IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඡන්ද ක්‍රමය වෙනස් කිරීම බහුතර ජනතා ඉල්ලීමක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී කළ කතාවේදී සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කරන බවට කළ ප්‍රකාශය ඉතා වැදගත් වූත් කාලීන වූත් තීන්දුවක් වශයෙන් අපි සලකමු. මාතෘකාව මැතිවරණය වනවිට සමානුපාතික ක්‍රමය තහනම් වචනය වන තරමට ප්‍රබල විවේචනයකට හසුව තිබේ. මනාප ක්‍රමයට ඉඩ දෙමින් ඡන්ද ව්‍යාපාරය ධනවත් බලවත් පුද්ගලයන්ගේ කෙළිමඬලක් බවට පත් කළ සමානුපාතික ඡන්ද ක්‍රමයට දැන්වත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දී එය වඩාත් ජනතාවාදී ක්‍රමයක් බවට හැරවීම සඳහා රජය ඉදිරියේදී පියවර ගනු ඇතැයි යන විශ්වාසය ජනාධිපතිවරයාගේ කතාවත් සමඟ එතුළ ඇතිව තිබේ.

අප එසේ කියන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන් මුල් අවධියෙන් පසුව බලයට පත් සෑම ආණ්ඩුවක්ම පාහේ අදාළ ක්‍රමය වෙනස් කරන බවට දුන් පොරොන්දු ගඟට කැපූ ඉනි මෙන් පලක් නැතිවීම හේතුවෙනි. ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය අවශ්‍ය වෙයි. එම අවශ්‍යතාව සෘජුව නොව වක්‍රව එනම් ආණ්ඩුවට පසුව හවුල් වන මන්ත්‍රීවරුන් ද ඇතුළුව තුනෙන් දෙකක බලයක් හිමිකර ගත් ආණ්ඩු පසුගිය කාලයේදී තිබිණි. එහෙත් සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන ක්‍රියාත්මක කිරීමට ඒ කිසිදු රජයක් අපොහොසත් විය. එහෙත් කියන දේ කරන රාජ්‍ය නායකයකු වශයෙන් ගෙවී ගිය කෙටි කාලය තුළදී මහජන ප්‍රසාදය ඉහළින්ම දිනාගත් රාජ්‍ය නායකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදෙන ලද මෙම පොරොන්දුව ඉටු කෙරෙනු ඇති බවට මහජනතාව තුළ දැඩි විශ්වාසයක් පවතින බව සඳහන් කළ යුතුය.

සමානුපාතික ඡන්ද ක්‍රමය මුළුමනින්ම ඉවත් කළ යුතු යැයි අපි අදහස් නොකරමු. ජනාධිපතිවරයා ද සිය කතාවේදී සඳහන් කර තිබුණේ එම ක්‍රමයේ පවතින සාධනීය ලක්ෂණ තවදුරටත් රැක ගනිමින් වඩාත් හොඳ ක්‍රමයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවය. ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය වත්මන් ආණ්ඩුවට ලැබී තිබේ. වඩාත් යහපත් වූත් සියලු‍ම ජන කොටස්වල අයිතිය රැකගන්නාවූත් අලු‍ත් ඡන්ද ක්‍රමයකට විරුද්ධ වන කිසිවකුත් සිටිය නොහැකි බව අපි විශ්වාස කරමු. එවැනි සාධනීය නව ඡන්ද ක්‍රමයක් සැකසීම සඳහා අවශ්‍ය කරන බුද්ධිමත් උපදේශක මණ්ඩලයක් ජනාධිපතිවරයා සතුව සිටින බවද අපගේ විශ්වාසයයි.

සමානුපාතික ඡන්ද ක්‍රමයේ දැඩි මතභේදකාරී සහ ප්‍රබල විවේචනයට හසුවන කරුණු අඩංගු වුවද එහි එක් සාධනීය ලක්ෂණයක් වන්නේ ජනතාවට තමන් කැමති අපේක්ෂකයකු පාර්ලිමේන්තුවට තෝරා යැවීමට ලැබෙන අයිතියයි. ආසනයකින් වැඩිම ඡන්ද ලබාගන්නා අපේක්ෂකයා තේරී පත්වන කේවල ක්‍රමය යටතේ ජනතාවට එවැනි තීන්දුවක් ගැනීමට අවස්ථාවක් නැත. තමන් කැමති පක්ෂයෙන් ඉදිරිපත් වන තැනැත්තා සොරකු, අපරාධකරුවකු හෝ අදක්ෂ පුද්ගලයකු හෝ වුවද කොතරම් නුසුදුස්සකු වුවද ඔහු හෝ ඇය පක්ෂයට වැටෙන ඡන්දය හේතුවෙන් තේරී පත්වීම වැළැක්විය නොහැක. එය වෙනස් විය යුතු වුවද ඒ වෙනුවට ආදේශ කර තිබෙන වැඩිම මනාපයෙන් තෝරා ගැනීම බරපතළ දූෂිත ආණ්ඩු ක්‍රමයකට ඉඩ ලබා දී තිබේ. එවැනි අවස්ථා හැකිතරම් මඟහරවා ගැනීම අවශ්‍යතාවයයි.

පවතින ක්‍රමය හේතුවෙන් ජනතාව තුළ ව්‍යාකූල බවක් ඇතිවීම මෙවර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 4.58%ක් තරම් ඉහළ අගයක් ගත් බවට පවතින මතය ද පවතින ක්‍රමය වෙනස් කළ යුතු බවට වන ප්‍රබල ඉඟියකි. එහෙත් මැතිවරණ කොමිසමේ පර්යේෂණ සහ සැලසුම් ඒකකය ඒ මතය බැහැර කරයි. ඔවුන් පවසන්නේ 1988 වසරේ පටන් පවතින වත්මන් ක්‍රමය පිළිබඳව එවැනි ව්‍යාකූලබවක් හටගැනීමට ඉඩක් නැති බවය. ස්වාධීන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වී සිටීම එවැනි ව්‍යාකූල බවකට හේතු විය හැකි බව ඔවුන්ගේ මතය වී තිබේ.

එසේ වුවද සියයට 6ක් ඉක්මවා ගිය ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාවක් වාර්තා වූ 2010 වසරේ පැවැති මහ මැතිවරණය ද පැවැත්වූයේ සමානුපාතික ක්‍රමය යටතේය. මේ නිසා එම ඡන්ද ක්‍රමය ව්‍යාකූල බවක් ඇති කිරීමට හේතු නොවන බවට වන මතය කෙළින්ම බැහැර කළ නොහැකිය. එහෙත් ප්‍රධාන පක්ෂ හෝ සන්ධාන දෙකක් හෝ තුනක් පමණක් තරග කරන රටවලට වඩාත් යෝග්‍ය සමානුපාතික ඡන්ද ක්‍රමය, තුන් හතර දෙනකු එක් වී දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ අටවාගෙන ඡන්දයට ඉදිරිපත් වන ශ්‍රී ලංකාව වැනි රටකට නොගැළපෙන බව මෑත මැතිවරණ ඉතිහාසය මගින් පෙන්වා දී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ නීති විශාරදයන් කිහිපදෙනකු ද වරින් වර මේ සාධකය පෙන්වා දී තිබේ.

ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේදී රටට ගැළපෙන ජනතාවගේ කැමැත්ත හිමිවන්නාවූත් හවුල්කාර පක්ෂවල ප්‍රාණ ඇපකරුවන් බවට පත්නොවන්නා වූත් ස්ථාවර සහ ශක්තිමත් රජයක් බිහිකර ගැනීමට සියලු‍ අවශ්‍යතා සම්පූර්ණ විය යුතු බවද ඒ සමඟ පෙන්වා දීමට කැමැත්තෙමු.



අදහස් (2)

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම බහුතර ජනතා ඉල්ලීමක්

Chithrananda Wednesday, 26 August 2020 12:00 AM

කියන දේ කරේ කවදද? අඩුම ගානෙ එම්.සි.සි. ගිවිසුම අහෝසි කරාද ?

:       0       0

dhamneth Wednesday, 26 August 2020 06:28 AM

මොන ක්‍රමය හැදුවත් ලංකාවේ කට්ටිය ඉන්නවා ඒක තමන්ගේ වාසියට හරවාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 357 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 85 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 683 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 316 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 134 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 346 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site