IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වස විස කවන හෝටල් හිමියන්ට දෙන දඬුවම් මදි

ඇඹිලිපිටිය නගරයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල උත්සවයක දිවා භෝජන සංග්‍රහයට ජීවී පණුවන් සහිත කුකුල් මස් ව්‍යංජනය තැබීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ශාලා කළමනාකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අැඹිලිපිටිය මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විද‌‌ානගම මහත්මිය නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ආහාර ඉදිරියෙන් වෙයි. කුමක් තිබුණද ආහාර නොමැතිනම් පැවැත්ම සරි නොවේ. ආහාර යනු මොනවා හෝ කෑමක් ද නොවේ. එම ආහාරය හරහා මිනිසාට ආයුෂ, මරණය, සැපය, බලය හා ප්‍රඥාව ලැබිය යුතුය. ඒ පංච බලය නොලැබෙන ආහාරයකින් වැඩක් නැත. ජීවී පණුවන්  දමා එම පංච බලය ඇති කළ හැකි නොවේ. 

‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ යනුවෙන් ‘සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වෙති’ යැයි බුදුපියාණෝ දේශනා කළහ. ආහාරය අවශ්‍ය වන්නේ ජීවත් වීමටය. එහෙත් ඇතැම් අමනුෂ්‍යයෝ ආහාර වෙනුවෙන් ජීවත් වෙති. එබඳු ගෙවල යක්කු සිටිති. ජීවී පණුවන් සහිත කුකුළු මස් ව්‍යංජනයක් මංගල උත්සවයකට පැමිණි  ආරාධිතයන්ට පිළිගැන්වූ ඇඹිලිපිටියේ  උත්සව ශාලා කළමනාකරු එබඳු ගෙවල යකෙකු යැයි කවුරු හෝ කිව්වොත්  එය අසාධාරණ ද? තීරණය පාඨක ඔබට බාර කරමු. 

මංගල උත්සවයට පැමිණ සිටි වෛද්‍යවරයකු මස් කැබැල්ලක ජීවී පණුවන් සිටින බව දැක ඇඹිලිපිටිය නගරසභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක හර්ෂ අබේසිංහ මහතාට පැමිණිලි කර ඇත. වහා ක්‍රියාත්මක වූ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ව්‍යංජන  භාජනය තමා බාරයට ගෙන උත්සව ශාලා කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. 

මස් වෙනම තම්බා බැද තැටිවල අසුරා ශීතකරණයක තබා වෙනම සැකසූ හොද්දකට එම මස් කැබලි එක් කරන බව සෞඛ්‍ය බලධාරීන්ගේ විමර්ශනයේදී අනාවරණය වූ බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

විවිධ හේතු මත මංගල උත්සව සහ වෙනත් උත්සව හෝටල්වල, උත්සව ශාලාවල පැවැත්වීමට බොහෝ දෙනෙක් යොමුවී සිටිති. මෙම තත්ත්වය වර්තමානය  වනවිට සංස්කෘතික අංගයක් තරමට වර්ධනය වී තිබේ. විශාල වශයෙන් මුදල් වැය කළ ද උත්සව අවස්ථාවට සරිලන සේ ඉතා පිරිසිදුවත් රසවත් හා ගුණවත් ලෙසත් ආහාරපාන සපයනු ඇති බවට ජනයා තරයේ විශ්වාස කරති. ඇඹිලිපිටිය සිද්ධිය එම විශ්වාසය කඩාබිඳ දමන්නකි. 

නගරයක පෙට්ටි කඩයේ සිට මහා පරිමාණ හෝටල් සංකීර්ණ දක්වා අපිරිසිදු ආහාර පාන විකිණීම සිදු කරන බවට චෝදනා නැඟී තිබේ. මිලදී ගත් වඩේ එකක බෙහෙත් ප්ලාස්ටරයක් හමුවීමේ සිද්ධිය කොළඹින් වාර්තා වූයේ මෙයට හත් අට මාසයකට ඉහතදීය. ඇතැම් හෝටවල්වල මුළුතැන්ගෙය හෙවත් කුස්සිය මිහිපිට අපායක් බඳුය. හෝටලයේ වැසිකිළියේ ඇති පයිප්පයෙන්ම මස්, මාංශ, එළවළු හෝදන හෝටල් තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ වූයේ  එකක් පසුපස එකක් වශයෙනි. නිල මැස්සන්ගේ රජදහන් බවට පත්ව ඇති කුස්සියේ පිසූ ආහාර වර්ග ​ෙහා්ටලයේ ඉදිරිපසට රැගෙන ගිය පසු පාරිභෝගිකයාට ඒ බවක් නොදැනේ. 

පසුගිය සමයේ වාර්තා වූ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ එක් හෝටලයක සීනි ගබඩා කර තිබුණේ වැසිකිළියේ ඉඩ තිබූ තැනක බවය. එබඳු වෙළඳුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ප්‍රවෘත්ති මාධ්‍ය කොතෙක් වාර්තා කළ ද වැරැදි කරන්නන් නිවැරැදි වන බවක් ද නොපෙනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ  හඳුනා නොගත්  රෝගවලින් මිය යන පුරවැසියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවය. ජීවී පණුවන් සහිත ආහාර ගත්විට වැළඳිය හැකි රෝගය කුමක්ද යන්න හඳුනාගැනීමට නොහැකි වීම බලාපොරොත්තු විය යුත්තකි. 

මෙබඳු අමන වැඩ කරන්නන්ට ප්‍රධාන වී තිබෙන්නේ මුදල් ය. මුදල් ඉපැයීමට ඔවුහු ඕනෑම අපරාධයක් කරති. අනෙකාට හෙණ ගැහුවත් මට මොකදැයි ඔවුහු සිතති. ඒ ආත්මාර්ථකාමීත්වයේත් ධන තණ්හාවේත් පත්ලටම වැටුණු අමනයකුට වැසිකිළියේ සීනි ගබඩා කළ හැකිය. වැසිකිළියේ වතුර පයිප්පයෙන් එළවළු හා මස් මාළු සේදිය හැකිය. ජීවී පණුවන් සහිත කුකුළු මස් කෑම අමුත්තන්ට ලබාදිය හැකිය. 

මෙම තත්ත්වය බැරෑරුම්ව සැලකිල්ලට ගත යුත්තේ  මෙයින් රෝගී වන්නේ මුළු මහත් ජාතියම බවය. රෝගී ශ්‍රී ලංකාවක් අනාගතයේදී නිර්මාණය වීම වැළැක්වීමට නම් පුරවැසියන් මෙන්ම අදාළ බලධාරීන් මීටත් වඩා කාර්යක්ෂම විය යුතුය. විමසුම් සහගත විය යුතුය.



අදහස් (9)

වස විස කවන හෝටල් හිමියන්ට දෙන දඬුවම් මදි

lankasri Thursday, 31 January 2019 09:04 AM

'එම ආහාරය හරහා මිනිසාට ආයුෂ, මරණය, සැපය, බලය හා ප්‍රඥාව ලැබිය යුතුය . මරණය ආහාරයෙන් ලැබෙන බව කියවේ. මෙය මරණය නොව වර්ණය ලෙස වියයුතුයි. ආයු, වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ ආහාරයෙන් නොව දානයෙනි. තුන් සිත පහද දෙන දානයෙහි ආනිසංස ආයු, වර්ණ සැප බල ප්‍රඥා ලැබීමයි.

:       0       65

smn Thursday, 31 January 2019 09:54 AM

මෙවැනි හෝටල් හිමියන්ට දැනට දෙන දඬුවම් 'ඇත්නම්' ඒවාද ඊට අමතරව අදාල විදිහට ඔවුන්ගේ හෝටල්/ ආපනශාලා බලපත් අවලංගු කිරීම යනාදිය යෝජනා කරමු.

:       0       7

ආනන්ද පිටබැද්දර Thursday, 31 January 2019 10:15 AM

මේ මිනිස්සුන්ට ලොකු සල්ලි විතරයි. මනුස්සකම්, යුතුකම්, සාරධර්ම කෝ. මොන වරදක් කළත් මේ අය සල්ලි වලින් බේරෙනවා.මගෙ සහෝදර මිත්‍රවරුනි මින්පසු සියළු උත්සව ඉඩ තියෙන හැටියට තමන් ගේ ගෙවල් වලම ගත්තොත් මුදලත් ඉතුරුයි. කෑමත් පිරිසිදුයි නේද. එක වතාවට දහ වතාවක් කල්පනා කරල හරිම හරි තීරණ ගන්න.

:       0       17

theshan Friday, 01 February 2019 04:31 AM

මෙවැනි පුදගලයන්ට මිනිමැරීමට තැත්කළ බවට චෝදනා කර ඊට පසු නඩු දන්නා ඕන. මට මතකයි මම දෝහා ඉන්න කොට, කොත්තු රොටී වලට ගන්න රොටි කපල ශීතකරණ තිබුණ කියල ඒ රටේ නගර සභාවෙන් සිංහල අවන්හල සීල් තිබ්බ. ඒ වගේම තා ඉන්දියානු අවන්හලලට සීල තිබ්බ කුකුල් මස් වතුරේ දල තිබ්බ කියල. ඒ වගේ ඉතාම දැඩි දඬුවම් දෙන්න ඕන.

:       0       22

sampath Friday, 01 February 2019 11:00 AM

කෑම කන කඩවලින් ගිහින් සබන් කෑල්ලක් ඉල්ලන්න නැහැ කියනවා. ළඟ කඩේකට ගිහින් සමහරු ගෙනත් දෙනවා. ඒ කියන්නේ උයන පිහන මිනිස්සු සබන් ටිකක්වත් දාලා අත සෝදන්නේ නැහැ කියන එකයි. අාහාර වර්ග ගන්නෙත්, සල්ලි ගන්නෙත් එකම අතින්.. අත සෝදන්නේ නැහැ... අපිට කඩවල්වලින් පුදුමාකාර ජරාවක් කවන්නේ...

:       0       11

ajith Saturday, 02 February 2019 01:55 AM

මේ හෝටල් වල දවසේ අදායම ලක්ෂයකට වැඩිය වැඩිය්. මේ ඇපේ හෝටල් හිමියාට දැනෙන්නේවත් නෑ.

:       0       3

චමින්ද Saturday, 02 February 2019 04:29 AM

ලංකාවේ අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂකව ඇඹිළිපිටියේ හෝටල් හා ආපශාලාවල අපිරිසිදුකම ඉතාම ඉහළයි...

:       0       3

ආරිය මල්ලව ආරචිචි Monday, 04 February 2019 02:21 AM

සමහරු තර්ක කරනවා උයපු කෑම වල දඟලන (පණ තියෙන) පනුවෝ ඉන්නවාද? මේක ආපන ශාලාවට පහර ගැසීමට සැලසුමක් වෙන්න බැරිද කියලා... තම්බිලා තෙලේ බැදලා වුණත් සති ගණන් ති‌යෙනවිට මස් වල පණුවෝ හැදෙනවනේ... පිනට දුන්නත් මුදලට, වුනත් සොඛ්‍යාරක්ෂිතව පිරිසිදුව දිය යුතුමයි...

:       0       8

Ratne Monday, 04 February 2019 08:13 AM

ඇඹිළිපිටියේ කුකුල් මස්වල පණුවො හිටිය හෝටලේ නම මොකක් ද ? කව්රුත්ම දන්නෙ නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 379 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 89 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 694 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 317 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 138 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 347 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site