IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දේශපාලකයන්ට පණ පිටින් මී පැටවුන් ගිලින්න දීලා

 

80 දශකයේ මුල් භාගයේ ජාත්‍යන්තර තරුණ ශිෂ්‍ය උළෙලක් උතුරු කොරියාවේ පියොන් යෑං නගරයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ ලෝකයේ හැම රටකම පාහේ සහභාගිත්වයෙනි.


ශ්‍රී ලංකාවට ද ඒ සඳහා සහභාගි වන ලෙස නිල ආරාධනාවක් ලැබී තිබුණේය. ඒ අනුව එවකට මෙරට පැවැති සියලුම පිළිගත් දේශපාලන පක්ෂවලින් තෝරාගත් තරුණ තරුණියන් පිරිසක් ඊට සහභාගි කරවීමට එවකට පැවැති එජාප ආණ්ඩුව පියවර ගෙන තිබුණි. ඒ සඳහා සහභාගිවන සියලුම නියෝජිතයන්ට අවශ්‍ය ගුවන් ටිකට්පත් කෑමබීම සහ ඉඳුම් හිටුම් පවා සපයනු ලැබුවේ උතුරු කොරියානු රජයේ වියදමිනි. 


වත්මන් ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතා ද එම ගමනට සහභාගිවී සිටියේ ශ්‍රීලනිප තරුණ සම්මේලනයේ නියෝජිතයකු වශයෙනි. මෙකල දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය දරන ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු තවත් තරුණ සාමාජිකයන් කීප දෙනෙක්ද ශ්‍රීලනිපය නියෝජනය කරමින් එම ගමනට එක්වී සිටියහ. එජාපය නියෝජනය කරමින් එම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් දෙපළක් ද උතුරු කොරියානු තරුණ උළෙලට සහභාගී වී සිටි බව ටී. බී. ඒකනායක මහතා පවසයි. ඔහු සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකාවෙන් තරුණ නියෝජිතයන් විසිගණනක් එම නියෝජිත කණ්ඩායමට එක්ව සිටියහ.


මම ඊට කලින් විදේශ ගමනකට සහභාගිවී නොතිබුණ නිසා මට ඒක අලුත් අත්දැකීමක් වුණා. හැබැයි අර එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙන්නා ඇරෙන්න අපි ඔක්කොම වගේ කෝඩුකාරයෝ.....’යි කියන ටී. බී. වැඩි දුරටත් සඳහන් කරන්නේ ඇතැමුන් දුම්රියක ගමන් කරන අයුරින් ගුවන් යානය තුළ ඒ මේ අත ඇවිදීමට තැත් කිරීම නිසා ඔවුන් තම අසුන්වල රඳවා ගැනීමට ගුවන් සේවිකාවන්ට දැඩි උත්සාහයක් දැරීමට සිදුවූ බවයි. 


ටි. බී. එකල විසිපස් වැනි වියවත් සපුරා නොතිබුණද හෙතෙම ඒ වනවිටත් බුලත් සැපීමට පුරුදුවී සිටියේය. එහෙයින් බුලත් විටක් සැපීමෙන් තොරව ගුවන් යානය තුළ පැය අටක් හෝ නමයක පමණ කාලයක් එකම තැන රැඳී  සිටීම ඔහුට මුහුණ පෑමට සිදුවූ තරමක අසීරු කර්තව්‍යයක් විය.


ශ්‍රී ලංකා නියෝජිත පිරිස කටුනායක සිට මුලින්ම ගොස් තිබුණේ සෝවියට් රුසියාවේ මොස්කව් ගුවන් තොටුපොළටය. එහිදී වෙනත් රටවලින් පැමිණි තරුණ කණ්ඩායම් ද ඔවුන්ට එක්වී තිබුණේ ඒ සියලුම දෙනා එකම ස්ථානයකට යාමට නියමිතව තිබු බැවිනි. මොස්කව් ගුවන් තොටුපළේ සිට වෙනත් ගුවන් යානයකින් සයිබීරියාව වෙත ගිය පිරිස් පසුව තවත් යානයකින් උතුරු කොරියාවේ පියොන් යෑං නගරය වෙත කැඳවාගෙන ගිය බව ටී. බී.ට මතකය.
අපිට සයිබීරියාවේ ඉඳන් උතුරු කොරියාවේ පියොන් යෑං නගරය වෙත යන්න තිබුණේ මහා සයිබීරියාව හරහා. ඒ ගුවන් ගමන ටිකක් කැලඹිලි සහිතයි කියල අපට කල්තියා දැනුම්දී තිබුණා. නිතරම වගේ යානය එයාපොකට් වලට වැටෙනවා. ආයෙත් ඉහළට  එනවා. අපි මහා සයිබීරියාව හරහා  යනකොට අපට කන්න ලැබුණේ බිස්කට්  විතරමයි.  ඒකත් කටට ගන්න හදන කොටම යානය එයා පොකට් එකකට වැටුණ ගමන් බිස්කට් එක විසිවෙලා ගිහින් බිමට වැටෙනවා. බොන ජාතිනං කොහොමවත් කටට ගන්න බෑ. ඇඟේ ඉහිරෙනවා. ඒ තරමට ගැස්සි ගැස්සි තමයි අපි පියොන් යෑං වලට ගියේ. 


ටී. බී. කියන අන්දමට පියොන් යෑං ගුවන් තොටුපොළට ගොඩබසින බහුතරයක් කෝඩුකාරයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ වැඩි දෙනකුගේ මුහුණු බෙරිවී තිබුණේය. තවත් සමහරුන් ඉතිපිසෝ ගාථාව නතර කරන ලද්දේ පියොන් යෑං ගුවන් තොටුපොළට ගොඩබැසීමෙනුත් පසුවය. තමන්ටද අවස්ථා කීපයදීම ඉතිපිසෝ ගාථාවේ වචන පැටලුනු බව හෙතෙම පවසයි. 


පියොන් යෑං ගුවන් තොටුපොළේදී ඔවුන් පිළිගන්නා ලද්දේ එරට කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් කීප දෙනකු විසිනි. ඔවුන්ට නතරවීම සඳහා තට්ටු නිවාස සංකීර්ණයක් අලුතින් ඉදිකර තිබුණේය. 


ඒ වකවානුවේ උතුරු කොරියානු නායක කිම් ඉල් සුන් ජීවතුන් අතර සිටියා. අපේ කණ්ඩායම එතුමාගේ උපන් නිවෙසටත් කැඳවාගෙන ගියා. හැබැයි කිම් ඉල් සුන් තරුණ සමුළුවට සහභාගි නොවුණත් අපේ කණ්ඩායමේ කීප දෙනෙකුට පමණක් ඔහු හමුවීමටත් අවස්ථාව ලැබුණායි කියමින් එම ගමනේදී තමන් ලැබූ අත්දැකීම් විස්තර කරන ටී. බී. සඳහන් කරන අන්දමට සතියක් පමණ වූ එම කාලය පුරාවටම ඔවුන් ආහාරය වශයෙන් ගෙන තිබුණේ පාන් සහ තැම්බූ එළවළුය. 


“මචං කොරියාවේ හැම තැනම වගේ බලුමස් තියෙනවා. ඒ නිසා උඹල කන දේවල් හොඳට හොයල බලලා කාපල්ලා” යි කොරියානු ගමනට සහභාගි වූ ශ්‍රීලනිපයේ තරුණ නායකයකු ඔවුන්ට කොළඹදී කියා තිබුණේය. එහිදී තමන් වෙනුවෙන් බලුමස් පමණක් නොව සර්පයන්ද එක් එක් අයුරින් පිස තිබූ බව හෙතෙම පවසයි. ශ්‍රී ලංකාවේ නිවෙස්වල කෑම රස ගැන්වීම සඳහා උම්බලකඩ මිශ්‍ර කරන අයුරින් පිසිනලද බළල් මස් කුඩුකර එම කෑමවලට මිශ්‍රකර ඇතැයි රාවයක් පැතිරුණු බැවින් ඉතා දැකුම්කලු ලෙස සකසා තිබූ ඒ කිසිදු ආහාර බඳුනක් දෙසවත් නොබැලූ ටී.බී.ලා බොහෝ විට තම බඩවල්  පුරවා ගන්නා ලද්දේ පාන් වැනි පිටිවලින් තැනූ ආහාර වලිනි.


මේ අතර ගාල්ලේ ශාන් විජයලාල් බලමාළු පාර්සලයක් ගෙන ගොස් තිබූ අතර තවත් කීප දෙනෙක් සීනි සම්බල් සහ මෝජු වැනිදෑ පාර්සල් කර ගෙනවිත් තිබුණහ. 


තමන් සමග එකම කාමරයක සිටි ශාන්ගේ බලමාළු පාර්සලය අවසන් වනතුරු දින දෙකක් පමණ කෑ ටී. බී.ට ඉන්පසුව සිදුවූයේ කෙසෙල් ගෙඩි වැනි පලතුරු සමග පාන් කෑමටය. මේ අතර සමුළුවට සහභාගි වූ සියයක පමණ නියෝජිතයන් පිරිසක් වරක් නගර මධ්‍යයේ පිහිටි සුවිසල් උත්සව ශාලාවක් වෙත කැඳවා ගෙන ගොස් තිබුණහ. විදේශීය නියෝජිත පිරිස උතුරු කොරියාවේ සාම්ප්‍රදායික භෝජන සංග්‍රහයකට සහභාගි කරවීම සඳහා එලෙස කැඳවා ගෙන යන බව ඔවුන්ගේ භාෂා පරිවර්තකයා කියා සිටියේය. 


ටී. බී. සඳහන් කරන අන්දමට එම සුවිසල් ශාලාව මධ්‍යයේ දැවැන්ත ඕවලාකාර මේසයක් තිබුණ අතර ඒ මත රිදී පැහැයෙන් කැටයම කළ බේසමක් දැල් සහිත වට්ටියකින් වසා තිබුණේය. නියෝජිත පිරිස ශාලාවට පැමිණ අසුන්ගත් විට ඉපැරණි කොරියානු සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුණ යුවතියන් පිරිසක් පැමිණ කුඩා වීදුරුවක දැමූ සැරබීමක් ඔවුන් වෙත පිළිගැන්වූවාය. 


අපි මේ පුරාණ චාරිත්‍රය ගැන නොදැන සිටි නිසා අපි හැමෝම වගේ ඒ බීම නොබී අතේ තියාගෙන බලා හිටියා. 
එතකොටම වගේ ඒ රටේ උසස් නිලධාරියකු ලෙස සිතිය හැකි ප්‍රභූවරයකු පැමිණ අපට හිස නමා ආචාර කර කොරියන් බසින් මොනවාදෝ කියා සිනාසුණා. අපිත් එක්ක හිටපු භාෂා පරිවර්තකයා ඒ ගැන කිව්වේ අප සියලු දෙනා සාදරයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කළැයි කියලයි. ඊළඟට අර මනුස්සයා ශාලාව මැද තිබුණු මේසය අසලට ගිහින් අර විශාල බේසමේ වහුම් ඇරියා යි කියන ටී. බී. සඳහන් කරන්නේ ඒ තුළ උපන් හැටියේම යැයි සිතිය හැකි මී පැටවුන් ලක්ෂ ගණනක් නළියමින් සිටි බවය.


ඉන් අනතුරුව එම ප්‍රභූවරයා ගමන්ගේ දකුණු අතේ ඇඟිලි දෙකකින් එහි සිටි මී පැටියෙකු අතට ගෙන උඩට ඔසවා තමන්ගේ මුව තුළට දමාගෙන අනෙක් අතේ තිබුණු වීදුරුවේ වූ සැරබීම උගුරට හලා ගත්තේය.  නියෝජිත පිරිස සමග සිටි කොරියානු ජාතික තරුණයන්ද එලෙස මී පැටවුන් ඇඟිලි දෙකට ගෙන කටේ දමා ගන්නා අයුරු දුටු තමන්ගේ සිතට දැඩි පිළිකුලක් දැනුණු බව ටී. බී. පවසයි. ශ්‍රී ලංකාවෙන් ගිය නියෝජිතයින් පිරිස අතර සිටි ශාන් විජය ලාල් ඇතුළු කීප දෙනකුම එම සිද්ධිය දැක වමනය කළ බවද ඔහුට තවමත් මතකය.


“කොහොම හරි අපි ඒ ගමන ගිහින් ආපහු ශ්‍රී ලංකාවට එනකොට අපි හැමදෙනාගෙම වගේ බර කිලෝ තුන හකරකින් අඩුවී තිබුණා. ඇයි ඉතින් කොරියාවට පය ගහපු දා ඉඳලම කෑවේ පාන් විතරයිනෙ”යි කියමින් සිනාසෙන ටී. බී. ඒකනායක වැඩිදුරටත් සඳහන් කරන්නේ මීට වසර හතළිහකට පමණ ඉහතදී තමන් මුහුණ පෑ එම සිද්ධිය මතකයට නැගෙන විට තවමත් ඔක්කාරෙට එන බවය.


නිහාල් ජගත්චන්ද්‍ර



අදහස් (0)

දේශපාලකයන්ට පණ පිටින් මී පැටවුන් ගිලින්න දීලා

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12098 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6798 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site