IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


භීෂණය මැද ජීවිත 14 ක් බේරාගත් සුජීවනීගේ කතාව

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පාස්කු ඉරිදා සිදුවු අවාසනාවන්ත සිදුවීම මැකි යන්නට පෙර නැවත රටපුරා සිදුවු අවාසනාවන්ත සිදුවිම් මාලාව අමතක කළ නොහැකිය. ඒ සිදුවිම් මාලාව අතර තුම්මෝදර  මැල්ලකැලේ ජනපදයේ පදිංචි සුජීවනී චන්දිමා තම අසල්වාසි මුස්ලිම් හිතවතුන්ගේ ජීවිත බේරා ගෙන නිවාස ද ආරක්ෂා කර දුන්නේ ලෝකයටම අලුත් පණිවිඩයක් දෙමිනි.

ගෙවී ගිය 13 දින ප්‍රචණ්ඩකාරී හා කලහාකාරී ලෙස කල්ලි ගැසී ජනතාවගේ දෙපළ වනසමින් සැරිසැරු 500 කට ආසන්න තරුණයින් පිරිස සවස 6 පමණ විට නාත්තන්ඩිය නගරය මැදින් බටහිර  තුම්මෝදර මැල්ලකැලේ ජනපදයට කඩා වැදෙද්දී ගම්මානයේ සියලුම දෙනා සිදුවන්නේ කුමක් දැයි බලා සිටියා මිස එයට එරෙහිව හඬක් නගන්නට ඉදිරිපත් නොවූහ.

නමුත් තම නිවස ඉදිරිපිට සහෝදර මුස්ලිම් හිතවතුන්ගේ නිවාස වනසන්නට ඉඩ නොදුන් සුජීවනී එම පිරිස් තම නිවෙස්වලට දමා ආරක්ෂා කර ගත්තාය.

තමන් ඉදිරිපිටම තවත් නිවාස වනසා දැමු ප්‍රචණ්ඩ තරුණයින් අත පොලු මුගුරු සේම යකඩ බටද අමතරව ඇතැම් පිරිස් අත කඩුද තිබෙනු දුටු සුජීවනී සිත දැඩිකර ගනිමින් “මේ අපේ අයගේ ගෙවල් එවා කඩා බිදින්න එපා" යැයි පවසන්නට තරම් එඩිතර විය.

පැයකට අඩු කාලයක් මැල්ලකැලේ ජනපදයේ සැරිසැරූ ප්‍රචණ්ඩකාරී පිරිස් නිවාස, වෙළදසැල් වනසා දමා යන විට සුජීවනී නිවාස තුනක් හා එම නිවෙස්වල පදිංචි සිටි සාමාජීකයින් 14 දෙනෙකුගේ දිවි බේරා ගැනීම වීර කතාවකී.

එදින සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ සුජීවනී චන්දීමා මහත්මිය මෙසේ කීවේය.

“13 වැනිදා මම කොට්ටරාන්මුල්ල නගරයට ගොස් එද්දී එකපාරම විශාල පිරිසක් කඩා වදිනවා දැක්කා මම හොදටම බය වුණා. මොකද මේ පිරිස නගරයේ මුස්ලිම් අයගේ දෙපොල් වනසමින් තමා ආවේ. මට පුදුම බයක් දැනුනා. මොකද මගේ ගේ වටේටම ඉන්නේ මුස්ලිම් අය. ඒ අය උදේ හවස එකට කාලා බීලා අපිත් එක්ක හොදින් ඉන්න අය. ඒ නිසා ඒ ආපු පිරිස අපේ මැල්ලකැලේ ජනපදයටත් කඩා වදියි කියලා. මම ඉක්මනට ආවා. ඇවිත් හැම කෙනාටම කිව්වා තියෙන වටිනා දේවල් අරගෙන ගිහින් හැංගෙන්න කියලා  සමහරු පිළිගත්තා සමහරු නිවෙස් වලම හිටියා විනාඩි  කිපයක් යද්දි අර ආපු පිරිස ගමම වට කරලා මුස්ලිම් අයගේ ගෙවල් එක දිගට විනාශ කළා.

මම ඒ පිරිස එන්න කලින්ම නිවාස තුනක හිටිය පිරිස මගේ නිවස ඇතුළට අරන් හංගාගත්තා. ඒ වාගේම එයාලගේ ගෙවල් තුනටත්  කිසිම හානියක් නොවන ලෙසට කටයුතු කළා.

ආපු තරුණයින් සේරම ගියාට පස්සේ අපේ නිවස ඇතුලේ හිටපු අයට පුදුමයි එයාලාගේ ගෙවල් බේරිච්ච එක ගැන. මම පුතාල දෙන්නායි මහත්තයායි ලොකු සටනක් කරලා මේ මිනිස්සුන්ගේ දේපල බේරලා දුන්නා.මට දරා ගන්න බැරි සතුටක් ඇති වුණා."

මේ අමිහිරි අත්දැකිමට මුහුණ පෑ ඒ.කේ. හලිමා බිබි ( 64) මහත්මිය මෙසේ කීවාය.

 “සුජීවනී දුව ඉන්නේ මගේ ගේ ඉස්සරහ. එයා එකපාමර පාර පැත්තේ ඉදන් දුවගෙන ඇවිත් අපිට කෑ ගහලා කිව්වා හලිමා  නැන්දේ ඉක්මනට හැංගෙන්න කට්ටියම අපේ ගෙදරට එන්නෙ කියාලා. මට හිතා ගන්න බැරි වුණා.

විනාඩි කිපයක් යද්දි 500 ක් විතර ඇවිත් ගම වට කරලා. වෙන දේ හිතා ගන්න බැරි වුනා. අපි  සුජිවනී දුවගේ ගෙදරට දුවලා ගිහින් හැංගුණා. ඒ වෙද්දි ඒ ගේ ඇතුලේ මොහොමඩ් රිස්විලාගේ කට්ටියත් අනිත් ගෙදර අයත් හැංගිලා. අපිත් එයාලත් එක්ක හැංගුණා.

ගෙවල් දොරවල් මොනවා වුණත් ජීවිතේ බේරගන්න ඕන නිසා. ඒ වන විට සවස හයට විතර ඇති. අපි නොම්බි පවා ඇරලා තිබුණේ නැහැ. අර ආපු පිරිස ගම වටේම ගිහින් සේරම ගෙවල් වලට හානි කළා. අපි සුජිවනීගේ ගේ ඇතුලේ ඉදලා අපේ ගෙවලුත් විනාශ වෙලා සියලුම දේ ගිනි බත් වෙලා ඇති කියලා. හිත හදා ගත්තේ ජීවිතයට හානියක් වුණේ නැති නිසා. රෑ නවයට විතර තමා අපි එලියට ආවේ ඒ ඇවිත් ගෙවල් දිහා බලද්දි අපේ ගෙවල් තුනටම කිසිම හානියක් කරලා නැහැ පුදුමයි. ඒ තරමට පුදුමයක් ඇති වුණා.

මේ සියල්ල වෙද්දි දෙවියන් පවා සිහියට ආවේ නැති අපිට දෙවියන් ලෙස සුජීවනී දුවයි එයාගේ මහත්තයායි පුතාල දෙන්නයි තමා පෙනුනේ. එයාල නැත්නම් අපිට අද සියල්ලම නැතිව යනවා."

රටට හෙට දවසේද තවත් සුජීවනිලා වැනි පිරිස් අවැසි වන්නේ එහෙයිනි.



අදහස් (15)

භීෂණය මැද ජීවිත 14 ක් බේරාගත් සුජීවනීගේ කතාව

Siri Tuesday, 21 May 2019 04:08 PM

දෙවි පිහිටයි!

:       0       0

විජිත් Tuesday, 21 May 2019 05:23 PM

ඔබ සැබෑම වීර මාතාවක්.සුබ පැතුම්.

:       332       874

Upul Tuesday, 21 May 2019 10:15 PM

මෙවැනි වීර කාන්තාවකගේ ශ්‍රේෂ්ට ගතිගුණ ගැන අතිශයින්ම ප්‍රශංසා කලයුතුය. ඔබට කලාවූ පින් කන්දරාවට ජීවිත ගණනාවක්ම වාසනාව උදාවීම නියතමයි.

:       264       1017

sandy123 Tuesday, 21 May 2019 11:57 PM

ඉතා වටිනා නිර්භීත මනුෂ්‍යත්වයේ ක්‍රියාවක්. ඔබට ජය.

:       176       886

nazar Wednesday, 22 May 2019 03:56 AM

මේ වගේ හොද මිනිස්සුත් ඉන්නවා. අහල පහල කට්ටිය ගැන හැමෝම මෙහෙම හිතනවානම් , කාටත් මුකුත් කරන්න බැහැ.

:       673       1276

sandy123 Wednesday, 22 May 2019 06:57 AM

එඩිතර, දිරිය කතට ජය වේවා.

:       465       1278

sunil Wednesday, 22 May 2019 09:56 AM

වර්ගවාදය සහ ජාතිවාදය නුගත්කමේ ලක්ෂණයක්.

:       31       235

chathuri Wednesday, 22 May 2019 11:32 AM

චිත්‍රපටියක් වගේ කතාව. මල්වට්ටි අතේ තියන් ප්‍රසිද්ධියේ වන්දනා මාන කරන අයට මේක හොඳ පාඩමක්... සේරම කරලා. අද පල්ලි, පන්සල් යන්න කිසිම කරදරයක් නැහැ. කියන්නේ මොන කටින්ද? පොඩි මිනිහා ළඟ තියෙන මනුස්සකම... මහා එවුන් ළඟ නැහැ... උදේට අතට අත දීලා හවසට ඒ අතින්ම බෙල්ල කපන කට්ටියක්...

:       33       415

සමරසිත් පරකුම් Wednesday, 22 May 2019 03:10 PM

ජයවේවා සොහොයුරිය- සදා සමරමි ඔබේ දිරිය !

:       23       303

marikkar Thursday, 23 May 2019 02:43 AM

ඔය ගමට මුස්ලිම් අය ගහන්න අවනම් ඉතින් සුජීවනීගේ කතාව ඔතනින් ඉවර වෙන්න තිබුනා ....

:       0       0

සිසිර Thursday, 23 May 2019 03:01 AM

ඔබ ඇතුළු පවුලේ සැමට බුදු සරණයි. අපේ රටට ඔබවැනි අය අවශ්‍යයි. අපි ශ්‍රීලාංකිකයින් බවත්, එකමවකගේ දරුවන් බවත් ලොවට පෙන්වමු.

:       0       0

OZ Lankan Thursday, 23 May 2019 07:15 AM

මතක තියා ගන්න. කවුරු උනත් තමන්ගේ අහල පහල අයට නරකක් වෙන්න දෙන්නේ නැහැ . අපි 83 කලබල කාලෙත් දෙමල අයට උදවූ කරා. පිට එවුන්ට ඕවා ගානක් නැහැ . ලෝකේ මිනිසා විසින්ම මිනිසා නැති කරගන්නවා. හැම ආගමකම කියන මනුස්ස කම නැහැ . මේ ගැහැණිය සැබෑ වීරවරියක්.

:       0       0

SISIL Thursday, 23 May 2019 03:58 PM

මට නම් තේරෙන්නේ නැහැ මේ විකාර.

:       226       10

chinthaka Friday, 24 May 2019 04:48 AM

සැබවින්ම වීර කාන්තාවක්.

:       5       279

wasantha Sunday, 26 May 2019 05:18 PM

හොද දෙයක්, සන්තෝසයි. සුබ පැතුම් හැමෝටම.

:       5       41

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 364 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 85 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 690 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 317 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 136 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 347 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site