IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගම්මිරිස් හොරා ටැලිෆෝනයෙන් දැනේ

ජංගම දුරකතනයකින් ගම්මිරිස් හොරකු කොටුකරගත් බව කියවෙන පුවතක් තල්දෙන  එගොඩවෙල ගම්මානයෙන් වාර්තා වේ.


 නිවෙස් හිමියා පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.


 එය එගොඩවෙල ගම්මානයේ නිවසකි. පසුගිය  කන්නයේදී ගම්මිරිස්වලට නිසි මිලක් නොලැබීම නිසා නෙළාගත් අස්වනු එහි කාමරයක ගබඩා කර තිබුණේ ඒ සඳහා ඉහළ මිලක් ලැබෙන තුරුය.


 මේ පිළිබඳ ඇස් ගසාගෙන සිටි ත්‍රීවිල් රථ රියදුරකු පසුගිය දිනෙක  නිවැසියන් එහා මෙහා වන තුරු හිඳ ගම්මිරිස් ගෝනියක් ත්‍රීවීල් රථයේ පටවාගෙන ගොස් නගරයේ වෙළෙඳ  සලකට අලෙවි කළේ සොරකම පිළිබඳ කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකරමිනි. ගම්මිරිස් ගෝනි ගණන පිළිබඳ  අවධානයෙන් සිටි නිවැසියකු එක් ගම්මිරිස් ගෝනියක් අතුරුදන්ව ඇති බව දැක, ඒ පිළිබඳව සොයා බලද්දී ගම්මිරිස් ගෝනියක් මත තිබූ ජංගම දුරකථනයක් ඔහුගේ නෙත ගැටුණි.


  සිදුව ඇත්තේ කුමක්දැයි තේරුම් ගත් ඔහු එයත් රැගෙන නතර වූයේ බදුල්ල පොලිසියේය.


 දුරකථනය ඔස්සේ සූක්ෂම ලෙස පරීක්ෂණ පැවැත් වූ පොලිස් නිලධාරීන්ට සොරකමේ සුලමුල සොයා ගැනීම එතරම් අපහසු කාරණයක් නොවීය.


කලබලයෙන් ගම්මිරිස් ගෝනිය කරට ගනිද්දී එය පහසු වීම සඳහා අත තිබූ ජංගම දුරකථනය කාමරයේ තිබූ තවත් ගම්මිරිස් ගෝනියක් උඩ තැබූ බව ගම්මිරිස් හොරාගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අසන්නට ලැබිණි.

(වියලුව වාර්තාකරු)

 



අදහස් (0)

ගම්මිරිස් හොරා ටැලිෆෝනයෙන් දැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 173 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 376 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 161 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site