IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ශබ්දකෝෂ සංස්කරණය කළ කොරෝනාව

වර්ෂ 2019 දෙසැම්බර් මාසයේදී චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකරගනිමින් ආරම්භ වී, ගෙවී ගිය වසරේ මාස කිහිපයක් ඇතුළත ලෝකය පුරා මහත් ව්‍යසනයක් බවට පත්වූ කොරෝනා වසංගතය මිනිසාගේ අධිවේගී ජීවන රටාව කණපිට පෙරළීය. පළමුව චීනයත්, අනතුරුව යුරෝපයත් පුරා එහි බලපෑම එල්ල වූ අතර, මේ වනවිට ඉන්දියාව එහි දරුණුතම බලපෑමට ලක්ව සිටී.

කොරෝනා වසංගතය හේතුවෙන්, විවිධ වචන සහ යෙදුම් අලුතින් භාවිතයට පැමිණි අතර, පෙර සිට ම පැවති නමුත් වැඩි වශයෙන් භාවිතයට නොගැණුනු වදන් බහුලව භාවිත කෙරිණි.

වයිරසය පිළිබඳ ව්‍යවහාරයට එක් වූ වදන් පිළිබඳව වෙනම කතිකාවක්, සංවාදයක්, උනන්දුවක් ලොව පුරා භාෂාලෝලීන් අතර ඇතිවිය. මේ නව යෙදුම් පිළිබඳව උනන්දු වෙමින්, ඒවා එක්රැස් කළ ශබ්දකෝෂ සම්පාදකයෝ සිය ශබ්දකෝෂවල නව සංස්කරණ යටතට, නව මුද්‍රණවලදී ඒවා එකතු කරමින් සිටිති.  

ලෝකප්‍රකට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ද ඒවා ඇතුළත් කර තිබේ. මේ වදන් මාලාව, කොරෝනා ශබ්දකෝෂය (Covid Dictionary) ලෙස ඇතැම් විදෙස් වෙබ්අඩවි විසින් නම් කරනු ලැබිණ.

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය '2019 වසරේ වචනය' ලෙස දේශගුණික හදිසි තත්වය(Climate Emergency) නම් කර තිබිණි. එම වදනෙහි භාවිතය 10,796%ක ප්‍රතිශතයකින් එම වසරේදී ඉහළ ගොස් ඇති බව ඔවුන් හඳුනාගෙන ඇත. 2020 නොවැම්බර් මාසය වනවිට, එනම් කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වී වසරක කාලයක් ආසන්නයට එමින් තිබියදී, වචන බිලියන 11 කට වඩා ප්‍රමාණයක් ඔවුන් විවිධ පුවත්, වෙබ්අඩවි, බ්ලොග් මගින් හඳුනාගෙන රැස්කරගෙන තිබිණි. එක් වූ වචන ධාරිතාව සහ ඒවා විහිදුණු විවිධ විෂය ක්ෂේත්‍ර පරාස ගැන සැලකීමේදී, 'වසරේ වචනය' ලෙසින් එක් වචනයක් හෝ තනි යෙදුමක් භාවිත කළ නොහැකි බව ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂ කාර්ය මණ්ඩලය තීරණය කළේය. එබැවින්  'පෙර නොදුටු විරූ වසරක වචන සමූහයක්' ලෙසින් 2020 නම්කෙරිණි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණායතනයේ, භාෂා සහ ශාස්ත්‍රීය අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ, ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂ පිළිබඳ සභාපති තනතුර හොබවන, කැස්පර් ග්‍රාත්වුල් මහතා ඒ සම්බන්ධයෙන් මෙවැන්නක් පැවසීය.

''මම කිසිදවසක දැකලා නැහැ අවුරුද්දක් ඇතුළත මේතරම් වචන ගණනක් භාෂාවකට එකතුවෙනවා. අපේ කණ්ඩායම සිය ගණනින් අලුත් වචන සහ ඒවායේ භාවිතාවන් හඳුනාගනිමින් සිටිනවා. 2020 වෙන කවරදාටත් වඩා වචන හමු වූ අවුරුද්දක්''

කෙසේවෙතත්, '2020 වසරේ වචනය' ලෙස, කොලින්ස් ශබ්දකෝෂය නම් කළේ, අගුලු දැමීම යන අරුත ඇති(Lockdown) යන වදනයි. 2019 දී එය 4,000 ක වාරයක් භාවිත කර තිබිණි.

කොරෝනා වයිරසය (Corona Virus), කෝවිඩ්-19 (Covid-19) යනුවෙන් ද, කොරෝනා(Corona) යනුවෙන් ද ලොව පුරා භාවිත වන මෙම වදන පළමු වරට හඳුන්වාදෙන ලද්දේ, 1968 දීය. 2008 වසරේදී එය ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් කළද, එය මේතරම් වැඩි වාර ගණනක් භාවිත වීම ඇරඹියේ කොරෝනා වසංගත තත්වයක් සමඟිනි.

කොරෝනා වසංගතය හැඳින්වීම සඳහා මේවනවිට ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියාව කෙටි යෙදුමක් සකසාගෙන ඇත. 'රෝනා' (the Rona) යන එම යෙදුම ශබ්දකෝෂයට ඇතුළත් කිරීම පිළිබඳව මේ දිනවල සොයාබලමින් සිටින බව ඔක්ස්ෆර්ඩ් කාර්ය මණ්ඩලය පවසයි.

පුද්ගලයකුට කොරෝනා ආසාදනය වීම, කොරෝනා (Positive) ලෙසින් හඳුනාගත් අතර එය කොරෝනා වයිරසය සම්බන්ධයෙන් වන පරීක්ෂණය ධනාත්මක වීමක් ලෙසින් ලියැවිණ. කියැවිණ. (Positive) යන්න සාමාන්‍ය අරුතෙන් එය භාවිත කරන විට සුබවාදීබව වූවත් කොරෝනා ආසාදිතයකුය යන්න තහවුරු වීමක් දක්වා එය ඉන් එහා අරුතක් වෙත පිවිසියේය.

වයිරසය හේතුවෙන් කෙතරම් වචන ප්‍රමාණයක් යළි යළිත්, 2019 සිට මේ දක්වා භාවිත විණි ද කියතොත් සෑම වචන 10කට ම වචන 6ක් කොරෝනා වයිරසය හා බැඳී සිටින බවද එම කටයුතු නිරීක්ෂණය කරන කණ්ඩායම් වාර්තා කළේය.

වයිරසය ව්‍යාප්ත වන ආකාරය, ව්‍යාප්ත වන පෙදෙස් සීමා අනුව ගත් කළ, (Epidemic), (Endemic), (Pandemic), යනුවෙන් වර්ග කෙරේ. ඒ අනුව, (Epidemic) යනු  එක් නිශ්චිත භූමි පෙදෙසක වයිරසය ව්‍යාප්තවීමය. (Endemic) යනු විවිධ භූමි පෙදෙස්වල සුළු වශයෙන් වන ව්‍යාප්තිය වන අතර, ගෝලීය වශයෙන් සෑම තැනක ම පාහේ බහුල වශයෙන් ව්‍යාප්තවීම (Pandemic) වේ.

උදාහරණයක් වශයෙන් චීනයේ වූහාන් නගරයේ වයිරසය පැතිරීම එහි පළමුවැන්නය, පසුව එය චීනයේ තවත් නගරවලින් සුළු වශයෙන් ආසාදිතයන් වාර්තා විය, එය දෙවැන්නය. චීනයේ සිට යුරෝපය දක්වාත් මේවනවිට සමස්ත ලෝකයට ම කොරෝනා බහුලව ව්‍යාප්ත වීම එහි තෙවන්නය. මේ වදන් සිංහල බසට ගැනීමට විවිධ නාම භාවිත කරන්නට යෙදුණු අතර, (Epidemic) සඳහා වසංගතය යන්න ද, (Pandemic) හැඳින්වීම සඳහා  'අධි වසංගතය' නැතහොත්  'ගෝලීය වසංගතය' යන්න ද යෙදිණි. කෙසේවෙතත්, මේ සඳහා හෙළහවුලේ සකසුරු ක.ක. ගනුෂ්ක රන්දුල වදන් තුනක් යෝජනා කර තිබේ. ඒ,  ජනායන රෝගය, ජනපද රෝගය සහ ජනරාශි රෝගය යනුවෙනි. කෙසේවෙතත්, ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂ වාර්තාවලට අනුව, 2020 වසරේ නොවැම්බර් මාසය වනවිට (Pandemic)  යන වදන 57,000% ප්‍රතිශතයක් දක්වා භාවිත කිරීම ඉහළ ගොස් ඇතැයි වාර්තා විය.

කොරෝනා වයිරසයෙන් වැළැකීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය රීති නොසලකා හරින තැනැත්තා හැඳින්වීම සඳහා (Covidiot) යනුවෙන් ද වහරක් පැමිණියේය. එය (Idiot)මෝඩයා යන අදහස දෙන වදන හා (covid) යන වදන එක්ව ගළපාගත්තකි. මුහුණුආවරණ (Face mask) වදන ද බහුලව භාවිත කෙරිණි.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ ම රැකියා අවස්ථා අඩාල වීම, බිඳ වැටීම සහ සේවකයන් රැකියාවෙන් ඉවත්කිරීමෙන් විරැකියා තත්වයක් උදාවීම ලොව පුරා රටවල්වලට විශාල වශයෙන් බලපෑවේය. මේ හේතුවෙන්, (Job loss) වදන භාවිතය වැඩිවිය. කොරෝනා ව්‍යාප්තිය පාලනය වූ පළමු අවස්ථාවල, වැසූ ආයතන යළි විවෘත කිරීමේදී, (reopening) යන වදන ද භාවිතයට ගැනිණි.

දෑත් පිරිසිදු කිරීම, එහි තෙතමනය පවත්වාගැනීම හෝ වයිරස් සහ බැක්ටීරියා විනාශ කිරීම වැනි කටයුතු සඳහා යොදාගැනුණු (Hand Gel) යන්න පරයා (Hand Sanitizer) 'දෑත් සනීපාරක්ෂක දියර' යන්න භාවිතය වේගවත් විණි.

වයිරසය හේතුවෙන්, පුද්ගලයන් සමූහ වශයෙන් එක්වීම වැළැකිය යුතුවූ අතර, එතෙක් වැඩි වශයෙන් භාවිතයට නොගැණුනු, ස්වයං නිරෝධායනය(Self-quarantine), ස්වයං හුදකලාවීම(Self-isolate), සමාජ දූරස්ථභාවය(Social distance) වැනි යෙදුම් පොදු කුලකයක්ව භාවිතා විණි.  මේ වදන් මින් පෙර භාවිත වූයේ, ටොනේඩෝ ආදී ස්වභාවික විපතකදී හෝ, වෙඩි ප්‍රහාරයකදී ආරක්ෂිත ස්ථානයක යම් කාලයක් හුදකලාව විසීම යන අරුතෙනි.

නිවසේ සිට කාර්යාලීය කටයුතු කිරීම (WFH – Working from Home) ලෙසින් හැඳින්විණ. ශාරීරිකව දුරස්ව සිටිමින් වුවද තාක්ෂණය උපයෝගී කරගනිමින්  පුද්ගල සමූහ රැස්වීම සඳහා සූම් (Zoom) තාක්ෂණය භාවිතවීමත් සමඟ එම වදනෙහි භාවිතාව ද වර්ධනය විය.

අත්‍යවශ්‍ය සේවා(Essential services), ඉදිරිපෙළ කාර්යමණ්ඩල (Frontline workers) වැනි කොරෝනා මර්දනයට දායක වන වෛද්‍ය, හෙද, සුළු සේවක ආදී සේවාවන්හි යෙදෙන ලොව පුරා පිරිස වෙනුවෙන් වූ වෙනම සංවාදයක් පැන නැගුණු අතර ලෝකය පුරා ඔවුන් වීරයන් ලෙස පිළිගැනිණි.

වයිරසය මැඩලීමට එන්නත් පිළිබඳව පරීක්ෂණ කිරීම ඇරඹීමත් සමඟ, (Vaccine) යන්න භාවිතයට ගැණිනි. 'කොරෝනා මර්දන එන්නත' ලෙසින් ශ්‍රී ලංකාවේ ව්‍යවහාර වූ මෙම එන්නත පසුව ඉංග්‍රීසි රූපය අනුව ම යමින් 'වැක්සීනය' ලෙසින් නම් කරනු පෙනේ. ආසාදිතයන් මෙන්ම සුවය ලබන්නන් ද දෛනිකව ලෝක මට්ටමින් ගණන් තැබූ බැවින්, (recovery) එනම්, සුවය ලැබීම යන වචනයද බහුලව යොදාගැනිණි.

කොරෝනා වයිරසයට අමතරව, පසුගිය වසරේ දී කළු ජාතිකයන්ගේ ජීවිත සුරැකීම සම්බන්ධයෙන් ප්‍රචාරය වූ (Black lives matter) වදන අනුව යමින් එක්වූ වදන් ශබ්දකෝෂ සම්පාදකයන්ගේ සැලකිල්ලට ලක්විය. මේ වසරේ මාර්තු මාසයේදී 1400කට අධික සංඛ්‍යාවක් වචන සහ යෙදුම් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ඇතුළත් කර තිබේ. ඒවා අතර කොරෝනා වයිරසයට සම්බන්ධිත වචන ද වේ.

ඩිල්ෂානි චතුරිකා දාබරේ

----------------------------

(දත්ත - ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අදාළ වෙබ් අඩවිය public.oed.com මගිනි)

(ඡායාරූප - බීබීසී ඇසුරිනි)



අදහස් (0)

ශබ්දකෝෂ සංස්කරණය කළ කොරෝනාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 339 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 81 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 664 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 313 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 130 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 342 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site