ප්ලාස්ටික් රොටියක් නිසා යෝජිත විවාහයක් කඩා කප්පල් වීමේ සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ මාතර දිස්ත්‍රික්කයේ ගම්බද ප්‍රදේශයකිනි.
සිද්ධිය මෙසේය.

ඔහු ගමේ පදිංචි තරුණයකු වන අතර සේවය කළේ අගනුවර විදුලි කටයුතු සම්බන්ධ අමාත්‍යාංශයකය.
පසුගියදා ඔහු විවාහයට යෝජිත මනාලියකගේ මව, පියා ඥාති සහෝදරියක හා කපු මහතකු නිවසට ආවේ ‘ගෙවල් දොරවල්ද’ බැලීම සඳහාය.
පැමිණි අය නිවස පිළිබඳව දැඩි සතුටට පත්වූ අතර තේ පානයෙන් අනතුරුව යෝජිත මනාලියගේ මව කුස්සිය පැත්තට ගියේ තරුණයාගේ මව සමඟ පිළිසඳරක යෙදෙමිනි.
කුස්සියේ එල්ලා තිබූ ‘‘ ප්ලාස්ටික්’’ රොටියක් වැනි දෙයක් දුටු යෝජිත මනාලියගේ මව ඒ කුමක්දැයි ඇසුවාය. සිනාසුනු තරුණයාගේ මව ඔය පුතාගේ වැඩක්’’ සිනා සෙමින් කීවාය.‘‘ පුතා මට වතුර හීටරයක් ගෙනත් දුන්නා. දවසක් ඒකේ වතුර උණු කරන්න දාලා මම වත්ත පහළට ගියා. එනකොට වතුර උණුවෙලා ඉවර වෙලා ප්ලාස්ටික් ජෝගුව උණුවෙලා රොටිය වගේ වෙලා’’
‘‘අම්මට මේක කවදාවත් අමතක නොවෙන්න මෙතනම එල්ලනවා කියලා එල්ලුවා. එයා කුකුල් කේන්ති කාරයා’’ දෙදෙනාම සිනා සුනත් ගෙදර ගොස් තම දියණියට මේ ගැන කී විට දුව ‘‘ඔය කුකුල් කේන්ති කාරයො මට එපා. එයාට හොඳ කිකිළියක් අල්ල ගන්න’’ ඇය කීවෙන් මවට දෙවියන් සිහිවුනාලු.
(තිහගොඩ උපසේන ලියනගම)
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්ලාස්ටික් රොටිය මගුලක් කඩලා