(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
මැතිවරණ ජය උණුසුම මැද පරණ කෝන්තරයකට ගුටි ඇනගත් තරුණයින් දෙපිරිසකට බල්ලන් දෙදෙනකු පන්න පන්නා සපා කෑ පුවතක් කුරුණෑගල ගමකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.

මැතිවරණ ජය සමරමින් සූර් වී සිටි තරුණයින් දෙපිරිසක් පරණ කෝන්තරයක් මුල්කරගෙන මහමඟ ගුටි ඇනගෙන ඇත. මාර්ගයේ නිවසක් ඉදිරිපිට දෙපිරිස ගුටි ඇන ගනිමින් සිටිය දී එම නිවසේ සිටි තරුණයා ද පැමිණ මිතුරන් සමථ කිරීමට උත්සාහ කළ ද එය ද ව්‍යර්ථ වී ඇත.
සිද්ධිය බලා සිටි එම නිවසේ බල්ලන් දෙදෙනා ගුටි ඇන ගනිමින් සිටි තරුණයින් සත් දෙනා එළවා එළවා සපා කන්නට පටන් ගෙන ඇති අතර හිස් ලූ ලූ අත දිවගොස් ඇත්තේ කකුල්වල තුවාලවලින් ද ලේ පෙරමින්ය.
මෙම බල්ලන් දෙදෙනා නිසා සිදුවන්නට ගිය අනතුරක් වැළකී ඇති අතර බල්ලන් සපා කෑමෙන් තුවාල සිදුවූ තරුණයින් පසුදින බෙහෙත් විදීම සඳහා රෝහල් පෝලිමේ සිටියේ කිසිවක් නොවූ පරිද්දෙන් එකිනෙකාගේ මුහුණු නොබලමින් බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd