IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


තනිපංගලමේ ඉන්න ගැහැනිය ළඟට රිංගූ රාලහාමිට ‘හූ’සංග්‍රහයක්

කොරෝනාව හේතුවෙන් ඇඳිරි නීතිය පවතින අවස්ථාවක පොලිස් නිලධාරියකු අවේලාවේ කාන්තාවක් පමණක් සිටින නිවසකට ගොඩවී එහි පැය තුනක පමණ කාලයක් ගතකර නිවසින් එළියට එනවිට අසල රැස්වී සිටි ප්‍රදේශවාසීන්ගේ හූ  හඬ මැද්දේ ලැජ්ජාවට පත්වී තමා පදවාගෙන ආ යතුරුපැදිය තල්ලු කරගෙන පොලිස් ස්ථානය බලා ගිය පුවතක් කොළඹ නගරයේ එක්තරා පොලිස් බල ප්‍රදේශයකින් වාර්තා වේ.

 
සිද්ධිය මෙසේය. 


නිවස පිහිටියේ මහල් නිවාස සකීර්ණයකය. පුරුෂයා අත්හැර තනිවම ජීවත්වන කාන්තාවක් එහි නිවෙසක වූවාය. පොලිස් නිල ලාංඡනය ප්‍රදර්ශනය කර ඇති නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ එම පාට දිගු කලිසමක් ඇඳගත් ඔහු තම යතුරුපැදිය මාර්ගයේ නවතා නිවසට පැමිණ ඇත්තේ සවස 6.30ට පමණය. ඔහු එම නිවසට පැමිණීමත් සමඟ ගේට්ටුවත්, නිවසේ දොරත් වසා පහත මාලයේ ලයිට් නිවා දැමූ බවක් සියැසින් දුටු අසල්වැසියෝ පැවසූහ. 


පවතින කොරෝනා සහ ඇඳිරි නීතිය ගැන නිතරම විමසිල්ලෙන් සිටින අසල්වැසියෝ සිද්ධිය දෙස පැය තුනක පමණ කාලයක් බලා සිටියත් එම නිලධාරියා එළියට නොපැමිණි නිසා ඒ බව අසල්වැසියකු  විසින් අදාළ පොලිසියට දැනුම්දී තිබේ. ලැබුණු තොරතුරු මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විටම සැක කටයුතු පොලිස් නිලධාරියාද එළියට පැමිණීමත්  සමග  අසල් වැසියන්ගෙන් ‘හූ’ සංග්‍රහයක් ලැබුණි. 


මේ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ඔහුගේ යතුරුපැදියේ යතුර බාරගෙන යතුරුපැදිය තල්ලු කරගෙනම පොලිසියට යන ලෙස ඔහුට නියම කළේය. 


ඔහු යතුරුපැදිය තල්ලු කරන්නට උත්සාහ ගත්තත් එය ඉක්මණින්ම තල්ලු කරන්නට අපහසු වූයේ ඒ වනවිටත් කවුරුන් හෝ කෙනෙක් යතුරුපැදියේ රෝද දෙකේම හුළං යවා තිබූ නිසාය. සැකකාර පොලිස් නිලධාරියා නොනවතින හූ හඬ මැද පසු නොබලාම යතුරුපැදිය තල්ලු කරගෙන ගියේය.

(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනි)



අදහස් (1)

තනිපංගලමේ ඉන්න ගැහැනිය ළඟට රිංගූ රාලහාමිට ‘හූ’සංග්‍රහයක්

SENA Sunday, 31 May 2020 10:02 AM

දෙපැත්තේම කැමැත්තෙන් සිද්ද වෙච්චි වැඩක් වගේ... රැස්වෙලා හිටපු කට්ටියගේ එකම අරමුණ කොරෝනා නීති පිළිපැදීම විතරක් කියන එක වෙන්න බැහැ.

:       1       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site