IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බැංකුවලට මහ බැංකු සහන කුමටද?

ආර්ථික ප්‍රශ්න වලට විකල්ප සොයන කාල වකවානුවකි. කොරෝනා වසංගතය ආර්ථිකයට බලවත් පිඩනයක් එල්ල කර තිබේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය සංකීර්ණය. බැංකු හා මුල්‍ය අංශ ක්‍රියා කළ ආකාරය ප්‍රශ්න ඇති කර තිබේ. මහ බැංකුව බලවත් දෝෂාරෝපණයකට ලක් විය. විපතට පත් අංශ ප්‍රතිසංවිධානයට විකල්ප යෝජනා වහාම ඉදිරිපත් කළ යුතු බව ප්‍රකාශ වී ඇත.

මුලින් පොලී අනුපාත අඩු කළ මහ බැංකුව පසුව වාණිජ බැංකු ණය සඳහා සහන සපයා තිබේ. මෙරට වාණිජ බැංකුවල අභ්‍යන්තරය විමසා බැලීම මෙහි දී වැදගත්ය.

වාණිජ බැංකු විශාල ප්‍රමාණයක් රට තුළ තිබේ. එහෙත් අවශ්‍ය පරිදි ප්‍රාග්ධනය යොදවන්නේ නැත. එක පැත්තකින් එකතු කරගන්නා තැන්පත් ධනය අනෙක් පැත්තෙන් ව්‍යවසාය හා ආයෝජන වලට නිකුත් කළ යුතුය. එයින් මූල්‍ය ප්‍රසාරණයක් සිදුවෙයි. රජයට සහ රජයට අයත් ආයතනවලට ණය සැපයිම මෙරට වාණිජ බැංකුවලට වාසිදායකය. එම රාමුවෙන් එපිට ගැන අවධානය යොමු නොකරන අතර එය ආර්ථිකය නංවන තිරණ වලට බාධාවක් වී තිබේ. පර්යේෂකයෝ මෙම ව්‍යුහය ගැන සොයා බැලිය යුත්තෝය. ව්‍යවසායකත්වය ඇති කරන්නට බැංකු හා මුල්‍ය අංශයෙන් ලබා ගත හැකි පිටිවහල වෙනුවෙන් පෙළඹවීමක් කළ යුතුව තිබේ.

 

2020 මුල් කාර්තුව බැංකු වල පැවැත්ම තහවුරු කර ඇත.

ආර්ථිකය දුබල තැනක බව ප්‍රකාශ වන නමුත් ශ්‍රී ලංකාවේ බැංකු හා මුල්‍ය ක්‍රමයට 2020 මුල් කාර්තුවේ දී අයහපතක් සිදුවී නැත. වෙළෙඳ පොළ කොටස අඩු ඇතැම් බැංකු කිහිපයක හැරෙන්නට අනෙක් වාණිජ බැංකු ප්‍රගතියක් පෙන්වා තිබේ. පසුගිය  අවුරුද්දේ සහරාන් ප්‍රහාරය තිබිය දි සහ මෙම වසරේ මුල් මාසවල දී කොරොනා වයිරසය බලපාන අතරතුර පවා මෙම වසරේ මාර්තු 31 න් අවසන් වූ කාර්තුව තුළ බැංකු ආදායම ඉහළ නැග ඇති අතර ලාභය වර්ධනය කරගන්නට සමත්වීම කැපි පෙනෙන කාරණයකි. බැංකු විශේෂඥයන්ගේ වාර්තා තහවුරු කරන අන්දමට වාණිජ බැංකු වල ඉතිරි කිරීම් පසුගිය වසරේ සමාන කාලසිමාවට වඩා මෙම වසරේ දී සියයට දහ හතරකින් ඉහළ නැග ඇත. ජනතාවට මුදල් නැති බව කියන අතර ආර්ථිකය දහ අට වසරකට පසු අවම අගයකට පත්ව ඇති බව ප්‍රකාශ වන පසුබිමක මෙම වර්ධනය අවධානයට ගත යුතුය.

ලංකා බැංකුව සිය පළමු කාර්තුවේ මූල්‍ය වාර්තාව නිකුත් කර ඇති අතර එයට අනුව ආදායම රු. මිලියන 62,642 තෙක් සියයට 12.4 කින් ඉහළ ගොස් ඇත. බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාබය රු. මිලියන 5,429 ක් වන අතර එය 2019 වසරේ සමාන කාලසීමාවට වඩා සියයට 28.8 ක වර්ධනයකි. මහජන බැංකුවේ ආදායම රු. මිලියන 48,116 ක් වන බව දැක්වෙන අතර එය සියයට 1.4 ක ප්‍රගතියකි. ලාබය සියයට 22.8 කින් වැඩිවි රු. මිලියන 5,150 ක් බව වාර්තා දක්වයි. කොමර්ෂල් බැංකුවේ බදු ගෙවීමෙන් පසු ලාබය සියයට 22.6 කින් ඉහළ ගොස් ඇති අතර සම්පත් බැංකුවේ ලාබය සියයට 15.7 කින් වර්ධනය වි ඇත. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2019 වසරේ මුල් මාස තුන තුළ රු. මිලියන 2,201 ක් උපයන විට 2020 පළමු කාර්තුවේ බදු ගෙවීමෙන් පසු ලාබය රු. මිලියන 2,798 කි. සෙලාන් හා එන්.ඩී.බී. වැනි බැංකු සුළු වෙනස්කම් සහිතව මැනැවින් ස්ථාවරව පවතී.

 

ජනතාවට සහන නොදෙන හේතු කොහොමටවත් නැත.

මෙරට ප්‍රධාන බැංකු පසුගිය අවුරුද්දේ රු. බිලියන දහය ඉක්මවා ශුද්ධ ලාබ උපයා ගෙන තිබුණ බව සඳහන් කළ යුතු කරුණකි. බැංකු බලපත්‍රයක් ගැනිම හොඳ ආදායමක් ලැබෙන ක්‍රමයකි. මහ බැංකු අවසර ගැනීම පහසු නැති නමුත් යම් යම් බලපෑම් අනුව එයට අවකාශ ඇත. ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා අනුව මෙරටට බැංකු වැඩිය. දුර්වල මෙහෙයුම් ඇති ඒවා ඒකාබද්ධ කළ යුතුය. එහෙත් ධනය හා බලය ඇති පිරිස ඒවා නොතකති. ගනුදෙනුකරුවන්ගේ ඉතිරි කිරීම් ආකර්ශනය කරගන්නා අතර ඒවායෙන් ව්‍යාපාර මෙහෙයවන බව නිරීක්ෂණය කළ හැකිය.

බිලියන ගණන් ලාබ උපයන වාණිජ බැංකු ව්‍යවසායකත්වය ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? සහනයක් ඉල්ලා බැංකු නිලධාරීන් වෙත එන ජනී ජනයා ආපසු හරවා යවන හේතුව කුමක්ද? බැංකු හා මුල්‍ය ක්‍රමයේ පවතින ගතානුගතිකත්වය වෙනස් කරන්නට මහ බැංකුව අසමත් වී තිබේ. එයට වන්දියක් වශයෙන් ලැබුණ අපකීර්තිය හොඳටම ප්‍රමාණවත්ය. වාණිජ බැංකු වල පවතින වත්කම් නිසි සේ හසුරුවන්නට පියවර ගත යුතු අතර ව්‍යවසායකත්වය නංවන්නට ධනය නිදහස් කිරීම සම්බන්ධයෙන් අලුත් ප්‍රතිපත්ති හඳුන්වා දීම අවශ්‍යය. බැංකු වල ලාබයෙන් කොටසක් අනිවාර්යයෙන්ම අලුත් ව්‍යවසාය වලට ණය දෙන සේ නියම කළ හැකිය. එය අවදානමක් ගෙන එන්නට ඉඩ තිබේ. ලාබයෙන් කොටසක් වැය කර තමන් නිකුත් කරන ණය නැවත රක්ෂණය කරන්නට හැකියාවක් තිබේ. බිලියන ගණන් ලබන ලාබයෙන් කොටසක් අලුත් සංකල්ප අනුව වෙන් කළහොත් පවතින ආර්ථිකය පුළුල් කරන්නට හේතු වනු ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් යම් යම් ව්‍යවසාය අපහසුතාවට පත්ව තිබිය දී ඒවා වෙනුවෙන් සහන ණය යෝජනා ක්‍රම හදන්නට අවශ්‍යය. මහ බැංකුව නියෝග දෙන තෙක් කල්පනා කරන්නට අවශ්‍ය නැත. බැංකු වලට අවශ්‍ය තරම් මුදල් තිබේ. මුලින් සඳහන් කළ පරිදි 2020 වසරේ මුලය ප්‍රකාශ සහ එයට කලින් වසරේ තත්ත්වය එයට සාක්ෂියකි.

 

අවම ශේෂය සම්බන්ධ සීමා ගිණුමෙන් ඉවත් කළ යුතුය.

ශ්‍රී ලංකවේ ආර්ථිකය තුළ මුදල් සංසරණය සීමා සහිතව පවතින අවස්ථාවක යම් යම් ලිහිල් කිරිම් අවශ්‍යය. 2018 වසරේ මහ බැංකුව පනවන ලද නීති අනුව මෙරට සෑම බැංකුවක්ම ගිණුමක තිබිය යුතු අනිවාර්ය ශේෂය සම්බන්ධ නියෝගයක් තිබේ. ගනුදෙනුකරුවන්ට එය හිරිහැරයකි. රුපියල් දහසක අවම ශේෂය රහිත සෑම මාසයකම ගිණුම්වලින් රු. විසි පහක ගාස්තුවක් අය කරන අතර එය බැංකුවට ආදායම් මාර්ගයකි. තවත් බැංකුවක එය එක්දහස් පන්සියයකි. කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව අන්තිම සතය දක්වා පරිහරණය කළේය. මුදල් තැන්පත් කරන්නට බැංකුවකට හෝ යා ගත නොහැකි තැනක පසුවිය. වාණිජ බැංකු එම අනතුර ගැන අවධානය යොමු නොකළ අතර ගිණුම අවම ශේෂය නැති හෙයින් අතිරේක ගාස්තු අය කළේය. එය යුක්ති සහගත නැත.

වාණිජ බැංකු හා මුල්‍ය සමාගම් නොයෙක් විෂම ගාස්තු ක්‍රම ගිණුම් හිමියන්ට පනවා ඇත.  ජංගම ගිණුම් වෙනුවෙන් රු. පහලොස් දහසක නිත්‍ය තැන්පතුවක් තිබිය යුතුය. තැන්පත් ගිණුම තුළ අවම ශේෂයක් පවත්වාගෙන යාමට ජනතාවට බල කළ යුතු නැත. අන්තිමේ දී එය අති විශාල මුදලක් බව වගකිවයුත්තෝ නොදනිති. රටට කිසිම ප්‍රයෝජනයක් නොලැබෙන එම මුදල් ප්‍රමාණය නිදහස් කරන තීරණයක් අවශ්‍යය. රට පුරා බැංකු වල බැංකු ගිණුම් මිලියන දහයක් ඇතැයි උපකල්පනය කරන්න.

මිලියන විස්සක් ජනගහනය සහිත රටක මෙම ගිණුම් ප්‍රමාණය උපකල්පනය අභිබවා යන බව කිසිම සැකයක් නැත. එක ගිණුමක රු. දහසක අවම ශේෂය අනුව රු. දහසේ ඒවා මිලියන දහයක් ගනුදෙනුකරුවන්ට අත නොපොවන මානයේ රඳවා තබා තිබේ. මෙම මුදල් ප්‍රමාණය වහා නිදහස් කළහොත් ජනතාවගේ මිල දී ගැනිමේ ශක්තිය ඉහළ යයි. එක ගනුදෙනුකරුවකු රුපියල් දාහක භාණ්ඩ අලුතින් මිල දි ගත හැකි පුද්ගලයන් බවට පත්වන විට මෙරට ගොවියන්ට, කර්මාන්තකරුවන්ට හා සේවා අංශ වලට ඇති විය හැකි වාසිය ඉතාම වැදගත්ය. ඉගෙන ගැනීමට ඩේටා වියදම් කළ නොහැකිව සිටින දෙමාපියකුට මෙම රුපියල් දහස මනා ප්‍රයෝජනයකි.


වැඩ කරන ජනතාවට පනවන ලද අතිරේක බද්ද
රාජ්‍ය හා පෞද්ගලික අංශය සිය සේවකයන්ට වැටුප් ගෙවන්නේ බැංකු ගිණුම් වලටය. වැටුප සම්පූර්ණයෙන්ම අතට ගැනීම ශ්‍රමිකයන්ගේ අයිතියකි. එයින් කොටසක් ගිණුමේ අනිවාර්ය ඉතිරි කිරීම වශයෙන් පවත්වාගෙන නොයන සෑම ගනුදෙනුකරුවකුගෙන්ම මාසයකට රු. විසි පහක් බැංකු අය කරගනියි. විද්‍යුත් කාඩ් පත් භාවිතා නොකර මුදල් ගැනීමට කවුන්ටරයට පැමිණීම බැංකුවල වරදක් වී තිබේ. කවුන්ටරයට පැමිණ පාස් පොතින් මුදල් ලබා ගැනීමේ දී වතාවකට රුපියල් දහයක සිට ඉහළට ගාස්තුවක් අය කෙරේ.  බැංකු ශේෂය සහතික කරන විට රුපියල් හාර සියයක මුදලක් අය කරයි. සමහර බැංකු කවුන්ටර වලට පැමිණ මුදල් තැන්පත් කරන ගනුදෙනු කරුවන්ගෙන් අමතර ගාස්තුවක් අය කෙරේ.

මහ බැංකුව දොස් අහන තැනට පත්වූයේ මෙවැනි පැති වලින් ජනතාව සූරා කන්නට ඉඩ දීම බව පෙන්වා දිය යුතුය. ජනතාවට සහන දිය යුතු බවට ආණ්ඩුව ප්‍රතිපත්ති තීරණ ගන්නා විට ගිණුමක අවම ශේෂය නැති නිසා මාසිකව රු. විසි පහ බැගින් කපා ගැනිමත් අවහිරයක් බව නිලධාරීන් දැනගත යුතුය. පසුගිය මාස මාර්තු මාසයේ සිට අද වන තෙක් අවම ශේෂය මත ගිණුම් වලින් ගාස්තු අය කළේනම් එය වරදකි. මෙම කොන්දේසිය පමණක් නොව අය කරන ලද මුදල ද වහා ම ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතුය. බිලියන ගණන් ලාබ උපයා ඇති බංකු වලට එය කළ හැකි දෙයකි.

*** සාරා කන්දෙගොඩ

 



අදහස් (4)

බැංකුවලට මහ බැංකු සහන කුමටද?

උදය Friday, 03 July 2020 03:57 PM

මෑතකදි කියවීමට ලැබුන හොඳ ලිපියක්. ස්තූතියි. බැංකු දැන් මං පහරන්නන් ඉන්නවා වගෙයි.

:       0       31

amintha Sunday, 05 July 2020 06:47 AM

ක්‍රෙඩිට් කාඩ් ඉන්ටරෙස්ට් එක 28%යි.. එය අඩු කළ යුතුයි.

:       0       0

දිලාන් Monday, 06 July 2020 05:00 PM

මම කරගෙන යන ව්‍යාපාරය රටටම බලපාපු කොරෝනා වසංගතෙත් එක්ක මූල්‍ය අස්ථාවර බවකට පත්වුණා. සේවක වැටුප් සහ එදිනෙදා වියදම් සපයාගැනීමද ප්‍රශ්නයක් වුණා. ඒ අතරම මහා බැංකුව මගින් අප වැනි මූල්‍යම අපහසුතා ඇති ව්‍යාපාරිකයන් රැකගැනීම සඳහා 4% වාර්ෂික පොලියකට ණය මුදලක් නිකුත්කරන බව දැන ගැනීමට ලැබුණා. මම වහාම සියලුම කරුණු කරණා සම්පූර්ණකර සහන ණය මුදලක් බැංකුව හරහා අප්‍රියෙල් 09 වැනි දින ඉල්ලුම් කළා. මහබැංකුව විසින් එම 4% ණයමුදල ලබාදීම සඳහා 1% වාර්ෂික පොළියක් මත අදාල බැංකු වෙත මුදල් ලබාදී තිබුණා. බැංකුවට එම ණය මුදල මට දීම වෙනුවෙන් 3% ප්‍රතිලාභයක්ද ලබාගත හැකිව තිබුණා. නමුත් "සීතල කඳුකරයේ අකුරු තුනක නමක් දරණ" මගේ පෞද්ගලික බැංකුව විසින් හිතාමතාම මගේ ණය අයදුම්පත මැයි 28 දින දක්වාම මහා බැංකුව වෙත ඉදිරිපත් කිරීම මගහැර තිබුණා. එම ප්‍රමාදය නිසාම මගේ ණය අයදුම්පත ප්‍රතික්ෂේප වීමෙන් පසුව අදාල බැංකුව විසින් මාහට වාර්ෂිකව 8% පොලියකට ඉහත ණය මුදල ලබාදීමට විවිධ බලපෑම් කරමින් හිරිකිත උත්සාහයක් ගත්තා.

:       0       0

දිලාන් Monday, 06 July 2020 05:01 PM

තුනේ බැංකුව සියලුම සහන ණය අයදුම්කරුවන් සඳහා මෙම හිරිකිත පිළිවෙලම අනුගමනය කර තිබුණා. ඇත්ත වශයෙන්ම ෆිනෑන්ස් සමාගම් විතරක් නෙමෙයි "ආර්ථික ඝාතක" මෙම පෞද්ගලික බැංකුද රජයේ නියාමනයට ලක් කිරීමට කාලය පැමිණ තිබෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 123 1

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 40 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 534 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 277 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 102 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 324 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1719 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site