(රිකිල්ලගස්කඩ ටී.ඇම්. සෝමපාල)
ගමක තරුණයකු තමන් සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙසින් හඳුන්වා දී දේශීය වෛද්‍යවරයකු දින 14 ක් නිරෝධායනයට ලක් කළ පුවතක් රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් දැනගන්නට ලැබිණි.
මෙම අපහසුතාවට පත්වූයේ පාරම්පරිකව කැඩුම් බිඳුම් පිළිබඳ ප්‍රසිද්ධියක් ලැබූ දේශීය වෛද්‍යවරයෙකි. සිය වෙදකම වැඩි වශයෙන්ම නොමිලයේ කරනු ලබන්නේ තම වෙදදුරු මවුපියන්ට පුණ්‍යානුමෝදනය කිරීම වෙනුවෙනි.
එම වෛද්‍යවරයා පවසන අන්දමට සිද්ධිය මෙසේය. රිකිල්ලගස්කඩ මහජන සෞඛ්‍ය කාර්යාලයේ කිසිවකු දුරකතනයෙන් ඔහු අමතා තමා පී.එච්.අයි. වරයකු බවත් දින 14 ක් යනතුරු වෙදකම වහාම නවත්වා නිවෙසින් බැහැරව නොයන ලෙස උපදෙස් දී ඇත. හදිසි පරීක්ෂාවන් සඳහා කුමන මොහොතක හෝ පැමිණෙන බවත් එවන් විටක නිවසේ රැඳී නොසිටියොත් දැඩි දඩුවම් ලබා දෙන බවද දන්වා ඇත්තේ ආසන්නම ගමක හමුදා නිලධාරියකු කොරෝනා ආසාධිතයකු බවට හෙළිවූ හෙයින් මෙම නියෝගය පනවන බවද පවසමිනි.
ඒ අනුව නිවෙසින් එළිපහළියට නොගොස් වෙදකම ද නවතා නිරෝධායනයට පත්ව සිටියේ කුමන මොහොතක හෝ සෞඛ්‍ය පරීක්ෂක තුමා එතැයි විශ්වාස කරමිනි.
අඩුම තරමින් නිවෙසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ මිලදී ගැන්මට වෙළෙඳපළකට හෝ නොගියේය ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර ද නොකොර පිටත්කර හරිමින් නිවස ඉදිරිපිට දැන්වීම් පුවරුවක් මගින් ජනතාවට මේ බව දැනගන්නට සලස්වා කටයුතු කළේය.
දින 14 ගෙවුණු පසුව තම ගම්මානයට සෞඛ්‍ය පරීක්ෂක මහතා පැමිණි බවට සැලවූ ආරංචිය මත ඔහු හමුවී මේ ගැන ප්‍රකාශකරත්ම තමා එවන් නියෝගයක් ලබා නොදුන් බව කියා සිටියේය. ලබාදී ඇති දුරකතන අංකය ඔහුගේ නොවන බවටත් වෛද්‍යවරයාට දැන ගන්නට ලැබුණි.
කෙසේ වුව මෙම දුරකතන ඇමැතුම ලබා දී ඇත්තේ ප්‍රතිකාර ලබාගෙන සුවවූ තරුණයකු බවට සැක කරන හෙයින් මේ පිළිබඳව නීතිමය පියවර ගන්නා බව එම වෛද්‍යවරයා පවසා සිටියේ දැන් එම දුරකතන අංකයට ඇමතුමක් ලබාගත නොහැකි බවද කියමිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොල්ලකුගේ ලණුවක් කා වෙදැදුරා දවස් 14ක්ම කාමරයේ හිරවෙලා