(වලස්මුල්ල - තිලක් මනම්පේරි)
බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි පවුලක් බෙලිඅත්තට යාම සඳහා කොටුව දුම්රිය පොළෙන් මරදාන බලා යන දුම්රියක නැග සිදු වූ ජංජාලයකි මේ.
වාර්තා වූ අයුරින් සිද්ධිය මෙසේය.

තම දරුවන්ට අවශ්‍ය පොත් කිහිපයක් ගෙන ඒමට මවක දරුවන් දෙදෙනා ද සමග බෙලිඅත්තේ සිට කොළඹ බලා පැමිණි අතර ඔවුහු එම කටයුතු සිදු කරගෙන බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රියක් බලාපොරොත්තුවෙන් කොටුව දුම්රිය පොළේ සිටියහ.
ඒ අතරේ දුම්රිය ස්ථානයේ නිවේදනයක් නිකුත් විය.
‘බෙලිඅත්ත බලා ධාවනය වන රුහුණු කුමාරි දුම්රිය තව නොබෝ වේලාවකින් මෙම ස්ථානය වෙත පැමිණෙනු ඇත’ යන ප්‍රකාශනය කියවෙනවාත් සමගම ඔවුන් සිටින වේදිකාව සමීපයට දුම්රියක් පැමිණියේය. ඔවුන් කලබලයට පත්ව එම දුම්රියට නගිනවාත් සමගම දුම්රිය පිටත් වන්නට විය. කිලෝ මීටර් කිහිපයක් පසුකර යන දුම්රිය එක් නැවතුම් පොළක දී තමා සිටි දුම්රිය කුටිය ගලවා වෙනත් දුම්රිය එංජිමකට සවි කළේය. ඉන් අනතුරුව ගමන ආරම්භ කළ දුම්රිය මරදාන දුම්රිය නැවතුමේදී නතර විය.
මගීහු බසින්නට වූහ. ඒ සමගම බෙලිඅත්ත බලා නැගි පවුල ද බසින්නට විය. ඔවුනට එලොව තරු පෙනුණි. බෙලිඅත්තෙ යන්නට දුම්රියට නැග්ගත් බසින්නට සිදු වූයේ මරදානෙනි. සිද්ධියෙන් කලබලයට පත් වූ ඔවුහු බස් නැවතුම්පොළට පැමිණ බෙලිඅත්ත කතරගම බසයකට ගොඩ වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය ස්ථාන වල සිදුකරන නිවේදන හරිම අක්ක්‍රමවත්, මගීන් නොමගයව සුළු ආකාරයට වෙන්නෙ. මීට වඩා විධිමත් විධියට කටයුතු සිදු කරතොත් එය මගීන්ට සලසන මහඟු සේවාවක් වනවා නොඅනුමානය.
මෝඩ මිනිස්සු. ඔහොම වෙන්නේ කොහොමද? බොරු ලියනවා නිමක් නැතිව...