IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බුදුන් වහන්සේ වදාළ පරිසර රක්ෂණය

‘‘පරිසර සංරක්ෂණයේදී අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළම අභියෝගය සිදුවන මහා වන විනාශයයි. අපේ රටේ මේ වනවිට තියෙන වන ඝනත්වය සියයට 28යි. මේ වන ඝනත්වය සෑම වසරකම සියයට එකයි දශම පහකින් අඩු වෙනවා’’.

වන සංහාරය කෙරෙන තරම ගැන ඒ තොරතුරු රටට අනාවරණය කරනු ලැබුවේ රටේ පරිසර අමාත්‍යවරයා මෙන්ම ප්‍රධාන පුරවැසියා ද වන ජනාධිපතිවරයා විසිනි. එ් මහතා ඒ බව හෙළි කළේ 2019 පෙබරවාරි 14 වැනිදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අමතමිනි. ජනාධිපතිවරයා ඒ සමුළුව අමතමින් කළ කතාව පෙබරවාරි 16 වැනිදා ලංකාදීපයේ පළ විය.

මෙරට කාලගුණික හා දේශගුණික විපර්යාස පිළිබඳ බරපතළ කරුණු ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මෑතකදී නිකුත් කෙරිණි. ඒ වාර්තාවෙන් අනාවරණය කර ඇත්තේ කාලගුණික හා දේශගුණික විපර්යාස අතින් බරපතළ තත්ත්වයක් උදාවන ලොව දෙවැනි රට ලංකාව වන බවයි. එනම් බරපතළකමින් දෙවැනි තැන ශ්‍රී ලංකාවට හිමි වන බවය. 

ජනාධිපතිවරයා අනුරාධපුරයේදී කී හැටියට මේ වන සංහාරයට බරපතළ ප්‍රශ්නයක්ව තිබෙන්නේ දම්වැල් කියත් හෙවත් චේන්ෂෝ ය. එහෙයින් ඒවා ළඟම පොලිසියේ ලියාපදිංචි කළ යුතු බවට තමා නීතියක් පැනවූ බව ද ජනාධිපතිවරයා කියයි. එය මින් පෙර කිසිදු ආණ්ඩුවක් නොගත් රැඩිකල් තීන්දුවක් බව ජනාධිපතිවරයාගේ අදහසයි. දම්වැල් කියත්වලින් සිදුවන වන සංහාරය ඉතා බරපතළ හෙයින් ඒවා මෙරටට ගෙන්වීම නතර කිරීම තම බලාපොරොත්තුව වන බව ද ජනාධිපතිවරයා අනුරාධපුරයේදී පැවසුවේය. පරිසර සංරක්ෂණය සඳහා මේ අයුරින්ම ඇස්බැස්ටස් තහනම් කිරීමට ද ජනාධිපතිවරයා මුලපිරූ බව රටේ ජනතාවට මතක ඇතිවා නිසැකය.
ඉහළ යන පරිසර සංහාරයෙන් අත්පත් කරගත හැකි ප්‍රබලතම ප්‍රතිඵලය දුගී භාවය බව ජනාධිපතිවරයා ද පිළිගනියි. ගහ කොළ වැනසීමෙන් නියඟයත් ඒ නියඟය හේතුවෙන් අහේනියත් උදාවෙන බව ජනපති පිළිගනියි.

ජනාධිපතිවරයාගේ ඒ ස්ථාවරය, නිගමනය සහ තක්සේරුව නිවැරැදි බව ඉහ මොළ සහ සිහි බුද්ධිය තිබෙන කාටත් පිළිගත හැකි බව අවිවාදිතය. තුරුලතා වනසන්නන් සහ වනසන රටවල් දුප්පත් වන්නේ ආර්ථික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මිකව ද ඔවුහු දුප්පත් වෙති. තුරුලතා වවන්නෝ ආර්ථික වශයෙන් සේම ආධ්‍යාත්මික වශයෙන් ද පොහොසත් වෙති. මක් නිසාද යත් එය මිහිකත සනසන අපූර්ව පින්කමක් වන බැවිනි. සොබා දහමේ පවතින දාන සහ ප්‍රතිග්‍රහණ (give and take) රීතිය මත තුරුලතා වවන්නෝ එලොවත් මෙලොවත් සැනසෙති. ඒ ‘‘යා දිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං’’ තමන් නෙළාගන්නේ වපුරන දේය යන බුදු දහමට ද අනුකූලවය. තුරුලතා වැවීම සොබා දහමට කරන සත්කාරයකි. එලෙස සත්කාර කරන්නන්ට සොබා දහම ද පෙරළා කෘතගුණ සලකයි. ඒ බව බුද්ධ දේශනාවේද සඳහන් වෙයි.

සංයුක්ත නිකායේ ආදිත්ත වග්ගයේ එන වනරෝප සූත්‍රය ඊට කදිම නිදසුනකි. එහි සඳහන් අන්දමට දේවතාවෙක් බුදු පියාණන් කරා එළඹ මෙසේ අසයි.

‘‘දහවලුත් රාත්‍රියේත් හැමවිටම පින් වැඩෙන්නේ කාගේද? සුගතියට යන දහම කුමක්ද? එහි පිහිටියෝ කවරහුද? සිල්වත්තු නම් කවරහුද?

දේවතාවාගේ ඒ ප්‍රශ්නවලට බුදු පියාණෝ මෙසේ පිළිතුරු දෙති.

‘‘ආරාම රෝපා වන රෝපා  - යේ ජනා සේතු කාරකා
පපඤ්ච - උදපානඤ්ච      - යේ දදන්ති උපස්සයං’’

මතු දැක්වෙන්නේ ඒ බුද්ධ දේශනාවේ තේරුමයි.

යමෙක් අනුන්ට වැඩ පිණිස මල් වතු, පලතුරු වතු, උයන් වතු වවන්නෝ ද ලී දඬුවලින් ප්‍රයෝජන ගන්නා පුද්ගලයන් සහ මුව ගෝන ආදී වන සතුන්ට නිරුපද්‍රිතව වාසය කිරීම සඳහා මහ ගස්වැල් සහිත වන ලැහැබ් වවන්නෝ ද ඒදඬු පාලම් ආදිය කරවන්නෝද පැන්හල් වැව් පොකුණු කරවන්නෝ ද වාසස්ථාන පිළියෙල කොට දෙන්නෝද ඔවුහු දහමේ පිහිටි සිල්වත්හු වන්නාහ. දිවා රෑ දෙකෙහිම පින් වැඩෙන්නේ ඔවුන්ගේය. මරණින් මතු දෙව්ලොව යන්නෝ ද ඔවුහුමය.

මේ බුදු දහමට අනුව තුරුලතා වැවීම සිල් රැකීමකි, දහමෙහි පිහිටීමකි. දහම විසින් රකිනු ලබන්නේ දැහැමියා ය. (ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී) පරිසර හා වන සංරක්ෂණය පිළිබඳ මෙය කොතරම් උතුම් දහමක්ද?

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බව කියන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් පිරිනමන බව සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතු බවය. සසුන රැකෙන්නේ දහම සහ දසුන රැකීමෙනි. රජය දහම සහ දසුන රකින්නේ නම් ජනාධිපතිවරයා කියන හැටියට වන ඝනත්වය සෑම වර්ෂයකම සියයට එකයි දශම පහකින් අඩුවන්නේ කෙසේ ද?

රටේ පරිසර අමාත්‍යවරයා ද ජනාධිපතිවරයාමය. ජනාධිපතිවරයා බිහිවූයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙනි. එහි සෝමාවතිය සහ මාඳුරුඔය රක්ෂිතවලත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේත් අක්කර දහස් ගණනින් වැනසෙයි. වනය වනසා කුඹුරු අස්වද්දයි. ඒ සියල්ල කෙරෙන්නේ දේශපාලන රැකවරණවල මහිමයෙනි. එහෙයින් ඒ විනාශයට එරෙහිව පියවර ගත යුත්තෝ මර නින්දේය. ඇතැම් නිලබලධරයෝ වන සංහාරකයන් සමඟ සහවාසයේ ය. වනරෝප සූත්‍රයේ සඳහන් දහමට අනුව සිල්වතුන් වන්නේත් මරණින් මතු දෙව්ලොව යන්නේත් තුරුලතා වවන්නෝ නම් තුරුලතා නසන්නෝ සහ ඔවුනට රැකවරණ සලසන්නෝ යන්නේ අවීචි මහ නරකාදියට මිස වෙන කොතැනකටද?



අදහස් (1)

බුදුන් වහන්සේ වදාළ පරිසර රක්ෂණය

Nishantha Monday, 25 March 2019 08:56 AM

වැදගත් ලිපියක්

:       0       101

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 346 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 237 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 73 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 311 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 219 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 264 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site