IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇඳුම් ඉස්සූ ‘භූතයා’ අන්තිමේ නියම බල්ලෙක් වෙලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
වැලේ වනා තිබූ රෙදි කලකට පෙර අතුරුදන් වීම සම්බන්ධයෙන් නිමිත්තක් බැලූ ගෙහිමි කතට රෙදි භූතයකු විසින් රැගෙන යන බව දන්වා ඇතත් පසුව නියම සොරා අසුවීමේ සිද්ධියක් රඹුක්කන ප්‍රදේශයෙන්  වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


රඹුක්කන ප්‍රදේශයේ නිවෙසක පදිංචිකරුවන්ගේ සෝදන ඇඳුම් කලක සිට නිවෙසින් පිටත වැලක් බැඳ වියළීමට දමන බව වාර්තා වේ. 
මෙම  ඇඳුම් කලක සිට අතුරුදන්වීම සම්බන්ධයෙන් ගෙහිමියා ඇතුළු සියලු දෙනා සෝදිසි කළද කිසිම තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.


පසුව නිවැසියන් ඉකුත් දිනක ඇඳුම් අතුරුදන් වීම සම්බන්ධයෙන් නිවසේදී  සාකච්ඡාවක් ද පවත්වා තිබුණි. එම සාකච්ජාවේදී අවසන් තීරණය වී ඇත්තේ කිලෝමීටර් ගණනාවකින් ඈතින් පදිංචිව සිටින වසර ගණනාවක සිට ප්‍රචලිත නිමිති බලන්නකු වෙත යාමටය.


පසුව ගෙහිමි කත ඉකුත් දිනක අලුයම නිමිති බලන්නාගේ නිවෙසට ගොස් රුපියල් පන්සියයක් තබා නිමිත්තක් බලා තිබිණි. එම නිමිත්තෙන් කියැවී  ඇත්තේ නිවසේ සිට මිය ගිය පුද්ගලයකු භූතයෙකු ලෙසින් නිවෙසට පැමිණ නිවස පිටත හා ඇතුළත ඇති රෙදි රැගෙන යන බවත් ඊට යාගයක් කළ යුතු බවත්ය. 


පසුව යාගයක් සිදු කිරීමට අවශ්‍ය බඩු බාහිරාදිය කොළ කැබැල්ලක සටහන් කර දී තිබුණු අතර මේ සඳහා රුපියල් 10,000 ක මුදලක් අය කරන බවත් කාන්තාවට දන්වා තිබුණි.


 කාන්තාව යාගයට අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන නිවෙසට පැමිණ ඇති අතර නිවසේ සිදු කරන යාගය සම්බන්ධයෙන් අසල්වැසි නිවසක පදිංචි හිතවත් කාන්තාවටද දන්වා තිබුණි.


අසල්වැසි කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ කලක සිට අපේ ගෙදර ඉන්න බල්ලා කොහෙන් හරි ඇඳුම් රැගෙන එන බවත් එම ඇඳුම් නිවසේ පැත්තක ගොඩ ගසා ඇති බවත්ය. අල්ලපු ගෙදර කාන්තාව එම නිවෙසට ගොස් මේ පිළිබඳව සොයා බලද්දී නිවසින් අතුරුදන්ව තිබු ඇඳුම් සියල්ල නිවසේ තිබියදී සොයා ගැණින. එම ඇඳුම් සියල්ල බල්ලා විසින් ඉරා විනාශ කර තිබූ අතර එකක්වත් ප්‍රයෝජනයකට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබිණි.



අදහස් (0)

ඇඳුම් ඉස්සූ ‘භූතයා’ අන්තිමේ නියම බල්ලෙක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site