IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇඟේ අමාරුව නිවා ගන්න ගිහින් අන්තිමේ රෝහලටත් යන්න වෙලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඇඟේ තෙහෙට්ටුවට උණු වතුර නාන්න ගිය පෙදරේරුවකු වැරදීමකින් නටන වතුර බාල්දිය සිරුරට හලාගැනීමේ සිද්ධියක් හේතුවන් අන්තිමේ ලීටර් 500 වතර ටැංකි 2 ක් හිස්වනතුරු නාන්නට සිදුවීමේ පුවතක් ගම්පහට නුදුරු පෙදෙසකින් වාර්තාවේ.


පෙදරේරුවා දවසේ වැඩ අවසන් කර නිවසට ආවේ ඉතාමත් අපහසුවෙනි. අනේ මගේ ඇඟපත ඔක්කොම රිදෙනවා. ‘අද උණු වතුර ටිකක් නා ගත්තොත් හොඳයි‘ ඔහු බිරියට පැවසුවේය.


බිරිය වතුර උණු කරන අතර සැමියා ගිමන් හැරියේය. වතුර සූදානම් බවට බිරියගේ දැනුම්දීම අනුව සැමියා නාන්නට ගියේය. බිරිය වතුර බාල්දිය බැගින් ගෙනවිත් දුන්නාය. බිරිය ගෙනවිත් දෙන වතුර බාල්දියට ඇල් දිය මුසු කොට සිය අවශ්‍යතාව ඉටුකරගනිමින් සිටි සැමියා වැරදීමකින් ඇල් දිය මුසු නොකළ වතුර බාල්දියක් ඇඟට හලා ගත්තේය.


සැමියාගේ මරහඬ දීමත් සමග ක්‍රියාත්මකවූ බිරිය සිදුවූ සියල්ල වටහා ගත්තාය. උණුවතුර නාමින් සිටි සැමියා ගේ සිරුරට නළයක් යොදා ගෙන ඇල් දිය වත් කළාය. ටැංකියේ වතුර අවසන් වන තුරු එසේ කළ බිරිය අන්තිමේ සැමියා රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දෙන්නට ද පියවර ගත්තාය.


උණු වතුර බාල්දි කිහිපයකින් සිරුර සතපා ගන්නට ගිය පෙදරේරුවා අන්තිමේ වතුර ලීටර් පන්සියයක් නා රෝහල්ගතව ප්‍රතිකර ලබා නිවසට පැමිණි පසු “මදැයි මම ඇඟේ අමාරුව නැති කරගන්න උණු වතුර නෑවා“. කියමින් මිතුරන් සමග සතුටු සාමීචියේ යෙදෙමින් කල්ගත කරමින්  සිටී.

 



අදහස් (1)

ඇඟේ අමාරුව නිවා ගන්න ගිහින් අන්තිමේ රෝහලටත් යන්න වෙලා

kithsiri Tuesday, 01 January 2019 02:33 AM

පිළිස්සුන විට එසේ දිගු වෙලාවක් අඩු පීඩන ජාල ධාරාවක් ඇල්ලිය යුතු බව මේ පෙදරේරු බිරිඳ දැන සිටීම මහත් භාග්‍යයක්.

:       1       163

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site