IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුමන බාධක ආවත් එජාප-ශ්‍රීලනිප හවුල ඉදිරියටම

පරිවර්තනය  - කෝවිද ගුණසේකර

සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක විසිනි

පිට පිටම දෙවැනි සතියටත් සභාග රජයේ ප්‍රධාන පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්, ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡා පැවැත්වින.මෙවර එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ පක්ෂ මහලේකම් කබීර් හෂීම් යන මහත්වරු ද සහභාගීව සිටියෝ ය.

අගමැති වික්‍රමසිංහ සමග සිංගප්පූරුවේ සංචාරයක නියැළී සිටි සමරවික්‍රම දිවයිනට පැමිණ තිබුණේ සාකච්ඡාව පැවැත්වීමට පැය කිහිපයකට පෙර වීම විශේෂය.සාකච්ඡාවක් පැවැත්වීම සදහා සිංගප්පූරුවේ සිට ජනපති සිරිසේන අමතා වේලාව වෙන්කර ගැනීමට සමරවික්‍රම කටයුතු කර තිබූ අතර, ඒ අනුව පසුගිය ඉරිදා රාත්‍රී 8.00 ට සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබින.රාත්‍රී 9.00ට අගමැති වික්‍රමසිංහ තවත් සාකච්ඡාවකට එක්වීමට සැලසුම් කරගෙන සිටියේ ය.

සාකච්ඡාව ආරම්භයේදීම එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිස ජනපතිවරයාගෙන් විමසා සිටියේ ඉදිරියේ එන පළාත් පාලන ආයතන මැතිවරණයට තරග වැදීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සමග එක්වීම සම්බන්ධයෙන් කිසියම් හෝ තීරණයක් ගෙන ඇතිදැයි යන්නය.වඩාත් සෘජුව කියතොත්, ඔවුන් විමසුවේ ජනපති සිරිසේන රාජපක්ෂ හා අත්වැල් බැදගැනීමට යන්නේදැයි යන්නය.

“මේ සරම ඇදගෙන මට ඒක කරන්න පුලුවන් ද?“ ඊට ජනපතිවරයාගෙන් ලැබුනු පිළිතුර විය.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී හා රාජපක්ෂ පාර්ශවන් එක්සත් කිරීම සදහා මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීම සදහා මීට සති කිහිපයකට පෙර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට අනුමැතිය දුන්නේ ද ඔහුමය.එක්සත්ව තරග කිරීමට ඔවුන්ට අවශ්‍යව තිබින.එවන් එක්සත් වීමක් හමුවේ අත්විය හැකි අනිටු ප්‍රතිඵල ගැන තැවෙමින් සිටි එක්සත් ජාතික පක්ෂයට ජනපතිවරයාගේ ප්‍රතිචාරය මහත් අස්වැසුමක් විය.කුමන ගැටලු පැවැතිය ද, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුසංයෝගයෙන් යුතු සභාග රජය ඉදිරියටම පැවැතෙන බව ජනපතිවරයාගේ ප්‍රකාශයෙන් ඔවුහු අවබෝධ කරගත්තෝය.

එම ගැටලුව නිරාකරණය කර ගැනීමෙන් පසුව මහත් සතුටින් අදහස් පළකළ එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කිරීමේ කිසිදු ගැටලුවක් තමන්ට නැතැයි කියා සිටියෝ ය.මැතිවරණ ජයග්‍රහණයට කෙරේ රාජපක්ෂ බාධකයක් වන්නේ නම් එයට ද විසදුම් තිබෙන බව ඔවුහු පෙන්වා දුන්නෝ ය.අවශ්‍ය නම් ව්‍යවස්ථා සංශෝධනයක් මගින් හිටපු ජනපතිවරුන්ට රටේ අගමැති ලෙස පත්වීම තහනම් කළ හැකි බව එක් අයෙක් පෙන්වා දුන්නේ ය. එහෙත් ජනපතිවරයා ඊට ප්‍රතිචාරයක් නොදැක්වූයේ ය.සාකච්ඡාවේ දී අවධානයට බදුන් වූ අනෙක් කරුණු සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවූයේ නැත.

සිංගප්පූරුවේ සිටිය දී එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ අවධානය යොමුව තිබූ තවත් කාරණයක් වූයේ වරක් ශ්‍රී ලංකා පුරවැසියකුව සිටි පුද්ගලයකු පවත්වාගෙන යන වෙබ් අඩවියක පළව තිබූ ලිපියකි.බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත්කර ඇති ජනපති කොමිසම හමුවේ පෙනී සිටීමට පෙර අගමැති තනතුරින් ඉල්ලා අස්වන ලෙස, ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහට දන්වා ඇතැයි එහි සදහන් විය.මෙම ලිපිය වෙබ් අඩවිය වෙත ලබා දී ඇත්තේ රජයේ නිලධරයකු බවට ඔවුහු චෝදනා කළෝ ය.දැනට මෙම නිලධරයා කවුරුන් ද යන්න සොයා බැලෙමින් පවතී.තවත් කරුණු සාකච්ඡා කෙරෙමින් ගත වූ කාලය අවසානයේ එළැඹියේ ජනපති හා අගමැති අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වීමට වෙන්කර තිබූ වේලාවයි.ඔවුනට ඉඩ දුන් අනෙක් අමාත්‍යවරු දෙදෙන එතැනින් පිටත්ව ගියෝ ය.

පසුගිය අවස්ථාවල දී පැවැත්වූ සාකච්ඡා හා සමානවම මෙම සාකච්ඡාවේ ද වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීමට නොහැකි විය. එහෙත්  ජනපති අගමැති සාකච්ඡාව සම්බන්ධයෙන් දැනුම්වත් පාර්ශවයක් සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් කියා සිටියේ මීට සති දෙකකට ඉහත ජනපතිවරයා හා එක්සත් ජාතික පක්ෂයේ මුල් පෙල සාමාජිකයන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් අතර පැවැති සාකච්ඡාවේ දී අවධානයට ලක් වූ කරුණු සම්බන්ධයෙන් පසුවිපරමක යෙදීමක් මෙවර සිදුවූ බවයි.ඉහත සදහන් කළ සාකච්ඡාවේ දී ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අවධානය යොමු වූ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බැදුම්කර කොමිසම හමුවට කැදවා තිබීම සම්බන්ධයෙන් පක්ෂයේ විරෝධය දැක්වීම හා මහා පරිමාන දූෂණ හා වංචා පිළිබද විමර්ෂණ කටයුතු ප්‍රමාද වෙමින් තිබෙන්නේ එක්තරා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකුගේ ක්‍රියාකලාපය නිසා යැයි ජනපති සිරිසේන එල්ල කළ චෝදනාව, එම කරුණු විය.

සන්ඬේ ටයිම්ස් හා අදහස් හුවමාරු කරගත් ආරංචි මාර්ගයට අනුව ජනපතිවරයා හා අගමැතිවරයා අතර සාකච්ඡාව පැවැත්වී ඇත්තේ ඉතා උණුසුම් හා මිත්‍රශීලී වාතාවරණයකය.තමා බැදුම්කර කොමිසම පත්කළේ කිසිදු පුද්ගලයකු ඉලක්කර කර නොවන බව නැවත වරක් අවධාරණය කර ඇති ජනපතිවරයා, බැදුම්කර ආන්දෝලනය ඇති වූ සමයේ මහබැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතා, ඇතැම් අමාත්‍යවරුන්ගේ විරෝධතා නොසලකා එම තනතුරට පත්කළේ අගමැති වික්‍රමසිංහගේම නිර්දේශය සැළකිල්ලට ගෙන බව ඉතා ආචාරසම්පන්නව ඔහුට සිහිකැදවීමට කටයුතු කර තිබේ.තමා කටයුතු කළේ අගමැතිවරයා ලබාදුන් උපදෙස් අනුව යැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දී ඇත්තේ එම මහේන්ද්‍රන්ම හෙයින්, ඒ සම්බන්ධයෙන් නියමාකාර පැහැදිලි කිරීමක් සිදුකර ගැනීම සදහා අගමැතිවරයාව බැදුම්කර කොමිසම හමුවට කැදවා තිබෙන බව, අගමැති වික්‍රමසිංහට පැහැදිලි කර දීමට ජනපතිවරයා කටයුතු කළ බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් වැඩිදුරටත් පැවසුවේ ය.අගමැතිවරයා අද (20) බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.පක්ෂය ඔහු අතහැර දමා නොමැති බව පෙන්වීමේ අරමුණින් බැදුම්කර කොමිසම් පරිශ්‍රය පිටත පාක්ෂිකයන් ඒකරාශී කිරීමට එක්සත් ජාතික පක්ෂය සැළසුම් සකස් කර තිබෙන බව ද දැනගත හැකිවිය.

මහා පරිමාන වංචා හා දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණවල ප්‍රමාදය සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ අවස්ථාවේ දී, එම කටයුතුවලට අත පොවන්නේයැයි චෝදනා නැගී ඇති එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයා කිසිදු අයුරකින් ඒ හා සම්බන්ධ නැතැයි, අගමැති වික්‍රමසිංහ ඉතාම දැඩිව අවධාරණය කළේ ය.විමර්ෂණ ප්‍රමාද වීමට තුඩු දී තිබෙන හේතු කාරණා බොහෝමයක් තිබෙන බවත්, ඉතාම ඉක්මනින් එම හේතුවලට විසදුම් ලබාදෙමින් විමර්ෂණ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බවත් අගමැතිවරයා පැවසුවේ ය.පසුගිය බදාදා පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කැරුනු අතර, අවසානයේ යෝජනාවලියක් සම්මත කරගැනීම සිදුවිය.

2018 වසර සදහා වන අයවැයෙන් නව මහාධිකරණ තුනක් පිහිටුවීම සදහා ඉදිරිපත් කර තිබෙන නිර්දේශය අගයමින් කරුණු සදහන් කැරුනු එම යෝජනාවලියෙන්, පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මූලික විමර්ෂණ කටයුතු අවසන් කරන ලද සිදුවීම් 92ක් සම්බන්ධ තොරතුරු නීතිපති දෙපාර්තමෙන්තුවට භාර දී ඇතත්, අධිකරණය හමුවේ චෝදනා කර ඇත්තේ සිදුවීම් 13ක් පමණක් වීම විශේෂයෙන්ම අවධානයට ලක්කර තිබේ.මීට අමතරව නඩු විභාගයක තීන්දුව ලැබීම සදහා වසර 10කට ආසන්න කාලයක් ද, අභියාචනයක් ඉදිරිපත් කළහොත් ඒ සදහා ගතවන තවත් වසර 2කට ආසන්න කාලයක ද, සැළකිල්ලට ගත්විට යුක්තිය පසිදලීමට සැළකිය යුතු කාලයක් ගතවීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකර ඇති මෙම යෝජනාවලියෙන්, ඊට විසදුම් ලෙස ගත හැකි පියවරයන් තුනක් හදුන්වාදීම ද සිදුකර තිබෙන අතර, ඒවා පහත පරිදිය.

අ. දූෂණ හා වංචා මර්දන අධිකරණ සදහා විනිසුරුවරුන් තිදෙනා බැගින් අනුයුක්ත කිරීම
ආ. අධිකරණ හමුවේ චෝදනා ගොනු කිරීම සදහා නීතිපතිවරයාට වගකිව යුතු වන වෙනම ඒකකයක් පිහිටුවීම
ඇ. වංචා හා දූෂණ, අතුරුදන්වීම් සහ මිනීමැරුම් ආදිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබද විදේශ රැකියා සහ අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය හා නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතා සමග නිරන්තර සබදතාවයක් පවත්වා ගැනීම මගින් තොරතුරු ලබාගන්නා සහ එම තොරතුරු මාසිකව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත වාර්තා කරන උප කමිටුවක් පිහිටුවීම

බදාදා කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව පැවැත්වීමට පෙර සිටම විමර්ෂණ කටයුතු ප්‍රමාද වීමට හේතු අනාවරණය කරගැනීමෙහි ලා විවිධ පියවර දියත් කිරීමට නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක කටයුතු කර තිබින.මහා පරිමාන වංචා හා දූෂණ පිළිබදව වන විමර්ෂණ කටයුතු ප්‍රමාද වීම හා පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබදව සොයා බැලීම සදහා විමර්ෂණයක් පවත්වන ලෙස ඔහු පොලිසපති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දුන්නේ ය.හිටපු ජනපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීමට හේතු විමසුමට ලක්කිරීම ද මෙම විමර්ෂණයට අයත් විය.අමාත්‍යවරයා මෙවැනි පියවරක් ගත්තේ වැඩබලන නීතිපති තුසිත් මුදලිගේ මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ අධ්‍යක්ෂකවරයා වෙත ඔක්තෝබර් 24වන දාතමින් යුතු ලිපියෙන්, ගාමිණී සෙනරත් හා තවත් දෙදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගැනීම 1979 අපරාධ විධිවිධාන සංග්‍රහයේ 15වැනි වගන්තිය ප්‍රකාරව සිදුකරන ලෙසත්, 1982 , අංක 12 පොදු දේපළ පණතෙහි 8(1) වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ කරුණු ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් දී තිබූ වාතාවරණයකය.

කරුණු දක්වමින් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය කියා ඇත්තේ ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගන්නා ලෙස යැවුනු කණ්ඩායම්වලට ඔහුව සොයාගැනීමට නොහැකි වූ බවය.වත්මන් රජයේ අමාත්‍යවරයකු හා විපක්ෂයේ නායකත්වය හා ප්‍රබල සම්බන්ධතා ඇති ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන පුද්ගලයකු ඔහුගේ කොළඹ නිවසක ගාමිණී සෙනරත්ව සගවාගෙන සිටි බව අනාවරණයව ඇතැයි එක්තරා ආරංචි මාර්ගයක් සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ කටයුතු සම්බන්ධයෙන් ආරම්භයේ සිටම ඉතා දැඩි විවේචනාත්මක පිළිවෙතක් අනුගමනය කළ පොලිස්පති ජයසුන්දර, නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරයාගේ නියමය අනුව කටයුතු කරමින්, පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ කටයුතු සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්වීම සදහා ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වාගේ නායකත්වයෙන් යුතු විශේෂ විමර්ෂණ ඒකකය අනුයුක්ත කළේ ය.පොලිස් මුල්‍ය විමර්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ පී.කේ.ඩී.ප්‍රියන්ත මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට මෙම ඒකකට මුලින්ම කටයුතු කළ අතර, උදෑසන 9.00 සිට සවස 5.30 දක්වා පැය අටහමාරකට ආසන්න කාලයක් ඒ සදහා වැය කළේ ය.අවසානයේ බැලූ කළ එම ප්‍රකාශය පිටු 35ක් පුරා සටහන්ව තිබින.ප්‍රකාශ සටහන් කරගැනීම සදහා අනතුරුව කැදවුනේ නියෝජ්‍ය පොලිස් අධිකාරීවරුන් සහ විමර්ෂකවරුන් කණ්ඩායමකි.මෙසේ පොලිස් මුල්‍ය විමර්ෂණ ඒකකයේ නිලධාරීන් ප්‍රශ්න කිරීම්වලට ලක්වෙමින් තිබෙන බව ජනපති සිරිසේන දැනගත්තේ බදාදා රාත්‍රියේය.වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයේ එම කටයුතු නවතා දමන ලෙස ඔහු පොලිස්පතිවරයාට නියෝග කළේ ය.පොලිසියේ ඉහළ නිලධරයන් අතර ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය ඔහු අවබෝධ කරගෙන සිටින අතර, මේ සම්බන්ධයෙන් තමා ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂාවෙන් සිටින බව ද, ඔහු සදහන් කර තිබේ.කෙසේවුව ද, ජනපතිවරයාගේ නියෝගයෙන් පසු සියලු කටයුතු අත්හිටැවින.

නමුත් අගමැති වික්‍රමසිංහ මෙසේ විමර්ෂණ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් වඩා පුලුල් අධ්‍යනයක යෙදීමේ සමත් යාන්ත්‍රණයක් ගෙවුනු සිකුරාදා දිනයේ දී හදුන්වා දුන්නේ ය.ඔහු එවැනි පියවරක් ගත්තේ විමර්ෂණ කටයුතුවල ප්‍රමාද වීම් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බවට ජනපතිවරයාට දුන් සහතිකය ප්‍රකාරවය.එම යාන්ත්‍රණය යටතේ, විමර්ෂණ කටයුතු ප්‍රමාද වීම් අරබයා පොලිස් මුල්‍ය අපරාධ ඒකකයේ සහ නීතිපති දෙපාර්තමෙන්තුවේ කටයුතු විමසුමට ලක්කිරීම සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ඔහු කටයුතු කළේ ය.ඔහුගේ නායකත්වයෙන් යුතු වූ මෙම කමිටුවේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අධිකරණ අමාත්‍ය ලේකම් පද්මසිරි ජයරත්න හා නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර යන මහත්වරු අනෙක් සාමාජිකයෝ වූහ.

අගමැතිවරයා මෙවැනි පියවරක් ගත්තේ පාර්ලිමෙන්තුවේ අයවැය විවාදය පැවැත්වෙමින් තිබූ එදිනම සන්ධ්‍යාවේ ජනපති සිරිසේන ද, පාර්ලිමෙන්තුවට පැමිණ සිටි අවස්ථාවකය.එහිදී ජනපතිවරයා හා එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වින.දෙපාර්ශවයට එක්ව කටයුතු කිරීමට සිදුවන බව ඔවුන් හමුවේ කියා සිටි ජනපතිවරයා, බැදුම්කර කොමිසමට අදාළ කටයුතු පිළිබදව තමාට කළ හැකි දෙයක් නොමැති බව පැහැදිලි කර දුන්නේ ය.එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා හා මහලේකම්වරයා එම කොමිසම හමුවේ පෙනී සිට ඔවුන්ගේ නම් පිරිසිදු කරගත් ආකාරයෙන්ම දැන් අගමැතිවරයා ද, කොමිසම හමුවේ පෙනී සිට බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකළ යුතුව තිබෙන බව ඔහු පැවසුවේ ය.ඒ සම්බන්ධයෙන් තමාට කළ හැකි කිසිවක් නොමැති බව පැවසූ ජනපතිවරයා, බැදුම්කර විමර්ෂණය දැන් තම පාලන සීමාවෙන් ඔබ්බෙහි පවතින්නක් බව කීවේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවයට දිගුකළ මිත්‍රත්වයේ දෑතට යහපත් ප්‍රතිචාරයක් නොලැබුනු තැන, එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරියට යාමට තීරණය කර ඇති බවට ඉගියක් ජනපතිවරයාගේ ප්‍රකාශයෙන් පළවේ.එසේවුව ද, බැදුම්කර සිදුවීමේ දී තමා නිර්පාක්ෂිකව කටයුතු කරන බව ඔහු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් ඉදිරියේ ද තහවුරු කර සිටියේ ය.පෙර අවස්ථාවක, එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු තිදෙනෙක් ඔහු හමුවී, පක්ෂ නායකත්වය බැදුම්කර කොමිසම හමුවට කැදවා තිබීම සම්බන්ධයෙන් අසතුට පළකර සිටි අවස්ථාවේදී පවා ඔහුගේ ස්ථාවරය වූයේ එයමය.එසේවුවත්, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරියට යාමට ඔහු ගෙන ඇති තීරණය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ කැළඹුමට හේතුවී තිබේ.

මේ කුමන තත්ත්වයක් යටතේ වුව ද, තෝරාගැනීමක් කිරීම සදහා ජනපතිවරයාට ඇත්තේ ඉතාම අල්ප අවස්ථාවකි.අවස්ථාවේ සැටියට ප්‍රතිචාර දැක්වීම් ද?, නැතහොත් මුලෝපායික ලෙස පිළියෙල කරගත් සැලසුමක් ප්‍රකාරව කටයුතු කිරීමක් ද? යන පැනයන් ජනපතිවරයා වරින් වර වෙනස්කරන ස්ථාවරයන් හමුවේ ප්‍රබලව නැගේ.මෙවන් තත්ත්වයක් ඇතිවීමට ප්‍රධානතම වගඋත්තරකරුවන් ලෙස ඔහුගේ උපදේශකවරුන් සැලකිය හැකිය.විශේෂයෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරුන් දෙපළ ගත්විට, මේ දක්වා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් පක්ෂයේ සංවර්ධනයට අත්ව තිබෙන කිසිදු ප්‍රතිලාභයක් නොමැත.බිම් මට්ටමේ පක්ෂ යාන්ත්‍රණය දුර්වලවීමට ප්‍රධාන හේතුවක්ව තිබෙන්නේ ද මෙයමය.මැතිවරණයට ඉදිරිපත් කිරීම සදහා සුදුසු අපේක්ෂකයින් තෝරාගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශවය ඉදිරියේ ඇති තවත් දැවෙන ගැටලුවකි.මේ සියල්ල සැලකිල්ලට ගත්විට ඔවුන් ඉදිරියේ දිගහැරෙන අනාගතය අදුරුය, අපහැදිලිය.කරුණු මෙසේ හෙයින්, මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයට ඉතා ඉහළ දේශපාලන ඵලදාවක් ලබාගත හැකිවන්නට තිබින.නමුත් බැදුම්කර වංචාව නිසාවෙන් එම වාසිය අත්විදින්නට ඔවුනට ඇති අවකාශය අවමය.

දෙපාර්ශවය සාමයට අතවැනුව ද, වෙනස්කම් තවමත් එලෙසමය.ප්‍රතිපත්ති අරබයා ඇතැම් අවස්ථාවල දී මෙම වෙනස්කම් නැවත නැවතත් ඉස්මතු වේ.පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල හමුවේ දී මෙවැනි අවස්ථාවක් සනිටුහන් වූ අතර, එහිදී මංගල සමරවීර හා මහින්ද සමරසිංහ යන මහත්වරුන් ඉතා උණුසුම් විවාදයක පැටලින.තත්ත්වය සමනය කිරීම සදහා අවසානයේ අගමැති වික්‍රමසිංහට මැදිහත් වන්නට සිදුවිය.අයවැයෙහි සදහන් කර තිබෙන ප්‍රතිපත්තීන් ඒ අනුවම පවතිනු ඇති බව ඔහු පැවසුවේ ය.

සියල්ල ආරම්භ වූයේ නෞකා ගමනාගමනයන් සහ බහාලුම් ප්‍රවාහන කටයුතු නිදහස් කිරීම සදහා සමරවීර ඉදිරිපත් කර තිබූ අයවැය යෝජනාවක් සම්බන්ධයෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ විරෝධය දැක්වීමත් සමගය.මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් විෂය භාර අමාත්‍යවරයා වන තමාගෙන් හෝ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගෙන් හෝ අදහස් විමසීමක් සිදුනොවුනු බව ඔහු පැවසුවේ ය.මෙම වෙනස සිදුකරන්නේ නම්, ක්ෂේත්‍රය නියෝජනය කරන විදෙස් ආයෝජකයින් ඊට පෙර ඩොලර් ලක්ෂ 1000ක ආයෝජනයක් සිදුකළ යුතුව තිබෙන බවද, නොඑසේ නම් මෙම කර්මාන්තයට ඩොලර් ලක්ෂ 8000ක අලාභයක් සිදුවනු ඇති බවද, ඔහු කීවේ ය.රවුෆ් හකීම්, පාඨළී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා සහ දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන්, මහින්ද සමරසිංහට සහය දක්වමින් අදහස් දැක්වූයේ ය.

සමරවීරගේ අයවැය යෝජනාවට පක්ෂව අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ, එම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රී ලංකාව, නෞකා හා බහාලුම් ප්‍රවාහන ක්ෂේත්‍රයේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සදහා ගැනෙන ප්‍රථම පියවරක් ලෙස බව පැහැදිලි කළේ ය.සමරවීරට අනුව ශ්‍රී ලංකාව මෙම ක්ෂේත්‍රයේ දැනට කටයුතු කරමින් සිටින්නේ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතුවල පමණකි.සංවර්ධනය අත්විදීමට නම් මෙම කටයුතු නෞකා හා බහාලුම් ප්‍රවාහන කටයුතු දක්වා පුලුල්විය යුතුව තිබෙන බව ඔහු පෙන්වා දුන්නේ ය.එසේ නම් ඒ සදහා සම්බන්ධවීමට කැමැති පුද්ගලයින් මුදල් ආයෝජනය කළ යුතුව තිබෙන බව සමරසිංහගේ තර්කය විය.මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවකරුවන් හා සමග සාකච්ඡා කරන ලෙස ජනපති සිරිසේන, මුදල් අමාත්‍යවරයාට උපදෙස් දුන්නේ ය.

අමාත්‍ය මණ්ඩල හමුව අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍ය කණ්ඩායම හා ජනපතිවරයා අතර විශේෂ හමුවක් පැවැත්වින.එහිදී ද මෙම කරුණ ඉස්මතු විය.එහි ප්‍රතිඵලයක් ලෙස, අදාළ අයවැය යෝජනාව සම්බන්ධයෙන් අගමැතිවරයාට කරුණු දැක්වීම සදහා කණ්ඩායමක් නම් කිරීම ජනපති නියමයෙන් සිදුවිය.ප්‍රධානියා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහත් නම් කැරුණු අතර, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරු එහි අනෙක් සාමාජිකයෝය.අගමැතිවරයා හමුවීම සදහා දිනයක් වෙන්කර ගැනීමේ වගකීම පැවරුනේ නිමල් සිරිපාල ද සිල්වාටය.

බ්‍රහස්පතින්දා දිනයේ මෙම කණ්ඩායම අගමැතිවරයා හමුවිය.නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක ද ඊට සහභාගීව සිටියේ ය.නෞකා ගමනාගමන හා බහාලුම් ප්‍රවාහන ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම නව සාමාජිකයකු ඒ සදහා ඩොලර් ලක්ෂ 1000ක විදෙස් සෘජු ආයෝජනයක් කළ යුතුව තිබෙන බව ඔවුහු අවධාරණය කළෝ ය.මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ස්ථාවරය වන බව ද ඔවුහු පැවසුවෝ ය.නමුත් අවධානයට ගතයුතු කරුණ වන්නේ, මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත වීමයි.යෝජනාවට පාර්ලිමෙන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව, එය බලාත්මක කිරීම සදහා අවසරය ලබාදෙන ගැසට් පත්‍රය නිකුත් කිරීමේ වගකීම ඇත්තේ වරාය හා නාවික අමාත්‍යවරයා අතය.
මේ සම්බන්ධයෙන් වන ආර්ථික හා වෙනත් ගැටලු කඩිනමින් හදුනාගැනීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සුසංයෝගයෙන් යුතු ඒකාබද්ධ කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බව අගමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හමුවේ පැවසුවේ ය.මුදල් අමාත්‍ය මංගල සමරවීර ද, මෙම කටයුතු සදහා එක්විය යුතුව තිබෙන බව ඔහු කීවේ ය.නෞකා ගමනාගමන හා බහාලුම් ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය අගමැතිවරයා ඉදිරියේ පැහැදිලි කිරීමෙන් පසු, කණ්ඩායමේ අවධානය යොමු වූයේ කොළඹ වරායටය.කොළඹ වරාය, ශ්‍රී ලංකා වරාය අධිකාරියට හැර අනෙක් කිසිදු පාර්ශවයකට ලබා නොදිය යුතු බව ජනපතිවරයා ද අවධාරණය කර ඇතැයි අගමැතිවරයා පැවසුවේ ය.නමුත් ත්‍රිකුණාමල වරායේ සංවර්ධන කටයුතු අරබයා ඉන්දියා ජපාන ඒකාබද්ධ ව්‍යාපෘතියක් කෙරේ තම අවධානය යොමුව තිබෙන බව ඔහු කීවේ ය.ලබන 22 වැනිදාට යෙදී තිබෙන තම ඉන්දියා සංචාරය මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් හා සාකච්ඡා කිරීමට අවස්ථාවක් කරගන්නා බව අගමැතිවරයා පැවසුවේ ය.අගමැති කාර්යාලයට අනුව එම සංචාරය අතරතුර දී ඔහු බොහෝවිට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ද හමුවනු ඇත.

සදුදා රාත්‍රියේ දීම ජනපතිවරයා නෞකා හා බහාලුම් ක්ෂේත්‍රයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කළේ ය.ක්ෂේත්‍රයේ ඇතිවිය යුතුව තිබෙන වෙනස්කම් සම්බන්ධයෙන් ඔවුහු ජනපතිවරයා දැනුම්වත් කළෝ ය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් බලා සිටින්නේ එම සාකච්ඡාව ප්‍රකාරව මංගල සමරවීර ක්‍රියාත්මක වන තෙක්ය.
මහා දේශපාලන වියවුලක් ලෙස පසුගිය මාස කිහිපයේ දී කතාබහට ලක් වූ සභාග රජයේ ප්‍රධාන පාර්ශවයන් ද්විත්වය අතර ඇතිව තිබෙන ගැටුම, දැන් නැවත වරක් සමථයකට පත්වෙමින් තිබෙන ආකාරයක් දැකගත හැකිය.ඉදිරියේ ඇති මාර්ගය කොතරම් බාධකවලින් ගහණ වුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ දෙපාර්ශවය සභාග රජයේ පැවැත්ම තකා එක්ව කටයුතු කරනු ඇත.ඇතැම් විට දෙපාර්ශවය හමුවේ ඇති ප්‍රබලතම බාධයක වනු ඇත්තේ අද (20) දිනයේ පැවැත්වෙන බැදුම්කර කොමිසමේ සාක්කි විභාගය වීමට ඉඩ ඇත.

පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී තමා සිදුකළ ප්‍රකාශයක් යැයි සංවර්ධන ක්‍රමෝපායන් සහ අන්තර්ජාතික වෙළදාම් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කර තිබූ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමට ජනපති සිරිසේන කටයුතු කළේ ය.අභිනවයෙන් විවෘත කැරුනු ෂැන්ග්‍රිලා හෝටලය පසුපස සිට බේරේ වැව දක්වා ඇති බිම් කොටස සිංගප්පූරු සමාගමක් වෙත ලබාදීමට ජනපතිවරයා අදහස් කරන බව සමරවික්‍රම මින් පෙර අවස්ථාවක කියා තිබින.
මේක මම දුන්නේ නැහැ. ජනපති සිරිසේන කීවේය.

මේ සම්බන්ධයෙන් මලික් සමරවික්‍රම සන්ඬේ ටයිම්ස් වෙත යොමුකළ ලිපිය පසුගිය සතියේ දේශපාලන තීරුවේ පළවිය.

මෙම ඉඩම ෂැන්ග්‍රිලා සමූහ ව්‍යාපාරයෙහි අනුබද්ධ සමාගමක් වන සිංගප්පූරුවේ පෙරෙන්නියල් රියල් ස්ටේට් සමාගමට බදුදීම සදහා වන ඉල්ලීම මුලින්ම ඉදිරිපත් කෙරුනේ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරන ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුවෙන් බව ජනපතිවරයා පැවසුවේ ය.මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමේ වගකීම ඔහු පැවරුවේ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටය.ඒ අනුව බදාදා දිනයේ පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් පළවූයේ මේ අයුරිනි.

ප්‍රශ්නය - ෂැන්ග්‍රිලා හෝටලය සම්බන්ධයෙන් අගහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී සාකච්ඡාවක් පැවැත්වුනු බවට වාර්තා පළව තිබෙනවා.මේ සාකච්ඡාව පැවැත්වුනේ මොකක් නිසා ද?
පිළිතුර - මුල දී ෂැන්ග්‍රිලා හෝටලයට ලබාදුන්නේ අක්කර 10ක බිම් කොටසක්.ඒ බිම් කොටසට යාබදව තවත් අක්කර තුන හමාරක බිම් කොටසක් තිබෙනවා.2014 වර්ෂයේ දී එවක පැවැති ආරක්ෂක අමාත්‍යංශයෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් වසර 99ක බදු පදනම යටතේ මෙම ඉඩම ලබාදෙන ලෙසට ෂැන්ග්‍රිලා හෝටලය ඉල්ලීමක් කර තිබෙනවා.

2016 වසරේ ජූනි 8 වැනිදා ඔවුන් මෙම ඉඩම ලබාදෙන ලෙස ආර්ථීක කටයුතු පිළිබද කැබිනට් කමිටුවට නැවත වරක් ඉල්ලීමක් ඉදිරිපත් කළා.ඒ අනුව 2016 ජූනි මස 28 වැනිදා, ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුවේ තීරණ දැනුම්දීමේ අවස්ථාවක, කමිටු සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණ මතු කළා.ඉඩමේ වටිනාකම අරබයා 2014 වසරේ කර තිබූ වටිනාම මේ වන විට යල්පැන තිබූ නිසා නව තක්සේරුවක් කිරීම සදහා කැබිනට් මණ්ඩල අවසරය ඔහු ඉල්ලා සිටියා.2016 අගෝස්තු මස 5 වැනිදා, එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම ව්‍යාපෘතිය ස්විස් අභියෝගතා ක්‍රමවේදය යටතේ විමසුමට ලක්කරන ලෙස ඉල්ලා නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා.

රාජ්‍ය ව්‍යාපෘතියක් (වරාය, මාර්ග හෝ දුම්රිය වැනි) සදහා ලංසු තැබීමට රාජ්‍ය අධිකාරියක් ද (රජයේ ඒජන්සියක්) ඉදිරිපත් වීම අවශ්‍ය වීමයි ස්විස් අභියෝගතා ක්‍රමවේදයේ ලක්ෂණය වන්නේ.
මේ අනුව සාකච්ඡා කිරීමේ කමිටුවක් කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පත් කෙරුනා.2016 ජූලි මස 29 වැනිදා මෙගාපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයා නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් ස්විස් අභියෝගතා ක්‍රමවේදය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුගේ විරෝධයක් නොමැත බව දන්වා සිටියා.ඒ වගේම 2016 ජූනි මස 8 වැනිදාට පෙර ගෙන තිබූ තක්සේරුව යල්පැනගොස් තිබුණු නිසා ඉඩම අරබයා නව තක්සේරුවක් සිදුකරන ලෙස ඔහු ඉල්ලීමක් ද ඉදිරිපත් කළා.

2017 ඔක්තෝබර් 6 වැනිදා සංවර්ධන ක්‍රමෝපාය සහ අන්තර්ජාතික වෙළදාම් අමාත්‍යංශය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය හරහා සිදුකෙරෙන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළා.මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස සවිස්තර යෝජනා කිහිපයක්, ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සදහන් කර තිබුනා.ඒ අනුව ව්‍යාපෘතිය සාකච්ඡා කිරීමේ කැබිනට් කමිටුවට යොමු කිරීමට යෝජනා වුනා.ඒ වගේම රජයේ නිල තක්සේරු නිලධාරියාගෙන් ඉඩම සදහා තක්සේරුවක් ලබාගැනීමටත් යෝජනා වුනා.

2017 මැයි 17 වැනිදා ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව පෙරෙන්නියල් ස්ටේට් හෝල්ඩින්ග්ස් යටතේ ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුමැතිය ලබාදුන්නා.2017 මැයි 30 වැනිදා, ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව ඉදිරිපත් කර තිබූ නිර්දේශයට කැබිනට් අනුමැතිය හිමිවුනා.ආයෝජන ක්‍රියාවලිය පහසු කරගැනීමට සහ කාලය ඉතිරි කරගැනීමේ අරමුණින් 2017 අගෝස්තු මස 1 වැනිදා කමිටුවක් පත් කෙරුනා.ඉඩම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය වෙත පවරා, අනතුරුව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ෂැන්ග්‍රිලා සමාගම වෙත ඉඩම පැවරීමටයි තීරණය වුනේ.සමස්ථ ක්‍රියාවලියම ආයෝජනයක් හැටියට සිදුවන බව සහතික කිරීමටයි මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනුනේ.

මේක ඩොලර් ලක්ෂ 2000ක ආයෝජනයක්.වැරදි චිත්‍රයක් මේ පිළිබද මවා තිබෙනවා.අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ ජනපතිවරයා මිස මලික් සමරවික්‍රම අමාත්‍යවරයා නොවන බව සන්ඬේ ටයිම්ස් පුවත්පතේ සදහන් වෙලා තියෙනවා මම දැක්කා.මේ නිසාම ජනපති සිරිසේන ඊයේ (අගහරුවාදා) පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී උපදෙස් දුන්නේ නිවැරදිව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙසට.

ආරක්ෂක අමාත්‍යංශයට මේ ඉඩම අයත් වුනත්, මුදල්, මෙගාපොලිස් හා බස්නාහිර පළාත් සංවර්ධන, සංවර්ධන මුලෝපාය සහ අන්තර්ජාතික වෙළදාම්, යන අමාත්‍යංශ සියල්ල ව්‍යාපෘතියට අයත්වන නිසා, සියලු දෙනා මේ යටතේ නියෝජනය වන බව ඔහු පෙන්වා දුන්නා.ව්‍යාපෘතියට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ සංවර්ධන ක්‍රමෝපාය සහ අන්තර්ජාතික වෙළදාම් අමාත්‍යංශය.

 



අදහස් (4)

කුමන බාධක ආවත් එජාප-ශ්‍රීලනිප හවුල ඉදිරියටම

Senarath Monday, 20 November 2017 06:05 AM

ඒවාට බොහොම උනන්දුයි, රටේ ජනතාවට වැඩක් කරන්න ගියාම තමයි, ඔක්කොම බාධක නොකෙරෙන පැත්තට යොදාගන්නේ .

:       78       144

Nandaka Monday, 20 November 2017 11:16 AM

මේකේ හොඳම අවසාන හරිය තියෙන්නේ දෙසැම්බර් ... අනාවැකිය හරියටම කියනවා නම් බැඳුම්කර වංචාව හේතුවෙන් අගමැති ඉවතට ! නව අගමැති ලෙස ...... පත්කෙරේ ! ඡන්දයට පෙර පොහොට්ටුව සමග සංධානගත වී ජනපති ශ්‍රීලංනිපෙ ආණ්ඩුවක් පිහිටුවයි ! එජාපෙ විපක්ෂයට !

:       51       121

Bamunuarachchi Monday, 20 November 2017 12:38 PM

මේයන විදිහට අපිට ගැලවුමක් නැත. අපිට බදුබර වැඩිවෙනවා. ඒ අයට ඉසතරම්ම වාහන ලැබෙනවා. විකුණා ගන්න විශ්‍රාම දීමනා වැඩිවෙනවා. දැන්නම් මහජනයා කැරලි ගැසිය යුතු තත්වයකට පැමිණ තිබෙනවා. කැමති වුණත් නැතත් එකම විකල්පය මහින්ද මහතා පමණයි.

:       0       551

Raveendra Monday, 20 November 2017 05:45 PM

කතාව සහතික ඇත්ත . වෙන වෙනම හොර කාපු " මූසල හැත්තට " එකතුවෙලා හොර කෑම " අම්බරුවෝ " දැනටමත් හුරුවී ඇතිබව.

:       0       169

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 326 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 77 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 653 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 310 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 128 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 340 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site