IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලොව වියපත්ම නායකයා මහතීර් මොහොමඞ්

 

මැලේසියාවේ මහා මැතිවරණයෙන් ලද අනපේක්ෂිත ජයග්‍රහණයත් සමග එරට හිටපු අගමැතිවරයකු වන මහතීර් මොහොමඞ් යළි බලයට පත්වන්නේ ඡන්දයකින් පත්වුණු ලොව වයස්ගතම නායකයා බවට පත්වී ලෝක ඉතිහාසයට ද එක්වෙමිනි. අද දියත රාජ්‍ය නායක පිටුව වෙන් වන්නේ මේ ලොව වයස්ගත රාජ්‍ය නායකයා වෙනුවෙනි.


මුළු ලොවම පුදුමයට පත් කරමින් මැලේසියාවේ ඉකුත් මැයි මාසයේ පැවැති මැතිවරණයෙන් ලොව වාර්තාගත ජයක් ලැබූ මහතීර් මොහොමඞ් මහතා එකී ජය ලැබුවේ වයස අවුරුදු 91 දීය. මැලේසියාවේ හිටපු අගමැති නජීබ් පරාජය කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත් මහතීර් මොහොමඞ් මහතා අතීතයේ දී ලෝකය විස්මයට පත් කළ පූජිත නායකයෙක් විය. ඔහු 91 වැනි වියේ සිටිය දී පවා ලොව වඩාත් යහපත් තැනක් බවට පත් කිරීම සඳහා දෛවයෙන් තමාට පැවරී ඇති වගකීම මොහොතකටවත් පැහැර හැරියේ නැත. විශේෂයෙන්ම වංචාව හා දූෂණය පිටුදකිමින් ප්‍රතිපත්තිගරුක හා විනයගරුක රටක් ගොඩනැගීමට මහතීර් මොහොමඞ් අනුගමනය කළ උපායමාර්ග අදටත් ලෝකයේ ප්‍රසාදයට ලක් වේ. 


දේශපාලනමය වශයෙන් ගත් කල විශ්‍රාමික දිවියෙන් මිදුණු 92 හැවිරිදි මහතීර්, දූෂණ චෝදනාවල වෙළුණු සිය කනිෂ්ඨ හිතෛශියෙකුව සිටි අගමැති නජිබ් රසාක්ට අභියෝගයක් වෙමින් විපක්ෂයට මාරු විය. මහතීර් ලද ඓතිහාසික ජයග්‍රහණයත් සමග 1957 වසරේ මැලේසියාව නිදහස ලැබීමේ සිට එරට පාලනය ගෙන ගිය බීඑන් සභාගය බලයෙන් ඉවතට විසිවිණි. සිය සන්ධානය “නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපනය” කරන බව මහතීර් පවසද්දී සිය පරාජය පිළිබඳ නජිබ් රසාක් කිසිවක් නොපැවසුවේය. මහතීර් අයත් ‘අපේක්ෂාව පිළිබඳ සන්ධානය’ තරග වැදුණු ආසන 222න් ආසන 113ක බලය තහවුරු කරගැනීමට සමත් විය.


ක්වාලාලම්පූර් අගනුවර දී සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත්කළ මහතිර් සිය ආධාරකරුවන්ගේ ජයඝෝෂා හමුවේ සඳහන් කළේ දින දෙකක නිවාඩුවක් දෙන බවය. එහෙත් “ජයග්‍රාහකයින්ට නිවාඩුවක් නැහැ” යැයි ඔහු කීය. වීථිවලට පිවිසි විපක්ෂ ආධාරකරුවන් ජයග්‍රහණය සැමරූ අතර ඉන් බොහොමයක් දෙනා මෙතෙක් සිය ජීවිත කාලයම එක් ආණ්ඩුවක් යටතේ විසුවෝ වූහ.


මහතීර් මොහොමද් 1981 සිට 2003 දක්වා අවුරුදු 22ක් මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. මහතීර් මොහොමද් මැතිවරණයට ඉදිරිපත් වූයේ 2015 වසරේ දී ආරම්භ කළ පකතාන් හරපාන් සන්ධාන පක්ෂයෙනි. මැලේසියාව බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ 1957 වසරේ සිට මේ දක්වා මැලේසියාවේ බලය හෙබවූයේ බරිසාන් නැෂනල් සන්ධාන පක්ෂයයි. මහතිර් මොහොමද් 1981 වසරේ දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේත් එම පක්ෂයෙනි. එහෙත් හෙතෙම 2016 දී බරිසාන් නැෂනාල් සන්ධාන පක්ෂයෙන් ඉවත් විය.
මහතිර් මොහොමද් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුවත් ඔහු කිසිවිටකත් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවීය. හෙතෙම දිගටම දේශපාලනයේ නිරත වූ අතර 2016 දී අන්වර් ඊබ්‍රහිම්ගේ නායකත්වයෙන් යුත් ‘පකතාන් හරපාන්’ සන්ධාන පක්ෂය සමග එකතු විය. මහතීර් මොහොමද්ගේ දේශපාලන දිවිය දශක හතකට වැඩිය. බීඑන් සභාගයේ ප්‍රධානත්වය දැරූ මහතිර් මොහොමඞ් 1981 සිට 2003 දී ඉවත්ව යනතෙක් වසර 22ක කාලයක් අගමැති ධුරය හෙබවීය.


‘ඒෂියන් ටයිගර්ස්‘ යනුවෙන් හැඳින්වෙන 1990 දශකයේ දී සිය ආර්ථිකය වේගයෙන් පුළුල් කරගත් රටවල් සමූහය අතරට මහතිර්ගේ නායකත්වය යටතේ මැලේසියාව ද එක්විණි. එහෙත්, සිය දේශපාලන විරුද්ධවාදීන් සිරකිරීම සඳහා අර්බුදකාරී ආරක්ෂක නීති උපයෝගී කරගත් ඒකාධිපති ස්වරූපයේ අයෙකු විය.


මෙයින් වඩාත් කුප්‍රකට වූයේ සිය නියෝජ්‍ය අගමැතිවරයාව සිටි අන්වර් ඊබ්‍රාහිම් ධුරයෙන් පහකර ඔහු වෙත දූෂණ චෝදනා එල්ල කිරීම වන අතර 1998 දී ඔහු ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ සඳහා හඬ නගන විට අවසානයේ දී සිරගත කිරීමය.


මහතිර් විසින් මග පෙන්වන ලද නජිබ් රසාක් 2008 දී අගමැති ධුරයට පත්වුව ද නිරන්තරයෙන් ඔහුට දූෂණ චෝදනා එල්ල විණි. රසාක් විසින් පිහිටුවන ලද රාජ්‍ය ආයෝජන අරමුදලකින් ඩොලර් මිලියන 700ක් සිය සාක්කුවට දමා ගැනීම සම්බන්ධයෙන් ඔහු චෝදනාවට ලක්විය. සියලු චෝදනා එක හෙළා ප්‍රතික්ෂේප කළ රසාක් මැලේසියානු බලධාරීන් විසින් චෝදනාවලින් නිදහස් කරනු ලැබුව ද රටවල් ගණනාවක් තවමත් අදාළ අරමුදල සම්බන්ධයෙන් විමර්ශනයක යෙදී සිටී. 


නජිබ් රසාක් ගේ නායකත්වය යටතේ ආර්ථිකය ඉහළ නැගුන ද ඉහළ යන ජීවන වියදම මෙන්ම නව භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වාදීම මත පසුගිය මැතිවරණවල දී බීඑන් පක්ෂයේ වර්ධනයට බලපෑම් එල්ල විය. තමන් බීඑන් පක්ෂයෙන් ඉවත්ව විපක්ෂ පීඑන් පක්ෂයට එක්වන බව 2016 දී මහතිර් මොහොමඞ් ප්‍රකාශයට පත්කළේය. “දූෂණයට සහය දෙන්නේ යැයි පෙනෙන්නට ඇති පක්ෂයක් සමග” එක්ව කටයුතු කිරීමෙන් ‘අපහසුවට’ පත්වූ බව ඔහු කියා සිටියේය.


සිය වයස පිළිබඳ පළවන බියට ප්‍රතිචාර දක්වමින් මහතිර් කියා සිටියේ තමන් ඉවත්වීමට පෙර වසර දෙකක කාලයක් පාලනය ගෙන යන බවය. අන්වර් ඊබ්‍රාහිම් හට සමාව ප්‍රදානය සඳහා කටයුතු සලසන අතර නැවත ඡන්දයෙන් පත්ව ඉහළම ධුරය දැරීම සඳහා අවශ්‍ය මග එළිපෙහෙළි කරන බවට ද ඔහු ප්‍රතිඥා දුන් අතර එය එයාකාරයෙන්ම ඉටුකිරීමට මහතීර් කටයුතු කළේය. 92 හැවිරිදි මහතිර්ගේ පුනරාගමනය පිළිබඳව ජාත්‍යන්තරය තුළින් ද මතුව ඇත්තේ ප්‍රසාදයකි. මේ අනුව මහතිර් මෙවර ඉදිරියට එන්නේ මැලේසියාවේ සදාකාලික ගැලවුම්කරුවා හැටියටය. එය එසේම වන්නේ ඔහු රාජ්‍ය නායකයෙකු ලෙස අනුගමනය කරන්නා වූ ක්‍රියාලාපයන් හේතුවෙනි.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



අදහස් (0)

ලොව වියපත්ම නායකයා මහතීර් මොහොමඞ්

ඔබේ අදහස් එවන්න

Foreign

පියාගේ මරණ සහතිකය ගන්න ගිය පුතාගේ මරණ සහතිකය ලියැවේ
2023 නොවැම්බර් මස 14 3069 1

මියගිය පියාගේ සිරුර අවසන් කටයුතු සඳහා මරණ සහතිකය ගැනීමට ගිය මියගිය අයගේ පුතා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගලදී විදුලි කණුවක ගැටී සිදුවූ අනත


ඉන්දියාව කුල්මත් කළ මිසයිල මිනිසා
2020 මාර්තු මස 28 12654 3

මිනිසා බැබළිය යුත්තේ තම ජීවන ඇත්දැකීම් තුළින්. ඒ දැනුම කිසිම උගත්කමට දෙවැනි වෙන්නේ නෑ. මිනිසා බුදධිමතකු හෝ දේශපාලනයකු වන්නේ ගිරවකු වගේ ජනතාව ඇමතීමෙන්


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 826 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


චීනය බිඳ දැමූ අධිරාජ්‍යවාදීන්ගේ අබිං උගුල
2020 මාර්තු මස 28 758 0

එක් යුගයකදී ලංකාවේ සියලුම කටයුතු තීරණය කෙරුණේ ප්‍රභාකරන් නම් වූ ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයට අනුවය. මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය පැවැත්වීම හෝ එවැ


මරණ දඬුවමෙන් ජීවිතය දිනූ පකිස්තානයේ ඒසියා බිබී
2020 මාර්තු මස 28 414 0

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැණු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැණු ද නැත්තේම නොවේ. රට


මාළිගාවේ නියමයෙන් මැලේසියාවේ මුල් පුටුවට ගිය මුහිදීන් යසීන්
2020 මාර්තු මස 28 567 0

රාජ්‍ය පාලනය, අධිකරණය, ආර්ථික සංවර්ධනය හා මහජන සුබසාධනය සම්බන්ධයෙන් කතිකාවක යෙදෙන විට අප සිහියට නැ‍ගෙන පරමාදර්ශී නායකයෝ ගණනාවක් සිටිති. මේ අතින් අපට ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site