IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


හිටපු අගමැති ඩ්‍රයිවින් කළ හැටි

 

වර්තමානයේ වෙසෙන හැම දේශපාලනඥයෙකුටම පාහේ රජයෙන් නිල වාහන ලැබී තිබේ. ඒ අතරින් ද ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් සුවිශේෂී වන්නේ ඔවුන්ට නිල වාහන කීපයක්ම රජයෙන් ලැබී ඇති බැවිනි. එවැනි නිල වාහන බොහොමයක්ම පාවිච්චි කරන්නේ ඔවුන්ගේ නෝනලාය. එහෙමත් නැත්නම් බේබිලාය. ඒ සඳහා වැයවන ඉන්ධන වියදම දැරීමට සිදුවන්නේ රජයටය.


එහෙත් මීට වසර හතළිහකට හෝ පනහකට ඉහත කාලයේ විසූ දේශපාලනඥයන් වැඩි දෙනෙකුට නිල වාහන නොතිබිණි. තිබුණත් ඒවා යොදාගනු ලැබුවේ නිල ගමන් බිමන් සඳහා පමණි. ඒ අනුව ඔවුන් වැඩි දෙනෙක් තම පෞද්ගලික පරිහරණය සඳහා යොදාගනු ලැබුවේ තමන් සතු වාහනයක්ය. නැතහොත් බස් සහ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවන්ය.


එසේම රජයේ නියෝජ්‍ය ඇමැතිවරුන්ට පහළින් සිටින දේශපාලනඥයන්ටද රජයේ නිල වාහන නොලැබුණු නිසා තමන් සතු පෞද්ගලික වාහන නොමැති එවැන්නන් හුරුපුරුදු වී සිටියේ පොදු ප්‍රවාහන සේවාවන් මගින් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමටය.


හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු මෙන්ම මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ද වූ ආචාර්ය දි. මු. ජයරත්න මහතා ජාතික දේශපාලන තලයට ප්‍රවිශ්ටවීමට පෙර උඩපළාත් කඳුකර පහළ ගම්කාර්ය සභාවේ සභාපති වශයෙන් කටයුතු කළේය.


එකල ගම් සභාපතිවරුන්ට නිල වාහනයක් ලැබී නොතිබුණෙන් ඔහු තම පෞද්ගලික මුදලින් මෝටර් රථයක් මිලදී ගෙන තිබුණේය. දිමු එලෙස වාහන හිමියෙකු වුවද ඔහුට වාහන පැදවීමට හැකියාවක් නොතිබිණි. එහෙයින් ඔහුට ගමනක් බිමනක් යාමට අවශ්‍ය වූ විට නිකම් ඉන්නවනම් වරෙන් මලයා පොඩි ගමනක් යන්න යි කියමින් ළඟ පාතක සිටි රියපැදවීමට දත් කවුරුත් හෝ අඬගසා ගෙන තමන්ගේ අවශ්‍යතාව සපුරා ගත්තේය.


මොකක්ද පොඩි නිලමේ වාහනයකුත් ගෙදර තියෙන එකේ ඕක ආංබාං කරන හැටි ඩිංගක් ඉගෙන ගන්නකෝ යි තම සමීපතමයන් කොතෙකුත් කීවද ඔහු දිනෙන් දිනම එය කල් දැමුවේය. 


අනේ මට ඔය වාහන එළවන්න හරි කම්මැළියි මලයා... යි කී දිමු රිය පැදවීම ගැන උනන්දුවක් නොදැක්කුවද තමන් මෝටර් රථයේ ඉදිරි අසුනේ ගමන් කරන විට රියැදුරා විසින් කරන කියන හැම දෙයක් ගැනම උකුසු ඇස් දල්වා බලා සිටියේය.


ඒ නිසා මට වාහන එළවන්න බැරිවුණත් ඩ්‍රයිවර් කෙනෙක් වාහනයට නැගලා හෑන්ඞ් බ්‍රේක් බුරුල් කරලා ගියර් එක නිව්ට්‍රල් කරලා ස්ටාට් කරන හැටි හොඳට බලාගෙන තිබුණා. හරියටම කියනවා නං වාහනය ස්ටාර්ට් කරලා ගියර් එක දාලා ක්ලච් එක බුරුල් කරන ගමන් ඇක්ස්ලේටරය යන්තමින් පාගලා වාහනය ඉදිරියට ගන්න හැටිත් මම හොඳට අල්ලාගෙන තිබුණා. යි කියමින් සිනාසෙන හිටපු අගමැතිවරයාට දිනක් තමන් සතු එම මද දැනුමෙන්ද ප්‍රයෝජනයක් ගැනීමට හැකිවූ අවස්ථාවක් උදාවී තිබුණේ අහම්බෙනි.
දිමූලාගේ මහගෙදර තිබුණේ ගම්පොළ දොළුවේ හන්දිය පෙනෙන තෙක් මානයකය. දිනක් මහනුවරට යාම සඳහා ලකලෑස්තිවී නිවසෙන් එළියට බසිනවිට තමන් දන්නා අඳුනන කෙනෙකු ළඟ පාතක සිටින බවක් නොපෙනිණි. ඒ සමගම කිසිවකු පාරේ ගමන් කරන බවක් පෙනුණෙන් දිමූ ඔහුට අත්පුඩියක් ගසා කතා කළේය.
“මලයා නුවර පැත්තෙ ද යන්නේ?”


“ඔව් පොඩි නිලමේ මම මේ වැඩට යන ගමන්”යි කී ඔහු ඊළඟට කියා සිටියේ මහනුවරට යනතුරු තමන්ට මෝටර් රථය පදවාගෙන යාමට හැකියාවක් ඇතත් ආපසු පැමිණීමට නොහැකි බවය. ඒ අනුව ඔහු ලවා රිය පදවාගෙන දිමු මහනුවරට ආවේය.


හරි මලයා කාරෙක අන්න අතනින් නතර කරලා මල්ලි යන්න යි කී ඔහු තම සුපුරුදු තිප්පොළ අබියස රිය නතර කර රියැදුරුට සමු දුන්නේය.


කොහොම හරි මට එදා පැය දෙක තුනක විතර වැඩක් තිබුණේ. ඉතින් මගේ ඒ වැඩ ටික ඉවර වෙලා වාහනේ ළඟට එනකොටත් දන්න අඳුනන කෙනෙක් ඒ පැත්ත පළාතකවත් හිටියෙ නෑ. පස්සෙ මම වාහනයට නැගලා මට මතක තිබුණු විදියට කොහොම හරි කාරෙකත් ස්ටාට් කරගෙන පාරට දැම්මා. දැන් ඔන්න මම තනියම වාහනය එළවගෙන ගලහ පාරෙන් හැරිලා දොළුව පැත්තට යනවා. හැබැයි යන්නෙ පළමුවැනි ගියර් එකේ. දෙවැනි තුන්වැනි ගියර්වලට දාන හැටි මම දැනගෙන හිටියෙ නෑ.


මෙකල තරම් වාහන කන්දරාවක් එකල නොතිබුණ ද පසුපසින් පැමිණි වාහන කීපයක්ම ඔහුගේ වාහනය පසුකර ගෙන ගොස් තිබුණේ තමන්ට ඉඩ නොදී පාර පුරා යන මේ කරදරකාරයාට යටි සිතින් බැණ වදිමිනි.


මහනුවර සිට දොළුවේ දිමූලාගේ මහ ගෙදරට සැතපුම් දොළහකට වඩා නොතිබිණි. කෙසේ වෙතත් දිමු ඒ වනවිටත් සැතපුම් අටක් හෝ දහයක් පමණ දුරක් පසුකර තිබුණේය. මීට පෙර මෝටර් රථයක් පදවා නොතිබුණත් තමන්ට එම දුර ප්‍රමාණය කිසිදු ආපදාවකින් තොරව තරණය කිරීමට හැකිවූ අයුරු ගැන සිහියට නැගෙත්ම ඔහුගේ මුවඟට සිනාවක් නැඟුනේ ඉබේටමය.


දොළුවේ අපේ මහ ගෙදර පේනතෙක්මානයේ තියෙනවා පොඩි බෝක්කුවක්. දැන් මම එතනින් මෙහාට එන්නේ කොහොමද කියල හිත හිතා එතනින් හරවන කොටම “දඩාන්” ගාලා වැදුණේ නැතැයි බෝක්කු බැම්මේ මොනවද කාරෙක බෝක්කු බැම්මෙ වදින සද්දෙට අපේ ගෙදර හිටිය මිනිස්සුත් දුවගෙන ආවා. යි කියන දිමූට මතක ඇති අන්දමට එම අනතුර නිසා ඔහුගේ වාහනයට බලවත් අලාභයක් සිදුවී තිබුණේය. එදා සිට අද දක්වාම වසර හැටකටත් වැඩි කාලයක් තිස්සේ ඔහු වාහනයක් පැදවීමට ඉදිරිපත් නොවීම එහි ඊළඟ ප්‍රතිඵලය විය.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

හිටපු අගමැති ඩ්‍රයිවින් කළ හැටි

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12102 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6800 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14487 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14843 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2762 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 428 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site