IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඩඞ්ලි ජේආර් ගැටුම කරළියට

“ආර්.ජීට සල්ලි නැතිනම් සාංඝික දේ අරගන්න එපා. ඒක අපේ පරම්පරාවට අවමානයක්. ඕනෑ නම් මං ආර්. ජී. ගේ ඇප සල්ලි බැඳීමටත් සූදානම්”


ජේ. ආර්. තම ප්‍රතිමල්ලවයාට ප්‍රථම ප්‍රහාරය එල්ල කළේය. මෙයින් වූයේ දිමිගොටුවට ගැසූ පහර මෙන් පාක්ෂිකයන් කුපිතවීම පමණි. “ජේ. ආර්. වැන්නකුගේ සල්ලි නම් අපට කීයටවත් එපා. අපි සම්මාදන් කරල හරි සල්ලි සොයා දෙනවා”


මෙසේ වහසිබස් දෙඩූ ආර්. ජී.ගේ හිතවත්තු ආර්. ජීට ඇප මුදල් සොයා මහමඟට බටහ. එක් අයකුගෙන් රු. 2.00 ගණනේ සම්මාදන් කළත් අන්තිමේ දී ඇප මුදලටත් වඩා එකතුවී තිබිණ.
“ජේ. ආර්. ගේ ඇප සල්ලි බඳින්න වෙන්නේ එලිනා මැතිනියගේ බූදලෙන්. එතුමියගේ මුදල් රාජසන්තකවනවා දැකීම කනගාටුවට කරුණක්”


ආර්. ජී. ගේ වාග් ප්‍රහාරය ජේ. ආර්. ට පාරාවළල්ලක් විය. තවත් පිරිසක් ආර්. ජී. ගේ. දේහ ලක්ෂණ පෙන්වමින් ඔහුට අපහාස කළහ. කුඩා කල බාලපක්ෂගාත රෝගයට ගොදුරු වූ ආර්ජීට එක පාදයක් වලංගු නොමැති විය. එබැවින් ඔහු ගම් රටවල සැරිසැරුවේ ඔහු වෙනුවෙන්ම නිම වූ අත්වාරුවකිනි.


මෙම දුර්වලකම ඉස්මතු කරමින් සතුරු වේදිකාව දෙවනත් කළහ. ඇතැම් හු කවි ලියූහ. ආර්. ජී. සිනාමුසු පිරිස් මුහුණින් හා වේදනාකාරි හැඟුමින් යුතුව ඒවා දරා ගත්තේය. තව තවත් ගැහැණු පිරිමි ළමෝ, තරුණයෝ සහ වැඩිහිටියෝ ඔහුට දයාව දැක් වූහ. මහ මැතිවරණය දිනය ළඟාවෙත්ම ජාතික දේශපාලන වේදිකාවේ උණුසුම වැඩිවන්නට විය. කාගෙත් අවධානය යොමුවී තිබුණේ යැංකි ඩිකී හා චීන ඩිකී අතර වන චූලෝදර මහෝදර නා රජුන්ගේ එදා කැලණි සටනට සමාන දේශපාලන සංග්‍රාමය ගැනය.


“කැලණිය තරග කළත් මං දඹදෙණිය අතඅරින්නේ නෑ.” ආර්. ජී. ගේ. උදාන වාක්‍යය බණ්ඩාරනායක මැතිඳුන්ගේද සවනත වැකිණ. “දඹදෙණියට සේනානායක පරම්පරාවෙ දැම්මොත් තමයි හරි. ඒකට සුදුස්සා ඉතින් ආර්. ජී.ම තමයි”


මහජන එක්සත් පෙරමුණේ පූර්ණ ආශිර්වාදය මත ආර්. ජී.ට එම අභියෝගයද පැවරිණ. ලංකා ඉතිහාසයේ ආසන දෙකකට එකවර එකම අපේක්ෂකයකු තරග වැදුණු වාරය මෙයයි.


මෙහිදී තවත් අමතර ගැටලුවක් පැන නැගුණි. එම අදහස ආර්. ජී, බැරෑරුම් ලෙස සිතිය. ප්‍රධාන පක්ෂ දෙකේම “තුරුම්පු ආසියා බඳු ආර්. ජී. යූ.ඇන්.පි.ය අත්හළ ද එම පාක්ෂිකයන් හා ඥාති පරපුර ඔහුට තිබූ ළබැඳියාව අඩු නොවිණ. එසේම ස්වාධීන හා පාවෙන ඡන්ද ගණනක් ද ආර්. ජී. වෙනුවෙන් සූදානම් වෙමින් පැවතිණ. ප්‍රධාන පක්ෂ දේශපාලනය කෙරේ කලකිරී සිටි පිරිසක්ද ස්වාධීන අදහස්වලට ගරු කළහ.

 

 

“මං මගේ ස්වාධීන ලකුණවන කුඩෙන් තරග කරනවා.” 


ජේ. ආර්. අලියා ලකුණින් ද ආර්. ජී. කුඩය ලකුණින් ද තරග බිමට වන්හ. ආර්ජිගේ පාක්ෂිකයන්ගේ මෙන්ම ඥාති නිවෙස්වල පහන් කූඩුවෙන් කුඩ එල්ලා ආලෝක දැල්වූ බව කියති. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේග පමණක් නොව ලේඛකයන්, කවියන්, විද්වතුන් හා චිත්‍ර ශිල්පීන් කැලණි සටනට අවධානය යොමුවී සිටිනු දක්නා ලදී.


“කැලණිය ද? දඹදෙණිය ද? 


ආර්. ජී.ගේ ආබාධිත පාදය තබන්නේ මේ ආසන දෙකෙන් කෝකටදැයි මහකවි රැපියෙල් තෙන්නකෝන් ලංකාදීපයට ලිපියක් ලියමින් විමසීය. 


ආර්.ජීට උගතුන් ප්‍රියකළ තවත් ධනාත්මක ලක්ෂණයක් වන්නේ සිංහල බසට හා බුදු දහමට ඔහු තුළ තිබූ අසීමිත ආදරයයි. යූඑන්පියේ මුල් පුටු ඉසිලූ බොහෝ දෙනා කලින් සිංහල භාෂා ප්‍රේමියෝය. නමුත් දමිළ දේශපාලන පක්ෂ සමග සබඳකම් නිසාදෝ ඔවුන් වෙනත් ස්ථාවරයක සිටින බවත් ආර්. ජී.ට දැනිණ.


“සිංහල පමණක් රජබස විය යුතුය.” යනුවෙන් පැවැති සටන් පාඨය” සිංහල හා දෙමළ භාෂා ද්විත්වයම රජ බස විය යුතුය” යැයි පිළිගැනීම නිසා ජේ. ආර්. කෙරෙහි ද විරෝධාකල්ප මතුවිණ.

 

එබැවින් ආර්. ජී. ගේ ප්‍රතිපත්ති කෙරෙහි පැහැදුණු කැලණි රජමහා විහාරය සපුගස්කන්ද රජමහා විහාරය ඇතුළු විහාරස්ථානවල සඟරුවන ආර්. ජී. වටා රොක්වුණ බලවේගයට ආසිරි පැතූහ. 1950 - 56 යුගය බටහිරින් ආනයනය කරන ලද භාණ්ඩ, වාහන, වෙළෙඳ භාණ්ඩ උත්කර්ෂයෙන් වැලඳගත් යුගයකි. ටයර් වෙළෙඳාමද විදෙස් විනිමය එතෙරට ඇඳී ගිය සමයකි. “ඩන්ලොප්” සහ මිඞ්ලන්ඞ් ටයර් ඉතා ජනප්‍රිය වූ වෙළෙඳ භාණ්ඩ විය.


“ජේ. ආර්. හුළං පුරෝපු මිඞ්ලන්ඞ් පප්පා කෙනෙක් විතරයි. රැවටෙන්න එපා. එයාගෙ හුළං අපි ටික ටික අරිනවා” ආර්. ජී. කැලණියට කීවේය. ඒ සමගම කැලණියේ හන්දියක් ගාණේ මිඞ්ලන්ඞ් පප්පලාගේ පිළිරු ඉදිවූ අතර ඒවායේ හුළං අරිමින් ජේ. ආර්. සමච්චලයට පත් කිරීම විනෝදාංශයක් විය.


පසු කලෙක බණ්ඩාරනායක අගමැතිනිය ටයර් නිෂ්පාදනයේ පූර්ණ බලය ඇති ටයර් සංස්ථාව බිහි කළාය. ඇත්ත පත්තරේ සුදත් එය කාටුනයට නගා තිබුණේ පිටරට ටයර්වල හුළං අරිමිනි.


“ඩන්ලොප් මිචලින් පප්පලා එහි වූහ. “මිඞ්ලන්ඞ්” යන්න කටවහරට “මිචලින්” වීය.


කෙසේ හෝ අන්තිමේ දී සත්‍යය ජය ලැබීය. කැලණි අසුනත් දඹදෙණි අසුනත් ආර්. ජී.ට හිමිවූයේ වැඩි ඡන්ද දහස් ගණනකිනි. යූ.ඇන්.පි.ය ආසන අටට බස්වමින් බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ශ්‍රීලනිපය බලයට පත්විණ. 


ආර්.ජී. ගේ ජය භූමිය වන දඹදෙණිය මෙවරත් තම පුත්‍රයා රැක ගත්තේය. එහි ප්‍රතිලය මෙසේය.


ආර්. ජී. සේනානායක (ස්වාධීන) 26,414


ඒ. ජී. පියදාස (එජාප) 1507


වැඩි ඡන්ද 24,907


බෝතලේ වලව්ව වටා මහහඬින් රතිඤ්ඤා පිපිරිණ. ගැමියෝ අඹු දරුවන් සමග කැවුම් කිරිබත් කෑහ. 


ජේ. ආර්. සමග ගැටුණු දේශපාලනඥයා ආර්. ජී. පමණක් නොවේ. ඩඞ්ලි සේනානායක මහතා මධ්‍යස්ථ මතධාරියකු බැවින් ඔහු කැලණි සටනේ දී ගන්නේ තම සම නායකයා වූ ජේ. ආර්. ගේ පාර්ශ්වය නොවේ. කැලණියේ අවන් රැලියට ඩඞ්ලි ද ආර්. ජී.ගේ වේදිකාවට ගොඩවිය.


සිංහලයන් වෙනුවෙන් තමා තුළ පවතින කැක්කුම පෙන්නුම් කළ එක් අවස්ථාවක් මට සිහිවෙයි. ඒ ඔහු සිංහල පක්ෂයෙන් ත්‍රිකුණාමලේ අසුනට ද දෙවරක් තරග කළ බැවිනි. සිංහලය වෙනුවෙන් යූඇන්පිය අත්හැරීම ආර්ජිට කජ්ජක් නොවිණ.මීළඟ ඡන්ද ප්‍රතිඵලය වූ අංක 05 දරන කැලණිය අසුනේ ඉරණම ඇසීමට එකල තිබූ එකම පොදු සන්නිවේදන මාධ්‍යය වූ ගුවන් විදුලිය නොහොත් ලක්රෙදෙව්ව වටා ගම් නියම්ගම් මෙන්ම නාගරික ජනයා සැදී පැහැදී ලැගුම් ගෙන සිටියහ.


“මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්” “කැලණිය ආසනය”


ආර්. ජී. සේනානායක (ස්වාධීන) 37,023


ජේ. ආර්. ජයවර්ධන (එජාප) 14,187


වැඩි ඡන්ද 22,836


මෙතෙක් නිදිසුව විඳිමින් සිටි කැලණි ජනතාව තිගැස්සී අවදි වූයේ තෙරක් නොමැතිව පුපුරන ගිනිකෙළි හඬිනි. ආර්. ජී. ගේ අහිංසක නිරහංකාර වේදනාබර මුව හසරැල්ලක් එරින් සේනානායක මැතිනියගේ පිබිදුණු මුව මඩලක් ජනතාවට මැවෙන්නට ඇත.


ආසන 51ක් ලබා බලයට පත් බණ්ඩාරනායක ජනතා රජයේ වෙළෙඳ අමාත්‍ය ධුරය සිව්වන වරටත් ආර්. ජීට පිරිනැමිණ. ජේ. ආර්. විපක්ෂයේ අසුන් ගත්තේය. දැවැන්ත සමාජවාදි ව්‍යාපාරයන්ට දායකත්වය දෙමින් 56 වසරක් ආයු වළඳා ආර්. ජී. ආර්ථිකයේ පෙරළි රැසක් කළ ජනතා පුත්‍රයෙකි.

 

 

 

 

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාආරච්චි

 



අදහස් (0)

ඩඞ්ලි ජේආර් ගැටුම කරළියට

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12098 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6798 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site