IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තිස්ස නිදහස්

තිස්සගේ මතක වත-119

 

මට විරුද්ධව මහාධිකරණයේ පවරල තිබුණු නඩුව ඉල්ලා අස්කර ගත්තට පස්සේ මාව සම්පූර්ණයෙන්ම ඒ නඩු කටයුත්තෙන් නිදහස් වුණා. ඊට පස්සේ හැමෝම වගේ කතා කළේ ආපසු කොහොමද මං ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වෙන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමෝම වගේ මේ ගැන බලාගෙන ඉඳපු බව යම් යම් කාරණා වලින් මට තේරුම් ගියා. මගේ නඩුව කාලය තුළ මම කිසිම පක්ෂයකට පක්ෂව කිසිම අදහසක් පළකළේ නෑ. මාධ්‍යවලින් මගෙන් කරුණු අහපු හැම වෙලාවෙම මධ්‍යස්ථ අදහස් තමයි මම ප්‍රකාශ කළේ.


මේ අතරෙ පහුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ විශාල කඩාවැටීමක් සිදුවුණු නිසා පාක්ෂිකයන් බහුතරයක් මට කතා කළා ඇවිත් නැවත පක්ෂය ශක්තිමත් කරන්න කියලා. මේ වෙද්දි එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ විශාල දියවීමක් සිදුවෙලා තියෙනවා. ආණ්ඩු බලය ගත්තට පස්සේ යූ.එන්.පී. කාරයින්ට පක්ෂයේ නායකයො කිසිම සැලකීමක් කළේ නෑ කියන චෝදනාව විශාල වශයෙන් පාක්ෂිකයින්ගෙන් එන එක. දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පාක්ෂිකයින්ට පවා කිසිම සාධාරණයක් යූ.එන්.පී.ය බලයට ආවට සිද්ධවුණේ නෑ. මේ නිසා පාක්ෂිකයො විශාල කලකිරීමක ඉන්නේ. යන යන තැනදි මුණගැහෙන පාක්ෂිකයො මේ දේ මට කියනවා.


පක්ෂයේ බිම් මට්ටමේ සංවිධාන ජාලය මේ වෙද්දි කඩාගෙන වැටිලා ඉවරයි. ඒ ගැන වඩාත්ම හොඳින් දන්න කෙනා තමයි මම. මොකද ඒ සංවිධාන ජාලය හැදුවෙ මම. ඒ කණ්ඩායම එක්ක කටයුතු කළේ මම. අද ඒ අය බොහෝ කලකිරීමෙන් උදාසීනවෙලා ඉන්නේ. ඒ බොහෝදෙනා අදත් මාත් එක්ක මේ ගැන කතාකරනවා. අද වෙනකොට පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදය නැවත වරක් උග්‍ර අතට පත්වෙලා තියෙනවා. ජනාධිපතිවරණයත් එක්ක මේ තත්ත්වය ඉදිරියට තවත් දරුණු වෙනපාටක් පේන්න තියෙනවා. එදා ඉඳන් පක්ෂය විනාශ කරපු චරිත අදත් පක්ෂය විනාශයට අරගෙන යනවා.


මේ යන විදියට නම් එක්සත් ජාතික පක්ෂය ගොඩගන්න අමාරු බවක් තමයි පේන්නේ. පක්ෂයේ ප්‍රබල චරිත කීපයක්ම මාත් එක්ක වරින් වර මේව සාකච්ඡා කළා. ඒ අයත් මට පක්ෂයට ඇවිත් පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කරන ලෙස ආරාධනා කළා. ඒත් මම ඒ ගැන ස්ථිර තීන්දුවක් තාම අරගෙන නෑ. ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම කියන කාරණය මේ තියන යූ.එන්.පී එකට නම් දුෂ්කර ඉලක්කයක්. 


පසුගිය කාලය තුළ මහින්ද රාජපක්ෂත් කීප වතාවක්ම මට කතා කළා ඒ පැත්තට ඇවිත් වගකීමක් අරගෙන ඉදිරි මැතිවරණ කටයුතු කරගෙන යමු කියලා. මම ඒ හැම වෙලාවෙම කිව්වේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියල නම් කළාට පස්සේ මම ඒ ගැන තීරණය කරන්නම් කියලා. එක්සත් ජාතික පක්ෂයේ අයටත් මම දුන්නේ ඒ උත්තරේමයි.
රට මේ වෙලාවෙ බලාපොරොත්තු වෙන බවක් පේනවා සාම්ප්‍රදායික දේශපාලනයෙන් පිට අලුත් නායකයෙක් දකින්න. සාම්ප්‍රදායික දේශපාලනයෙන් රැවටිලා ජනතාව දැන් හති වැටිලා ඉන්නේ. ඒ අය තවදුරටත් ලේසියෙන් රවට්ටන්න අමාරුයි.


අලුත් ඡන්දදායකයෝ දිනාගත්ත මේ පක්ෂ හැම එකකටම ලේසි නෑ. අද තරුණ පිරිස සම්ප්‍රදායික දේශපාලන අදහස්වල නොවෙයි ඉන්නේ. ඔවුන් දිනාගන්න ආකර්ෂනීය වැඩපිළිවෙළක් ඕනෑ. ඊළඟ ඡන්දවලදී ප්‍රධාන මාතෘකාව වෙන්නේ ජාතික කියන කාරණය වෙන්න පුළුවන්. ඒ ගැන සහතිකයක් ජනතාවට අවශ්‍යයි. දැන් රට පාලනය කරන අය රටේ සිද්ධවෙන කිසිම දෙයක වගකීමක් ගන්නේ නෑ. ජනතාවට මේවා දැන් තේරිල ඉවරයි. රට ගැන හිතලා කටයුතු කරන සෘජු නායකත්වයක් එක්ක පක්ෂ, පාට නොබලා ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගයෙන් කටයුතු කරන්න මම සූදානම්. කොහොම වුණත් මම නැවත අනිවාර්යෙන්ම ක්‍රියාකාරී දේශපාලනයට එනවා. ඉදිරි කාලය මගේ දේශපාලන ජීවිතයේ පුනරාගමනයක් සිදුවෙනවා. ඒක රට ගැන හිතලා ගන්න තීන්දුවක්.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (1)

තිස්ස නිදහස්

wickramaarachchi Saturday, 17 August 2019 06:10 AM

මට තේරෙන්නේ නැහැ ඇයි මේ තිස්ස කෙනෙක් ගැන මෙච්චර කතා කරන්නේ ඇයි කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site