින් තිබිණි. අඳුර වැටෙද්දී හෙලිකොප්ටරයෙන් ආ නොහැකි නිසා ජනාධිපතිවරයාට කොළඹ එන්නට සිදුවූවේ මෝටර් රථයෙනි. කොළඹ එන්නට සූදානමින් සිටි සරත් ඒකනායක මහ ඇමැතිවරයා තම වාහනය කලින්ම කොළඹට යවා තිබුණේ ජනාධිපතිවරයා සමග හෙලිකොප්ටරයෙන් කොළඹ එන්නට සූදානමින් සිටි නිසාය. එහෙත් ජනාධිපතිවරයා මෝටර් රථයෙන් කොළඹ එන්නට වීම නිසා ඔහු වැටුණේ අලි අමාරුවකය. හරි වැඩේනෙ සර් වුණේ මම සර් එක්ක කොළඹ යන්න හිතලා වාහනේ කොළඹ යැව්වා. සරත් ඒකනායක කීවේය. ‘ඇයි මගේ කාර් එක තියෙන්නේ ඔයා ඒකෙ යන්න එන්නකෝ කියමින් ජනාධිපතිවරයා සරත් ද නංවාගෙන කොළඹ ආවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමැතිවරුන් අඟහරුවාදා උදේ 10.00 ට කොළඹට කැඳවා තිබුණේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කරන්නටය. එහෙත් එය එදින සවස 1.00 දක්වා කල් දමන්නට සිදුවූෙය් සිංගප්පූරු අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර නිල හමුව එදින උදේ පැවැත්වීමට නියමිතව තිබූ බැවිනි. මැති ඇමැති හමුව ජනාධිපති කාර්යාලයේදී ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ පස්වරු 1.00 ට පමණය. පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට අමතරව පළාත් සභාවල මහ ඇමැතිවරු හා ඇමැතිවරුද ඊට කැඳවනු ලැබ සිටියහ. මධ්‍යම මහ ඇමැති සරත් ඒකනායක කලින් දින කොළඹ ඇවිත් නවලෝක රෝහලේ නැවැතී සිටියේ තරමක අසනීප තත්ත්වයක් හේතුවෙනි. ඔහු මෙම රැස්වීමට රෝහලේ සිට පැමිණ තිබුණේ පැය දෙකකට එළියට ගොස් එන බවට වෛද්‍යවරයාගෙන් අවසරයක් ගෙනය.
‘දැන් අපි හොඳ තැනක ඉන්නෙ ඒක අපි යන තැන්වලදී පේනවා. ඒත් අපේ අය ඒක ගම්වලට ගෙනිහින් තියෙනව ද කියලා මා දන්නේ නැහැ. එයාලා ගම්වලට යන්න ගිහින් ජනතාව දැනුවත් කරන්න ජනාධිපතිවරයා කීවේ සාකච්ඡාව ආරම්භ කරමිනි. ‘දැනට මම පාවිච්චි කරන්නෙ සුළු අවි. තව ටික කාලෙකින් මම බර අවි පාවිච්චි කරනවා. එතකොට හුඟක් අයට රිදෙන්න පුළුවන්. හැබැයි මම ජනතාව වෙනුවෙන් මෙග් යුතුකම ඉටුකරනවා යැයි ජනාධිපතිවරයා කීවේය. මේ අතර ජනපති මෛත්‍රී කීවේ සමහර රැස්වීම් තියෙන තැන්වල ඒ කියන කතා වැරදි බවය. ඒ වගේ තැන්වල පළපුරුදු කවුරු හරියන්න ඕනැ. සමහර තැන්වල ගමේ අය කතා කරනවා පිටින් යන අයට කතා දෙන්නෙ නැහැ. පිටින් යන ඇමැතිවරුන්ට කතා දෙන්න. ගමේ අය කතා කරනවා නම් කලින්ම කතා කරන්න. ජනාධිපතිවරයා කීවේ උපදේශයක්ද දෙන ගමන්ය. අනතුරුව සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රීලනිප මහලේකම් දුමින් ද දිසානායක ද රැස්වීම්වල ප්‍රගතිය ගැන පැහැදිලි කළෝය. දැන් ජනාධිපතිතුමා අඹ ගහ හොලවලා තියෙන්නේ. ගෙඩි අහුල ගන්න අපි දැනගන්න ඕනැ.’ යැයි අමරවීර කීවේ ඡන්ද ව්‍යෘපාරය ගෙනයන ආකාරය ගැන පැහැදිලි කරමිනි. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාද මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරි සැලසුම් ගැන පැහැදිලි කළේය.
මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක
නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ
ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි
එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක
රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ළඟදීම බර අවි පාවිච්චි කරනවා ජනපති දේශපාලන පිටිය උණුසුම් කරයි