IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කඳු මුදුනකින් පෙරළී දිවි ගලවා ගනියි

ජීවිතයට විවිධත්වයක් තිබිය යුතුය. එසේ සිතන්නෝ විවිධත්වය සොයා විවිධ දෑ කරති. විවිධත්වය උදෙසා ජීවිතය පරදුවට තබන්නෝද වෙති. ඔවුහු ත්‍රාසජනක ක්‍රියාවන්ට ඇලුම් කරන්නෝය. විසි හතර හැවිරිදි ආරෝන් කෝල් ද එවැන්නෙකි. ඔහු කිසිදු අයුරකින් ත්‍රාසජනක අත්දැකීම් මගහැර නොයන්නෙකි. ඔහුගේ පෙම්වතිය ෂෙලී ජොන්සන් වූවාය. ඔවුන් දෙදෙනා නිව් හැම්ප්ෂයර් මැදින් ගමන් කරමින් සිටියේ නිවාඩු දිනයේ බැකිස්ටර් ස්ටේට් උද්‍යානය කරා යාමටය. අතර මඟදී ඔවුනට සිල්වර් කැස්බෝඞ් නම් දිය ඇල්ල දැක ගැනීමට හැකිවිය. එය වයිට් මවුන්ටන් නම් කඳු පෙදෙසේ මීටර දෙසීයක් පමණ පහළට කඩා වැටෙන දිය ඇල්ලකි. “අපි ඒකට බැහැල බලමු නේද?” එය දුටු විට කෝල් පැවසුවේ එවැන්නකි. 

11-Rasa-p4-1
එය උණුසුම් හිරු එළිය සහිත අගෝස්තු මාසයේ දිනයකි. තවමත් උසස් අධ්‍යාපනය ලබන වයසේ පසුවූ පෙම් යුවළ නාන ඇඳුමෙන් හා සැහැල්ලු පාවහන් වලින් සැරසී ගත්හ. සුකොමල දේහයකින් යුතු නමුදු තවමත් තරුණියක වූ ජොන්සන්ට කඳු නැග පළපුරුද්දක් තිබූ නමුත් තව දුරටත් කෝල්ගේ සහාය උවමනා විය. දිය ඇල්ල පෙදෙස වූ ගලින් සැදුණු නැග්ම පහසු මං පෙතක් නොවීය. විටෙක මීටර හතරක් පහක් පමණ උසැති සෘජුව තිරස්ව ඉහළ නැගිය යුතු තැන් විය. එවැනි අසීරු තැන් පසුකර යාමට නිසැක දෙපා මෙන්ම සවිමත් ස්නායු ද තිබිය යුතුය. නෙරාගිය ගල් සහිතව, හොඳින් ඉහළ දිස්වන බෑවුම් නැග්මේ පහසු කොටස වුණි. “අපි ආපසු බහින්නේ කොහොමද?” ජොන්සන් කල්පනා කරන්නට විය. 


කඳු මුදුන වෙත ළගාවී සිටියදී පාසි වලින් වැසී ගත් ගල් මතින් ඇවිද දිය ඇල්ල වෙත යාමට කෝල්ට සිත් විය. “අනේ එපා” ජොන්සන් ඔහුට කතා කළාය. නමුත් ඈ ඔහු ගැන හොදින්ම දැන සිටියාය. ඇගේ ඇවිටිල්ල ඔහුට අදාළ නොවේ. ඈ ඔහුට පිටුපා සිට ගත්තේ සිත් තැවුලෙනි. තත්පර කිහිපයකට පසු හැරී බලන විට ඈ දුටුවේ සිහිනයකින්වත් නොසිතූ දෙයකි. කොල් පසුපසට ඇද වැටෙමින්, ලිස්සන සුළු බෑවුම දිගේ පෙරළී යන අන්දම ඇගේ නෙත ගැටුණි. තත්පර කිහිපයක් නෙත් අදහා ගත නොහැකිව බලා සිටි ඈ අනතුරුව විලාප තැබුවාය. “පෙරළිලා යන්න” ඈ කෝල්ට කෑ ගැසුවේ පියවි සිහියට එළැඹෙමිනි. එක එල්ලේ නොවැටී පෙරළී ගොස් පහළ ඇති ගලා යන දියට වැටී දෙපසින් වූ වියළි ගල් කුරක එල්ලී ගැනීමට ඔහුට හැකිවේවා’ යි ඈ ප්‍රාර්ථනා කළාය.

නමුත් කෝල් ජොන්සන් පැතූ අයුරින් දිය වැලට ඇදී යාම සිදු නොවීය. ඔහුගේ හිස ගලක වැදී සිරුර ලිහිල් වී අනතුරුව ඔහු ගල් බෑවුම යට සැඟව ගියේය. කෝල් අශ්වයකු පිටින් වැටෙන අන්දම, හිම මත ලිස්සන පුවරුව කඩාගෙන විසිවී ඇද වැටෙන අන්දම වැනි විවිධ අනතුරු සිදුකරගත් අයුරු ජොන්සන් දැක තිබුණාය. නමුත් එය මෙම බිහිසුණු අනතුරට සමකළ හැකි නොවීය. දෙපා වෙව්ලන්නට වූ නමුත් ඈ මදක් පහළට බැස ගත්තේ ඔහුට සිදුවූ දෑ දැක ගැනීමටය. මීටර දෙක හමාරක් පමණ පහළින් වූ දිය කඩිත්තක මුහුණ යට පැත්තට හැරී සිටින සේ කොල් වැටී සිටි අන්දම ඇයට දැකගත හැකි විය. ඔහු මදක් සෙලවෙන බව පෙනිණ. ඔහු වටා වූ ජලය ඔහුගේ රුධිරයෙන් රත් පැහැවෙමින් තිබිණ.


ජොන්සන් දියට පැන කෙසේ හෝ දඟලා කොල් වියළි ස්ථානයකට ඇද ගැනීමට සමත් වූවාය. ඔහු හුස්ම ගන්නා බවක් නොපෙනුණ බැවින් ඈ ඔහු වෙත නැඹුරුව කෘත්‍රීම ශ්වසනය ලබා දුන්නාය. විවිධ අභ්‍යාස අවස්ථාවන්හි කෘත්‍රිම ශ්වසනය ලබා දෙන අන්දම ඉගෙන ගෙන තිබූ නමුත් ඈ සැබෑ ජීවිතයේදී එවැන්නක් කළේ පළමු වතාවටය. සිව්වැනි වතාවට හුස්ම පිඹින විට ඔහු පෙවී තිබූ වතුර ඉවතට දැමූ අතර ඔහුගේ පපුව උස් පහත් වීමට පටන් ගත්තේය. ඔහුට සිහිය ලැබුණු නමුත් යළි සිහිසුන් විය. අනතුරුව ජොන්සන් ඔහුගේ තුවාල වෙත අවධානය යොමු කළාය. සමහර ඒවා පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඔහුගේ වම් කම්මුල හා ඇහිබැම් අතර වූ සෙන්ටි මීටර පහක පමණ කැපුමකින් රුධිරය වෑස්සෙමින් තිබිණ. ඔහුගේ හිස පිටුපස තාරා බිත්තරයක් තරමට ගෙඩි ගැසී තිබිණ. ඔහුගේ බාහුවකද ගැඹුරු තුවාලයකි. හෙදි පුහුණුවක් ලබා තිබූ බැවින් තුවාලයක බාහිර පෙනුමට වඩා එය ඇතුළත තත්ත්වය ගැන අවබෝධ කර ගැනීමේ හැකියාවක් ජොන්සන්ට තිබිණ. කෝල්ගේ ඇස දිස්වූයේ හිස තුළ කැරකැවෙන අයුරිනි. කළු ඉංගිරියාවේ වැටී තිබෙන කාබන් පෑන් තුඩු වැනි කළු තිත් මොළය තුළ හටගත් තම්පනයක ලක්ෂණ බව ඇයට සිහිපත් වුණි. 


කෝල්ගේ අතක වූ ගැඹුරු කැපුම භයානක අන්දමට ප්‍රධාන ධමනියට සමීපව ඇති බව ඈ නිරීක්ෂණය කළාය. ධමනිය කැපී ගියේ නම් ඔහු මරණයට පත්වනු ඇත. දෙදෙනාගේම ජංගම දුරකථන තිබුණේ වාහනය තුළය. පෙනෙන තෙක්මානයේ කිසිවෙකුද නොවීය. උදව් ලබා ගැනීමේ ඉඩකඩ අවම බව වටහා ගත් ජොන්සන් ආයාසකර තීන්දුවකට යොමු වූවාය. මෙම දුෂ්කර මග ඔස්සේ කෝල් ඔසවාගෙන යාමට ඈ වෑයම් කළ යුතුව තිබිණ. ඔහුගේ කොදුඇට පෙළට හානියක් වී තිබුණි නම් ඔහු සෙලවීම තුළින් අංශභාග තත්ත්වයට පත්වන්නට ඉඩ තිබිණි. නමුත් ඈ ඔහු එහි දමා ගියහොත් අධික රුධිර වහනය හේතුවෙන් ඔහු මරණයට පත්වනු ඇතැයි නිසැක වුණි. “මට මෙයාව දාල යන්න හැටියක් නැහැ” ඈ අවසානයේ තීරණය කළාය.


කෝල්ගේ තුවාල වලට වෙළුම් පටි යෙදිය යුතුවුණි. නමුත් ඇඳසිටි ඇඳුම හැරුණුකොට ජොන්සන් සතුව අන් කිසිවක් නොවී යට ඇඳ සිටියේ බිකිනිය හා කොට කලිසම පමණක්. පළමුව ඈ තුනී කොට කලිසම ගලවා එය ඔහුගේ හිස වටා එතුවේ තිරිංගයක් ආධාරයෙනි. නමුත් ඔහුගේ අතේ තුවාලය.? “එතැනදි තමයි මගෙ නාන ඇදුමෙ උඩකෑල්ල ප්‍රයෝජනවත් වුණේ” ජොන්සන් කියන්නීය. “ මට හිත හිතා ඉන්න කාලයක් තිබුණෙ නැහැ. මං උඩට ඇඳුමක් නැතුව ඉන්නවා මිනිස්සු දකී. නමුත් ඒ වගේ වෙලාවකදී ඕනෑම දෙයක් කරන්න පුළුවනි. උවමනා වුණා නම් මට බිකිනියේ යට කලිසම උණත් ගලවා දාන්න වෙනවා.” තමා ඊළඟ පියවර තැබුවේ කෙලෙසදැයි පහදා දීමට ඈ අසමත්ය. සෙන්ටි මීටර 165ක් උසැති බර කිලෝ පනස් දෙකකි. ඇයට වඩා සෙන්ටිමීටර දහයක් උසින් වැඩි කිලෝ හැත්තෑ දෙකක බරින් යුතු ඔහු තත්පර කිහිපයකට හෝ ඔසවා ගැනීම අසීරු දෙයකි. නමුත් අනතුරෙන් පසුව සිරුරේ ඇඩිරිතලින් ගමන් කිරීමේ වේගය වැඩිවූ බැවින් ඇයට කොල් ගේ අත සිය ගෙල වටා ඔතාගෙන ඔහුගේ දෙකකුල් තද කොට අල්ලා ගැනීමට හැකියාව ලැබුණි. පහළට බසින්නට පටන් ගත් පසුව එක එල්ලේ බැස්ම ඇති තැන්වලදී ඈ තට්ටමෙන් ලිස්සා යමින් හැකිතාක් ඉදිරියට නැඹුරුව සිටියේ ඔහු ගලේ වැදීම වළකා ගැනීමටය.


“එයා ලිස්සලා කන්දෙන් පහළට වැටෙයි කියලා මං හොඳටෝම බයෙන් හිටියෙ” ඈ කියන්නීය. “මා එක්කම රැඳෙන්න” ඈ දිගින් දිගටම කෝල්ට පැවසුවාය. “කොහොමහරි ඉන්න” ඈ උදව් ඉල්ලා කෑගැසූ නමුත් දිය ඇල්ලේ ඝෝෂාව ඇගේ හඬ යටපත් කළේය. එය බියකරු සිහිනයක් වැනිය. ඈ කෑ ගැසූ නමුත් ඇගේ හඬ ඇසෙන කිසිවකු නොවීය. කෝල් ලිස්සා ගිය තැන සිට සැතපුම් භාගයක් පමණ පහළට බැස පතුලට ආසන්නව සිටියදී ස්වභාවිකව සෑදි විලක් අසල පාරේ ගමන් කරමින් සිටි පිරිසක් ඇයට දැකගත හැකි විය. “අපට උදව් කරන්න” ඈ කෑ ගැසුවාය.


හදිසි අවස්ථා හෙද තනතුරක් දැරූ වර්නන් ජෝන් හිබින්ස් නමැත්තා කිව් හැම්ප්ෂර් අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියේ සරත් කාලයේ පැවැත්වෙන සෞඛ්‍ය කඳවුරක් වෙත යාමටය. තමා පසුකර ගිය පොලිස් ජීප් රියක් නතර වනුද, ඉන් බැසගත් පොලිස් නිලධාරියෙකු ප්‍රථමාධාර කට්ටලයක්ද රැගෙන දිය ඇල්ල පැත්තට දිව යනුද ඔහු දුටුවේය. ඔහුද වහා රිය නවතා පිරිස කෝල් වටකරගෙන සිටි තැනට දිව ගියේය. කෝල් දුර්වලව නමුත් පියවි සිහියෙන් පසුවිය. “ඔබට සුව වෙනවා” ගිබින්ස් ඔහුට පැවසුවේ ඔහුගේ හිස හා තුවාල පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවය. නමුත් ඔහුට එපමණ විශ්වාසයක් නොවීය. තවත් කඳු නගින්නකු නවසිය එකොළහට කතා කර තිබූ නමුත් මෙම ග්‍රාමීය පළාතට ගිලන් රථයක් පැමිණීම සඳහා කොපමණ වෙලාවක් ගතවනු ඇත්ද? මේවන විට රියෙන් ගත් ඇඳුමකින් ගතවසා සිටි ජොන්සන් කෝල්ට මෘදු ලෙස කතා කරමින් ඔහුගේ තුවාලවල සම්පීඩනය රඳවා ගත්තේය. නමුත් මිනිත්තු කිහිපයකදී ඔහු සන්සුන් බවින් හා පියවි සිහියෙන් ඈත්වන බව  පෙණින. ඔහු බිමට තදකර තැබීම සඳහා තිදෙනෙකුගේ සහාය වුවමනා විය. මෙය හිස තුළ ලේ ගැලීමක ලක්ෂණයක් බව ද ඉන් මොළයට දැනෙන පීඩනය හේතුවෙන් අනතුරට ගොදුරු වූ තැනැත්තා කලබලකාරී හා නොසන්සුන් තත්ත්වයකට ඇද දමන බවද ගිබින්ස් දැන සිටියේය. 


මිනිත්තු පහළොවකට පසුව ගිලන් රථයක් ළගාවූ නමුත් එහි සිටි වෛද්‍ය තාක්ෂණ නිලධාරියා නිද්‍රා ඖෂධ පිළිබඳ පළපුරුද්දක් සහිත අයෙකු නොවීය. කෝල්ට ශ්වසන නළයක සහාය ලබාදීමට පෙරාතුව එය අවශ්‍ය වුණි. ශ්වාසනාළයට බටයක් ඇතුළු නොකර (Intubate) කොල් රැගෙන යා නොහැකි වූයේ අතර මගදී ඔහුගේ හුස්ම හිරවීමට ඉඩ තිබූ බැවිණි. එබැවින් නැවත අනුපූරක වෛද්‍ය සේවකයකු කැඳවීමට සිදුවිය. මේවන විට කෝල්ගේ වචන පටලැවෙමින් ඔහු අත් පා විසි කරමින් සිටිනු දක්නට හැකිවිය. නමුත් ඔහු ළග දණගසාගත් ජොන්සන් තව දුරටත් ඔහුට මෘදු බසින් අමතමින් සිටියාය. “ සන්සුන්ව ඉන්න” “මං ඔයාට ආදරෙයි” වැනි දෑ ඈ පැවසුවාය. 


දෙවැනි ගිලන් රථය ළගාවන විට තවත් මිනිත්තු පහළොවක් ගතවී තිබුණි. අනුපූරක වෛද්‍ය නිලධාරියා කෝල්ට වහා නිද්‍රා ඖෂධ මාත්‍රාව ලබාදී ඔහු ශ්වසන ආධාරකයට සම්බන්ධ කළේය. නමුත් මිනිත්තු කිහිපයකින් අවදි වූ කොල් බටය අදින්නට පටන් ගත්තේය. අහිමි වෙමින් තිබුණේ වටිනා කාලයයි.

කෝල්ගේ දැඟලීම කුමක් වුවත් ඔහු ගල් හා වල් පැළෑටි අතරින් ඔසවාගෙන ගිලන්රිය වෙත ගෙන යාමට තීරණය කෙරුණි. මිනිත්තු තිහක ඇවෑමෙන් ඔවුහු රෝහල වෙත ළගාවූහ. “දෙවියන්ට ස්තුති වේවා” යි යුවළ හා ගිය ගිබින්ස් සිතුවේය. කොල් වහා හදිසි ප්‍රතිකාර අංශයට යොමු කෙරුණි. අනතුරුව ඔහු මොළයේ සැත්කම් කිරීමට පහසුකම් ඇති රෝහලක් වෙත ගෙන යාමට හෙලිකොප්ටරයක් කැඳවනු ලැබිණ. නාන කාමරයට ගොස් කැඩපතින් බැලූ ගිබින්ස් දුටුවේ තමාගේ හිසේ පටන් දෙපතුල දක්වාම කෝල්ගේ රුධිරයෙන් නැහැවී ඇති බවය. වෛද්‍යවරුන් කෝල් දින දෙකක් පුරා නින්දට යවා තැබුවේ ඔහුගේ මොළය තුළ වූ ඉදිමුම් තත්ත්වය අඩුකර වීමය. ඔහු අවදි වන විට කෙබඳු තත්ත්වයක සිටිනු ඇත්දැයි පූර්ව නිගමනවලට එළැඹීමට අසීරු විය. ඔහු අවදිවන විටත් ජොන්සන් සිටියේ ඔහුගේ රෝගී සයනය අසලය. දැඩි මානසික කම්පනය හේතුවෙන් ඇගේ කටහඬ පවා දුබලව තිබිණි. වෛද්‍යවරු ඔහුට පා ඇගිලි සොලවන්නට කී විට ඔහු එසේ කළේය. එවිට ජොන්සන් ඔවුන්ගේ පුද්ගලික සංඥා කිරීමක් කළාය. එය පළමුව දබරැගිල්ල දක්වාත් අනතුරුව ඇගිලි හතරක් හා අනතුරුව ඇගිලි තුනක් වශයෙන් පෙන්වීමකි. එය “මං ඔයාට ආදරෙයි.” යන්න හගවවෙන්නකි. ජොන්සන් එම සංඥාව කළවිට කොල් ද අත ඔසවා එසේ කළේය. ඈ තුළ සහනය දැල්වුණි. එසේ සහනයට පත්වූ එකම කෙනා ඈ පමණක් නොවූවාය. කෝල්ට කතා කිරීමට හැකිවූ විගස ජොන්සන් ගිබින්ස් ගේ ජංගම දුරකථනයට ඇමතුවාය. “ඔයාට හෙලෝ කියන්න කෙනෙක් ඉන්නවා” යි ඈ කීවාය. තරුණයාගේ හඬ ඇසුණු විට ගිබින්ස් ගේ උගුර සිරවනු දැනිණ. “

මා සිතන අන්දමට ඔහුට උදව් කිරීමට හැකිවන ලෙස මා ඒ වෙලාවෙ ඒ පාරෙන් යැවුවේ යම් බලවේගයක් විය යුතුයි. ගිබින්ස් පවසයි. කෝල් ගැලවී ගත්තේ මොළයට හානි සිදුවීමකින් පමණක් නොවීය. ඔහු අතේ, කකුලේ හා නළලෙහි කැළැල ඉතිරි කර අත්දැකීමකින් ගොඩ ආවේය. කෝල්ට පය ලිස්සා යාමෙන් පසුව සිදු වූ දෑ ගැන එපමණ මතකයක් නොවීය. නමුත් ජොන්සන් “මං ඔයාට ආදරෙයි” කියූ අන්දම ඔහුට මතක තිබුණි. “මං හිතන්නේ මේ සිදුවීමෙන් පස්සෙ අපි බොහෝ දුරට මේ ලෝකේ පය ගහල ඉන්න පුරුදු වුණා.” කෝල් පවසයි. “ එයින් පසු අනතුරුදායක දේවල් කරන්න කලින් මම දෙපාරක් හිතන්නට පුරුදු වුණා.” තමා කෝල් රැගෙන කන්ද බැස්සේ කෙලෙසදැයි ජොන්සන්ට තව දුරටත් ඇදහිය නොහැකිව තිබේ. “මම තාම ඒ ගැන හිතනවා. මං හිතන්නේ ඒ වෙලාවේ මට ශරීර ශක්තියට වැඩි බලයක් ලැබුණා.” ජොන්සන් එසේ කියන්නීය. 
එය ආදරයේ බල මහිමය දැයි නොදනිමු.

m



අදහස් (0)

කඳු මුදුනකින් පෙරළී දිවි ගලවා ගනියි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 362 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 85 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 687 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 316 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 136 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 347 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site