(තිහගොඩ උපසේන ලියනගේ) 
බස්නාහිර පළාතේ කාර්යාලයක සේවය කරන එක් දරු පියෙකි. උදෑසන සේවාවට යාම සඳහා ඔහු නාන කාමරයේ සිටින විට චූන් පාන් පැමිණියෙන් බිරිඳ ඔහුගේ කලිසම් සාක්කුවට අත දැමුවේ පාන් ගෙඩියක් සඳහා මුදලක් ගැනීමටය. ඇයගේ අතට අසු වූයේ කඩදාසියක රෝල් කරන ලද හවරියක් වැනි කෙස් ගස් ගුලියකි. කලබලය නිසා එය එලෙසම තබා පොකට්ටුවෙන් මුදල් ගත් ඇය පාන් කාරයාට මුදල් දුන්නත් හවරිය ගැන සිතේ වූයේ සැකයකි. 


සේවයට ගිය ඔහු ගෙදර ආවේ සතුටෙනි. හවරිය ගෑනියෙකුට පළන්දලා ජොලියක් ගිහින් වගේ. බිරිඳ කීවෙන් ඔහු කලබලයට පත් වූ අතර බිරිඳ උදේ සිදු වූ සියල්ල කීවාය. ඔහුට දෙවියන් සිහිවිය. මගේ යාළුවෙකුගේ දරුවෙකුගේ මංගල කොණ්ඩය කැපුවේ පෙරේදා. කොණ්ඩා ගස් ටික නොපෑගෙන තැනකට දාන්න මට දුන්නා. කඩදාසියේ ඔතල තිබුණේ ඒක. මට බෝධි කොටුව ඇතුළට දාන්න කිව්වත් අමතක වුණා. අද තමයි දැම්මේ ඔහු කීවේ විමතියෙනි. බොරු නම් මෙන්න යාළුවගේ ෆෝන් එකේ අංකෙ. කතා කරලා බලන්න. ඔහු තවදුරටත් කීවෙන් බිරිඳට ලැජ්ජා සිතුනි. 


නෑ. ඕන නෑ. මම විහිළුවට කීවේ, ඇය කියුවත් සැමියාගේ කෝපය නම් නිම වූයේ නැතිලු.