(තිහගොඩ – උපසේන ලියනගම)
තම නිවස ආසන්න නිවසක මල් කැඩීමට ගොස් ඥාති අක්කා කෙනෙකුගේ ගඳ සුවඳ බැලීමට තැත්කළ හිතුවක්කාර මල්ලි කෙනෙක් ඥාති අක්කාගේ ඉදල් පහරට ලක්වීමේ පුවතක් පසුගියදා කළුතරට නුදුරු උපනගරයකින් අසන්නට ලැබිණ.
ගෙදර අම්මාගේ ඉල්ලීම පරිදි මේ ගැටවරයා මල් නෙළීමට ගියේය. ඔහු ගිය නිවසේ සිටියේ මැදිවයසේ වුවද අවිවාහකව සිටින කාන්තාවකි. තවමත් රූපශ්‍රීයෙන් අඩුවක් නොවූ ඇය විලාසිතාවට මෙන්ම සුවඳ ආලේපවලට දැඩි ඇල්මක් දැක්වූ තරුණියකි.
එම නිවසේ මල් කැඩීමට ගිය මල්ලී දුටුවේ මේ කාන්තාව මිදුල අතුගාමින් සිටින බවකි. මල් කැඩීමට ආබව කී ඔහුට අනුමැතිය ලැබුණොත් ඔහු මල් කඩන අතරතුර අක්කාගේ රූපශ්‍රිය මෙන්ම විලවුන් සුවඳ දැනීමෙන් කුල්මත්ව ‘අක්කා මාර සුවඳයි’ කීවේ විහිළුවටය.
ඇය කිසිවක් නොකියා සිටියද නැවත නැවතත් සුවඳ ගැන විමසූ නිසා යක්ෂාරූඪවූ ඇය. තම ඉදල ඔසවා ඔහුට පහර දුන්නෙන් කොලු ගැටයා ගේට්ටුවෙන් පැන ගියේ පණ එපා කියමින්ලු.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඥාති අක්කාගේ සුවඳ බලන්න ගිහින් ඉදල් පාර කාලා