IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සහරාන්ගේ ගෝලයෝ නිදහස් කරන්න මගේ අත්සන ගත්තානම් වගකිව යුත්තේ ලේඛන හැදූ නිලධාරීන්

(*** මුදිතා දයානන්ද)

අන්තවාදයේ කෙළවර ත්‍රස්තවාදය බව දන්නා කිසිදු රාජ්‍ය නායකයෙක් අන්තවාදයට උදව් කරන්නේ හෝ එයට පවතින්න ඉඩ දෙන්නේ හෝ නැහැ. සහරාන්ලාගේ ගෝලයෝ නිදහස් කරන්න යම් අවස්ථාවක මගේ අත්සන ලබාගෙන තිබේ නම් එයට වගකිව යුත්තේ ඒ ලේඛන හැදූ නිලධාරින්. මා අත්සන් කරන්නේ ඔවුන් හැදූ ලේඛනවලටයි. ඒවා මොනවාද කියා මා එකින් එක බලන්නේ නැහැ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ මෙහෙයවීම යටතේ ඔහු මෙසේ සාක්ෂි ලබාදුන්නේය.

කොමිසම - ආරක්ෂක කවුන්සිලය රැස්වුණේ ඔබේ ප්‍රධානත්වයෙන් නේද?

සාක්ෂිකරු- ඔව්.

 

කොමිසම - එම රැස්වීම්වලට සම්බන්ධ වූ අය කවුද කියලා පසු කාලයක දැන ගන්නේ කෙසේද?

සාක්ෂිකරු - ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් විය යුත්තේ කවුද කියලා ගැසට් කර තිබෙනවා. ඒ අනුව එය සොයාගත හැකියි.

 

කොමිසම - එහෙත් එම ගැසට් කිරීමට අමතරව ජනාධිපතිගේ අභිමතය පරිදි කැබිනට් ඇමතිවරයෙක් හෝ වෙනත් ඇමතිවරයෙක් සම්බන්ධ කරගන්නත් පුළුවන් නේද?

සාක්ෂිකරු - ඔව්. එහෙම අවශ්‍ය අය අවශ්‍යතාව අනුව කැඳෙව්වා.

 

කොමිසම - 2018 ඔක්තෝබර් ආණ්ඩු වෙනසෙන් පසු නැවත රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත් වූ පසු ඔබ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් මේ කමිටුවට කැඳෙව්වා නේද? මොකක්ද එහි පදනම.

සාක්ෂිකරු - ආරක්ෂක කවුන්සිලය ගැන හා එකල විවිධ දේවල් ගැන එල්ල වුණ විවේචන හා මතවාද නිසා මම කල්පනා කළා මා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටින්න ආරක්ෂක කවුන්සිලයේ දී මොනවද කරන්නේ කියලා දන්න කීප දෙනෙක් සිටිය යුතුයි කියලා. ඒ නිසා ඔවුන් විරුද්ධ පක්ෂයේ වුණත් මගේ පක්ෂයේ අය නිසා මා වෙනුවෙන් ඔවුන් එයට ගෙන්වා ගත්තා.

 

කොමිසම - ආරක්ෂක කවුන්සිලයේ වාර්තා තබාගැනීමක් සිදුනොකරන නිසා එහිදී යම් කාරණාවක් කතා කළාම, ඒක කවුද කතා කළේ මොනවද කතා කළේ, මොකක්ද ඒ සම්බන්ධයෙන් ගත් පියවර කියලා  අනාගතයේ දී දවසක දැන ගන්න ඕන වුණොත් කොහොමද දැනගන්නේ?

සාක්ෂිකරු - මම කලින් කතා කළ දේවල් නිතරම පසු විපරම් කරනවා.

 

කොමිසම - ඔබ අමාත්‍යංශ කීපයක වගකීම් දරද්දි රටේ නායකයා ලෙස වගකීම දරද්දි මේ තැන්වල කතා කරන දේවල් මතක තබා ගන්නේ කෙසේද?

සාක්ෂිකරු - ඒක හිටපු හැම රාජ්‍ය නායකයකුටම පැවරුණ වගකීමක්. එයට අපි පුරුදු විය යුතුයි.

 

කොමිසම - 2018 ඔක්තෝබර් 26න් පසු ආණ්ඩු වෙනසක් වුණා. ඔබ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළා. එහෙත් ඒ කාලයේ රැස්වූ ආරක්ෂක කවුන්සිලයට ඔහුව කැඳවා නැහැ. ඇයි ඒ?

සාක්ෂිකරු - එක පැත්තකින් මේ පත්වුණ ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගයක් සිදුවෙමින් තිබුණා. ඒ වගේම පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා මහින්ද මහතා සහ මා  සාකච්ඡා කර එකඟතාවයකට ආවා මේ ප්‍රශ්න අවසන් වනතුරු ඔහු ආරක්ෂක කවුන්සිලයට සම්බන්ධ නොවන්න. ඔහු මට කිව්වා දැනට මම මේකට සම්බන්ධ නොවී ඉන්නම් කියලා. ඒ නිසයි ඔහුව කැඳෙව්වේ නැත්තේ.

 

කොමිසම - නැවත අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වෙනවා. ඉන්පසු හා පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ආරක්ෂක කවුන්සිලය දෙවතාවක් රැස්ව තිබෙනවා. එහෙත් ඒ කිසිවකට වික්‍රමසිංහ මහතාට ආරාධනා කර නැහැ.

සාක්ෂිකරු - මට ඒ ගැන මතකයක් නැහැ.

 

කොමිසම - ඔහුට ඒ සඳහා ආරාධනා නොකළ බවට මේ කොමිසමේ දී සාක්ෂි ලබා දී තිබෙනවා නම් ඔබතුමා එය පිළිගන්නවා ද?

සාක්ෂිකරු - ගැසට් පත්‍රය අනුව ඔහු කැඳවීම අනිවාර්යය නැහැ. ඔහු එහි සාමාජිකයෙක් නෙවෙයි. ඒ නිසා ඔහු කැඳවා නැති වෙන්න පුළුවන්. මට ඒ ගැන මතකයක් නැහැ.

 

කොමිසම - ආරක්ෂක ලේකම්වරයා ඔබෙන් ඇහුවාම වික්‍රමසිංහ මහතාට ආරාධනා කරන්නද කියලා, ඔබ ඇහුවාලු ඔයාට පිස්සුද කියලා. ඔබතුමා එහෙම ඇහුවාද?

සාක්ෂිකරු - මම ඒ වගේ වචන නම් භාවිතා කරන්නේ නැහැ කොයිම වෙලාවකවත්. මට ඒක පිළිගන්න බැහැ.

 

කොමිසම - ඔබතුමා ආරක්ෂක කවුන්සිලයේ දී කතා කරද්දී වැඩිය උනන්දුවක් දක්වන්නේ මොනවාට ද?

සාක්ෂිකරු - ඒ ඒ වාකවානුවල ඇති වන තත්ත්වයන් අනුව මාතෘකා වෙනස් වෙනවා. මීතොටමුල්ලේ කසළ කන්ද නාය ගිය වෙලාවේ ඒ ගැන වැඩියෙන් කතා කළා. 2015, 16, 17 කාලයේදී අපේ රටේ ස්වභාවික විපත් ගණනාවක් සිදුවුණා. ඒ හැම තැනකටම පොලිසිය, හමුදාව සම්බන්ධ වුණා. ඒ නිසා මේ රැස්වීම්වල දී ඒවා ගැන කතා කළා. අපරාධ මර්දනය, පාතාලය, මත් ජාවාරම මර්දනය ආදී දේ ගැනත් කතා කළා. එල්ටීටීඊයේ නැවත නැගිටීමක් වෙනවාද කියන එක ගැනත් අපි විමසිල්ලෙන් සිටිය යුතු බවට කතා කළා. මඩකලපුව ප්‍රදේශයේ පොලිස් නිලධාරින් දෙන්නෙක් ඝාතනය කළ වෙලාවේ අපේ හමුදාපති සහ යුද හමුදා බුද්ධි අංශය සිටියේ එය එල්ටීටීඊයේ වැඩක් කියන මතයෙයි. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පස්සේ තමයි මේක සහරාන්ලාගේ වැඩක් බව තහවුරු වුණේ.

 

කොමිසම - මුස්ලිම් අන්තවාදය ගැන මෙහිදී කොපමණ වාර ගණනක් කතා කළා ද?

සාක්ෂිකරු - සංඛ්‍යාත්මකව ඒ ගැන කියන්න බැහැ. 2016 සිටම මේ ගැන අපි කතා කළා. ලෝකයේ අයි.එස් ව්‍යාප්තිය ගැන මුස්ලිම් අන්තවාදය පැතිරයාම ගැන අපේ රටේ මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවන් ගැන අපි කතා කළා. මේවා අපේ රටට බලපෑම් කරන්න ඉඩ නොතැබිය යුතු බවට කතා කළා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන්නා.

 

කොමිසම - අසාද් සාලි මහතා මේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළා සහරාන් හෂීම් ගැන ඔබතුමාට අවස්ථා හයකදි පැමිණලි කළා කියලා. ඔබ හැමවිටම අවශ්‍ය පියවර ගත්තා නම් ඇයි අසාද් සාලි මහතාට හය වතාවක් ඔබට පැමිණලි කරන්න සිදුවුණේ?

සාක්ෂිකරු - මුස්ලිම් ජනතාව විවිධ ආගමික මතවාද අනුව බෙදී සිටියා. දේශපාලන පක්ෂ ගණනාවකට බෙදී සිටියා. සංස්කෘතික මත අනුව බෙදී සිටියා. ඔවුන් අතර විවිධ ප්‍රශ්න මතබේද තිබුණා. ඒවා තමයි මේ ගැටුම්වලට හේතුව. අසාද් සාලි මහතා මට පැමිණලි කළෙත් ඒ අනුව මතුවුණ ප්‍රශ්නයක්. ඒ ගැන මම ආරක්ෂක කවුන්සිලයේ දී කතා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන්නා.

 

කොමිසම - ඔබ එක් අවස්ථාවක දී දුරකථනයෙන් කාව හරි සම්බන්ධ කරගත් බවත් එහිදී ඇති වූ කතා බහ අනුව සහරාන් හෂීම් රජයේ ඔත්තුකාරයෙක් බවත් තමන්ට වැටහුණ බව සාලි මහතා කියනවා. ඔබ එය පිළිගන්නවාද?

සාක්ෂිකරු - අපේ පාලන කාලයේ දී නම් එවැනි දෙයක් වුණේ නැහැ. ඔය කියන විදිහේ දුරකථන ඇමතුමක් ලබාගත් බවක් මට මතකත් නැහැ. එහෙම ඇමතුමක් ලබාගැනීමේ වුවමනාවක් තිබුණෙත් නැහැ. කොහොම වුණත් සහරාන් රජයේ ඔත්තුකාරයෙක් ලෙස අපේ පාලන කාලයේ නම් යොදාගත්තේ නැහැ.

 

කොමිසම - ඔබ හැමවිටම කියනවා ආරක්ෂක කවුන්සිලයේ දී ඔබ අවශ්‍ය උපදෙස් දුන්නා කියලා. එහෙම නම් ප්‍රශ්නය විසඳෙන්න ඕනනේ. අප්‍රේල් විසිඑක ප්‍රහාරයෙන් පස්සෙත් ඔබ විශ්වාස කරනවාද ප්‍රශ්නය විසඳිලා කියලා?

සාක්ෂිකරු - ප්‍රහාරයෙන් පස්සේ ඉතාමත් කෙටි කාලයක් තුළ අපි සහරාන්ලාගේ සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කළා. මේ ප්‍රහාරයෙන් පස්සේ අයි.එස් සංවිධානයෙන් නිවේදනය කර තිබුණා එය තමන්ගේ ප්‍රහාරයක් බවට. එහෙම නම් ඔවුන්ට සහරාන්ලා සමග සම්බන්ධයක් තිබිය යුතුයි. විදේශ බුද්ධි අංශත් අපේ රටට ඇවිත් ඒ වෙලාවේ සහය දුන්නා සහරාන්ලා ගැන අයිඑස් සංවිධානය සමග සම්බන්ධකම් පවත්වන අය ගැන සොයන්න. ඒත් ඔවුන්ටත් මේ අයිඑස් සම්බන්ධය ගැන සොයා ගන්න බැරි වුණා.

 

කොමිසම - ඔබ හිතනවාද මේ ප්‍රශ්නය දැන් ඉවරයි කියලා?

සාක්ෂිකරු - අයිඑස්වරු ලෝකය පුරා ඉන්නවා. ඔවුන්ගේ මතවාදය විවිධ ආකාරයෙන් ලෝකය පුරා පතුරුවා හරිනවා. ඒ ක්‍රියාකාරකම් ගැන සැලකිල්ලට ගත්තාම මේක මෙතනින් අවසන් කියලා කියන්න බැහැ.

 

කොමිසම - ඒ කියන්නේ අනාගතයේදිත් මෙවැනි දෙයක් සිදුවිය හැකියි කියලද?

සාක්ෂිකරු - ඔව්. එහෙම වෙන්න පුළුවන්.

 

කොමිසම - ජාතික තවුහිද් ජමාත් සංවිධානයෙන් පරිභාහිරවත් අයිඑස් මතවාදය ප්‍රචාරය කරන අය සිටි බව ඔබ දන්නවාද? ඔවුන් ලංකාවේ තරුණයන් එම මතයට එක්කර ගන්න බව ඔබ දැන සිටියා ද?

සාක්ෂිකරු - ඔව්. එහෙම පිරිස් හිටියා.

 

ඉන්පසු කොමිසම එවැනි සංවිධානයක් විසින් කිසිවකුට යොමු කළ කෙටි පණිවුඩයක් තිරය මත ප්‍රදර්ශනය කරනු ලැබිණ. එහි සඳහන් වූයේ “අපිට කලින් වෙන කවුරු හරි සටන පටන් අරන් ද?” යන ප්‍රශ්නයකි.

කොමිසම - මේ පණිවුඩය අනුව පැහැදිලියි සහරාන්ලාට අමතරව තවත් පිරිසක් එවැනි ප්‍රහාරයකට සූදානම්ව සිටි බව.

සාක්ෂිකරු - ඔව්. එහෙම පේනවා.

 

කොමිසම - ලංකාවේ තරුණයන් පවුල් පිටින් සිරියාවට ගොස් අයිඑස්වරු සමග සම්බන්ධ වුණ බව ඔබ දැන සිටියා ද?

සාක්ෂිකරු - 2016-17 වැනි කාලයේ දී ඒ ගැන මම දැනුවත් වූ බව මතකයි. ආරක්ෂක කවුන්සිලයේ දී බුද්ධි අංශ ඒ ගැන කතා කළා.

 

කොමිසම - ඒ සම්බන්ධයෙන් පියවර ගන්න ඔබ උපදෙස් දුන්නා ද?

සාක්ෂිකරු - මේ අය ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා ආගමන විගමන පාලක සමග කතා කර අවශ්‍ය කටයුතු කරන්න කියලා මම උපදෙස් දුන්නා.

 

කොමිසම - ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා 2016 නොවැම්බර් 18 පාර්ලිමේන්තුවේ දී අයිඑස් සංවිධානය සමග ලංකාවේ තරුණයන් සම්බන්ධ වීම ගැන ප්‍රකාශයක් කරනවා. ඔහු කියනවා බුද්ධි අංශ ආරක්ෂක කවුන්සිලයේ දී මේ ගැන කතා කළත් ඵලක් වුණේ නැහැ කියලා. ඔවුන් කනස්සල්ලෙන් පසුවෙනවා කියලා.

සාක්ෂිකරු - මම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. අපි මේ ප්‍රශ්නය දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තමයි සිරියාවට ගිය අය ලංකාවට පැමිණීම වැළැක්වීමට පියවර ගන්නත් යෝජනා වුණේ.

 

අයිඑස් මතවාදය ගැනත් ඉස්ලාම් අන්තවාදය ගැනත් ආරක්ෂක කවුන්සිලයේ දී සාකච්ඡා කළාම මම කැබිනට් මණ්ඩලයේදිත් ඒ ගැන අවධානය යොමු කළා. ඇමතිවරුන්ට උපදෙස් දුන්නා මේවා ගැන සෙවිල්ලෙන් ඉන්න කියලා. විශේෂයෙන්ම මුස්ලිම් ඇමතිවරුන්ට මම කිව්වා ඔවුන්ගේ සමාජයෙන් ඇති වන මේ ප්‍රශ්නය ගැන දැඩි සෝදිසියෙන් ඉඳලා එය පාලනය කරන්න කියලා.

 

කොමිසම - ඔබතුමා කාත්තන්කුඩි ගිහින් තියෙනවාද?

සාක්ෂිකරු - ඔව්.

 

කොමිසම - එහි පරිසරයේ වෙනස දැක තිබෙනවාද? විශේෂයෙන්ම දැන්වීම් පුවරුවල තියෙන්නේ ඉංග්‍රීසි හා අරාබි අකුරු. මේක වෙන නගරවල නැහැ නේද?

සාක්ෂිකරු - අරාබි අකුරු වෙන තැන්වල නැහැ.

 

කොමිසම - ඔබ කාත්තන්කුඩියේ හැර රට ඉඳි ගස් දැකලා තියෙන්නේ කොහේ දී ද?

සාක්ෂිකරු - පිටරට ගියාම දැකලා තියෙනවා. අරාබි රටවල විශේෂයෙන් තිබෙනවා.

 

කොමිසම - මේවා සිටුවා තිබෙන්නේ හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා බව කොමිසමේදී සාක්ෂි ලෙස ඉදිරිපත්ව තිබෙනවා.

සහරාන් හසීම් ඇතුළු කණ්ඩායම කාත්තන්කුඩි අලියාරි හංදියේ ගැටුමෙන් පසු අතුරුදන් වෙනවා. ඔහුගේ සහෝදරයන් දෙන්නෙකුත් අතුරුදන් වෙනවා. නමුත් ටික කලකින් එක සහෝදරයෙක් හා ඔහුගේ පියා පොලිසිය අත්අඩංගුවට ගෙන මඩකලපුව බන්ධනාගාර ගත කරනවා. ඒත් ටික කලකින්ම ඒ දෙන්නා බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා.’ ඔබ ඒ ගැන දැන සිටියා ද?

සාක්ෂිකරු- මම නම් ඒ ගැන දන්නේ නැහැ.

 

කොමිසම - වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් පොලිසිය සොයා ගන්නවා. ඒ සමග සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ඒ අයගෙන් දෙන්නෙක් මාස තුනක් යන්නටත් පෙර නිදහස් කරනවා. ඒ නිදහස් වන්නේ ඔබතුමාගේ අත්සනින්. ඔබතුමා ඒ ගැන මොකද හිතන්නේ?

සාක්ෂිකරු - ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තේ අදාළ පරික්ෂණ කළ හා ඔවුන් නිදහස් කිරීමට ලේඛන සකස් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්. මට දවසකට ලිපි විශාල ප්‍රමාණයක් එනවා අත්සන් කරන්න. ඒ හැම එකක්ම මම පුද්ගලිකව කියවා බලන්නේ නැහැ. පහළ නිලධාරින් කියවා මගේ අත්සන යොදන්න ගෙන එන ඒවාට මම අත්සන් තබනවා. ඒ නිසා මෙහෙම දෙයක් වූ බව මට අවබෝධයක් නැහැ.

 

කොමිසම - ඔබ තුමා හැම විටම කියනවානේ හැම දේටම උපදෙස් දුන්නා කියලා. ඒවා ක්‍රියාත්මක වුණා නම් අප්‍රේල් විසිඑක ප්‍රහාරය සිදුනොවන්න තිබුණා නේද?

සාක්ෂිකරු - මම දුන් උපදෙස් පහළට ගලාගෙන යද්දි ඒ නිලධාරින් නිසි පරිදි කටයුතු කර නැති බව පැහැදිලි වෙනවා. එහි බොහෝ දුර්වලකම් තිබූ බව පිළිගන්න වෙනවා. එහෙම නොවුණා නම් මේ ප්‍රහාරය වළක්වා ගන්න හැකියාව තිබුණා.

 

කොමිසම - තොරතුරු ලැබී තිබියදීත් මේ ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ ප්‍රහාරයක් බව බොහෝ දෙනා සාක්ෂි දෙමින් පැවසුවා. එය වළක්වාගන්න බැරි වුණේ ඇයි?

සාක්ෂිකරු - මේ තොරතුර ලැබී ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැකිව තිබූ සියලු දෙනා එයට වගකිව යුතුයි. ඒ වගේම මට මේ තොරතුරු ලබාදිය හැකිව තිබිය දී එය ලබානොදුන් අයත් මේකට වගකිව යුතුයි. ඒ තොරතුර මට ලබාදුන්නා නම් මම ඒ වෙලාවෙම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

 

මම මගේ රටට ජනතාවට ආදරෙයි. කිසිම රාජ්‍ය නායකයෙක් තමන්ගේ රටේ අන්තවාදය ඇති වෙනවාට එකඟ වන්නේ නැහැ. අන්තවාදයේ කෙළවර ත්‍රස්තවාදය බව න්‍යායික අදහසක්. ඒක දන්න කිසිවෙක් අන්තවාදයට උදව් කරන්නේ හෝ එයට පවතින්න ඉඩ දෙන්නේ හෝ නැහැ. අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන් පසු ගෙවී ගිය වසර හැත්තෑවක පමණ පාලන කාලයේදී හැම ආණ්ඩුවකටම විවිධ ගැටුම්වලට මුහුණ දෙන්න සිදුවුණා. මුස්ලිම් දෙමළ ගැටුම්, දෙමළ සිංහල ගැටුම්, මුස්ලිම් සිංහල ගැටුම් ආදී විවිධ ප්‍රශ්න ඇති වුණා. වසර තිහක යුද්ධයක් පැවතුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාටවත් යුද්ධය පරාජය කරන්න බැරි වුණා. හිටපු හැම රාජ්‍ය නායකයෙක්ම තමන්ගේ පාලනය ගෙන ගියේ සතුටෙන් පහසුවෙන් නෙවෙයි. දුෂ්කරතා රැසක් මැද තමයි පාලනය ගෙන ගියේ. මටත් ඒ වගේ තමයි. මේක හරිම අමාරු දුෂ්කර කාර්යයක්.



අදහස් (52)

සහරාන්ගේ ගෝලයෝ නිදහස් කරන්න මගේ අත්සන ගත්තානම් වගකිව යුත්තේ ලේඛන හැදූ නිලධාරීන්

karuna Thursday, 15 October 2020 10:30 AM

මෙයා කොහොමත් හැමදේම දන්නේ එක්කෝ පත්තරෙන්, එක්කෝ රූපවාහිනියෙන්, එක්කෝ යාළුවෙක්ගෙන්... අනේ මෙහෙමත් ජනාධිපතිලා... ලැජ්ජයි.

:       0       176

senaSaturday, 17 October 2020 05:03 AM

යකෝ මීට වැඩිය හොඳයිනේ පොල්පිත්තක් ඔය පුටුවේ තිබ්බා නම්... එන හැම කොලේටම අත්සන් කරනවා නම්..

:       0       140

jagath G Thursday, 15 October 2020 10:32 AM

මෙයා කාගේ හරි ඇඟට බෝලේ පාස්කර බේරෙනවා. අපි ඒක අවුරුදු 15ක විතර ඉඳන් දැක්කා.

:       1       91

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 15 October 2020 11:42 AM

මොහු කියන්නේ සහරාන්ලා නිදහස් කරන්න... ඔහු අත්සන් කරා නම්, ඒවාට වගකියන්න ඕනෑ ඒ ලේඛන හැදූ නිලධාරීන්ලු. ඔහු එකින් එක බලන්නේ නැතිලු. ඔන්න බලන්න ඔබත් මාත් රටත් පාලනය කළ කෙනෙකු කරන බුද්ධිමත් ප්‍රකාශ. වරද මොහුගේ නෙමෙයි මොහුව බලය ගේන්න දඟලපු දේශපාලකයින්ගේ හා ඡන්දය දුන්නු ජනතාවගේ... ග්‍රාමසේවක මහතෙකූට රට පාලනය කරන්න දුන්නු ජනතාවට බූවල්ලක් දෙන්න ඕනෑ තමුන්ටම තලාගන්න කියා. ඒ කියන්නේ වරද ජනතාවගේ...

:       1       152

විජිත්Thursday, 15 October 2020 04:16 PM

සමිත, මේ වගේ " බබෙක් " රටක් පාලනය කළා කියන්නෙත් මහාම පුදුමයක්. මෙයා හිතාගෙන ඉඳලා තියෙන්නේ ජනාධිපතිගේ රස්සාව අත්සන් කරන එකයි කියලා. දවසකට අත්සන් 20 000 ගැහුවයි කියන කෙනෙකුගේ සාක්ෂි විශ්වාසකරන කොමිෂන් සභාවක් ඉන්නවාද..? තවත් බොරුවට ඇද ඇද කාලය කාදමන්නේ නැතිව සිරාවයි, රනිල් හාමුවයි දෙන්නම ජීවිතාන්තය දක්වාම සිරකර තැබිය යුතුයි. බාහිර කිසිවෙක් හමුවීමට ඉඩ නොදිය යුතුයි.මේ තීන්දුවත් හොඳ වැඩියි.

:       2       102

jaaliy Thursday, 15 October 2020 01:50 PM

මේ කතාව දකිද්දී මතක් වෙන්නේ කිතුල් ගහට නැගපු ග්‍රාමසේවකයෙක් කියපු කතාවක්...

:       1       115

thusheni Thursday, 15 October 2020 01:52 PM

ඇනස්ලි, බර්ටි, සැමුවෙල්ලා කරපු විනෝද සමය සිරිසේන තනියෙන් කරනවා.. ලැජ්ජයි.

:       1       127

kumara Thursday, 15 October 2020 01:57 PM

තව ලේඛන කීයකට මෙයා ඇස් වහගෙන අත්සන් කරන්න ඇද්ද? ඔන්න අවුරුදු 5ක් රටකරපු හැටි...

:       1       62

thisaa Thursday, 15 October 2020 01:58 PM

මේවා දකිනකොට ඇඟේ මාලු ගඟේ නටනවා... මෙයාද රට පාලනේ කළේ?

:       1       95

isuru Thursday, 15 October 2020 02:00 PM

මෙයා මුකුත් දන්නේ නැහැ. බබා... අනේ මෙහෙමත් ජනාධිපතිලා...

:       1       61

jagath Thursday, 15 October 2020 02:42 PM

මෙයා රට පාලනය කළා කියලා කියන්නත් ලැජ්ජයි. කිසිම විනයක්, වගකීමක් නැහැ. පාට, පක්ෂ බේදයකින් තොරව පෙළගැසී මෙයාගේ නම මකලා දාන්න ඕනේ ලංකා ඉතිහාසයෙන්...

:       1       66

Walter White Thursday, 15 October 2020 02:45 PM

යමෙක් ලේඛණයකට අත්සන් තබනවා නම් ඒ ලේඛනයේ අදාළ කාරණා සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. වත්මන් පොළොන්නරු දිස්ත්‍රික්ක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමා මේ තරම් ධුර ගණනාවක් හොබවලාත් මේ තරම් දීර්ඝ දේශපාලනයක යෙදිලාත් ඒ ගැන දන්නේ නෑ!!! මේක ගිනස් පොතට යවන්න ඕනෑ කාරණයක්... එ්වෙලේ කියවා බලන්න බැරි වුණා කියලා හිතමු.. එ්ත් ඒ හැම ලේඛනයකම මුල් පිටපත් ජනාධිපති කාර්යාලයේ තිබෙනවා. මෙතුමාම කියනවා බොහෝ බාරධූර අමාත්‍යාංශ ගණනාවක තොරතුරු දැනගෙන සිටියා.. ඒ තරම් තොරතුරු දැනගෙන සිටීම වගකීමක් කියලා, එ්ත් එහෙම එච්චර සොයා බලලත් තමන් අස්සන් කරපු ලියමනක තියෙන්නේ මොනවාද? දන්නේ නෑ!!! අවසන් කාරණය, නායකයෙක් කියන්නේ යටත් නිලධාරීන් මෙහෙයවන්නා, ඔවුන් ගන්නා තීන්දු හැම එකකටම නායකයාගේත් වගකීමක් තියෙනවා.. ඒ නිසයි ශිෂ්ඨ රටක මෙවන් ආපදාවක් වූ විට වගකිවයුතු ප්‍රධානීන් ඉල්ලා අස්වෙන්නේ... යටත් නිලධාරීන් නායකයා නොදැන හිතුමතයේ වැඩ කරනවා නම් අදාළ නායකයා අකාර්යක්‍ෂම සහ අදාළ තනතුරට නුසුදුස්සෙක්...

:       1       78

kamal Thursday, 15 October 2020 03:56 PM

මෙයා අවුරුදු 5ම කළේ මල්ලිව පොහොසත් කරපු එක සහ දුවයි, පුතයි, බෑණාවයි පොහොසත් කරපු එක. ඒක ගැන ඇහුවත් මුකුත් දන්නේ නැහැ කියයි. මෙයා හරියටම කැකිල්ලේ රජු වගේ.

:       0       61

thilaka Thursday, 15 October 2020 03:57 PM

මෙයා කරපු වැරැදිවලින් බේරෙන්න රඟපානවා කියලයි අපිට හිතෙන්නේ.

:       0       46

kema Thursday, 15 October 2020 03:59 PM

රටේ ජනයාගේ කරුමෙට ආපු කෙනෙක්. හිටපු ජනපති කියලා කියන්නත් ලැජ්ජයි.

:       0       57

kalani Thursday, 15 October 2020 04:15 PM

ගිය කාලෙත් මෙයා මෙහෙමම තමයි. අවුරුදු 5ම වැඩ කළේ එහෙමනේ... දැන් පේනවනේ.

:       1       70

isuru Thursday, 15 October 2020 04:18 PM

මේ ජනාධිපති කෙනෙක්ද කතා කරන්නේ..? එයා අත්සන් කළේ මොකටද කියා එයා දන්නේ නැහැ. නීතියේ ඉඩක් නැද්ද මේ කතාවට මෙයා අත්අඩංගුවට ගන්න..? වගකීම පැහැර හැරීමේ වරදට..

:       1       93

janabala asamagiFriday, 16 October 2020 02:10 AM

රනිල්, චන්ද්‍රිකා, ජෙප්පෝ, මෛත්‍රී පාලනයක් ඉල්ලපු හරීන් අත් අඩංගුවට ගතයුතු වෙනවා. ඉන්පසු 62 ලක්ෂයක් අත්අඩංගුවට ගන්න වෙනවා.

:       9       9

thissa Thursday, 15 October 2020 04:20 PM

ඉතින් මේ වගේ ජනාධිපති කෙනෙක් එක්කනේ රට අවුරුදු 5ක් ගියේ... මෙහෙම හරි ගියේ රනිල්ට පව් සිද්ද වෙන්න.

:       2       17

kumaari Thursday, 15 October 2020 05:44 PM

වගකීමකින් තොරව වැඩකරලා තියෙන්නේ... මේ රට පිළිබඳව ප්‍රශ්නයක්... මේ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න බැරිද?

:       0       71

jagath G Thursday, 15 October 2020 05:47 PM

මෙයාගේ හැමවාහෙම මෙහෙම තමයි. පාස්කු ප්‍රහාරයේත් මෙයා වැඩකරලා තියෙන්නේ මෙහෙම තමයි. පාස්කු ප්‍රහාරයට මෙයා වගකිව යුතුයි කියලා මේ කතාවෙන් හොඳින් පැහැදිලියි.

:       0       61

THILAKA Thursday, 15 October 2020 05:49 PM

මෙයා කරන හැම වැරැදිම නිලධාරීන්ව අල්ලලා මෙයා බේරෙනවා. ජනාධිපතිතුමනි, මෙය ඔබතුමාගේ අවධානය පිණිසයි.

:       0       43

Prabha Thursday, 15 October 2020 05:50 PM

මෙයාගේ හැකියාවේ හැටියට ලංකාව පොඩි වැඩියි වගේ.

:       0       14

SUDATH Thursday, 15 October 2020 05:51 PM

මේ කතාවෙන් හොඳින් තේරෙයි.., මෙයා වැඩකරලා තියෙන විදිහ. මෙයාගේ වැරැදි අනුන්ගේ පිටේ තියන්න මෙයා හපනා.

:       0       44

KOSALA Thursday, 15 October 2020 05:53 PM

රටේ වගකීම පිළිබඳ වරදට මේ සාක්ෂියම ඇති. මෙයාව අධිකරණය ඉදිරියේ පමුණුවන්න.

:       0       45

THARUNDI Thursday, 15 October 2020 05:55 PM

මේ වරදට මෙයාව උසාවි ගෙනියන්න ඕනේ...

:       0       57

KAMAL Thursday, 15 October 2020 05:57 PM

මේ කළ වරදට 19 තියෙන වෙලාවේ මෙයාව අත්අඩංගුවට ගන්න ඕනේ නේද?

:       0       55

JAYANTHA Thursday, 15 October 2020 06:01 PM

මෙයාව උසාවි අරන් යන්නේ කවද්ද?

:       0       45

Padmapriya Thursday, 15 October 2020 10:04 PM

මම හිතන්නේ සිරිසේන දන්නේ නැහැ අකුරු කියවන්න.

:       0       48

ranjith Thursday, 15 October 2020 11:04 PM

තමන් දන්නේ නැතිව අත්සන් කළා කියලා උක්කුං බබා කතා.. මෙවන් කෙනෙකුට 2015 දි ඡන්දෙ දීලා රටම විහිළුවකට පත්කරගත්තා. ඔක්කොම බොරු, බේගල් දොඩ දොඩා තමන්ගේ නොහැකියාව වහගන්න හදනවා.

:       0       57

janahitha Friday, 16 October 2020 02:08 AM

මොහු ජනපතිකම් කිරීමට සුදුස්සෙකු නොවේ. ජනතාව රවටා මොහු පොදු අපේක්ෂක කිරීමට එජාපය සහ ජවිපේ චන්ද්‍රිකා ප්‍රමුඛ ශ්‍රීලනිපයේ කොටස් රටේ ජනතාවට වගකිව යුතු වෙනවා. සුදුස්සෙක් නම් අගමැතිකම දෙන්නවත් සුදුසු නොවන නිසා රාජපක්ෂලා එය දුන්නේ නැහැ. නමුත් යූ.එන්.පී.ය ඔහු ජනපති කළා.

:       0       28

gamaathi Friday, 16 October 2020 04:26 AM

නූතන කැකිල්ළේ රජු...

:       0       11

Samantha Friday, 16 October 2020 11:53 AM

ඇත්ත කතන්දරේ තමයි මෙයා මීළඟ ජනාධිපතිවරණයට එන්න හිතාගෙන බැරිවුණාම, රාජපක්ෂලා එක්ක එකතුවෙලා ගහපු ගේමක් අතේ පත්තුවෙන එක.. මෙයා රටෙන් ගියේ ඔක්කොම ලෑස්ති කරලා. හිතුවේ නැහැ මේ තරම් ලොකුවට මේ දේ කරයි කියලා...

:       1       13

iraan Friday, 16 October 2020 04:19 PM

මෙයාට ඉතින් ඉංග්‍රීසි බැරි නිසා කියවන්න බැහැ. ඉතින් ඔහේ අත්සන් කරන්න ඇති. ඒකද ජනාධිපති කෙනෙකුගේ වගකීම..? මේ කතාවට මෙයාව හිරේ යවන්න හොඳටම ප්‍රමාණවත් කරයිද මන්දා...? හැබැයි එක රටක්, එක නීතියක් දැන් තියෙන්නේ... අපි බලමු.

:       0       11

janith Friday, 16 October 2020 04:22 PM

මේ ග්‍රාමසේවකට ඉංග්‍රීසි බැරි නිසා තමයි රනිල්ලා එක්ක වැඩ කරන්න බැරිවුණේ.. මේ ලිපිත් ඉංග්‍රීසියෙන් වෙන්න ඇති. ඒකයි මේ..

:       0       8

kamalini Friday, 16 October 2020 04:25 PM

ජනාධිපති කෙනෙක් කියවන්නේ නැතිව ලිපියකට අත්සන් කරනවද? මේක බරපතල වැරැද්දක්. වහාම මෙයාව අත්අඩංගුවට ගත යුතුයි නේද?

:       0       10

thusheni Friday, 16 October 2020 04:32 PM

මෙයා කරපු හැම වැඩේම මේ වගේ තමයි. මෙයා අපේ රත්තරන් රට විනාශ කළා. මෙයාගේ පරම්පරාවම මෙයට වන්දි ගෙවන්න වේවි.

:       0       12

kumari Friday, 16 October 2020 05:57 PM

මොඩකම තමයි.

:       0       7

Bamunuarachchi Saturday, 17 October 2020 12:50 PM

රාජ්‍ය සේවයෙන් අපි ඉගෙනගත්තේ අත්සන් කළානම් අත්සන් කළ පුද්ගලයාට සම්පූර්ණ වගකීම පැවරෙන බවයි. හිටපු ග්‍රාම සේවකයෙක් හැටියට අනිවාර්යෙන්ම එය දැනගෙන සිටිය යුතුයි.

:       1       55

de silva Saturday, 17 October 2020 08:46 PM

මොහුට විරුද්ධව නඩු පැවරිය යුතුයි.

:       0       9

vidya Sunday, 18 October 2020 05:56 AM

බුද්ධියක් නැති අවස්ථාවාදියෙක් කළ මහා අපරාධයක්.. ඕකනේ කොතලාවල මහත්තයා දේශපාලනයෙන් ඉවත්වෙනකොට කිව්වේ... කිසිම උගත්කමක් නැති අමනයින් තමයි මීට පස්සේ පාර්ලිමේන්තුවට එන්නේ කියලා...

:       0       0

fairoos Sunday, 18 October 2020 07:47 AM

මෙහෙමත් ජනාධිපති කෙනෙක් අපිටත් හිටියනේ... චික් විතරක්...!!!

:       0       0

දිසානායක Sunday, 18 October 2020 09:14 AM

මේ වගේ බලන් නැතුව තව මොනවා අත්සන් කරලා ඇත්ද දන්නෑ..

:       0       0

Ramal Sunday, 18 October 2020 01:14 PM

මෙයා තමයි හිස්බුල්ලා සහ අසාද් සාලි ආණ්ඩුකාර වරු කලේ... මතකද දන්නේ නෑ..?

:       1       10

ranjith Tuesday, 20 October 2020 12:44 AM

මේ වගේ කෙනෙකුට ඡන්දයක් දීලා රටේ නායකයා කරපු එක ගැන අද කවුරුත් කම්පා වෙනවා කිසිම වගකීමක් නැහැ.

:       0       9

kumaari Wednesday, 21 October 2020 09:33 AM

මෙයාගේ මේ කතාවට නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදාද? හැබැයි... මේක එකම රටක් එකම නීතියක්...

:       0       0

Ramal Wednesday, 21 October 2020 02:48 PM

කැකිල්ලේ රජාගේ මල්ලී...!!! 

:       0       0

වජිර Saturday, 24 October 2020 10:17 PM

මේ වගක් දන්නවානං මටත් මොකක් හරි දික් කරලා මෙ ගොනාගෙන් අත්සන් කරගන්න තිබ්බා! අල්ලලා හිරේ දාන්න ඕනේ!

:       0       4

hesa Wednesday, 28 October 2020 03:13 PM

කෝම හරි ඡනපති කාර්යාලයට රිංගල සර්ගෙ වත්කමින් 1/2 ක් මගෙ නමට ලියා ගන්නවනෙ.. ෂාහ් අපරාදේ

:       0       0

gag Saturday, 31 October 2020 04:09 AM

මම නම් මේ ගොබ්බසේනව බලයට ගේන්න කතිරය ගහපු පාපයට අහුවෙන්නේ නැහැ. මොකද මිනිහ කව්ද කියල අනුමාන කරලා හිටියේ. දෙන්න කෙනෙක් නැතිකොට දිනන් නැති කෙනෙකුට කතිරේ ගැහැව්වා.

:       0       2

nimal Sunday, 01 November 2020 05:01 PM

මෙයා කියන්නේ මම හිටියේ පඹයෙක් විදියට විතරයි කියලා.

:       0       1

irandi Sunday, 22 November 2020 12:00 PM

මෙයාව ගෝල්ෆේස් ගෙනිහිල්ලා උල තිබ්බත් හරියයිද රටවැසියනි...?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 343 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 81 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 666 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 313 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 131 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 342 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site