IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විරෝධතා කරුවන්ට පොලිස් ප්‍රහාර

කොළඹ යුද බිමක් කළ අගෝස්තු හර්තාලය - 02

 

දඹදෙණිය පළාතේ එක්තරා පිරිසක් ඊයේ සවස් කාලයේ “හාල් මිල අඩු කරනු නැතිනම් අපි කුස ගින්නේ මිය යන්නෙමු” යනුවෙන් කෑ ගසමින් පාර මැද මහ පෙළපාළියක් දැක්වූහ. 


වැල්ලඳුර අටකලං කෝරළේ ගම් සභාවේ සභාපති තේරීම සඳහා පැවැත්වූ රැස්වීමේදී හාල් සහන මුදල ඉවත් කිරීම ගැන විරුද්ධත්වය ප්‍රකාශ කිරීම වස් සභිකයෝ 4 දෙනෙක් සභාවෙන් ඉවත්ව ගියහ. 


අනුරාධපුර ගිහි ධර්ම දේශකයෙකු වූ එල්. සුගතපාල මහතා බුලන්කුලම වලව්ව ඉදිරිපිට උපවාසයක් ද ඇරඹීය. පසුව ඔහුව පොලිස් වෑන් රථයකින් ඉවතට ගෙන ගිය නමුත් රුවන්වැලි සෑය ඉදිරිපිට යළිත් උපවාසය ඇරඹීය. හාල් මිල වැඩි කිරීමට විරුද්ධත්වය දක්වා අහුන්ගල්ල කඩපොළට 23 වැනිදා රැස් වූ 500ක පිරිස විසුරුවා හරින්න කඳුළු ගෑස් ගසන ලදි. එහිදී පොලිසිය හා ජනතාව අතර ගැටුමෙන් පිරිසෙන් 4 දෙනෙකු හා පොලිසියෙන් 2 දෙනෙකු තුවාල වී රෝහල් ගත කර තිබේ. 


ජුලි 23 සවස පවත්වන ගෝල් ෆේස් රැලිය සම්බන්ධව සියලු කටයුතු දහවල් වන විට සූදානම් කර තිබිණ. මුළු ප්‍රදේශයේ මෙන්ම අගනුවර හා තදාසන්න පෙදෙස් ද රතු පැහැ ගත් කොඩිවලින් ළෙලදුනි. පාර්ලිමේන්තුව අවට එල්ලා තිබු කළු කොඩි පොලිසිය විසින් ගලවා දමනු ලැබීය. සටන් කාමිත්වයෙන් ඔප් නැංවු පිරිස පැමිණ නැවතත් කළු කොඩි එල්ලුහ. 


පාර්ලිමේන්තු සැසි වාරය ද එදින පැවැත්වුණි. මේ නිසා විශේෂ පොලිස් ආරක්ෂාවක් ද විය. 


දහවල් වීමටත් පෙර ජනතාව රැලියට සහභාගී වීම සඳහා ගොල්ෆේස් පිටියට එක් වෙමින් සිටියහ. හයිඞ් පාක් සිට පෙළ පාළියක් කොම්පඤ්ඤ වීදිය හරහා එමින් තිබිණි. ලේක් හවුස් වට රවුමේ සිට තවත් පෙළපාළියකි. ඇසැබි පාඨ දොරේ ගලා යයි. රජයේ පාලකයින්ගේ පඹයන්ට පාර්ලිමේන්තු වට රවුමේදි ගිනි තබන ලදි. 


සමහරු පාර්ලිමේන්තුව වට කර සිටියහ. පිලිප් ගුණවර්ධනගේ හාබර් කම්කරු සමිතියේ (වරාය සමිතිය) කම්කරුවෝ පාර්ලිමේන්තුව වටකිරීමේ පෙරමුණ ගත්හ. පෙළපාළි වලින් පැමිණි පිරිස් ද එම වට කිරීමට එක්වූහ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය ඒ තුළට කොටු වූහ. පාර්ලිමේන්තු ප්‍රධාන දොරටුවේ මහජන ගැලරියට කිසිවෙකු ඇතුළු කර නොගන්නා බවට සඳහන් විශාල ප්‍රමාණයේ පුවරුවක් ද ප්‍රදර්ශනය කර තිබුණි. 


පාර්ලිමේන්තුව වටකරගෙන සිටි ජනතාවෝ වැලි බෝතල් හා ගල් පහර වලින් පාර්ලිමේන්තුවට සංග්‍රහ කරන්නට වූහ. හූ කීම් හා කෑ ගෑසීම් සටන් පාඨ අගනුවරම ගිල ගත්තාක් මෙනි. 


“පාර්ලිමේන්තුව අවට පොලිසියත් මහජනයාත් අතර මහ කලබල”


ජුලි 24 ලංකාදීප 

01 පිටුව ප්‍රධාන සිරස්තලය 


බැටන් පහර දී කඳුළු ගෑස් ගසා මිනිසුන් එළවා පහර දෙති. ඊයේ හට ගත් මහා ඝට්ටන 


ඊයේ මුදල් ඇමැතිගේ අයවැය කතාව හමාරවත්ම ගෝල් ෆේස් රැස්වීමට යන පෙළ පාළියක් හා පොලිසිය සමග බරපතළ ඝට්ටනයක් ඇති විය. පාර්ලිමේන්තු මන්දිරය අසල දී හට ගත් මෙම ඝට්ටනය නිසා කිහිප දෙනෙකු තුවාල ලැබු අතර තවත් බොහෝ දෙනෙක් බේරේ වැවට පැන ගත්හ. 


පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් ඉවත්ව යන ලෙස පොලිසිය පිරිසට නියෝග කළ විට පිරිස හූ කියන්නටත් ගල් ගසන්නටත් වන්හ. එවිට බැටන් පොලු රැගත් පොලිසිය මහජනයාට පහර දී පිරිස විසුරුවා හැරීමට කඳුළු ගැස් ද යෙදීය. අශ්වාරෝහක පොලිස් හමුදාව ද වහා කැඳවන ලදි. කුලප්පු වූ අශ්වයින් නිසා මේ කලබලය තවත් උග්‍ර අතට හැරුණි. 


ගෝල්ෆේස් රැස්වීමට වැල නොකැඩී යන ජනයා නිසා පොලිසිය සමඟ ඝට්ටනයට එක් වූ ප්‍රමාණය මොහොතෙන් මොහොත වැඩි විය. ඒ අතර පොලිස් බළඇණිය ශක්තිමත් කරන ලදුව කඳුළු ගෑස් යොදා පිරිස විසුරුවා හරින ලදි. දෙපක්ෂය අතර ඝට්ටනයේ දී පොලිස් කාරයෝත් බේරේ වැවට වැටුණාහ. 


වේවැල් පලිහ හා රිටිගත් පොලිස් භටයෝ දවල් වරුවේ සිටම පාර්ලිමේන්තු මන්දිරය රැකවල් කර සිටියහ. ගල් පහරවල් වැදී කුලප්පු වූ අශ්වයන් නිසා කබලය තවත් වැඩි විය. භික්ෂූන් වහන්සේලා කිහිප නමකට ද බැටන් පොලු පහර වැදී තුවාල සිදු විය. කඳුළු ගෑස් වැදීමෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් බොහෝ වෙලාවක් තිස්සේ වමනය කරමින් සිටි අතර විරුද්ධ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකු වතුර ඉල්ලා පාර්ලිමේන්තු මන්දිරය කරා දුවනු දක්නට ලැබුණි. තවත් භික්ෂුන් වහන්සේ නමක් මිනිසුන් අතින් ගල් උදුරා විසි කළහ. 


මේ පාර්ලිමේන්තුව අවට ඇති වූ ගැටුම්කාරි අවස්ථාවන් පමණි. 


කිරුළපන, මරදාන, කොම්ඤ්ඤ වීදිය ප්‍රදේශවලට ගැටුම් ඇති වී තිබේ. බස් රථ ඇතුළු වාහනවලට පහරදීම රංචු ගැසී කඩ සාප්පුවලට පහර දීම ද සිදු වී ඇත. එම පහරදීම් කවරෙකු සිදු කළත් බැර වූයේ විරෝධතාකරුවන්ගේ ගිණුමටය. 


බස් රථ වලට පහර දී කොම්පඤ්ඤවිදියේ හෝටල් දෙකකට බෝතල් හා ගල් පහර දී අලාභ හානි කර තිබුණි. තට්ටු දෙකේ බස් රථයකට ද පහර දී අලාභ හානි කර ඇත. ගෝල්ෆේස් හරහා බස් ධාවනය තහනම් කෙරුණි. 
මෙම ගැටුම් නිසා ගෝල්ෆේස් රැලිය අසාර්ථක වූයේ නැත. රැලිය ද සටන් කාමි බවක් ඉසිලීය. ජනතාව ද පසු නොබැසීය. ඔවුහු නැවතත් පෙළපාළි සැදී රැලියට සහභාගී වීම සඳහා පිටියට ඇඳුණාහ. ගෝල්ෆේස් රැලිය ආරම්භ වීමට පෙරම පිටිය එකම හිස් ගොඩක් ලෙස පිරි ඉතිරි තිබු බව මාධ්‍ය ප්‍රකාශ කළේය. 


විපක්‍ෂ නායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 2.30 ට රැස්වීම ආරම්භ විය. ලං.ස.ස.ප. නායක ඇන්. ඇම්. පෙරේරා කතා කරමින් සිටිය දී යු.ඇන්.පී. මළගම යැයි සඳහන් කළ මිනි පෙට්ටියක් කර තබා ගෙන පෙළ පාළියකින් පැමිණි පිරිසක් වේදිකාව ඉදිරිපිට තැබීය. එය දුටු ඇන්. ඇම්. තම කතාව මොහොතකට නවත්වා “සහෝදරවරුනි ඔය ගඳ ගහන මිනි පෙට්ටිය ඔහොම්ම ගිහින් මුහුදට දාලා පාංශු කුලයවත් නොදී ආපසු එන්න” පිරිස නැවතත් මිනි පෙට්ටිය කරට ගෙන මුහුද දෙසට පිය නැගූහ. 


රැස්වීමට පැමිණෙන පිරිස් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පසු කර යත්දි පොලිසිය සමඟ ඇති කර ගත් සුළු ගැටුම් නිසා රැස්විමේදී නිතර නිතර කල බල ඇති විය. ගෝල් ෆේස් පිටිය වටා ද විශාල පොලිස් හමුදාවක් යොදවා තිබුණි. 


රැලියේ දී කතා කළ පීටර් කේනමන් මහතා හාල් මිල වැඩි කළේ මුදල් නැති නිසාලු. පොලිසිය ලවා දුප්පත් මහජනතාවට බැටන් පොලු පහර දීමටත් වියදම් කරන මුදල් ආහාර මිල අඩු කිරීම සඳහා යොදවන මහජන හිතෛෂි රජය පිහිටු විය යුතු යැයි පැවසීය.

 

 


මතු සම්බන්ධයි.

 

 


ගණේමුල්ල බුද්ධි බොල්ලත 
සඳමුතු ශර්මි ශ්‍රී බුද්ධික
ඡායාරූප : අන්තර්ජාලයෙනි.

 



අදහස් (0)

විරෝධතා කරුවන්ට පොලිස් ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12098 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6798 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site