IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


උසස්වීම් නැතිව එකතැන පල්වෙන පොලිසිය

තරිඳු ජයවර්ධන

ටෙලෝ සංවිධානයේ ප‍්‍රහාරයකින් පොලිස් නිලධාරීන් විසි දෙනකුගේ ජීවිත බේරා ගත්  බාලසිංහම් ක‍්‍රිෂ්නා පිල්ලේ මහතා අද අවසන් ගමන් ගියේය. ඔහු විශ‍්‍රාමික පොලිස් සැරයන්වරයෙකි.  ඔහුගේ සේවා කාලය වසර 26කි. විසි හය වසරක සේවා කාලය තුළ දී පොලිසියේම 20 දෙනකුගේ ජීවිත බේරා ගත් ගත් නිලධාරියාට සම්පූර්ණ සේවා කාලය තුළ ලැබී තිබුණේ එක උසස් වීමක් පමණි.

වැඩියෙන්ම බැණුම් අසන පිරිසක් සිටී නම් ඒ පොලිසියේ විය යුතුය. හේතුව අවංකව හරියට රාජකාරි කරන නිලධාරීන් ඇතැම් ඉහළ නිලධාරීන්ගේ උදහසට ලක්වන අතර දූෂිත පොලිස් නිලධාරීන් සාධාරණත්වය පතන සාමාන්‍ය ජනයාගේ උදහසට ලක්වෙති. පොලිස් නිලධාරීන් කරනුයේ  දැලිපිහියෙන් කිරි කනවා වැනි වැඩකි. පොලිස් නිලධාරියකුගේ ක‍්‍රියාකාරකමක් නිසා අහිංසකයකු වැරදිකරුවකු වීමටත්, අපරාධකරුවකු නිදහස් වීමටත් ඉඩ කඩ තිබේ.

එහෙව් පොලිස් නිලධාරීන් මානසික තෘප්තියෙන් රාජකාරි කළ යුතු වුවද පොලිසියේ අභ්‍යන්තරයෙන් ඊට අවශ්‍ය වටපිටාව සකසා ඇත්ද යන්න ප‍්‍රශ්නයකි. ඊට හොඳම උදාහරණය බාලසිංහම් ක‍්‍රිෂ්නා පිල්ලේය. අවුරුදු 26ක් රාජකාරි කර පොලිසියේම 20 දෙනකුගේ ජීවිත අනූ නමයෙන් බේරා ගත් මේ නිලධාරියාට සිය වසර 26ක සේවා කාලය තුළ ලැබෙන්නේ එක් උසස්වීමක් පමණි.

බාලසිංහම් ක‍්‍රිෂ්නා පිල්ලේ 1984 වන විට රාජකරි කරමින් සිටියේ යාපනයේ චාවකච්චේරිය පොලිස් ස්ථානයේය. 1943 වසරේ උපන් ක‍්‍රිෂ්ණා පිල්ලේ පොලිස් සේවයට බැඳුණේ 1962 වසරේදීය. 

එදා 1984 වසරේ දිනයකි. ඒ වන විට පොලිස් සේවයේ වසර 22ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබුණු ක‍්‍රිෂ්ණා පොලිස් සැරයන්වරයකු ලෙස උසස්වීම් ලබා තිබිණි. නිසි කාලයට ආකාරයට උසස්වීම් ලබා දී තිබිණි නම් ඔහු අඩු තරමේ උප පොලිස් පරීක්ෂක නිලයේ වත් සිටිය යුතුය. කෙසේ වෙතත් එදා රාජකාරි නිම කළ ඔහු සවස්වරුවේ පොලිසිය පිටුපස බැරැුක්කයට ගියේය. රාත‍්‍රී වෙද්දී ඔහු සමඟ තවත් 20 දෙනෙක් පමණ පොලිස් බැරැුක්කයේ රැඳී සිටියේය.

පොලිසියට ඇතුලූ වන තැන පොලිස් කොස්තාපල්වරයකේ රාජකාරි කරමින් සිටි අතර තවත් දෙදෙනෙක් පොලිසිය ඇතුළේ උපසේවා රාජකාරියේ යෙදී සිටියහ. එක පාරටම පොලිසිය ඉදිරිපිටින් එකපිට එක වෙඩි පත්තු වනවා ඇසිණි. එල්ටීටීඊ සංවිධානයෙන් පොලිසිය වටලා ඇතැයි සිතූ ක‍්‍රිෂ්ණා පිල්ලේගේ මතකයට ආවේ තමා සමඟ පොලිස් බැරැුක්කයේ නිදා සිටින පොලිසියේ 20 දෙනා ගැනයි. ඔවුහු සිංහල ජාතිකයෝ වූහ. ඇතැම් විට තමා දෙමළ නිසා බේරීමේ අවස්ථාවක් තිබුණ ද අනිත් 20 දෙනාට එම අවස්ථාව නැති බව ඔහු දැන සිටියහ.

කඩිනමින් එම පිරිස කැඳවාගෙන පොලිසිය පිටුපසට දිව ගියේය. ඉතාම කෙටි කාලයක දී පොලිසියේ කම්බි වැටෙන් එම පිරිස පැන්නවූ ඔහු ඉන් එහා පැත්තේ තිබූ නීතීඥවරයකුගේ වත්තකට එම පිරිස කැඳවාගෙන ගියේය. වත්තේ අකුල් අස්සේ නිශ්ෂබ්දව සිටින ලෙස ක‍්‍රිෂ්ණා සෙසු පොලිස් සාමාජිකයන්ට දැනුම් දුන්නේය. ඔහු පොලිසිය දෙස හොඳින් බලා සිටියේය. ගත වූයේ ටික වේලාවකි. ආයුද අතැති පිරිසක් පොලිස් බැරැුක්කයට කඩා වැදී හිස් අතින් යනු පෙනිණි. තව ටික වේලාවක් බැරැුක්කයේ සිටියේ නම් පොලිසියේ 20 දෙනාගේ ජීවිතවලට අත්වන ඉරණම අමතුවෙන් කිව හැකි නොවේ.

ආයුධ සන්නද්ධ පිරිස පිටව ගියැයි සනාථ කර ගත් පසු ක‍්‍රිෂ්නා පිල්ලේ මිතුරකුගේ වාහනයක් රැගෙන පැමිණ පොලිසියේ 20 දෙනා යුද හමුදා ‍කඳවුරට ගෙන ගොස් බාර දුන්නේය. එසේ කළ පොලිස් සැරයන්ට එය අගය කරමින් උසස්වීමක්වත් ලැබුණේ නැත.  ඉන් වසර කිහිපයකට පසු එනම් 1988 දී ඔහුට පොලිස් සේවයන් අකමැත්තෙන් හෝ යන්නට සිදුවූයේ දෙමළ ජාතික පොලිස් නිලධාරීන් ඒ වන විට කිහිප දෙනකු ඝාතනයට ලක්වී තිබුණු හෙයිනි.

ක‍්‍රිෂ්නා පිල්ලේලා තව කොතෙකුත් පොලිස් සේවයේ සිටිති.

පොලිස් සේවයේ නිලයන් පහළ සිට ඉහළට මෙසේය.

පොලිස් ආරක්ෂක සහායක

පොලිස් කොස්තාපල් / පොලිස් කොස්තාපල් රියදුරු

පොලිස් සැරයන් / පොලිස් සැරයන් රියදුරු

උප පොලිස් පරීක්ෂක /ප‍්‍රවාහන උප පොලිස් පරීක්ෂක

පොලිස් පරීක්ෂක

ප‍්‍රධාන පොලිස් පරීක්ෂක

සහකාර පොලිස් අධිකාරී

පොලිස් අධිකාරී

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී

නියෝජ්‍ය පොලිස්පති

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

පොලිස්පති

පොලිස් සේවයට නිලධාරීන් බඳවා ගනිද්දී නිලයන් හතකට බ`දවා ගැනීම් සිදු කරයි. ඒ පොලිස් ආරක්ෂක සහායක, පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන නිලයන්වලටය. දැනට ජ්‍යේෂ්ඨතම පුටුවල සිටින උසස් පොලිස් නිලධාරීන් රැුසක් (පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති)  සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට එක්වූවෝ වෙති.

පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට බැඳුණු නිලධාරියකුට පොලිස් පොලිස් සැරයන්වරයකු ලෙස උසස්වීමට ගත වන කාලය විවිධවේ. ඇතැම් පොලිස් කොස්තාපල්වරුන්ට අවුරුදු 8කින් නමයකින් සැරයන් තනතුරට උසස්වීම ලැබෙන අතර බහුතරයකට වසර 20ක් ගියත් ලැබෙන්නේ නැත. කොස්තාපල්වරයකු ලෙස සේවයට බැඳී වසර තිහ හතලිහක් රාජකාරි කර කොස්තාපල්වරයකු ලෙසම විශ‍්‍රාම යන නිලධාරීහු බොහෝ සිටිත. මෙම ලිපිය ලියන මොහොත වන විටත් පොලිස් කොස්තාපල්වරුන්  සේවයට එක්වී එම නිලයේම  වසර 15ට වැඩියෙන් රාජකාරි කරන විශාල පිරිසක් සිටිති.

පොලිස් සැරයන් සිට පොලිස් කොස්තාපල් දක්වා උසස්වීමට පොලිස් සැරයන් නිලයේ වසර 10ක් කටයුතු කළ යුතු බව කීවද පොලිස් සැරයන් නිලයේ වසර 15කටත් අධික කාලයක් රාජකාරි කළ පිරිස් වෙති. උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම නම් උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස වසර අටක කාලයක් ගත කළ යුතුය. කෙසේ වෙතත් වසර අට සම්පූර්ණ උප පොලිස් පරීක්ෂකවරුන් රැුසක් සිටිය ද තවම උසස්වීම් ලැබී නැත. ඒ අතර උපාධිධරයන්, පශ්චාත් උපාධිධරයන් මෙන්ම නීතීඥවරු ද වෙති.

පොලිස් පරීක්ෂක සිට ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිලය දක්වා වසර පහකින් අයදුම් කළ හැකි අතර ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සිට සහකාර පොලිස් අධිකාරීවරයකු වීමට නම් අවම වශයෙන් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ ස්ථිර කර වසර තුන සේවා කාලයක් සම්පූර්ණ වී තිබිය යුතුය.

සහකාර පොලිස් අධිකාරී නිලයේ වසර අටක් කටයුතු කළ පසු පොලිස් අධිකාරී නිලයටත්, පොලිස් අධිකාරී නිලයේ වසර පහක් කටයුතු කළ පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයටත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයේ  අවුරුදු පහක් කටයුතු කළ පසු නියෝජ්‍ය පොලිස්පති තනතුරටත් උසස්වීම් ලැබෙන අතර ඉන් පසු ලැබෙනුයේ පුරප්පාඩු අනුවය.

බොහෝවිට සහකාර පොලිස් අධිකාරී නිලයෙන් ඉහළ උසස්වීම් නිසි පරිදි ක‍්‍රමවත්ව සිදු වුණත් පොලිස් කොස්තාපල්ගේ සිට ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිලය දක්වා උසස්වීම් එසේ ලැබෙන්නේ නැත.

දැනට ක‍්‍රියාත්මක වන පරිදි නියමිත දිනට උසස්වීම් ලැබුණ ද පොලිස් කොස්තාපල්වරයකුට වසර 35ක සේවා කාලයේ දී උපරිමයට යා හැකි නිලය පොලිස් පරීක්ෂක පමණි. ඒ නියමිත පරිදි උසස්වීම් ලදහොත් පමණි. නමුත් එසේ වන්නේ නැත. බොහෝ විට පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවය එක්වන්නන් විශ‍්‍රාම යන්නේ එක්කෝ කොස්තාපල්වරයකු ලෙසමය. නැති නම් සැරයන්වරයකු ලෙසය. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස් වන්නේ නම් ඒ ඉතාම කලාතුරකිනි.

උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට එක්වන්නෙකුට වසර 35ක පමණ සේවා කාලයක  දී නිසි කාලයට අනුව උසස්වීම් ලදහොත් පොලිස් අධිකාරීවරයකු හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස උසස්වීම් ලබා ගත හැකිය. ඒ නියමිත කාලයට උසස්වීම් ලැබුණොත් පමණි. එසේ නොලැබෙන බව පොලිසියේ බොහෝ දෙනෙක් අත්දැකීමෙන් දනිති.

උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට එක්වන්නකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර සඳහා උසස්වීම් ලැබුවොත් ඒ කලාතුරකිනි. දැනට සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතුරෙන් උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට එක්වූවන් සිටිනුයේ හතර දෙනකු පමණි. රවී සෙනවිරත්න, එම් ආර් ලතීෆ්, කපිල ජයසේකර සහ රොෂාන් ප‍්‍රනාන්දු ඔවුහුය. මේ අතුරෙන් වැඩි දෙනකුට එලෙස උසස්වීම් කඩිනමින් ලැබීමට හේතු වී ඇත්තේ ඔවුන් කාලයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කළ නිසාය. ඔවුන්  පොලිසියේ රාජකාරි කළා නම් ඇතැම් විට තවමත් පොලිස් අධිකාරීවරයකු හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස සිටින්නට පුලූවන. මේ පිරිසෙන් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා සඳුදා (04) විශ‍්‍රාම ගැනීමට නියමිතය.

පොලිසියෙන් උසස් සේවයක් ලබාපොරොත්තු වන වැඩි දෙනෙක් ඔවුන්ගේ උසස්වීම් ගැන සොයා බලන්නේ නැත. එකම තනතුරේ අවුරුදු 15ක් 20ක් පල් වෙද්දී ඔවුන්ට ඇතිවන කළකිරීමත් සමඟ ඔවුන්ගෙන් උසස් සේවයක් බලාපොරොත්තු වියහැකිය යන ප‍්‍රශ්නය පැන නඟී. අවසානයේ එයින් අගතියට පත් වන්නේ සාමාන්‍ය ජනතාවය. ඒ පොලිසියෙන් සේවය ලැබෙනුයේ මහජනතාවට වීම නිසාය.

වසර 26ක් රාජකාරි කර පොලිසියේම 20 දෙනකුගේ ජීවිත බේරූ බාලසිංහම් ක‍්‍රිෂ්නා පිල්ලේ නිලධාරියාට මෙන්ම තවත් බොහෝ දෙනකුට අත්වී ඇත්තේ මේ ඉරණමයි. අභිමානවත් හා ස්වාධීන පොලිස් සේවයක් උදෙසා පොලිස් නිලධාරීන්ට කඩිනමින් උසස්වීම් දෙන ප‍්‍රායෝගික ක‍්‍රමේවයක අවශ්‍යතාව නොදකින්නේදැයි නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කළ යුතුය. 



අදහස් (1)

උසස්වීම් නැතිව එකතැන පල්වෙන පොලිසිය

visnu Tuesday, 05 February 2019 09:15 AM

දෙමල නම් උසස් වීම නැත සහකාර පොලිස් අධිකාරීවරු උවමනාවෙන්ම නොගනී. පසුගිය අවුරුදු කීපයදීම මෙම තත්වය පවතී.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 361 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 85 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 686 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 316 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 136 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 347 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site