IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තාමත් ජෝති

(*** ප්‍රියන්ත කොඩිප්පිලි)

ජෝතිපාලගේ තිස්තුන් වෙනි සැමරුම තිබුණෙ මීට දවස් දෙක තුනකට උඩදී. ජූලි හතයි කියලා මතක් වෙද්දි ජොතිව මතක් වෙනවා. අවුරුදු තිස්තුනක් ගිහිල්ලත් තාමත් ජෝතිම තමයි. ජෝති ගැන කතා කරන අය මේ සැරෙත් පෙළ ගැහිලා තිබුණා දැක්ක සුපුරුදු පරිදි, ජෝති සැමරුම් තියල හැමදාම කරන සෙල්ලම් ටික තමයි.

ජෝති ජීවත් වෙලා ඉන්නකොට කට ඇරපු නැති කට්ටිය දැන් මීඩියාවලට පෙරළගෙන ඇවිත් දෙන නැව් ටෝක් තමයි බලන්න අපූරු. ඒ අතරෙ තවත් සමහරු ජෝතිගෙ පහනින් බැබලෙන්න හදන හැටි දැක්කම තවත් සංතෝසයි. පුදුම මිනිස්සු තමයි අපේ රටේ නම් ඉන්නේ.

දැන් දශක තුනක් තිස්සේ ජෝති සමරනවා කියලා හැමෝම කෙරුවේ එක්කො ජෝතිගෙ සිංදු කට්ටියක් ලව්වා කියවන එක. එහෙමත් නැත්නම් ජෝති දන්නව කියලා කියන කීප දෙනෙක් පෙන්නල ටී.වී, රේඩියෝ ප්‍රෝග්‍රෑම් කරන එක. ජෝතිව සොයා යෑම තාමත් කවුරුවත් කරන්න උත්සාහ අරන් නෑ. ඒ වෙනුවට ජෝති කාපු බීපු හැටි ඇඳපු හැටි ගමන් බිමන් ගියපු හැටි, සංදර්ශනවලට ගත්තු සල්ලි තව කෙනෙකුට දීපු හැටි වගේ කාරණා. මේවා තව අවුරුදු තිහක් වුණත් මේ සෙට් එක තලු මරාවි. ඒත් ඒකෙන් ජෝතිටවත් අපිටවත් රටටවත් වැඩක් නෑ. ජෝතිපාලව දැන්වත් හරියට ‘රීඩ්’ කරන්න කවුරුහරි මුල පුරනව නම් ඒක තමයි ජෝති වෙනුවෙන් කරන වැඩේ. ඒක කරන්න බෑ ජෝති බැතිමතුන්ට. ජෝති පිළිබඳ භක්තිවන්ත උදවිය අවුරුද්දකට වතාවක් ජෝතිගෙ පිළිරුව හෝදල සුවඳ දුම් අල්ලනවා. ඒ වෙනුවට අපි යෝජනා කරන්නේ වාද විවාද කරලා හාර අවුස්සලා කඩල බිඳලා ජෝතිව කියවන්න උත්සාහ කරමු කියලා.

ජෝතිපාල වගේ වෙන්න හදන පොඩි ජෝතිලත් අපි දකිනවා. මීඩියා චැනල්වලටත් මේ පොඩි ජෝතිලා තමයි දැන් ලොකු වෙලා තියෙන්නේ. මේ පොඩි ජෝතිලා ලොකු ජෝතිගෙ සිංදු කියන්න දඟලන දැඟලිල්ල දැක්කම හිනා යනවා. ලොකු ජෝතිගෙ සිංදු අහපු අපිට පොඩි පොඩි සිප්පි කෑලි මොකටද? ඕන කෙනෙකුට ජෝතිගෙ සිංදු කියන්න රසවිඳින්න පුළුවන්. ඒත් ඒවා තමන්ගේ සම්බන්ධකම් පාවිච්චි කරලා මීඩියාවලට රිංගගෙන විකෘති කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.

ජෝති ගැන සැමරුම් තියලා කරන සමහර වැඩසටහන්වලට ගෙන්නන අය දැන් අවුරුදු තිස් තුනක් තිස්සෙ කියන්නෙ එකම කතාව. ජෝති එක්ක කාපු බීපු, ජෝති එක්ක ගමන් බිමන් ගියපු, ජෝති එක්ක මාළිගාවත්තෙ ගැවසුණු, ජෝති එක්ක පිස්සු නටපු ඕන තරම් අය ඇති.

අවුරුදු තිහකට වැඩි කාලයක් ඔය තැටිය ගැහුව මදි ද දැන්. ජෝතිපාල ඇඳගෙන ඉඳපු ඇඳුම ගලෝල ජෝති හම්බවෙන්න ආපු කෙනෙකුට දුන්නා කියන එක නෙවෙයි ජෝතිපාල ගායකයෙක් විදියට මේ තරම් පොරක් වෙන්න හේතුව. ඒත් අදටත් ජෝති ගැන කතා කරන වැඩසටහන්වල කතා වෙන්නෙ මේ වගේ ඕපදූප තමයි වැඩිපුර. මේ වැඩසටහන්වලට වෙනස් අදහස් ඇති තරුණ පරම්පරාව වැද්ද ගන්නෙ නැත්තේ එතකොට අර ඕපදූප ටික තලු මරන්න බැරිවෙන නිසා වෙන්න ඇති. මේක ජෝති සමරු ප්‍රසංග වැඩසටහන් සියල්ලටම අදාළයි. එකක දෙකක නෙවෙයි බොහෝ තැන්වල බහුල වශයෙන් කෙරෙන්නේ මේ දේ තමයි.

අපි මීට පෙරත් කියල තියෙනවා මේ වගේ අයට හරියට අයිතිකාරයො ඉන්නවා කියලා. විශේෂයෙන් ජෝතිපාල, විජය කුමාරතුංග වගේ අයට. මේ අයිතිකාරයෝ හිතාගෙන ඉන්නෙ ඒ අයට විතරයි විජයලා ජෝතිලා ගැන කතා කරන්න පේට්න්ට් එක තියෙන්නේ කියලා. වෙන කෙනෙක් මේ අය ගැන මොකක් හරි කිව්වම රෙදි උස්සගෙන ඉන්නෙ. මෙහෙම රෙදි කරට අරගෙන එන බොහෝ දෙනා ජෝතිලට විජයලට ආවතේව කරපු අන්තේවාසික වාටියෙ පොරවල්. ඇත්ත විජය ප්‍රේමියෙක් නම් ඇත්ත ජෝති ප්‍රේමියෙක් නම් ඒ අයගෙ ප්‍රභාව තව තවත් විමර්ශනයට ලක් වෙනවට කැමති වෙන්න ඕන. ඒත් මේ බොරු භක්තිවන්ත අයිතිකාරයො ඒකට කැමති නෑ.

මොකද එහෙම වුණොත් ඒ අයගෙ මේ බොරුව තවදුරටත් නඩත්තු කරන්න බැරි වෙනවා. එතකොට ඒ අයගෙ ආතල් කැඩෙනවා. අපේ යෝජනාව ජෝතිපාලලගෙ විජය කුමාරතුංගලගෙ මේ බොරු අන්ධ භක්තිකයන්ගේ ආතල් කඩල දාලා මේ අය ගැන විෂයානුබද්ධව දියුණු කියවීමකට මුල පුරමු කියන එක.

 



අදහස් (3)

තාමත් ජෝති

සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 July 2020 12:38 PM

ලිපියේ දක්වා ඇති සාරගර්භ අදහස් ඉතාමත් වටිනවා. ඒ දිනවල ජෝතිපාලට අපහාස කරපු බොහෝ දෙනා අද කියන්නේ රත්තරන් ජෝති කියලයි.. ඒ අතර ප්‍රබුද්ධ යැයි සැලකෙන අය අදත් සංගීත ක්ෂේත්‍රයේ සිටිනවා. එදා ජෝතිට උසුළු විසුළු කළ ඔවුන්, අද ඔහු ගැන වර්ණනා මුඛයෙන් කතා කිරීම සැබවින්ම පුදුමයක්..! නමුත් එය තමයි ලෝකයේ හැටි. මාධ්‍ය ක්ෂේත්‍රයේ මුල්යුගයේ මා ජෝතිගේ ගීයක් කියමින් සිටිය විට එක්තරා උගතකු මා හට කීවේ ඔයාලා වගේ අයත් ජෝතිගේ සින්දු කියනවද කියායි.. අජන්තා රණසිංහ මහතා මට වරක් කීවේ පුතා, සිංඳුවක් ලියලා දීපං.. මං ජෝතිට දෙන්නම් කියා... මට ඒකට පින් තිබුණේ නැහැ. මොකද මට ඒ කාලේ සින්දු ලියන්න බැහැ. එය පුළුවන් වනවිට ඒ දෙදෙනා ජීවතුන් අතර නැහැ. ඒ ගැන හිතේ තියෙන්නේ මහා දුක්බර හැඟීමක්... කිව්වා වගේම අද පොඩි ජෝතිලා කරන විගඩම් අපටද පේන්නට බැහැ. ඒ ප්‍රතිභා හීනයන් ජෝතිගේ කෙස්ගසක් තරම්වත් අපට වටින්නේ නැතිබව ඒ අය කිසිවිට නොසිතනවා ඇති. ජෝති, ඔබගේ එක ගීයක් පවා එදා මෙන්ම අදටත් අපගේ හදවත් වලට ජීවය, ප්‍රාණය ගෙනදෙනවා. සැමදා ඔබ අප පණ හා සමානයි. ඔබ නැති අඩුව පොඩි ජොතිලා කොතෙක් සිටියත් කෙසේ පුරවන්නද? පුන්සඳේ එළිය තරු වලින් කිසිදා ලැබිය හැකිද?

:       2       509

Saman Nishantha Saturday, 11 July 2020 03:43 AM

කරුණාකර ඔබ යෝජනා කරන අදහස් ඇතුළත් ලිපියක් ඉදිරිපත් කරන්න. එවිට එය ජෝතිගේ රසිකයන් ආදරයෙන් ජෝතිව දකීවි. ඔබටත් ජෝතිව මතක්වෙන්නේ තව අවුරුද්දකින් නම්, ඔබ විසින් බැහැරකළ අයත්, ඔබත් අතර වෙනසක් නැහැ.

:       0       0

Gladwin perera Saturday, 11 July 2020 09:27 PM

ජෝති මියගියේ නැත. තාමත් ඔහු ජීවතුන් අතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 303 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 70 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 643 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 304 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 127 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 337 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site