IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දේදුණු විප්ලවයේ යතිවර මතකය

ගිරාඹේ ආනන්ද නාහිමි-
කතා පෙළ- 01

 

මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව 2005 සිට ඉදිරියට ශක්තිමත්ව ආ ආණ්ඩුව පොදු අපේක්ෂකයකු හරහා වත්මන් පාලනයට පෙරළුණේ කෙසේදැයි යන්න කාටත් කුහුලකි. ඒ ගැන විවිධ අය විවිධ කතා කියති.


මේ පෙරළිය සිදුවූයේ අගනුවර කොළඹින් වූ කුමන්ත්‍රණයක් නිසා යි සමහරු සිතති. එහෙත් ඒ පොදු අපෙක්ෂකයා කරළියට එන්නේ රජරට යතිවරයෙකු ලබාදෙන උපදේශකත්වයෙනි.
ඒ යතිවරයාණෝ අනුරාධපුර ශ්‍රී සාරානන්ද විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද නාහිමියෝ වෙති. උන් වහන්සේ ආවර්ජනයට නැගූ ඒ පුවත මෙසේ ය.
ඩී. ඇස්. සේනානායක සමයේ සිට ගිරාඹේ නාහිමි එක්සත් ජාතික පක්ෂයට ඉතා ළබැඳි කෙනෙකි. 2004 සිට එම පක්ෂය දිගටම මැතිවරණ පරාජය  වෙමින් යන ගමනේ දී නාහිමියන් ද සිටියේ කලකිරීමෙනි. ඒ අතර පක්ෂය විවිධ පිල්වලට ද බෙදී ගියේ ය.


රනිල්වාදීන්, කරුවාදීන්, සජිත් වාදීන් ලෙස එකම පක්ෂයේ අයට ලේබල් ඇලවී තිබිණි. පක්ෂයේ නායකයන්ටම එකමුතු කරගන්නට බැරි මේ බෙදීම් නිසා දැඩි කලකිරීමට පත්  නාහිමියෝ බස්නාහිර පළාත් සභා ඡන්දයෙන් එජාපය, පරාජයට පත්වීමෙන් පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සාරානන්ද පිරිවෙණට ඒම ද තහනම් කළේ ය.


තෙවසරක්ම ඔහුට සාරානන්ද ගේට්ටුවෙන් ඇතුළට ඒමට නාහිමියෝ ඉඩ නොදුන්හ. “ඔබ හිතුවක්කාරයි. අප කියන දේට කන් දෙන්නේ නෑ. අපේ වචන ගණන් ගන්නේ නෑ. ඒ නිසා නායකයෙක් හැටියට සාරානන්දයට එන්න එපා.”යි 


ආනන්ද නාහිමියෝ කීහ. 2010 වසරේ අග සිට ගත වූ මේ තෙවසර තුළ නාමිහියෝ එක්සත් භික්ෂු පෙරමුණ සමග ද සාකච්ඡාකර සිය අදහස් ලෙස එජාපය බලයට ඒමට නම් ගතයුතු පියවර ලෙස දාහත් වැදෑරුම් ප්‍රතිසංස්කරණ මාලාවක් පෙළගැස්සුවේ ය.


එය ලිපියක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට උන්වහන්සේ ගොනු කළේ ඩී. ඇස්. සේනානායක වැනි ශ්‍රේෂ්ඨ උතුමන්ලා විසින් පිහිටුවා රටේ ගෞරවය රැකගෙන පාලනය කළ මෙම පක්ෂය මේ තරම් අසරණ තත්ත්වයකට ඇදවැටීමට හේතු මෙසේ යැයි ඒත්තු ගන්වා යළි ගොඩනැගීමට සිතාගෙන ය. ඒ ලිපියේ පෙන්වා දෙන කරුණු දාහත මහජනතාවට ඇහුන්කන් දීම, මහජනතාවගේ ප්‍රශ්න විසඳීමට ප්‍රමුඛත්වයදීම, ජාතික ආගමික සිතුම් පැතුම් හඳුනාගෙන කටයුතු කිරීම ආදී පිළිවෙත් මාලාවකින් යුක්ත ය. නාහිමියෝ මේ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හැමෝටම තැපැල් කළහ.


මේ ලිපිය කියවා බැලූ අයට නායකත්ව මණ්ඩලයක් තුළ කළ යුතු දේවල් ද දක්නට ලැබුණි. ජෝන් අමරතුංග හා ලක්ෂ්මන් කිරිඇල්ල මහතුන් ඇතුළු කිහිප දෙනෙකුට මේ ලිපිය තදින්ම හිත්වලට කා වැදුණි. ඊට ප්‍රතිචාර වශයෙන් කිහිප දෙනෙක් පක්ෂ නායකයා හමුවන්නට ගියෝ ය.


එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා එම ලිපිය කියවීම ප්‍රතික්ෂේප කර තිබිණි. මේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත ඒ මහතාට එතෙක් නොකියවූ ලිපිය කියවන්නට සිදු විය. අනතුරුව එහි සිට දුරකථනයෙන් නාහිමියන් ඇමතූ මන්ත්‍රීවරු නායකතුමා නාහිමියන්ව මුණ ගැසීමට කැමති බව දැන් වූහ. එහෙත් නාහිමියන් කියා සිටියේ මා සමග නොව භික්ෂු පෙරමුණ සමග සාකච්ඡා කරන්න. මා හමුවට එන්න එපා යනුවෙනි.


එහෙත් ගිරාඹේ ආනන්ද නාහිමියන් ඇමතූ පක්ෂ නායකවරයා කීවේ නෑ මුලින්ම ඔබ වහන්නේ සමග සාකච්ඡා කරලා පසුව දිනපහක් ඇතුළත භික්ෂු පෙරමුණ හා කතා කරන්න මා ඉදිරිපත්වෙනවා කියායි. ඒ 2014 වසරේ මුලදීය. නාහිමියෝ ඊට අවස්ථාව දුන්හ.


කිරිඇල්ල හා හැරිසන් යන මන්ත්‍රීවරුන් ඇතුළු කිහිප දෙනෙක් සමග රනිල් වික්‍රමසිංහ මහතා සාරානන්ද පිරිවෙණට පැමිණ උන්වහන්නේ ව බැහැදුටුව හ. නාහිමියෝ කාටවත් දොස් නැගුවේ වත් බැණවැදුණේවත් නැත. ඉතා හොඳින් පිරිස පිළිගත් ආනන්ද නාහිමියෝ විනාඩි දහයක් ඉල්ලාගෙන පක්ෂයේ ඉතිහාසය, තමා පක්ෂයට කැපවීම් ආදිය සිහිපත් කර මාතෘකාවට පිවිසියහ. 


නායකතුමා තමුන්නාන්සේ 2004 පරාජය වූවාට පස්සේ මම 2005 දී මිලින්ද මොරගොඩ මහත්තයත් එක්ක ගිහින් මුන්නාන්සේව මුණගැහිලා කීවා. තමුන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ලෙස පක්ෂයෙන් ඉවත්වෙන්න කියලා. ඇයි මං එහෙම කීවේ?


ආණ්ඩු බලය ඇතිව තිබූ මැතිවරණත් පරාජය වුණා. කැමති කෙනෙකුට නායකත්වය දී තමුන් පසු පස සිට පක්ෂය ශක්තිමත් කරන්න.


1965 දි ඩඞ්ලි සේනානායක අයින්වෙලා ජේ. ආර්. 65 ඡන්දයට ඉදිරිපත් වෙනකොට ජනතාව ඉල්ලුවේ ජේ. ආර්. නොවෙයි පක්ෂ නායකයා වෙච්චි ඩඞ්ලි අපිට ඕනෑ කියලා.


තමුන්නාන්සේ නායකත්වයෙන් අද ඉල්ලා අස්වුණොත් තව අවුරුදු දහයක් යනකොට ජනතාව රනිල් ඕනෑ කියලා කෑගහනවා. ඒ වගේමයි තමුන්නාන්සේ අද අස්වුණේ නැත්නම් අවුරුදු දහයකින් මිනිස්සු පෙළපාළි යනවා රනිල් ඉවත්කරන්න කියලා.


අද ඒක නෙවේද වෙලා තිබෙන්නේ? යි අනුනාහිමියෝ ඇසූහ. නාහිමියන්ගේ කීම අනුමත කළ පිරිස උන්වහන්සේගේ අනුශාසනා පරිදි වැඩ කිරීමට එකඟ වූහ. එදායින් දින පහකට පසු පක්ෂ නායකයාත්, කරු ජයසූරිය, රවී කරුණානායක හා සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසකුත් සමග භික්ෂු පෙරමුණ රැස්වූයේ කොල්ලුපිටියේ ධම්මකිත්තියාරාමයේ දීය. සූජීව සේනසිංහ, මංගල සමරවීර, තිස්ස අත්තනායක ඇතුළු තවත් අය මේ සාකච්ඡාවේ සිටියෝ ය.


පක්ෂයේ දුර්වලතා, කළ යුතුව ඇති දේ ආදී බොහෝ දේ සාකච්ඡාවට බඳුන් විය. නායකත්ව මණ්ඩලයක් පිහිටුවා පක්ෂය බලවත් කරන්නැයි ද එසේ කළහොත් බලය අරන් දෙන්නම් යැයි ද නාහිමිවරු කීහ. පක්ෂ නායකයා ඊට කැමැති විය. පැය දෙකකට පමණ පසු සැනසුම් සුසුමක් හෙළුෑ පක්ෂ නායකයා “හාමුදුරුවනේ මම සෝවාන් වුණා වගේ දැනුණා යැයි කීය. ඊට හේතුව වශයෙන් ඒ මහතා කියා සිටියේ තමාගේ සිතේ තිබූ මහා බරක් නායක හාමුදුරුවන් විසින් භාර ගැනීම කියා ය.

 

 

නායකත්ව මණ්ඩල වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය සෑම සම්පතක්ම ලබාදෙන බවත් ඒ සඳහා සම්පූර්ණ වගකීම් භාරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් රනිල් වික්‍රමසිංහ මහතා කීවේ ය.


සැලසුම් කරගත් පරිදිම නායකත්ව මණ්ඩලය පිහිටුවා ඉදිරියට යද්දී පොදු අපේක්ෂක කතාව කරළියට ආවේය. මේ වන විට මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පොදු අපේක්ෂක සංකල්පය සමග කරුණු එකොළහක් ගැන කතිකාවත අරඹා තිබුණි. කොමිසන් සභා පිහිටුවීම ආදී කරුණු ඒ එකොළහේ විය. නාග විහාරයේ දී සෝභිත හිමියන් ඇමතූ ගිරාඹේ ආනන්ද නාහිමියෝ පොදු අපේක්ෂකයාට සහාය දීමට එ. ජා. ප. ය කැමැති බව  පැවැසුහ.


දළදා මාළිගාවේ දී පූජා පවත්වා රට වටේ ම ජනතාව දැනුවත් කරගෙන යන බවත් පක්ෂ, සංවිධාන ආදී කණ්ඩායම් 40ක් තම වැඩ පිළිවෙළට සහාය දෙන බවත් සෝභිත හිමියෝ කීහ. මේ කුමන කණ්ඩායම් උපකාර කළත් එ. ජා. පය තරග කරනවා නම් පරාජය වන බවත් උන්වහන්සේ කීහ. එහෙයින් රනිල් වික්‍රමසිංහ මහතා කරළියට. 


ඒම වැළැක්විය හැකි නම් දිනිය හැකි බවද සෝභිත හිමි පැවසූහ.


ඒ අනුව වෙනත් පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් එජාප නායකයාගේ කැමැත්ත ලබාගැනීමේ වගකීම තමා භාරගන්නා බව ගිරාඹේ ආනන්ද නාහිමි භාරගත්තේ ය. ඒ වන විට පොදු අපේක්ෂකයා ලෙස ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේත් ඒ. ටී. ආරියරත්න හා කරු ජයසූරිය මහත්වරුන්ගේත් නාමයන් ඉදිරියෙන්ම තිබිණි. ඒ අනුව ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් සැදුණු මේ භික්ෂු පිරිස අනෙකුත් මහනාහිමි වරුන් ද, අග රදගුරු මැල්කම් රංජිත් පියතුමා ඇතුළු ආගමික නායකයන් ද හමුවී පවතින ආණ්ඩුව ඉවත් කිරීමේ සාකච්ඡා දියත් කළහ. 


මුල දී සිංහල බෞද්ධ පිරිස නියෝජනය කරන නායකයෙකු ලෙස කරු ජයසූරිය මහතා ඉලක්ක කරගෙන කථිකාවන් ගොඩ නැගිණි. කරු ජයසූරිය පොදු අපේක්ෂකයා ලෙසට එන බව දැනගත් මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයේ අය බොහෝ උපක්‍රමවලින් ඔහු ඒම වැළැක්වීමට උත්සාහ කළහ. සෝභිත හිමියන් ද, අත්තංගනේ ශාසන රතන, තල්පොත ධම්මජෝති, කෑරගොල්ලේ පියදස්සී, කළුතර සෝම, ගෝනගල ඤාණාලෝක, පේරාදෙණියේ ධම්මසේන, පින්නවල යසස්සී, මහ මාන්කඩවල පියරතන, මීවැල්ලෑවේ ධම්මකිත්ති, හිමිවරුන් ද ප්‍රදේශ වශයෙන් බෙදාගෙන රටපුරා වැඩම කළේ පිරිස් ගොනු කිරීමට ය.


ඒ වන විට සෝභිත හිමියන් ද ගිරාඹේ නාහිමියන් ද සමග එවකට පැවැති රජයේ මැති ඇමතිවරුන් 38 දෙනෙක් මහින්ද රාජපක්ෂ මහතා පලවාහැර වෙනත් අයෙකු බලයට පත්කිරීමට රහස් සාකච්ඡා සිදුකරමින් සිටිය හ. කරු ජයසූරිය මහතා පොදු අපේක්ෂකයා ලෙස නාමයෝජනා භාරදුන් ගමන් ඒ මැති ඇමතිවරු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටියහ. වරක් සෝභිත හිමියන් බැහැදැකීමට ගිරාඹේ නාහිමියන් වඩින විට අද මහින්ද වෙනුවෙන් පෙනී සිටින ප්‍රබලයන් තිදෙනෙක්ම ඒ රහස් සාකච්ඡාවක නිරත වූහ. නායක හාමුදුරුවනේ මෙයා රට කනවා. යි ඒ අය කීහ.


පොදු අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය නම් කිරීම සඳහා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සජිත් ඊට විරුද්ධ විය. අලියා ලකුණින් හා කොළ පාටින් රනිල් වික්‍රම සිංහ මහතා ඉදිරිපත්වීම අනිවාර්ය බවත් එසේ නොවුණහොත් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවත් සජිත් කී ය. ඒ කතාවට විජේදාස රාපක්ෂ, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල හා මංගල සමරවීර විරුද්ධ වූහ. රනිල් ඉදිරිපත්වන්නේ නම් තමා ඔහුව දිනවන බව ද සජිත් කීවේ ය.


ඒ තත්ත්වය මත පසු දින රනිල් තමා එජාපයෙන් තරග කරන බව කීවේ ය. එවිට ගිරාඹේ ආනන්ද නාහිමියෝ රනිල්ව මුණගසුණ හ. තමුන්නාන්සේ ඡන්දෙට එනවා ද? නාහිමියෝ ඇසූහ. ඔව්, මම එනවා පිළිතුර විය. තමුන්නැහැට කවුද ඡන්දය දෙන්නේ? නාහිමි පෙරළා ප්‍රශ්න කළහ.


‘ඇයි එහෙම කියන්නේ?’ රනිල් මහතා විමසී ය.


‘නැති නිසා...ඡන්ද තියනවා නම් 27 වතාවක් පරදියි ද?’ යි නාහිමියන් කීමත් සමග කතාව බොහෝ දිග්ගැස්සිණි.


නාහිමිගේ පැහැදිලි කිරීම මෙසේ ය. ‘ඔය පරාජය වෙච්චි ඡන්ද විසි හතේ සජිත් හිටියේ නැද්ද? මේ අහවල් ඡන්දය මම දිනවලා පෙන්නන්නම් කියලා තමුන්නැහැට දිනවලා පෙන්වුවා ද? නායකතුමා මේක ඇතුළේ ලොකු කුමන්ත්‍රණයක් තිබෙනවා.


තමුන්නාන්සේ ලෝකයේම පිළිගත් නායකයෙක් වෙලත් ඇයි? මේක තෙරුම්ගන්නේ නැත්තේ? මහින්දවාදී ව්‍යාපාරිකයන් හා දේශපාලන නායකයන් මේ කුමන්ත්‍රණයේ ඉන්නවා.’ යනුවෙනි.
එවිට රනිල් වික්‍රමසිංහ මහතා ඇසුවේ හොඳයි මම සහාය දෙන්නම්..... කවුද එහෙනම් පොදු අපෙක්ෂකයා. යනුවෙනි.


පොදු අපෙක්ෂකයා කරූ ජයසූරිය මහත්තයා..... එයා දිනලා මාස හයෙන් ඉවත් වෙනවා. අදාළ කොමිසන් සභා ස්ථාපිත කරලා, සාධාරණ ඡන්දයක්  පවත්වලා මාස හයෙන් යනවා’ නාහිමි පැවසූහ.
‘හොඳයි, නොගියොත්?’ ප්‍රශ්නය විය.


‘නෑ ස්ථිරවම එයා යනවා. මාස හයයි. තත්පරයක්වත් ඉන්නේ නෑ.’ නාහිමියෝ අවධාරණය කළෝ ය.


ඒ හමුවෙන් සතියකට පසු රනිල් - චන්ද්‍රිකා හමුවක් සිදුවිය. එහි දී කරූ ගැන කළ සඳහනේ දී කරූට අකැමැත්ත පලකළ චන්ද්‍රිකා මහත්මිය ශ්‍රිලනිපයේ මහලේකම් කළකිරීමෙන් සිටින බව කීවාය. පොදු අපෙක්ෂක රහස් සාකච්ඡාව මෛත්‍රි දෙසට හැරුණේ එදා පටන් ය. 


මෛත්‍රී පොදු අපේක්ෂකයා බව නාහිමිවරුන් දැනගත්තේ ඉකුත් ජනාධිපතිවරණ නාමයෝජනාවට දින දෙකකට පෙර ය. සෝභිත හිමි සිත්තැවුලකට පත් වූහ. පසුව කථිකා කරගත් මේ දෙනම කවුරු වුණත් කමක් නැහැ කළ යුත්තේ සිටින ජනාධිපති ඉවත්කර ගැනීම් යැයි අදහසකට පැමිණ මහත් ධෛර්යයෙන් යළි සංවිධාන කටයුතු දියත් කළහ.


මෛත්‍රී නාමයෝජනා භාරදී අවසන් වන විට පෙර කී 38 දෙනාගෙන් 31 දෙනෙක්ම ආපසු ශ්‍රීලනිපයටම හැරුණ හ. ආපසු මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඒ පිරිසම පත්වූ ආණ්ඩුවට එක්වූහ.

 

 

 

 

 

 

 

අනුරාධපුර - සරත් මනුල වික්‍රම



අදහස් (0)

දේදුණු විප්ලවයේ යතිවර මතකය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12098 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6798 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site