IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


යුක්තිය වෙනුවෙන් හුස්ම පුද කළ බල්ගේරියාවේ මාධ්‍යවේදිනිය

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 10

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි දේශපාලන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු ඝාතනයට ලක්වූ බැවිනි. සාහසිකයන්ගෙන් දූෂණයට ලක්වූ වික්ටෝරියා මරිනෝවාද එවැනි ගවේෂණාත්මක මාධ්‍යවේදිනියකි.


අකාලයේ මිය ගිය බල්ගේරියානු මාධ්‍යවේදිනියක වන වික්ටෝරියා, (TVN)  නාළිකාවේ විකාශය වූ අතිශයින් ජනප්‍රිය(Detector) වැඩසටහන මෙහෙයවන්නියයි. මිය යන විට තිස් හැවිරිදිවූ ඇය, ඒ හරහා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්තේ ඒ වැඩසටහන හරහා හෙළිදරව් කළ කාලීන තොරතුරු හේතුවෙනි. ඇගේ සමකාලීන මාධ්‍යවේදියෙකු පැවසුවේ “වික්ටෝරියා මනා සංයමකින් යුතුව, අපේක්ෂා සහගත අන්දමින් සිය මාධ්‍ය මෙහෙවර අවංකවම ඉටු කළ අතර, ඇය තම කාර්යයේදී යුක්තිය පිළිබඳ තරයේ විශ්වාස කළ බවත්, යුරෝපානු අරමුදල් භාවිත කිරීමේ දී බල්ගේරියාව තුළ සිදුවූ වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් කළ ඇය දැඩි ආන්දෝලනයකට තුඩු දුන් චරිතයක් බවට පත්වන්නේය යනුවෙනි. ඒ අනුව වික්ටෝරියා සැලැකෙන්නේ පසුගිය වසර තුළ දී මියගිය යුරෝපානු සංගමය කලාපයට අයත් තෙවැනි මාධ්‍යවේදිණිය ලෙසයි.” 


කෙසේ වෙතත් මෙම ඝාතනය පිළිබඳ එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳව අමාත්‍ය ම්ලැඩෙන් මැරිනෝව් මහතා පැවසුවේ “ඇගේ මරණය සහ මාධ්‍ය කටයුතු අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවකි. එවැනි කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නොමැති බවකි. ඔහු මාධ්‍යයට පවසා ඇත්තේ ඇයට එල්ල වූ මරණ තර්ජනයක් පිළිබඳව හෝ කිසිදු සාක්ෂියක් නොමැති බවකි. එබැවින් ඇගේ මරණය යනු දූෂණයට ලක්ව මිය ගිය තවත් එක් මරණයක් පමණක් බව ඔහුගේ අදහස විය. ඒ අනුව මේ සම්බන්ධයෙන් 21 හැවිරිදි සෙවරින් ක්‍රසිමිරොව්නම් සැකකරුවෙකු ද පසුගිය අප්‍රේල් මස ජර්මනියේ දී අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු මාධ්‍යයට පවසා ඇත්තේ තමන්ට ඇගේ මාධ්‍ය කටයුතු හා කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, තමන් ඒ මොහොතේ දැඩි ලෙස මත්ව සිටි බවත්ය.” එසේ නම් ඝාතනයෙන් අනතුරුව ඇගේ ජංගම දුරකථනය, මෝටර් රථයේ යතුර, කණ්ණාඩි කුට්ටම සහ ඇතැම් ඇඳුම් ද අතුරුදහන් වූයේ කෙසේදැයි වික්ටෝරියා වෙනුවෙන් අරගල කරන නීතිඥ ග්‍රෙගරි ජෝර්ජිව් මහතා අධිකරණයෙන් විමසුවේ ඇගේ මරණය හුස්ම හිර කිරීමෙන් සිදුවූවක් බව හෙළි කරමිනි. ඈ වෙනුවෙන් සිදුවිය යුතු යුක්තිය පසිඳලීම වෙනුවෙන් දිගින් දිගටම අරගල කරමිනි. බල්ගේරියානු අග්‍රාමාත්‍ය බෝයිකෝ බොරිසෝව් මහතා ඇගේ ඝාතනය පිළිබඳ සෙවීම සඳහා දක්ෂතම අපරාධ පරීක්ෂකවරුන් යොදවා ඇති බවත්, ඒ පිළිබඳ තවමත් පරීක්ෂණ කටයුතු සිදුවන බවත් පැවසුවේ මේ හේතුවෙනි. 


වික්ටෝරියා වියෝ වුවද ඇගේ අරගලය තවදුරටත් ඉදිරියට රැගෙන ගිය(TVN)  නාළිකාව ද මෙම ආන්දෝලනාත්මක වැඩසටහන නැවතත් නැවුම් මුහුණුවරකින් ආරම්භ කළ අතර එහි පළමු වැඩසටහන පසුගිය සැප්තැම්බර් මස ගවේෂණාත්මක මාධ්‍යවේදීන් වන දිමිතර් ස්ටෝයානොව් සහ අට්ටිලා බිරෝ අතර පැවැත්වුණි. ඔවුන්ගේ අරමුණ වූයේ ද යුරෝපා අරමුදල හරහා වංචා සිදුකළ මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ දැවැන්ත දේශපාලනඥයන් පිළිබඳ අනාවරණය කිරීමයි. (ඔවුන් ඉදිරිපත් කළ තොරතුරු ද විනාශ කිරීමට පොලීසිය උත්සාහ ගත්තේය.) බල්ගේරියාව මේ වන විට මාධ්‍ය නිදහස ඇති රටවල් අතර 111 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස ඇත්තේ මේ හේතුවෙනි. 2017 වසරේ දී බල්ගේරියානු මාධ්‍යවේදීන් සියයකට අධික පිරිසක් එහි පැවැත්වූ අති දැවැන්ත උද්ඝෝෂණය මීට කදිම උදාහරණයකි. ප්‍රධාන මාධ්‍ය කෙරෙහි එකල පාලනයේ සිටි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වැලේරි සිමියොනොව් විසින් එල්ල කළ තර්ජන මීට හේතුවයි. යුරෝපානු සංගමයට අයත් රටවල් අතරින් අඩුම මාධ්‍ය සුරක්ෂිතතාවයක් සහිත රට බවට අද බල්ගේරියාව පත්ව ඇත්තේ ද මේ හේතුවෙනි.

 

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

යුක්තිය වෙනුවෙන් හුස්ම පුද කළ බල්ගේරියාවේ මාධ්‍යවේදිනිය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28379 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18192 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 673 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 199 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 855 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site