IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මොනෑෂ් නගර සභාවේදී සමානාත්මතාව සොයන ලක් දියණිය

 

(තිළිණි ද සිල්වා)

විවිධ ක්ෂේත්‍රය නියෝජනය වන පරිදි ලොව ජයගත් ලාංකිකයින් හා ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින් අතලොස්සට එක්වූ තවත් අයෙකු ගැන ගෙවී ගිය සතියේදී ලාංකිකයන් බොහෝ දෙනෙකුට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබිණි. ඇය නමින් අංජලී ද සිල්වා ය.

තවමත් තුරුණු වියේ පසුවන අංජලී මෙනෙවිය උපතින්  ලාංකික සම්භවයකින් පැවත එන්නියකි. ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ සලකුණු තැබූ කීර්තිමත් මාධ්‍ය පරම්පරාවක් වූ මීමන ප්‍රේමතිලකයන්ගේ පරපුරේ  තෙවැනි පරපුර ඇය නියෝජනය කරයි. අංජලී ද සිල්වා මෙනවිය මෙරට පුවත්පත් කලාවේ  ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයෙකු,  මාධ්‍යවේදියෙකු, ප්‍රවීණ කවියෙකු සහ සිළුමිණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ආභාවප්‍රාප්ත මීමන ප්‍රේමතිලක මහතාගේ මිණිබිරිය වේ.

නීතිඥවරියක වන අංජලී ද සිල්වා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සඳහා පැවති පළාත් පාලන මැතිවරණයේදී මොනෑෂ් නගර සභාව සඳහා මන්ත්‍රීවරියක ලෙස ඉකුත්දා තේරී පත් වූවාය. අංජලී ද සිල්වා මොනෑෂ් නගර සභාවට තේරී පත්ව ඇත්තේ එරට හරිත පක්ෂයෙන් වන අතර ඇය ඉදිරි සිව්වසරක කාලයේදී මොනෑෂ් නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරනු ඇත. එසේම ඇය වික්ටෝරියා ප්‍රාන්තයේ පළාත් පාලන ආයතනයකට මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වූ  ලාංකික සම්භවයකින් යුතු පළමු පුද්ගලයා ද වෙයි.

වරලත් සිවිල් ඉංජිනේරුවරුන් වූ ආචාර්ය සමන් ද සිල්වා සහ මිහිරි ප්‍රේමතිලක යුවළගේ වැඩිමහල් දියණිය වන අංජලී, සිය බාල සොයුරිය වන සරනි සහ මව්පියන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත්තේ සිව්හැවිරිදි වියේදීය. ඉන් පසුව එරටින් සිය පාසල් අධ්‍යාපනය ලබා ගත් අංජලී උසස් අධ්‍යාපන සඳහා මෙල්බර්න් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. එම විශ්ව විද්‍යාලයෙන්ම නීතිය සදහා  පළමු පන්තියේ ගෞරව උපාධියක් සහ  ජනමාධ්‍ය  හා සන්නිවේදනය පිළිබඳ උපාධියක්ද ඇය හිමි කර ගත්තාය.

සිය උසස් අධ්‍යාපන කටයුතුවලින් පසුව ඇය එක්සත් රාජධානියේ ලන්ඩන්, හොංකොං සහ මෙල්බර්න්හි ඉහළ පෙළේ පෞද්ගලික ආයතන කිහිපයක නීතිඥවරියක ලෙස සේවය කළාය. නීතීඥ වෘත්තීයට අමතරව එක්සත් රාජධානියේ  සුප්‍රසිද්ධ බාක්ලේස් බැංකුව සහ  ස්කොට්ලන්ත රාජකීය බැංකුව වෙනුවෙන් ඇය සිය සේවය ලබා දී ඇත. එහිදී ඇගේ කාර්යභාරයේ කොටසක් ලෙස මොනෑෂ් නගර සභාවේ ස්ත්‍රී  පුරුෂ සමානාත්මතා කමිටුවේ සහ බහු සංස්කෘතික උපදේශන කමිටුවේ සාමාජිකාවක ලෙස ඇය කටයුතු කරනු ඇත.

ඇයගේ වෘත්තීය ජීවිතය පුරාවට අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් (විශේෂයෙන්ම ගැහැනු ළමුන් සහ කාන්තාවන්) වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය සහ සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කර ඇති තරුණියක ලෙස අංජලී මෙනෙවිය ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියට පත්ව ඇත. වෙනස් කොට සැලකීමකින් තොරව සියලු දෙනාගේ අවශ්‍යතා ඉටු කරන සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටි අයෙකු ලෙසින් ඇය ඕස්ට්‍රේලියානු සමාජයේ ජනප්‍රියව සිටින්නීය.



අදහස් (3)

මොනෑෂ් නගර සභාවේදී සමානාත්මතාව සොයන ලක් දියණිය

pakeer Wednesday, 25 November 2020 05:18 PM

යුරෝපයේ අයට අද ඒ අයගේ පිරිස ඉන්න තැන් කියන්න ගියොත් තව පත්තර බිලියන ගාණක් ගහන්න වෙයි. අපේ අය දාන ගොසිප් තමයි.

:       0       6

විජිත් Wednesday, 25 November 2020 10:32 PM

අන්ජලි, ඔබ ගැන ගොඩක් සතුටුයි. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් හෝ මැලේ හෝ බර්ගර් වේවා ලාංකීය සම්භවයක් ඇති කෙනෙක් ලෝකයේ කොහේ හෝ තැනක පිළිගැනීමක් ඇති කෙනෙක් වෙනකොට මට පුදුම සතුටක් ඇතිවෙන්නේ. හරිම ආඩම්බරයක් මුසුවුණු අභිමානයක් ඉබේම ඇතිවෙනවා. මේ මෑතකදී මගේ මිතුරෙක් හදිසි අනතුරකට මුහුණපාලා පැරිසියේ රෝහලක සිටින බව අාරංචිවෙලා මම එහි ගියා. ඒ රෝහලේ ඒ අංශයේ විශේෂඥ වෛද්‍යවරිය ශ්‍රී ලාංකික දෙමළ මහත්මියක්. අප දැනහඳුනා ගත්තා. මම සිංහල කෙනෙක් කියා මගහැරලා ගියෙත් නැහැ. හැබැයි.. අපේ රටේ බොහෝ දොස්තරවරුන්, වරියන් වගේ " අලි ඔලුවක් " නම් එතුමියගේ තිබුනේ නැහැ.. ඉතාමත්ම සුහදව කතාබහ කළා. එය ඇත්තටම ඉතාමත්ම සුහද හමුවීමක්. අපි කතාබහ කරද්දී එතැනින් ගිය තවත් ප්‍රංශ ජාතික දොස්තරවරියක් සිනාසී ඇසුවා මේ යහළුවෙක්ද ..? කියලා. " නැහැ මගේ නෑ කෙනෙක්.." කියලා ඇය කීවා. ඇගේ නිහතමානීකම කොයිතරම්ද.? අැන්ජලි මහත්මියටත් මම සුබ පතනවා, ඇගේ අනාගත සිතුම් පැතුම් සියල්ලම සාර්ථක වී, ලෝකයේ කොහේ හෝ තැනක සියල්ලන්ගේම ආදරයට පැසසුමට සහ ගෞරවයට ලක්වෙන නිහතමානී ශ්‍රී ලාංකීය "සලකුණක්" වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       1       16

විජේ Monday, 30 November 2020 03:08 PM

මීට අවුරුදු 15කට විතර කලින් ශානක ප්‍රනාන්දු කියලා කෙනෙක් 'තරුන වික්ටෝරියානුවා' සම්මානයෙන් පිදුම් ලැබුවා... මෙල්බර්න් නගරයේ 'ලෙන්ටිල්ස් එව්‍රිතිං' කියන ආපනශාලාවේ නිර්මාතෘ විදිහට... ඒක හරි අපූරු ආපනශාලාවක්ලු, කෑමවලට නියමිත මිලක් නැතිලු, තමන්ට කැමති ගානක් ගෙවන්න පුලුවන්ලු. නැතිනම් ඒ වටිනාකමට සරිලන ලෙස වැඩ කිරීමට පුලුවන්ලු. අපේ බුලට් ඉන්නවා ලෝකෙ කොර කරපු...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 215 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 59 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 587 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 291 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 114 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 332 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site