IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අපේ තාත්තා වලව්කාරයෙක්....

 

ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ හිටපු අමාත්‍යවරයාගේ එකම දියණිය ඇන්ජලිනා සිසිලි මාලනී වැලිකල මුණසිංහ මහත්මිය පදිංචිව සිටින්නේ හලාවත, මාදම්පේ, ඉහළගම ය. 


මාලනී මුණසිංහ මහත්මිය හලාවත මාදම්පේ ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනිය ලෙස සේවය කරන්නීය. ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතාට පුතෙක් ද සිටි අතර ඔහු ප්‍රැන්සින් භවනෙකබාහු වැලිකල මුණසිංහ මහතාය. ඔහු වයස අවුරුදු 30 දී මියගොස් ඇත්තේ රෝගාතුරවීමෙනි. 


මාලනී මුණසිංහ මහත්මිය සිය ආදරණිය පියාණන් ගැන මතකය අවදි කළේ මෙසේය. 


තාත්තා පාරම්පරික වලව්කාරයෙක්. ඒත් තාත්තා තමා වලව්කාරයෙක් කියනවට හාමු කියා කතා කරනවට කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. තාත්තා දේශපාලනයට ආවේ වලව්කාරකම අතහැර දමා කියා අම්මා කියා තිබෙනවා.  තාත්තා වලව්කාරයෙක් කියන එකට කැමැත්තක් තිබුණේ නැහැ. ඔහු සාමාන්‍ය මිනිස්සුත් එක්ක ගැවසුණ කෙනෙක්. නිතරම ඔවුන්ගේ ඕනෑ එපාකම් සොයා බලා පිහිට වුණ අයෙක් බව මම දන්නවා. තාත්තාට තිබුණේ පුදුම ගති ගුණ. තාත්තා ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ වුණත් ඔහුට අපේකමට අපේ සංස්කෘතියට පුදුම ආදරයක් තිබුණේ. 


තාත්තා දේශපාලනය ආරම්භ කර තිබෙන්නේ අවුරුදු 18 දී විතර කියා එයාගේ පවුලේ සහෝදර සහෝදරියෝ අපේ පවුලේ අය එක්ක කියා තිබෙනවා. 


තාත්තා පදිංචිවෙලා ඉඳලා තියෙන්නේ කඩවත ප්‍රදේශයේ. තාත්තට කඩවත අක්කර 5 1/2 ක විතර ඉඩමක් හා ලොකු ගෙයක් තිබිලා තිබෙනවා. තාත්තා දේශපාලනය කරන්න ඕනෑ කියා මාදම්පේ පදිංචියට ආවා. තාත්තා පුංචි කාලෙ පදිංචි වෙලා හිටියේ ඉරට්ටකුලම, මැදවලව්වත්තේ කියන වලව්වේ. ඒ වලව්වේ තාත්තාගේ ලොකු අක්කා කොන්සි හාමු පදිංචි වෙලා හිටියා. ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා දේශපාලනය කිරීමට යාම නිසා ඔහු සතු වටිනා දේපොළ රැසක් විකුණා දැමීමට සිදු  වී ඇත. 


ඒ හා සම්බන්ධ තොරතුරු හෙළි කරමින් මාලනී මුණසිංහ මහත්මිය කීවේ මෙවැනි කතාවකි. 


තාත්තා කඩවත තිබුණ එයාට අයිතිව තිබුණ ඉඩමයි ගෙයයි රුපියල් ලක්ෂ 1 1/2 කට විතර විකුණා දැම්මා. ඒ විතරක් නෙවේ තාත්තාට මාදම්පේ නගරයේ සිනමා ශාලාවක් තිබුණා. මාදම්පේ සේනානායක ඉස්කෝලේ ළඟ රංග ශාලාවක් තිබුණා. මිනර්වා නාට්‍ය කණ්ඩායම එහෙම ගෙන්වලා ඒ කාලයේ නාට්‍ය පෙන්නුවා කියා අම්මා මාත් එක්ක කියා තිබෙනවා. දුම්මලසූරියෙ සිනමා ශාලාවක් බද්දට අරගෙන තිබුණා. පසු කාලයක මෙසේ එම දේවල් විකුණා දැමීමට සිදු වූ බව අම්මා පසු කාලයක මාත් එක්ක කිව්වා. මෙසේ මේ දේවල් තාත්තාට විකුණා දාන්න සිදු වුණේ දේශපාලනය කරන්න ගිහින් කියා අම්මා නිතර කිව්වා මට අද වගේ මතකයි. 


අම්මා පැවසූ තවත් කතාවක් ගැන ද මුණසිංහ මහත්මිය මෙසේ පැවසුවාය. මේ ඒ කතාවයි. 


මාදම්පේ ටවුන් එකේ තිබුණු සිනමා ශාලාව තාත්තා බැංකුවට උකස් කරලා සල්ලි වගයක් අරගෙන තිබුණා. තාත්තට උකස බේරාගන්න තරම් සල්ලි තිබුණේ නැහැ. බැංකුවෙන් සිනමා ශාලාව වෙන්දේසි කළා. සිනමා ශාලාව වෙන්දේසි කරන බව ප්‍රදේශය පුරා ප්‍රසිද්ධ කළේ අඬබෙරකරුවන්ගේ මාර්ගයෙන්. අඬබෙර ගසමින් මේ හෝල් එක වෙන්දේසි කරන බව දැනුම් දෙද්දී අම්මා හරියට අඬලා තිබෙනවා. හෝල් එකේ තිබුණු පුටු ටිකයි දළ සේයා පටියි අපි පදිංචි වෙලා හිටිය ගෙදරට බාර දීලා තියෙනවා. 
වලව්කාරයකු වී මහා ධනස්කන්ධයකට හිමිකම් කී ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා බිරිඳ හා දරු දෙදෙනා එක්ක පදිංචිව සිටි ඇත්තේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේ කුලී ගෙදරකය. 


අවුරුදු ගාණක් දේශපාලනයේ නිරත වෙලා හිටියා. උප ඇමති කෙනෙක්, ඇමති කෙනෙක් වෙලා හිටිය තාත්ත මේ අවසාන කාලයේ අපිත් එක්ක ඉරට්ටකුලමේ කුලී ගෙදරක පදිංචි වෙලා හිටියා. ඒ ගෙදර අයිතිකාරයා ආතර් ජයසූරිය කියලා මහත්තයෙකු යැයි මාලනී මුණසිංහ මහත්මිය පවසන්නීය. 


හලාවත මාර්ටික්වත්ත කියා අක්කර දහයක් විතර ලොකු වත්තක් තියෙනවා. මේ වත්ත බණ්ඩාරනායක රජය යටතේ ආණ්ඩුවට පවරා ගන්න කටයුතු කළා. තාත්තා තමා ඒ වැඬේට මුල් වෙලා තියෙන්නේ. ඒ වත්තේ අයිතිකාරයා තාත්තා හම්බවෙන්න ඇවිත් මේ වැඬේ නතර කර දෙන්න කියා ඉල්ලා තිබෙනවා. වත්ත ආණ්ඩුවට ගන්න එක නතර කරලා දුන්නොත් රුපියල් 25,000ක් තාත්තාට දෙන්නම් කියා තිබෙනවා. තාත්තා හා කියා මුදල් අරගෙන එන්න කියා ඔහුට උපදෙස් දීලා මේ ගැන රහස් පොලිසියට පැමිණිලි කරලා. වත්තේ අයිතිකාරයා සල්ලි අරගෙන ඇවිත් තාත්තාට දෙන්න හදද්දී රහස් පොලිසියෙන් හැංගිලා ඉඳලා වත්තේ අයිතිකාර මහත්තය අල්ලා ගෙන ගිහින් තිබෙනවා කියා අම්මා මාත් එක්ක කිව්වා මට මතකයි. 


ඒ මාලනී මුණසිංහ මහත්මිය හෙළි කළ තවත් කතාවකි. 
මාදම්පේ මාතෘ නිවාස සංකීර්ණය, මාදම්පේ බණ්ඩාරනායක නිවාස යෝජනා ක්‍රමය ඊට නුදුරින් පිහිටා ඇති නිවාස යෝජනා ක්‍රමයද ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතාගේ මැදිහත්වීම මත ප්‍රදේශයේ ජනතාවට ලැබුණු වරප්‍රසාදයන් ගණනාවකින් සමහරක් පමණි. 
තාත්තා කවදාවත් සිහිවටන ඵලකවල එයා ගේ නම දාන්නේ නැහැ. තාත්තා ඒ වගේ වැඩවලට කොහෙත්ම කැමති වෙලා නැහැ යැයි මාලනී මුණසිංහ මහත්මිය පවසන්නීය.  ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා අභාවප්‍රාප්තවීමෙන් පසු ඔහු සිහිවීමට බණ්ඩාරනායක නිවාස පුරයට නුදුරින් පිහිටි නිවාස යෝජනා ක්‍රමය ජිම් මුණසිංහ පුරය ලෙස නම් කර ඇති අතර ජිම් මුණසිංහ නමින් මාවතක් ද නම් කර ඇත. 


මුණසිංහ මහතා නියෝජ්‍ය අමාත්‍යවරයකු හා ඇමතිවරයකු වශයෙන් හලාවත ආසනයට සුවිශේෂ මෙහෙවරක් කර ඇතත් ඒවා කිසිවකගේ ඔහුගේ නම සඳහන් කර නොමැති නිසා වර්තමාන පරපුරට ඔහු ඉටු කර ඇති සේවාවන් දැක ගැනීමට මඟක් නොමැත. 
නම් ගසාගෙන ප්‍රසිද්ධවීමට මහත්මා දේශපාලනයේ යෙදුණු ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතාට අවශ්‍ය වූයේ නැත. ඒ කාලයේ මාදම්පේ ප්‍රදේශයට විදුලි බලය තිබිලා නැහැ. තාත්තා තමා මුල්වෙලා විදුලිය බලය අරගෙන තියෙන්නේ. ප්‍රදේශයේ තියන තවත් වලව් දෙකක සමහර අය මේකට කැමති වෙලා නැහැ. ගම් ප්‍රදේශයේ ඉන්න පොඩි මිනිස්සුන්ට ලයිට් ලැබෙන එකට ඒ වලව්කාරයෝ කැමති වෙලා නැහැ. තාත්තලාගේ මහ ගෙදර ඒ කියන්නේ මැද වලව්වත්තේ කියන ගෙදරට ලෙහෙසියෙන් ලයිට් ගන්න පුළුවන්කම තිබුණත් තාත්තාට තිබුණ බලය පාවිච්චි කරලා එහෙම කළේ නැහැ. ඒ තාත්තා ඒ වාගේ ගතිගුණ තිබුණ කෙනෙක්. 


ඒ ආදරණීය පියකු ගැන ආදරණීය දියණියකගේ තවත් අතීතාවර්ජනයකි ඒ. 


ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලේ අපිට පිට රටකට යවලා අධ්‍යාපනයක් දෙන්න තාත්තාට ඕනෑ තරම් පුළුවන්කම තිබුණා. තාත්තා එහෙම කළේ නැහැ. අපි සාමාන්‍ය ඉස්කෝලවලට ගිහින් ඉගෙන ගත්තා. ඔහු නිලය බලය අනිසි විදිහට කිසි දවසක පාවිච්චි කළ කෙනෙක් නෙමේ. 


බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තිබ්බයි කියා ආරංචි වුණ වෙලාවේ තාත්තා සිහිය නැති වෙලා ඇදගෙන වැටිලා වෛද්‍ය ප්‍රතිකර පවා ලබා ගත්තු බව අම්මා පසු කාලයක කිව්වා. තාත්තා පොලිස් ආරක්ෂාව ලබාගෙන තිබුණේ නැහැ. ඒත් බණ්ඩරනායක අගමැතිතුමාගේ ඝාතනයෙන් පස්සේ තාත්තාටත් පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා. ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා හොඳට ලිවීමට හැකි ලේඛකයෙක් බව දැන ගත්තේ ද ඔහුගේ දියණියගෙනි. 


තාත්තා දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න කාලයේ ඉංග්‍රීසියෙන් පොතක් ලියා තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් ලිව්වා පස්සේ ඒක සිංහලයට පරිවර්තනය කරලා. ඒ පොතේ නම ‘හිත් ගැනීම’ කියලා යොදා තිබෙනවා. තාත්තා ඉංග්‍රීසි භාෂාවෙන් තවත් පොතක් ලියමින් ඉන්න කොට තමා හදිසියේ රෝගාතුර වෙලා මියගිහින් තියෙන්නේ. ඒ පොත ලියලා අවසන් කර ගන්න බැරිව ගියා කියා අම්මා කිව්වා යැයිද මාලනී මුණසිංහ මහත්මිය පවසන්නීය. 


වලව්කාරයෙක් පමණක් නොව විශාල ධනයකට ද හිමිකම් කී ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ මහතා අවසානයේ මිය පරලොව ගියේ කුලී ගෙදරක ජීවත් වෙමින් සිටි අතරවාරයේය. හිටපු අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සිදුකෙරුණේ මාදම්පේ විහාරස්ථානය ඉදිරිපිට ඇති හාමු පරම්පරාවට අයත් සුසාන භූමියේය. 


මේ ඉපැරණි සුසාන භූමියේ කිරිගරුඬ සොහොන් කොත් පවා ඉදි කර තිබූ අතර කිසියම් පිරිසක් සුසාන භූමිය මෑතකදී ඩෝසර් කිරීම නිසා ඒ ඉපැරණි සොහොන් කොත් සියල්ලම කැඩී බිඳී ගොස් ඇත. 


අපි මේ ගැන මාදම්පේ පොලිසියටත් ඒ කාලයේ මේකට වගකිවයුතු අයගේ නම් පවා දමා පැමිණිලි කළා. ඒත් අපිට සාධාරණයක් අද වෙනකම් ඉටු වෙලා නැහැ යැයි මාලනී මුණසිංහ මහත්මිය පැවසුවේ හිත තුළ ඇති ව තිබූ දුක වේදනාව මැඩගනිමිනි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

අපේ තාත්තා වලව්කාරයෙක්....

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12095 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6797 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site