IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


විස්සේ දේශපාලන කලියුගය

දැන් ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය සම්මත කර ගත් පසුව මෙරට පාර්ලිමේන්තුවට සිදුවිය හැකි අලකලංචිය ද රටටත් රටවැසියාටත් බරපතළ විය හැකිය.

අවුරුදු 100කට පමණ පසුව අද ලංකාවේ විසිවැනි සංශෝධනයෙන් කරන්නට යෝජනා කරන්නේ ද 1930 ගණන්වල ජර්මනියේ පාර්ලිමේන්තුව අකර්මන්‍ය කළ ආකාර වෙනස්කම් ටිකකි. ලංකාවේ ජනාධිපතිවරයාට නීති සෑදීමේ බලය ලබාදෙන යෝජනා 20හි අඩංගුය. ජනමත විචාරණයක් මගින් හදිසි පනත් සම්මත කිරීමේ අයිතිය, පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයන් ඉවත් කිරීම හා පත් කිරීමේ බලය, පාර්ලිමේන්තුව පත්වී වසරක් ගෙවී ගිය විට ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමේ බලය ආදී පාර්ලිමේන්තුව අඩපණ කරන බලතල ජනපති සතුය.

20ට ජනවරමක් ලැබුණාද?
ලංකාවේ ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය එපා කියා 20 ගෙන ඒමට ජනතාවගෙන් අතිබහුතරය බලය ලබා දී ඇති බව සෞභාග්‍ය ආණ්ඩුව කියයි. ඇතැමුන් කියන්නේ යහපාලන ආණ්ඩුවේ දුර්වල ක්‍රියාකාරකම් හේතුවෙන් ඉච්ඡාභංගත්වයට පත්වූ ජනතාව ජනාධිපතිවරයාද සෞභාග්‍ය ආණ්ඩුව පිහිටුවීමට ඉතසිතින් කටයුතු කළ බවය. එය සැබෑවකි. එහෙත් ප්‍රශ්නය වන්නේ එකී ජනතාව 20හි සඳහන් ආකාරයට, රටේ නීතියට ඉහළින් සිටින රජකු ව්‍යවස්ථානුකූලවම තනන්නට අවසර දුන්නාද යන්නය.

පසුගිය ජනාධිපතිවරණයේදී ‌සහ මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනය ලෙස භාවිත කෙරුණු “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන එන බව පමණි. ඒ සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන බවද සඳහන්ය. විසිවැනි සංශෝධනයක් ගැන ඉඟියක් හෝ නැත. මැතිවරණ වේදිකාවේදී, තමන්ද අත ඔසවා සම්මත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන බව ප්‍රකාශ කළ ද යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධනයක කුමක් අඩංගු වන්නේද යන්න කීවේ නැති තරම්ය. උදාහරණයක් ලෙස, රාජ්‍ය සමාගම් විගණකාධිපතිගේ විගණනයෙන් ඉවත් කරන බව කීවාද? ඇමති මණ්ඩලයට පනවා ඇති සීමාව ඉවත් කොට කැමති තරම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට බලය ලබා ගන්නා බව කීවාද? ජනාධිපතිවරයා ව්‍යවස්ථාව රැකීමට බැඳී සිටීය යන වගන්තිය ඉවත් කරන බව කීවාද? නැත. ඒසේ කීවා නම්, ජනතාව එය අනුමත කරනු ඇත්ද? නැත. නව ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ජනතාව අනුමත කොට තිබේ යැයි තර්ක කළ හැකිය. එහෙත්, යෝජිත සංශෝධනවලට ජනතා වරමක් ඇතැයි තර්ක කළ නොහැකිය. සැබැවින්ම, මේ සිදුවන්නේ ජනතාව විශ්වාසයෙන් ලබා දුන් ජනවරමක් විකෘති ලෙස අර්ථ ගැන්වීමේ තැතකි.


ව්‍යවස්ථාවෙන් රජුන් තැනීම
නූතන ලෝකය තුළ ව්‍යවස්ථාදායක රජුන් ගොඩනැගූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බහුල නොවෙතත් ප්‍රචලිත ව්‍යවස්ථා කීපයකි. එකක් වන්නේ මේ තාක් වැඩිම කාලයක් බලය රඳවා ගන්නට සමත් වූ උතුරු කොරියානු ව්‍යවස්ථාවයි. දෙවැන්න ඊජිප්තු ව්‍යවස්ථාවයි. තුන්වන තැනට දමන්නට වන්නේ චීන ව්‍යවස්ථාවයි. එලෙස සංකේන්ද්‍රණය වූ විධායක බලය හේතුවෙන් රටේ සංවර්ධනයට ඇති වූ දායකත්වය සලකා බැලූ කල චීනය ඉදිරියෙන් සිටිය ද අදටත් උතුරු කොරියාව දුප්පත්කමේ අගාධයේ සිටින රටකි. ඊජිප්තුව ගතහොත් එහි ඇත්තේ අමුතුම පාලනයකි. ඉන්නේ අධිබලැති ජනාධිපතිවරයෙකි. පාර්ලිමේන්තුව කියා දෙයක් තිබුණ ද එය නීති හදන්නේ එරට ජනපතිට අවැසි ලෙසටය.


ජේ.ආර්. ගෙනා අධි බල ජනාධිපති මොඩලය
රටක සංවර්ධනය සහ ආරක්ෂාව  සඳහා අධිබලැති විධායකයක් අවශ්‍යවන්නේ යයි සිතන්නේ සහ තර්ක කරන්නේ ලෝකය පිළිබඳ තතු නොදන්නෝම වන්නෝය. ලෝකයේ දැනට පවතින කාර්යක්ෂම ආරක්ෂාව පවතින ජාතික රාජ්‍යය වන්නේ ඊශ්‍රායලයයි. එම රට පාලනය කරන්නේ අගමැතිවරයකු ප්‍රධාන කැබිනට් මණ්ඩලයක් මගිනි. ඊශ්‍රායලය ආරක්ෂාවෙන් මෙන්ම සංවර්ධනයෙන්ද අගතැන්පත් රටකි.

අගමැති ක්‍රමයක් සහිතව ලෝකය තුළ සංවර්ධනය අතින්ද ආරක්ෂාව අතින්ද බැබලෙන තවත් රටක් වන්නේ ජපානයයි. ජපානයට අඩුම තරමින් ආරක්ෂක හමුදාවක් පවත්වාගෙන යාමට පවා එරට ව්‍යවස්ථාවෙන්ම තහංචි පනවා තිබේ. ඉන්දියාව දැවැන්ත රටකි. එය දුවවන්නේ ද අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් මගිනි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පවතින ලොව විශාලතම රට එයයි.

රටක් සංවර්ධනය කිරීම සඳහා අධිබලැති විධායක බලයක් අවශ්‍යවන්නේ යයි කියන තර්කය අප උකහා ගෙන තිබෙන්නේ නැගෙනහිර ආසියානු රටවල සිදු වූ සංවර්ධනය දෙස බලමිනි. අද වන විට එය අවුරුදු පනහක් පැරැණි තර්කයක් බව කිව යුතුව තිබේ. මෙම තර්කය ලංකාවට පළමුව ආනයනය කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන විසිනි. ඒ සඳහා ඔහු 78 ව්‍යවස්ථාව හඳුන්වා දුන්නේය. එය ප්‍රංශ අමරිකානු හා බ්‍රිතාන්‍ය ව්‍යවස්ථා ආකෘතිවල සංකලනයකිනි. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය  තුළ පිළිගත් බල විභේදනය කිරීමේ නියාමය නග්න ලෙස කඩ කර තිබුණි.

ප්‍රංශ දාර්ශනිකයකු වූ මොන්ටෙස්ක්‍යු පවසා තිබුණේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනැගීමට නම් රාජ්‍යයේ ප්‍රධාන අවයව තුන වන ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය එකිනෙකට ස්වාධීනව පැවතිය යුතු බවත් එක් අවයවයක් අනෙක් අවයවය මත සම්බන්ධීකරණ හා අධීක්ෂණ කාර්යක් සිදු කළ යුතු බවත්ය. ආණ්ඩුක්‍රම නීතියේ සහ දේශපාලන විද්‍යාවේ එන තුලනය හා සංවරණය ඉදිරියට එන්නේ මෙම සංකල්පය මත පිහිටාය. ඕනෑම රටක මෙම සමතුලිතතාව බිඳවැටුණු විට සමාජය අස්ථාවර වන්නේය. මේ සඳහා වන කදිම න්‍යායික තර්කනය ගොඩනඟා තිබෙනුයේ 1947 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය මගිනි. එමගින් කියැවෙනුයේ රටක නීතිය මගින් මානව හිමිකම් සුරැකීමට අපොහොසත් වේ නම් මිනිසුන් එම නීතිය හෝ ක්‍රමයට එරෙහිව කැරැලි ගැසීමට පෙළඹෙන බවය.

ඒ පිළිබඳව කදිම උදාහරණය සපයන්නේ ද ජේ.ආර්. යුගයයි. ඔහු ‘ගැහැනියක පිරිමියකු කිරීමට පමණක් නොහැකි තරම්’ බලය සියතට ගත්තද බලාපොරොත්තු වූ වේගවත් සංවර්ධනය ලබා ගැනීමට හැකි නොවුණේය. ඒ වෙනුවට, උතුරේ ද දකුණේ ද කැරැලි දෙකක් හට ගත්තේය. වෘත්තීය සමිති අරගල ඇති වී කාර්මික සාමය අඩපණ වූයේය. දීර්ඝ කාලයක් සමාජය තුළ කතා බහට ලක්ව තිබූ අධි බලැති විධායකයක් රටට හිතකර නොවන්නේය යන තර්කය දේශපාලන සටන් පාඨයක් වූයේ 1994 සිට ඉතිහාසයෙන් ලැබූ පාඩම්වලිනි. මෙරටට නැගෙනහිර ආසියාවේ අත්කරගත් සංවර්ධනය එනම් ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් මරා ලබා ගන්නා සංවර්ධනය පිළිබඳ මොඩලය නොසරිලන බව විනාශ වූ අතිමහත් භෞතික හා මානව සම්පත් හමුවේ ඒත්තු ගැනීම නිසාය. ආණ්ඩුක්‍රමයට 17 වැනි  සහ 19වැනි සංශෝධන ගෙන ඒම පසුපස තිබුණු චින්තනය නම්, එකී අධිබල මොඩලය මෙරටට විනාශය මිස සුගතිය නොගෙන එන බව පිළිබඳව තිබූ අවබෝධයයි.


අවනීතියට පාර කැපීමක්
සම්මත කෙරුණු 19 සංශෝධනය තුළ පැවති මෙම තුලනාත්මක ගුණය, 20 වැනි සංශෝධනයෙන් පරාජය කරන්නට උත්සාහ දරන්නේ කාර්යක්ෂම හා ශක්තිමත් විධායක ජනාධිපතිවරයකු ගොඩනඟන්නට නම්, මේ පරස්පර විසඳා ගත යුතුය. පළමු පරස්පරය නම් ව්‍යවස්ථාවේ 33(1) වගන්තිය ඉවත් කිරීමයි. ඉන් කියවෙන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රමය රකින්නට, සමාජ ඒකාග්‍රතාවය රකින්නට, ව්‍යවස්ථාවේ සඳහන් තුලන හා සංවරණ ක්‍රම රකින්නට හා නිදහස් හා සාධාරණ මැතිවරණ පවත්වන්නට වගකීම දරන බවයි. මේ වගකීම්වලින් ජනාධිපතිවරයා නිදහස් කර තිබෙන්නේ කුමක් සඳහා ද? ඒ බලතල හා වගකීම් අතහැර සුපිරි සංවර්ධනය ලබා ගත හැකිද?  දෙවැනි පරස්පරය නම්, ඉහළ අධිකරණවල විනිසුරුවරුන් සහ විගණකාධිපතිවරයා පත්කිරීම හා ඉවත් කිරීම ජනාධිපතිවරයා අතට පත් කරන්නේ ඇයිද යන්නයි. අධිබල සංවර්ධනයට මේ නීතිය සහ විගණනය තමා යටතට ගැනීම අවශ්‍ය ද?

යෝජිත 20 වැනි සංශෝධනය හරහා දැවැන්තම ප්‍රහාරය එල්ලවීමට ඉඩ තිබෙන්නේ රාජ්‍ය පොදු මුල්‍ය පරිපාලන පිළිවෙතටය. එය අගමැතිවරයාගේ බලතල අඩුවීමට හෝ ජනාධිපතිට එරෙහිව මානව හිමිකම් නඩුවක් පැවරීමට ඇති අයිතිය නැතිවීමට වඩා රටට හා සමාජයට ප්‍රබලව දැනෙනු ඇත.

ගාණක් මිම්මක් නැති රටක්
ගඟේ මුහුදේ දැම්මත් ගාණක් මිම්මක් තියෙන්න ඕනෑ යැයි කතාවක් තිබේ. 20 වැනි සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය හොඳින් කියවන්නකුට විගණකාධිපතිවරයා ද ඔහුගේ විගණක සේවය ද ස්වාධීන මුල්‍ය පාලනයකට අවැසි අනෙක් උපාංග ද බිඳ දමා රාජ්‍ය විගණනය දේශපාලනඥයන්ගේ බලයට නතු කිරීමට කටයුතු යොදා ඇති බව හොඳින් පැහැදිලි වන්නේය. එහි පළමු පියවර වී ඇත්තේ 20 වැනි සංශෝධනයෙන් විගණකාධිපති ජනාධිපතිගේ අනුකම්පාව යටතේ සේවය කරන රාජ්‍ය නිලධාරියකු බවට පත් කිරීමය. යෝජිත 20 වැනි සංශෝධනයේ ඇති 6, 31, 32 සිට 39, 40, 54 සහ 55 යෝජනාවලින් ඒ බව මැනවින් පැහැදිලි වෙයි.

ඒවායින්, 6 වැනි යෝජනාව කියන්නේ එතෙක් ස්වාධීන තනතුරක්ව තිබූ විගණකාධිපතිවරයා ජනාධිපතිගේ අනුකම්පාව හා අභිමතය මත පත් කිරීම හා ඉවත් කිරීම සිදුකරන බවය. එසේම එම තනතුරට පුද්ගලයකු පත් කිරීමේදී ඔහු හෝ ඇයගේ පරිචය සුදුසුකම් අනවශ්‍ය බව 31 වැනි යෝජනාවේ හරයයි.

විසිවැනි සංශෝධනයේ 40 යෝජනාව මගින් කියන්නේ විගණකාධිපතිගේ විගණන වපසරිය අඩුකරන බවය. එනම් ජනපති කාර්යාලය ද අගමැති කාර්යාලය ද රාජ්‍ය සමාගම්ද රාජ්‍ය විගණනයෙන් ඉවත් කරන බවය. යෝජනා 54 හා 55 කියන්නේ ජාතික ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරන බවය.

මේ යෝජනා සමස්තය මගින් කියැවෙන්නේ ව්‍යවස්ථාවේ XVII පරිච්ඡේදයේ දැනට පාර්ලිමේන්තුව සතුව ඇතැයි පිළිගෙන ඇති ශ්‍රී ලංකා ජනරජයේ මුල්‍ය ස්වාධිපත්‍යය (fiscal sovereignty) පාර්ලිමේන්තුවෙන් ගලවා, ජනාධිපති යටතට ගන්නට බව මනාව පැහැදිලි වන්නේය.

ප්‍රසම්පාදන කොමිසමක් නැති කලට නිසි පටිපාටි අනුගමනය නොකරන ටෙන්ඩර් දෙනවාද නැද්ද මින් පසුව තීරණය කරනු ඇත්තේ දේශපාලකයාය. නිසි ක්‍රමවේද අනුගමනය කරන රාජ්‍ය ආයතන නොවේ. එම තීන්දු රට ඉතා වේගයෙන් සංවර්ධනය කිරීමට ඉවහල් වන තීන්දු ද නැද්ද යන්න පිළිබඳ අනාගතය තීරණය කරනු ඇත. කුමන චේතනාවකින් සිදු කළ ද 20 මගින් වංචාවට දූෂණයට සානුබල සපයන පරිසරයක් ඇතිවන බව නම් ලංකාවේ හැටි දන්නා ජනතාවට නොවකිවමනාය.

හයෙන් පහක බලයක් ලැබූ ජේ.ආර්. ආණ්ඩුව වසර දෙකක් තුළ දැඩි ජනතා අප්‍රසාදයට ලක් වූයේ ද මෙවැනිම අධිබල ව්‍යවස්ථා නිර්මාණය සහ තති බල පාලනයක් හේතුවෙන් බව කනගාටුවෙන් වුව ද සිහිපත් කළ යුතු වේ.

දේශපාලන කණ්ණාඩි පළඳින්නේ නැතිව මේ උදා වී ඇති අභියෝගය දෙස බැලීමට අපට හැකි විය යුතුය. මෙම විසිවැනි සංශෝධනය සම්මත වුවහොත් ඇති අවදානම වෙනදා මෙන් නොවේ. 1978 ව්‍යවස්ථාව මෙන් අපට සදාකල් දුක් විඳින්නට වන කරුමය ඇරඹුමකි.

(***)



අදහස් (14)

විස්සේ දේශපාලන කලියුගය

Champa Wednesday, 14 October 2020 09:21 AM

ජනාධිපතිවරයාට මීටවඩා බලතල තිබිය යුතුයි කියලා සමහර හාමුදුරුවරු කියනවා. තව සමහරු කියනවා ජනාධිපතිවරයාට රට හදන්න විධායක බලය තියෙන්න ඕනෙලු. ඔවුන් 20ට පක්ෂ ඒ හින්දලු. එතකොට ඔහුට රට හදන්න ද්විත්ව පුරවසිභාවයත් අවශ්‍යද? පාර්ලිමේන්තු බලය, අධිකරණ බලය සහ විගණන බලයත් අවශ්‍ය රට හදන්නද නැත්නම් අතීතයේ මෙන් භීෂණය ඇති කරන්නද? කතා කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න සහ වංචාව, දූෂණය හරහා ඔවුන් සංවර්ධනය වෙන්නද? සමහරු හිතනවා ඔහු හරි අවංකයි කියලා. ඡන්දයට ඉදිරිපත් වුනෙත් බොරු ලියකියවිලි වලින්... තව මොනවද? මේ කියන්නේ උසාවියේ තිබ්බ නඩු ගැන නෙමෙයි. නඩු වැටුණු නැති කරුණු ගැන. ටෙන්ඩර් ගනුදෙණුවල විනිවිද භාවයක් තිබුණේ නැහැ. ඒවාට විරුද්ධ පුද්ගලයන් අභිරහස් ලෙස මිය ගියා. සමහරුන්ට තනතුරු නැති වුණා. එවන් පුද්ගලයෙකුට කලිනුත් තිබුණාටත් වඩා අධි බලයක් ලැබුණු විට සිද්ධ වෙන දේ ගැන තවත් කියන්න අවශ්‍ය නැහැ...

:       2       7

nimalWednesday, 14 October 2020 09:08 PM

චම්පා මේ බොරුවට කෑගහන්න එපා අපි 20 ගෙන්න තීන්දු කරලා තියෙන්නේ. පුලුවන්නම් ලංකාවේ ඉස්සර කාලේ වගේ ලොකු තොවිලයක් වත් කරලා උත්සහ කරලා බලන්න 20 සම්මත කරගන්න එක නවත්වා ගන්න පුලුවන්ද කියල. කොහොම කවුරු මොන කස්තිරම් දැම්මත්, මොන සෙල්ලම් දැම්මත් අපි 2/3කින් 20 සම්මත කරනවා. සුළු ජාතික පක්ෂ අපට සහයෝගය දෙනවා.

:       3       1

ChampaThursday, 15 October 2020 02:16 PM

තොවිලයක් නේද? මෙච්චර කල් කතා කරන්න බැරිවුණු මාතෘකාවක්. දුන්නු අවස්ථාවට ස්තුතියි. පස්සේ පසුතැවෙන්න එපා හැබැයි..., මේකට තොවිලයක් අවශ්‍ය නැහැ. තොවිලයකින් කරන්නේ සුවපත් කිරීමක්... 20 සම්බන්ධව කරන්න තියෙන්නේ දඬුවම් කිරීමක්. මහසෝනට අඬගහලා වැඩේ බාර දෙන්න තියෙන්නේ. කොස්සකට තියෙන්නේ මිනිස්සු සුවපත් කරන්න කියපු මහසෝනාටම, මිනිස්සුන්ට දඬුවම් කරන්න කිව්වාම වෙන පටලැවිල්ල... මහසෝනා එක මකුණට මකුණෝ ඔක්කෝමටම දඬුවම් දෙන තියරිය පාවිච්චි කළොත් නවත්තගන්න විදිහ දන්නේ නැහැ. සිද්ධ සූනියම් නම් සමහරු බන්ධන වලට අල්ලගන්නවා. මහසෝනා අපේ කෙනෙක් හින්දා නාහෙට අහන්නේ නැහැ. හැබැයි, අල්ලපු රටක බලගතු මන්තරකාරයෙක් ලව්වා ලංකාවම තමන්ට නතු කරගන්න කරපු බන්ධනය නම් කපන්නම ඕනේ... අතීතයේත් තිබුණා. නමුත් මේ බන්ධනය නැවත නැවත අලුත් කරන බලගතු එකක්... කොච්චර බලගතුද කිව්වොත් බුද්ධ බලයත් යටපත් වෙලා තියෙනවා. සියලු බෞද්ධ සිද්ධස්ථානවල බලය බිඳිලා... පිරිත්වල පවා බලය අඩු වෙලා තියෙනවා. හැබයි මේක මොනතරම් බලගතු බන්ධනයක් වුණත් කපන්න ලේසියි. එකම දේ අවශ්‍ය තත්වය නිර්මාණය වෙන්න ඕනේ. වෙලාව හරි වෙච්ච ගමන් කරන විදහ කියන්න පුළුවන්. (මන්ත්‍රවල අයිතිය තියෙන්නේ රාවණාට...)

:       2       1

Champa Wednesday, 14 October 2020 09:40 AM

ජ්‍යෙෂ්ඨ රාජපක්ෂ මහත්වරු ගත කරන්නේ ජීවිතයේ සැඳෑසමය. ඔවුන් ජීවත් වෙන්නේ අද ගැන හිතලා. තීරණ ගන්නේ ඔවුන්ගේ පරපුර ගැන හිතලා. ඒ හින්දා 20න් අනාගතේ රටට සිද්ධ වෙන දේ ගැන ඔවුන්ට වගේ වගක් නැහැ. තනි පුද්ගලයෙක් වටා අධි බලයක් ඒකරාශී කරන එක අවශ්‍ය ඔවුන්ගේ අනාගත පැවැත්මට මිසක්... රටේ පැවැත්මට නෙමෙයි. හැබැයි ඔවුන්ගේ සැලසුම් වරදිනවා. එකක් තමයි ජනාධිපතිවරයාට නැවත කිසිදවසක සිංහල බෞද්ධ ඡන්දයෙන් බලයට ඒමට නොහැකි වීම... නිදහස් ස්වාධීන මැතිවරණයක් තිබ්බොත් ඔහු කවදාවත් නැවත ජයග්‍රහණය කරන්නේ නැහැ. ඒ හින්දා අනාගතයේ බලය පවත්වා ගෙන යාම වෙනුවෙන් අධිබලයක් අවශ්‍යයි.

:       2       5

Champa Wednesday, 14 October 2020 09:41 AM

20 වෙනි සංශෝධන සම්මත වෙච්ච ගමන් ජනාධිපතිවරයාට ඇමරිකන් පුරවැසියෙක් වීමේ අයිතිය ලැබෙනවා. නාමයෝජනා දෙන කොටත්, ජනාධිපතිවරණය තියෙන කොටත් විතරක් නෙමෙයි දිව්රුම් දෙනකොටත් ඇමරිකන් පුරවැසියෙක්. ඔහුගේ අත්සන වලංගු නැහැ. ඒ හින්දා 20න් ද්විත්ව පුරවැසි අයිතිය අරගෙන ඒ වලංගු භාවය ගන්නවා. 2007 ඒසීඑස්සී ගිවිසුම ඇමරිකන් පුරවැසියෙක් විදිහට අත්සන් කළා වගේම දැන් එම්සීසී ගිවිසුමත් සෝෆා ගිවිසුමත් අත්සන් කරන්නේ ඇමරිකන් පුරවැසියෙක් විදිහට. හැබැයි තව දවස් 19කින් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් දින්නොත් එම්සීසී සල්ලි ලැබෙන්නේ නැහැ. ඔවුන් ඒ සල්ලි නවත්තනවා. එතකොට ලංකාව අත්සන් කරපු එම්සීසී සහ සෝෆා ගිවිසුම්වලට හිරවෙනවා. අතීතයේ අපේ සිංහලයන් දකුණු ඉන්දියානු සංක්‍රමණිකයන් සහ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ට විරුද්ධව කැරලි ගැහැව්ව විදිහටම අනාගතේ ඇමරිකන් සහ ඉන්දියන්වරුන්ට විරුද්ධව අවි අතට ගනියි. අතීතයේ මෙන් නොව මෙවර ඒ කැරලි වෙනත් රටවල සහයෝගයත් ලැබෙයි. 20 අන්තිමට පාර කපන්නේ මහා ලේ ගංගාවකට. දැනට ඉන්නෙත් සිංහලයන් මිලියන 15යි. අනාගතේ එයිනුත් වැඩි පිරිසක් මිය යයි. සිරගත වෙයි.

:       1       2

CiscoWednesday, 14 October 2020 10:12 AM

චම්පා, ඔයා බොරු ගොඩක් කියනවට අමතරව ලොකු හීනත් දකිනවා.

:       3       1

ChampaWednesday, 14 October 2020 11:24 AM

මගේ නම් ලේ කලවම් නැහැ. ඒ හින්දා කැක්කුමක් තියෙනවා. හැබැයි ඔය වගේ කලවම් ලේ තමයි ඇත්ත වහන්නේ... සිංහල රට ඉංග්‍රීසින්ට පාවාදුන් උඩරැටියෝ අද උතුම් දළදා වහන්සේ අයිති කරගෙන. සිංහලයින්ට විරුද්ධව සටන් කරන්න ඉංග්‍රීසින් ගෙනාපු කුලී මැලේ හමුදාවෙන් පැවත එන මැලේ ජාතිකයෝ අද රටේ අධිකරණ බලය අල්ලාගෙන. දකුණු ඉන්දියාවේ මලබාර්වරුන්ගෙන් පැවත එන දෙමල සහ මුස්ලිම් ජාතිකයෝ සිංහල ඉඩම් අල්ලාගෙන. බත්ගම සිංහල කළු සුද්දෝ, සුද්දන් එක්ක එකතු වෙලා ලංකාවේ ඉපදිච්ච බුදුරජාණන් වහන්සේ ඉන්දියාවට දුන්නා. දන්නවද, ඉංග්‍රීසින් ඉන්දියාව සහ ලංකාව අල්ලගන්න ඉස්සෙල්ල අද කතා කරන මහානාම ලිව්වා කියන මහාවංශයක් ගැන කවුරුවත් දැනන් ඉඳලවත් නැහැ. පුළුවන් නම් මේ ටිකත් බොරු කියලා ඔප්පු කරන්න. මේ ජාතියේ සියල්ලන්ටම ඕනේ ලංකාවේ සිංහල බලය නැති කරන්න. 20ට සහයෝගය දෙන්නේ ඉහත පිරිස්. නියම සිංහල ලේ තියෙන කිසි කෙනෙක්ට බැහැ තමන්ගේ ජාතිය නැති කරන්න හදන හැටි බලන් ඉන්න. ඒක ඇඟට දැනෙනවා. ලේ වලට දැනෙනවා.

:       3       2

ChampaWednesday, 14 October 2020 11:39 AM

ඒ විතරක් නෙමෙයි. බෞද්ධයින් ලංකාවෙන් තුරන් කරන්න, බුදු දහම පිළිබඳ ඔවුන්ගේ භක්තිය නැති කරන්න, පන්සලෙන් ඈත් කරන්න, බුදුරජාණන්වහන්සේ දේශනා කල ධර්මය කාලෙක ඉඳන් විකෘති කරනවා. නුසුදුසු දේ බණ විදිහට කියන්නට ඉඩ දෙමින් බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මය විකෘති කිරීමට ඉඩ දීලා අහක බලා ඉන්න මහනායක අනුනායක හිමිවරුන්ට 20න් රටට මොනවා වුණත් ගාණකුත් නැහැ.

:       2       2

nihalWednesday, 14 October 2020 11:49 PM

චම්පා, ජනාධිපතිතුමත් දකුණේ සිංහල ලේ තිබෙන කිසි කෙනෙකුට බය නැති කෙනෙක්... හොඳට වැඩ පෙන්නපු කෙනෙක්....

:       3       2

ChampaThursday, 15 October 2020 02:27 PM

මොන බොරුද? දකුණේ සිංහලයෝ කිසි දවසක රට, ජාතිය පාවා දුන්නේ නැහැ. දකුණේ ඉන්නේ දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා අතීතයේ අනුරාධපුර, පොළොන්නරුව රාජධානිවලින් දකුණට සංක්‍රමණය වුණු නියම සිංහල, යක්ඛ ලේවලින් පැවත එන සිංහල ජනතාව... ඔවුන් කවදාවත් රට, ජාතිය, ආගම පාවාදෙන්නේ නැහැ. දකුණේ කරාව කියලා කියන්නෙත් අතීතයේ හිටපු සිංහල නාග ජනවර්ගය බව ඔවුනුත් දන්නේ නැහැ. ඔවුන්ට කියලා තියෙන්නේ දකුණු ඉන්දියාවෙන් ආවා කියලා. හැබැයි ඔබේ කට්ටියට නම්, යන්ත්‍ර මන්ත්‍ර රත්තරන් සුරගුරුකම් කොඩිවින පේන අංජනම් නැතුව බලය රැකගන්න බැරි පිරිසක්...

:       2       1

NIHALSaturday, 17 October 2020 12:27 AM

චම්පා ඇත්තටම මේ රජයට බනින්නේ මොනවා කළාටද? කොරෝනා පාලනය කරපු නිසාද? දේශීය ආර්ථිකයක් ගොඩනගන්න උත්සාහ කරන නිසාද? යුද්ධය ඉවරකරපු නිසාද? රජය පිහිටුවලා තව මාස 3ක් වත් නැහැ. නිකන් බොරුවට අදහස් පලකරන එපා. රටේ ආර්ථිකය ගොඩනගන්න, ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ජනාධිපතිතුමාට බලය වුවමනා වෙනවා. 20ගේනවා කියන්නේ රට ආරක්ෂා වෙනවා. එ් කියන්නේ චම්පා වගේ කට්ටියට බය නැතිව ජීවත් වෙන්න පරිසරය සකස් වෙනවා. බයවෙන්න එපා ජනධිපතිතුමා මෙරට හදලා ගන්නවා ටිකක් ඉවසාගෙන ඉන්න...

:       1       2

ChampaMonday, 19 October 2020 12:18 PM

නිහාල් ආණ්ඩුව ගොඩනගලා මාස 3 යිලු. එකතු කිරීම අමාරුයි වගේ... ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට ඊළඟ මාසෙට අවුරුද්දක්... අගමැති සහ ආණ්ඩුව අලුත් වුනේ නැහැ. ඉස්සෙල්ලා හිටපු පිරිසමයි පත් වුනේ... යුද්ධය සම්බන්ධ තීරණ ගත්තේ තමන් නොවෙන බව ජනාධිපතිවරයා අපේක්ෂකයෙක් විදිහට ශැංග්‍රිලා හෝටලයේ තිබ්බ පළවෙනි පුවත්පත් සාකච්ඡාවේදී කිව්වා මතක නැත්ද? ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ද්විත්ව පුරවැසිභාවය ඕනේ කියලා අපි නම් 20න් තමයි දැන ගත්තේ... රටේ ආරක්ෂාවටද "ලංකාව ඒකීය රටක්" කියන වගන්තිය 20න් ඉවත් කරලා ඒකීය රට ආරක්ෂා කරනවා කියන ව්‍යවස්ථාවේ බලගතුම වගන්තිය අක්‍රීය කළේ? මම ලියන්නේ හොඳට දැනගෙන. ඔබ ලියන්නේ නොදැන...

:       0       0

Champa Wednesday, 14 October 2020 09:50 AM

ගිය අවුරුද්දේ මැයි මාසේ රනිල්ට එම්සීසී ගිවිසුම අත්සන් කරන්න මේ ඇමරිකන් පුරවැසියන් දෙන්නත් එකතුවෙලා ඉන්දියාව සහ ඇමරිකාවේ උදව්වත් ඇතුව පාස්කු ප්‍රහාරය දියත් කළා. සැලැස්ම වුනේ සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කරලා ඒ වෙනකොටත් ලංකා මුහුදේ නවත්තලා තිබ්බ ඇමරිකන් නැවේ හිටපු ඇමරිකන් හමුදාව රටට ගොඩ බස්සන්න. වැඩේ ගැන කොච්චර විශ්වාසයක් තිබ්බද කිව්වොත් "නිව් ජෝක් ටයිම්ස්" එක වේලාසනම ලිපියකුත් සකස් කරලා තිබ්බා. පාස්කු ප්‍රහාරය වෙලා පැය දෙක තුනක් ඇතුළත, ලංකා ආණ්ඩුව ප්‍රකාශයක් නිකුත් කරන්නත් ඉස්සෙල්ලා, ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා ලංකාවේ "මිලියන් ගණන් මිනිස්සු මිය ගිහින් කියලා. ඒ තරම් ෂුවර් එකක් තිබ්බා. පස්සේ ඒ ගාන සිය ගාණක් කියලා වෙනස් කරා, හිතපු විදිහට ජාතිවාදී කලකොලාහලයක් ඇති වුනේ නැති හින්දා. දැන් 20 සම්මත කරගෙන, නැවත එම්සීසී ගිවිසුම ගේන්න කොරෝනා කලබලයක් රටේ ඇති කරලා තියෙනවා. මිනිස්සු රැවටිලා කොරෝනා පස්සේ දුවනවා. 20 සම්මත කරගත්තොත් අනාගතේ ඒ ගොල්ලන්ගේ සැලසුම් එකක්වත් හරි යන්නේ නැහැ. හේතුව 20 භයානකම සිංහලයන්ට පහුවෙලා හරි වැටහිලා ඔවුන් ඊට විරුද්ධව වැඩ කරනවා.

:       2       4

සෙනෙවිරත්න Sunday, 18 October 2020 05:56 AM

ලංකාවේ අයට පාඩම් ඉගෙන ගන්න දෙයක් වෙන්නම ඕනෑ. අපිත් බලමු 2/3 න් සම්මත වෙන හැටි... අනෙක තමන් බලයට ගේන්න උදව් කරපු මහා සංඝරත්නයට පවා එරෙහිව... සංඝ සභාව කියන්නේ අපි කියන එකමයි. රටේ සංවර්ධනයට ද්විත්ව පුරවැසිකම විගණනය වගන්තිය වෙනස් කරන්නේ ⁣කුමටද? යන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වැඩකරන ජනතා උරුමය
2024 මැයි මස 01 361 0

කම්කරු පන්තියේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා දිගුකලක් තිස්සේ පවත්වාගෙන ගිය අරගල සමැරීම සඳහා මැයි දිනය යොදා ගැනේ. පසුගිය කාල පරිච්ඡේදයේ වැඩි වශයෙන්ම


මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු
2024 මැයි මස 01 36 0

ජාත්‍යන්තර මැයි දින සැමරුම අදට යෙදී තිබේ. වැඩ කරන පන්තියේ ජනයාගේ ශක්තිය එක මීටට එකතු කර සකල අගති කුදලා දමන අරගලයට පණ පොවන මැයි දිනය වෙනුවෙන් කැපවන කම්කර


සමාජ සාධාරණත්වයට කැප වූ නායකයා
2024 අප්‍රේල් මස 30 313 2

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණ සමරුව හෙටට (01) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ආර්ථිකය දුර්වල ගමනක?
2024 අප්‍රේල් මස 30 461 0

ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ. බැංකු පනත සංශෝධනය කර ස්වාධීනත්වය ඇතිකරන නමුත් ආකෘතිගත රාමුව නොවෙනස්ය. රාජ්‍ය ප්‍රති


ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු
2024 අප්‍රේල් මස 30 515 0

බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීප


ආර්ථිකයේ ඉදිරි ගමනේ දුෂ්කරතා
2024 අප්‍රේල් මස 29 457 4

ආර්ථිකයේ තත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, විසඳාගතයුතු කරුණු ජා.ජ.බ. සමග විවාදය යනාදී කරුණු සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site