IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


බස්රියේදී දුටු තරුණිය හදිසියේ මහලු වෙලා

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
සිය මිතුරන්ට අලුත් පෙම පවසා අමාරුවේ වැටෙන්නට ගිය පුද්ගලයකු පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය. 


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. 


එම ගම දුෂ්කර වූ අතර ජංගම දුරකථන පහසුකම් නොමැත. තරුණයින් විසින් දුරකථන අංක වෙනුවට තරුණියන්ට ලබා දෙන්නේ ලිපින ලියූ කොළ කැබලිය. ඉහත සඳහන් කළ තරුණයා ද දිනක් බස් රථයක පැමිණෙන අතර අල්ලපු ගමේ නාඳුනන තරුණියකට සිය ලිපිනය ලබාදී ඇත. පසුව ඇයගෙන් ප්‍රතිචාරයක් නොමැති බැවින් සිය කනස්සල්ල මිතුරන්ට පවසා ඇත. එම තරුණයා. එම ගමේ ව්‍යාපාරයක් ද සිදුකර ගෙන යන අතර තරමක් මසුරු අයෙකි. මිතුරන් ඔහුට පාඩමක් ඉගැන්වීමට සිතා නාඳුනන තරුණිය ලියන ලෙස ලිපියක් ලියා ඔහුට තැපැල් කර ඇත. 


ඉන් අනතුරුව ඇය හමුවීමට පැමිණෙන ලෙසත් ඇය ඇඳ සිටින ඇඳුම්වල පාට ගැන සඳහන් කර කිහිප වතාවක් අසල ගමට පැමිණෙන ලෙස ලියුම් එවා ඇත්තේ මිතුරන්ය. එම දිනය ව්‍යාපාරයට වැඩි වෙළඳාමක් පවතින දිනයක් වුවත් පාඩුව අමතක කර ඔහු ගොස් ඇත්තේ ආලයෙන් මත් වී සිටි බැවිනි. 


සිය මිතුරන් සමග බස් රථයේ හමු වූ සුරූපී තරුණිය දැකීමට ගිය තරුණයාට දැකගත හැකි වූයේ 50 හැවිරිදි කාන්තාවකි. මෙය මිතුරන්ගේ ක්‍රියාවක් බව දැන මිතුරන්ට සාප කරමින් ඔහු ද පැමිණ ඇත්තේ එම නිවසින් වතුර වීදුරුවක්වත් නොබීලු.



අදහස් (0)

බස්රියේදී දුටු තරුණිය හදිසියේ මහලු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site