ඡන්ද දායකයා රෙද්ද අස්සෙන් තම මන්ත්‍රීවරයාට ආචාර කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. ඔහු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඔහුට තමන් පත් කළ ගම කෙමෙන් කෙමෙන් අමතක වන්නට වූ අතර මන්ත්‍රීධුරයේ කටයුතු කළ අවස්ථාවල සිදු වූ යම් යම් සිදුවීම් හේතුවෙන් සිය හිතවතුන් පිරිසක් නොහොඳ නෝක්කාඩුවෙන් පසු වූහ.
එම පිරිස කවදා හෝ නැවත තම මන්ත්‍රීවරයා ගම්මානයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසු වූයේ ඔහුට පාඩමක් ඉගැන්වීමේ අරමුණිනි.
මෙම ගම්මානය කඳුකර ප්‍රදේශයක පිහිටි අතර මේ දිනවල උදෑසන කාලයේ පවතින සීත කාලගුණය නිසා ගම්මානයේ ජනතාව තම නිවෙස් ඉදිරිපිටටවී හිරු එළියෙන් ගත උණුසුම් කර ගැනීම මේ දිනවල උදෑසන බොහෝ තැන්වල දක්නට ලැබුණි.
මේ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයක පෙරහුරුවක් ලෙස ඡන්ද දායකයන් මුණ ගැසීමට පසුගියදා ගම් ප්‍රදේශයේ ඇවිදීමට ගියේය.
ගම් ප්‍රදේශයේ ගෙවල් කීහිපයකටම ගොඩ වූ ඔහු තමන් සමඟ අමනාපයෙන් පසුවන අයකුගේ නිවසක් කරාද ගියේය.
මන්ත්‍රීවරයා යනවිට පෙරකී අමනාප වූ පුද්ගලයා සහ ඔහුගේ සගයෙකුද සමඟ හිස සිට දෙපතුළ දක්වා සරම පොරවාගෙන හිරු එළිය තපිමින් සිටි අයුරු මන්ත්‍රීවරයා දුටුවේය.
මන්ත්‍රීවරයා ඔවුන් සිටි තැනට පැමිණ “ආයුබෝවන් කොහොමද සැප සනීප” යැයි. දෑත් එක්කර ආචාර කරමින් විමසුවේය. ඒ සමඟම හිස සිට දෙපතුළ දක්වා සරම් පොරවාගෙන හිරුරැස් විඳිමින් සිටි දෙදෙනා තම දෙපතුල අස්සෙන් සරම ඉහළට දෑත් ඔසවා සමාචාර දැක්වූහ.
එය දැක හීන් දාඩිය දැමූ මන්ත්‍රීවරයා ඡන්ද දායකයාගේ ආචාරය පිළිගැනීම පසෙක තබා ආපයින්ම දිවයද්දී ඡන්ද දායකයෝ “ඇයි ඔබතුමා ආ පයින්ම යන්නේ, සීතලටත් එක්ක තේ එකක් බිලම යමු” යයි සිනාසෙමින් ඇසූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඡන්ද දායකයාගෙන් ගමේ මන්ත්‍රීට රෙද්ද අස්සෙන් ආචාරයක්