IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ණයතුරුස්වලින් ගොඩඑන්න කළ උප්පරවැට්ටිය පාරාවළල්ලක් වෙලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මුදල් හදිසියකට මුදල් සොයන්නට ගෙවීමේ ක්‍රමයට රූපවාහිනියක් මිලදී ගෙනා බව කියන කාන්තාවක පිළිබඳව මීරිගම ප්‍රදේශයේ ගම්මානයකින් පසුගියදා වාර්තා විය.


සටකපට කාන්තාවකි. මිල මුදල් කොතරම් තිබුණත් ඇයට ඇතිවන්නේ නැත. සැමියාගේ එදිනෙදා කුලී වැඩෙන් දිවි රැකගන්නා මේ පවුලේ වෙනත් අවශ්‍යතා සඳහා මුදල් වැය කිරීම බිරිඳ විසින් කරගෙන යයි.


ඇය සීට්ටු දමයි. දිනපතා පොලියට මුදල් ලබා ගනියි. මෙසේ ලබාගත් විවිධ ණය නිසා ඒවා ගෙවීමේ ගැටලුවකට ඇය මුහුණ පා සිටියාය. ඇගේ ණය තුරුස් පියවන්නට සැමියා කටයුතු කළේ ද නැත. දිනපතා කොටස් වශයෙන් ගෙවන පොරොන්දුව මත ලබාගත් ණය පොලී මුදල් ගෙවීමට ඇයට අතක් නැතිවිය. මේ වනවිට ගෙවීමට ඇති ණය හා පොලිය රුපියල් හතළිස් දහසකට ආසන්නය.


අසල්වාසියකුගෙන් රුපියල් දස දහසක මුදලක් ඉල්ලා ගත්තේ අලුත්ම රූපවාහිනියක් විකිණීමට තිබෙන බව දන්වමිනි. අසල්වැසියා රූපවාහිනිය මිලදී ගැනීමට කැමති වූයේ එය අලුත්ම එකක් බව පැවසූ නිසාත් අඩු මුදලකට ලබා ගත හැකිවන නිසාත්ය. සවස රූපවාහිනිය ලැබෙන තුරු ඔහු රුපියල් දස දහසක අත්තිකාරමක් ද කාන්තාවට දුන්නේය.


කාන්තාවට ගණදෙවි නුවණ පහළ විය. ඇය කළේ නගරයේ රූපවාහිනී වෙළෙඳ ආයතනයකට යාමය. අතේ ඇති රුපියල් දස දහස ගෙවා වාරික ගෙවීමේ ක්‍රමයට රූපවාහිනියක් මිලදී ගත්තාය. මෙසේ ලබාගත්තේ රුපියල් හැත්තෑදහසක් පමණ වන එකකි. 


රූපවාහිනිය ලබාගත් කාන්තාව කෙළින්ම ගියේ මුදල් ඉල්ලාගත් අසල්වැසියා හමුවන්නටය. මට මේකට පනහක් දෙන්න. ඇය කීවේ එහි ලදුපත් ආදිය ද පෙන්වීමෙන් පසුවය. තමන් අතට ලැබෙන්නට යන ලාභය ගැන සැලකු අසල්වැසියා ඉතිරි හතළිස් දහස ඇයට දී රූපවාහිනිය අයිති කරගත්තේය.


 කාන්තාව මෙම මුදලින් ඇගේ ණය තුරුස් පියවා නිදහස් වූවත් මාසිකව රූපවාහිනියේ වාරික ගෙවන්නට සිදුවන බව සිහිපත්වූ ඇය ඒ සඳහා මුදල් සොයන ක්‍රමයක් ගැන සිතමින් පසුවෙන බව ද දැනගන්නට ලැබිණි.



අදහස් (1)

ණයතුරුස්වලින් ගොඩඑන්න කළ උප්පරවැට්ටිය පාරාවළල්ලක් වෙලා

දිමුත් Wednesday, 10 July 2019 07:06 AM

ඔයිට වඩා හිතන්න තිබ්බා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site