මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.

‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙතැන් සිට ඔබ ඉදිරිපිට දිග හරිමු.

‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

 

එක්දහස් නවසිය අනූපහ වසරේ අප්‍රේල් 19 වැනිදා ඛඔඔෑ ය එතෙක් ගොඩ නැඟෙමින් තිබූ සාම මාවතෙන් ඒක පාර්ශවිකව ඉවතට ගොස් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික යාත්‍රා දෙකක් ත්‍රිකුණාමලයේදී පුපුරුවා හැරීමත් සමග ම එක් අතකින් ඒ වන විට මාස අටක් වයසැති චන්ද්‍රිකා රජයට නැවතත් යුද්ධය කරා රට ගෙන යාමට සිදු වූ අතර අනෙක් අතින් තුන්වන ඊළාම් යුද්ධය එසේ ආරම්භ විය.


නැවත යුද්ධය ආරම්භවීමත් සමග ම නව පොදු පෙරමුණු රජයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්ත හා විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් දේශීය හා විදේශීය වශයෙන් ප්‍රබල චරිත දෙකක් වශයෙන් ඉදිරියට පැමිණියහ. ඛඔඔෑ ය සමග ආරම්භ වූ යුද්ධයෙන් චන්ද්‍රිකා රජය තැබූ සෑම පියවරක්ම අති සාර්ථක තත්ත්වයකට පත්වෙද්දී එම යුද තත්ත්වය පොදු පෙරමුණ රජය නම් කරන ලද්දේ ‘සාමය සඳහා යුද්ධ” :උ්ර ත්‍දර ඡැ්ජැ* යනුවෙනි. මෙම නව තත්ත්වය හමුවේ ප්‍රභාකරන් විසින් එතෙක් ගොඩ නඟා තිබූ මහා යුදවාදී පෞරුෂය මෙන්ම විටින් විට කර තිබූ මහා යුදවාදී ප්‍රකාශ සියල්ල හිස් ප්‍රලාප බවට පත්වෙමින් තිබිණි. ශ්‍රී ලංකා හමුදාව යාපනය අර්ධද්වීපය ඛඔඔෑ යෙන් මුදා ගැනීම සඳහා මෙහෙය වූ රිවිරැස මෙහෙයුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ප්‍රභාකරන් සඳහන් කර තිබුණේ යාපනය නගරයට ශ්‍රී ලංකා හමුදාව ඇතුළු වුවහොත් හමුදාවත් සමග ම යාපනය නගරය සම්පූර්ණයෙන්ම පුපුරවා හැර දූවිලි බවට පත් කරන බවකි.


ආරම්භයේදී යාපනය අර්ධද්වීපය මෙලෙස මාස ගණනක් ඇතුළත ඛඔඔෑ යෙන් නිදහස් කර ගත හැකි වේ යයි කිසිවකු බලාපොරොත්තු නොවූවත් නව ජවයකින් හා දැඩි අධිෂ්ඨානයකින් ඉදිරියට ගිය ශ්‍රී ලංකා හමුදාව ඉදිරියෙහි ඛඔඔෑ ය අර්ධද්වීපයෙන් වන්නි කැලයට පසු බැසීය. එහෙත් ප්‍රභාකරන්ගේ ඉහත ප්‍රකාශය සමගම ඛඔඔෑ ය උපක්‍රමික ලෙස යාපනය අර්ධද්වීපයෙන් ඉවත්වීම පිළිබඳ විවිධ මත පළවන්නටද විය. විශේෂයෙන්ම ජයග්‍රාහී ලෙස ශ්‍රී ලංකා හමුදාවට යාපනය නගරයට ඇතුළුවීමට ඉඩ සලස්වා රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට ඛඔඔෑ ය සූදානම් වන බවට වූ කට කථාවක්ද මේ සමග ප්‍රචලිත විය. මේ පිළිබඳ විශාල බියකින් හා සැකයකින් පසු වූ ජනාධිපතිනිය එල්ල විය හැකි රසායනික අවි ප්‍රහාරයක් පිළිබඳ නිරන්තර අවධානයකින් පසු වූවාය. ඒ අතර ඛඔඔෑ ය සාම සාකච්ඡා අතහැර නැවත යුද්ධයට අවතීර්ණ වීම සම්බන්ධයෙන් විදේශ ඇමති කදිරගාමර් මෙසේ පැවසීය. “අපි ඉතා ගැඹුරින් දේශපාලන විසඳුමක් සොයන බව දුටු ප්‍රභාකරන් නැවත යුද්ධය වෙත ගියා. එය ඔහුට කරදරයක් වුණා. නමුත් එම සාකච්ඡාවන් අතර කාලය ඔහුගේ සංවිධානය යුදමය වශයෙන් නැවත ශක්තිමත් කර ගැනීමට යොදා ගනු ලැබුවා. මෙම මිනිසා සාමයට පරම සතුරෙකි. එසේම ඔහුට යුද්ධය අවශ්‍ය නම් ඔහු විසින් යුද්ධය ලබා ගනු ඇත. ඒ හැර අප වෙනත් කුමක් කරන්නද? අප ස්වාධීන ස්වෛරී රාජ්‍යයක්, අපට බැහැ ප්‍රභාකරන්ට උතුර භාර දෙන්න.” යාපනය අර්ධද්වීපය පූර්ණ වශයෙන් ශ්‍රී ලංකා හමුදාව විසින් දියත් කළ අදියර තුනකින් යුක්ත වූ රිවිරැස ක්‍රියාන්විතයට යටත් වීමෙන් පසුව ආරක්ෂක නියෝජ්‍ය ඇමති අනුරුද්ධ රත්වත්ත 1995 දෙසැම්බර් 5 වැනි දින පෙරවරු 11.52 ට යෙදුන සුභ මොහොතින් නිල වශයෙන් ජාතික කොඩිය යාපනය නගරයේදී ඔසවන ලදී. එම උත්සව අවස්ථාව රූපවාහිනියෙන් සජීවී ව නැරඹූ බහුතර සිංහල ජනතාව අනුරුද්ධ රත්වත්ත යනු ඉතිහාසයේ සඳහන් සපුමල් කුමරුගේ පුනරාගමනයක් ලෙස දුටුවෝය. යාපනයේ දී ජාතික කොඩිය එසවීමේ කෙටි උත්සවයෙන් පසු දින එනම් 6 වැනිදා තවත් නිල උත්සවයක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සංවිධානය කර තිබිණි. පැරණි රජ සිරිත අනුව යමින් ප්‍රත්‍යන්ත ජනපදයක රාජ්‍ය විරෝධී කැරැල්ලක් මැඩ පවත්වා දැමූ සේනා ප්‍රධානියකු ඒ පිළිබඳ සන්නස රටේ නායකත්වයට සැල කර සිටීමේ සාහිත්‍යමය සිදුවීම සිහි ගන්වමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රත්වත්ත ඇමතිවරයා විසින් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය වෙත යාපනය නගරය රජයේ හමුදා පාලනයට නතු වූ බව දැක්වෙන සංදේශයක් නිල වශයෙන් භාර දුනි.

 

 

පොදුජන එක්සත් පෙරමුණේ සියලු ම කැබිනට් ඇමතිවරු, මන්ත්‍රීවරු හා වෙනත් ප්‍රභූ ආරාධිතයින් විශාල පිරිසක් රැස්ව සිටි එම උත්සව සභාව තව දුරටත් පැරණි සාහිත්‍යයේ එන රාජකීය උත්සවයක ශ්‍රීය නොඅඩුවම ගත්තේය. ජනප්‍රියතාව හා දේශපාලන සාර්ථකත්වය අතින් බලන කල පොදුජන එක්සත් පෙරමුණ රජයේත්, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ හා අනුරුද්ධ රත්වත්ත ඇමතිවරයාගේ එතෙක් මෙතෙක් දේශපාලන ගමන් මගෙහි ස්වර්ණමය මොහොත එය වූවා නිසැකය. මේ අනුව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඒ වන විට චන්ද්‍රිකා රජය ලබා තිබූ අතිශය වූ ජනප්‍රියතාව සම්බන්ධයෙන් උදම් ඇනූ පොදු පෙරමුණේ දෙවන පෙළ හා පසු පෙළ නායකයෝ එක්සත් ජාතික පක්ෂයේ වසර දාහතක පාලනයට හිලව් වශයෙන් තමන් වසර තිස් පහක් රට පාලනය කරන බව පැවසූහ. මේ අතර යාපනය අල්ලා ගැනීමෙන් පසු ආණ්ඩුවේ දේශපාලනඥයන් ඛඔඔෑ ය විනාශ කර දමන බවට දින වකවානු පොරොන්දු දෙද්දී වන්නියේ සිට ප්‍රභාකරන් අවධාරණයෙන් කියා සිටියේ තමන් නැවත යාපනය අල්ලා ගන්නා බවට තමන් ප්‍රතිඥා දෙන බවයි.
රිවිරැස මෙහෙයුම මගින් යාපනය අර්ධද්වීපය ශ්‍රී ලංකා හමුදාව යටත් කර ගැනීමෙන් පසුව අනුරුද්ධ රත්වත්ත නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා යාපනය නගරයේදී ජාතික කොඩිය එසවීම හා සම්බන්ධ උත්සවය ආශ්‍රිතව යම්කිසි ප්‍රශ්නකාරී තත්ත්වයක්ද මතුවිය. විශේෂයෙන්ම උත්සවශ්‍රීයෙන් යාපනය නගරයේ ජාතික කොඩිය එසවීම පිළිබඳ යාපනය ජනතාවගේ මනෝභාවයන් කෙබඳු ආකාරයක් ගනී දැයි ජනාධිපතිනිය තුළ ගැටලු සහගත තත්ත්වයක් පැවතිණි. ඒ අනුව රත්වත්ත ඇමතිවරයා උත්සවශ්‍රීයෙන් නගරයේ ජාතික කොඩිය එසවීම අනුචිත බවත් එවැනි තත්ත්වයක් සාමාන්‍ය දෙමළ ජනතාවට තම රජය පිළිබඳ වේදනාකාරී හැඟීමක් ගෙනදීමට හේතුවිය හැකි බවත් ජනාධිපතිනියගේ මතය විය. මේ පිළිබඳ ඇයගේ මතය ඒ වන විට යාපනයේ සිටි රත්වත්ත ඇමතිවරයාට දුරකථනය මගින් දැනුම් දුන්නත් හමුදාවේ බොහෝ පිරිසකගේ ඉල්ලීම වූයේ තමන් අනිවාර්යයෙන්ම යොදාගත් පරිදි ජාතික කොඩිය යාපනයේදී එසවිය යුතුම බවයි. තවද රිවිරැස මෙහෙයුම සාර්ථකව ඉදිරියට යද්දී සටන් බිමට ගිය නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා සෙබළුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීමේ අරමුණින් තම අතෙහි වූ ජාතික කොඩිය පෙන්වමින් කියා සිටියේ ‘අපිට මේ කොඩිය යාපනයේ උස්සන්න කොල්ලනේ උඹල ඉක්මනට කොටින්ව යාපනයෙන් එලවපල්ලා” යනුවෙනි.


කෙසේ වෙතත් සිංහ කොඩිය යාපනයේදී එසවීමට තීරණය වීමත් සමගම ජනාධිපතිනිය යාපනය ජනතාවගේ සිත් රිදවීමක් වන්නේ නම් එය අවම කිරීමේ අරමුණින් විකල්ප යෝජනාවක් ගෙන ආවාය. එනම් ජාතික කොඩියත් සමග යාපනයේ පැරණි පළාත් කොඩියත් එසවීම කළ යුතු බවයි. එම යෝජනාව පිළිගැනුනත් යාපනයේ එම පැරණි පළාත් කොඩිය එසවීමට පිළිගත හැකි සුදුසු පුද්ගලයකු සොයා ගැනීම දුෂ්කර විය. 


හමුදාවේ කිසිවකුත් ඒ සඳහා ඉදිරිපත් නොවූ අතර ඔවුන්ගේ අදහස වූයේ ජාතික කොඩියට පසුව රිවිරැස මෙහෙයුමට සහභාගි වූ හමුදාවේ සියලු රෙජිමේන්තුවල ධජ ද එසවිය යුතු බවයි. යාපනය පළාත් කොඩිය එසවීම සඳහා සුදුස්සකු සෙවීම තරමක් ගැටලු සහගත වූ අතර අවසානයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ නියමයෙන් යාපනය දිස්ත්‍රික්කයේ උප දිසාපතිවරයකු වූ ටී. ධර්මලිංගම් එම කාර්යය ඉටුකරලීය. ඒ අනුව ජාතික කොඩිය නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ඔසවද්දී යුද හමුදා ධජය හමුදාපති ජෙරී ද සිල්වා විසින් ද, ගුවන් හමුදා ධජය එයාර් වයිස් මාර්ෂල් ඔලිවර් රණසිංහ විසින්ද, නාවික හමුදා ධජය නාවික හමුදාපති මොහාන් සමරසේකර හා පොලිස් දෙපාර්තමේන්තුවේ ධජය පොලිස්පති ඩබ්ලිව්. බී. රාජගුරු විසින්ද ඔසවන ලදී. එහෙත් අවාසනාවකට මෙන් පසුව කොඩිය එසවීමේ කාර්යය ඉටුකර ලීමේ වරදට එම උපදිසාපතිවරයා ඛඔඔෑ ය මගින් ඝාතනය කරන ලදී.


මේ අතර යාපනයේ දී ජාතික කොඩිය එසවීමට පෙර දින යාපනය නගර මධ්‍යයේ පිහිටි නාග විහාර භූමියේ සිට පිරිත් දේශනයක් පැවැත්වීමට තමන් කැමති බව කොළඹ සිටි ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ කිහිප නමක්ම රජයට දන්වා තිබිණි. ඒ අනුව එම පිරිත් දේශනයට අවශ්‍ය කටයුතු සලසන මෙන් හමුදාවට උපදෙස් ලැබිණි. 


මේ වන විට හමුදාව යාපනය නගරයට නිල වශයෙන් ඇතුළු වී දින දෙක තුනකට වඩා ගත නොවී තිබුණ හෙයින් හා නාග විහාර භූමිය පිහිටි ස්ථානය එතරම් සුපුරුදු නොවුන නිසාවෙන් නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා භට පිරිසක් ද සමග නාග විහාර භූමිය තිබිය යුතු ස්ථානයට ගොස් ඒ පිළිබඳ සොයා බැලුවේය. නමුත් ඔවුන්ගේ සිතියම්වලට අනුව එම ස්ථානයේ චෛත්‍යයක් නොවුණි. තිබුණේ පොල් අතු සෙවිලි කර සාදන ලද ටියුෂන් පොළකි. එහෙත් මහා මාර්ගයෙන් අනෙක් පස පිහිටි නාග විහාර විශ්‍රාම ශාලාව ඒ ආකාරයෙන්ම පැවතිණි.

 


මතු සම්බන්ධයි.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප : අන්තර්ජාලයෙනි.