IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නිසි දැක්මක් ඇති අර්ථවත් අයවැයකට කාලයයි

අද බජට් දවස යැයි කියූ පමණින් මහත් බලාපොරොත්තු ගොන්නක් සිතේ ඇතිවූ කාලයක් තිබිණි. බජට් එකෙන් අඩු වෙන්නේ වැඩි වෙන්නේ මොනවාදැයි දැනගැනීමට එ දවස තිබුණේ මහත් කුතුහලයකි. එහෙත් ඉන්පසුව මධ්‍යම රාත්‍රියේ ගැසට් නිවේදන මගින්, එසේම ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසුව එළඹෙන ‘මධුසමය’ තුළදී නිකුත් කරන නිවේදන මගින්, මහමැතිවරණයක් ආසන්නයේ ලබාදෙන සහන මලු‍ හේතුවෙන් බජට් එකේ අගය පහත බැස්සේය. කුතුහලය සිඳී ගියේය. 2019 වසරේ අයවැය අද (05) ඉදිරිපත් කෙරෙන්නේ මේ පසුබිම යටතේය.

පසුබිම එසේ වුවද අද (05) අයවැයෙන් ලබාදෙන සහන මොනවාදැයි දැනගැනීමට පොදු මහජනතාව තුළ සුළු හෝ බලාපොරොත්තුවක් තිබෙන බව ද ඒ සමඟ සඳහන් නොකළොත් අඩුපාඩුවකි. ජනතාවගේ පැතුම් ඒ ආකාරයටම ඉටුවේදැයි අප නොදන්නා නමුත් මැතිවරණ වසරක් වශයෙන් 2019 හැඳින්වීම හේතුවෙන් අයවැයෙන් සහන ලැබෙනු ඇතැයි ජනතාව තුළ යම් බලාපොරොත්තුවක් පවතී. මැතිවරණ නිසා තද මුල්‍ය පාලන රෙගුලාසි ලිහිල් කරන ලෙසට මුදල් ඇමැතිවරයාට තම කැබිනට් සගයන් ඇතුළු ආණ්ඩුවේ සියලු‍ පාර්ශ්ව වලින් බලපෑම් එල්ලවන බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. වැටුප් වැඩි කරන, බදු අඩු කරන, සේවා පහසුකම් වැඩි කරන අයවැය යෝජනාවලියකට ඔවුන්ගේ කැමැත්ත හිමිවනු ඇත. එහෙත් රටේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ එවැනි සහන අයවැයක් ලබාදීම කොතරම් දුරකට යථාර්ථවාදී වනු ඇතිදැයි සලකා බැලිය යුතුය.

ණය කන්දක් පාමුල ඇඟිලි ගනිමින් සිටින රටක ජනතාවට සහන ලබාදීම සඳහා මුදල් සපයාගැනීම මෙහිදී මුදල් ඇමැතිවරයා මුහුණදෙන බරපතළම ප්‍රශ්නය වනු ඇත. මැතිවරණ වසරක් වීම එම බරපතළකම තවදුරටත් සංකීර්ණ කරයි. සංවර්ධනය වෙමින් පවතින රටක සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ මැතිවරණයක් ආසන්නයේ අවසන් වරට ඉදිරිපත් කෙරෙන අයවැයෙන් ජනතාවට ගෙඩි පිටින් සහන ලබාදීමය. එහෙත් මේ ආකාරයට සහන ලබාදීමට නම් ආර්ථිකය නිසි මඟට යොමුකෙරෙන දර්ශනයක් සහිත ශක්තිමත් වැඩපිළිවෙළක් රටකට අවශ්‍යය. එවැනි තත්ත්වයක් පවතී නම් සහන ලබාදීම සඳහා වැය කිරීමට තරම් මුදලක් රට තුළින්ම උපයාගත හැකිය. එසේ නොවන විට වැය කිරීමට සිදුවන්නේ ණයට ලබාගන්නා මුදල්ය. කිසිදු මුදල් ඇමැතිවරයකු තමන්ගේ පෞද්ගලික ධනයෙන් ජනතාවට සහන ලබාදෙන්නේ නැත. ජනතාවට සහන ලබාදීම අවශ්‍යතාවක් වුවත් ඒ සඳහා ණයට ලබාගන්නා මුදල් වැයකිරීම නම් ආර්ථික ඛේදවාචකයකි. මේ නිසා ‘ණය උගුලක’ හිරවී සිටින රටක මුදල් ඇමැතිවරයා මැතිවරණ වසරක අයවැය ඉදිරිපත් කිරීමේදී වැටෙන්නේ ලෝක අමාරුවකය. එම අමාරුවෙන් මංගල සමරවීර ඇමැතිවරයා ගොඩ එන ආකාරය අද (05) දහවල් 1.30න් පසුව අසන්නට, දකින්නට ලැබෙනු ඇත.

පසුගිය දිනවලදී ශ්‍රී ලංකා මහබැංකුව පැත්තෙන් ඇසුණේ විදෙස් බැඳුම්කර හරහා ආණ්ඩුව මුදල් ණයට ගැනීමට කටයුතු කරන බවය. වසර 10ක් හෝ 05ක් වැනි කාලසීමාවකදී ආපසු ගෙවිය යුතු මේ ණය මුදල් සඳහා 5%ක පමණ ඉහළ පොලියක් අයකෙරෙන බව ද සඳහන්ය. 2014 වසරේදී ඩොලර් බිලියන 10ක් වූ මෙවැනි වාණිජ ණය ප්‍රමාණය 2018 වසර අවසන් වනවිට ඩොලර් බිලියන 15ක් තරම් වූ බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ඒ සඳහා ඉදිරි වසර දහය තුළදී වසරකට ඩොලර් බිලියන 01කට වැඩි මුදලක් ආපසු ගෙවීමට සිදුවන බවද සඳහන්ය. මේ නිසා මෙවර අයවැය මගින් අපනයන ආදායම වැඩිකර ගැනීමට සහ ඍජු විදේශ ආයෝජන ගෙන්වාගැනීම දිරිමත් කෙරෙන වැඩපිළිවෙළක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වශයෙන් අපි දකිමු. එය හුදෙක් සංඛ්‍යාලේඛන සහ වචන හරඹයකට පමණක් සීමාවීම ප්‍රමාණවත් නැත.

මෙවර අයවැය ඉදිරිපත් කෙරෙන්නේ රටේ මුදල් ඒකකය වන රුපියල ප්‍රබල පීඩනයකට හසුව තිබියදීය. සන්තකයේ පවතින ඩොලර් සංචිතය දියකර හැරීමෙන් පමණක් කඩාවැටීම යන්තමින් නවත්වාගෙන තිබෙන තත්ත්වයක් තුළ මුදල් ඇමැතිවරයාට පැවැරී ඇත්තේ විශාල වගකීමකි. ණයබර වැඩිවීම සහ රුපියල කඩාවැටීම 2013 වසරේ පටන්ම රටේ ආර්ථික අර්බුදයේ ගමන් මඟ වශයෙන් කැපී පෙනුණේය. මේ කාලසීමාව තුළදී ආණ්ඩුවත් විපක්ෂයත් එකිනෙකාට ඩෑෂ් පහර එල්ල කර ගත්තා පමණි. ගැටලු‍වට විසඳුමක් සෙවීමට කිසිවකුත් සාර්ථක උත්සාහයක් නොගැනීමේ පල විපාක මේ වනවිට හොඳින්ම පෙනෙන්නට තිබේ. මේ වසරේ අයවැය තුළින් හෝ කිසියම් හෝ වෙනසක් ඇතිකළ හැකි නම් එය රටේ අනාගතය ගොඩදැමීමක් වනු ඇත.

අයවැය තුළින් වැඩිපුර බදුබර පැටවෙන විට එයින් තදින්ම පහර වදින්නේ මධ්‍යම සහ සුළු පරිමාණයේ ආදායම් උපයන පිරිසටය. බදු ගැසීමෙන් භාණ්ඩ සහ සේවා මිල ඉහළ යනවිට උද්ධමනය ඉහළ නඟී. සීමිත ආදායම් ඇති සියලු‍ පිරිස් උද්ධමනයෙන් බැට කති. වැටුප සුළු ප්‍රමාණයකින් වැඩි වුවත් ඊට වඩා ප්‍රතිශතයකින් බදු වශයෙන් ආපසු ගෙවීමට සිදුවන තත්ත්වයක් තුළ පොදු ජනතාවට සිදුවන්නේ කබලෙන් ළිපට වැටීමය. ධනවත් බලවත් පුද්ගලයන්ට එහි බලපෑමක් නැත.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ඉලක්ක කරගත් දීර්ඝකාලීන සහ කෙටිකාලීන වැඩපිළිවෙළක් සහිත අයවැයක් අද ඉදිරිපත් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. මැතිවරණය පමණක් ඉලක්ක කර ගනිමින් සකස් කෙරෙන සීනිබෝල අයවැයකට වඩා අර්ථවත්, නිසි දැක්මක් ඇති අයවැයකට දැන් කාලය පැමිණ ඇති බව පෙන්වා දීමටද කැමැත්තෙමු.



අදහස් (0)

නිසි දැක්මක් ඇති අර්ථවත් අයවැයකට කාලයයි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 428 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 109 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 730 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 326 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 147 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 354 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 345 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site