(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නොදන්නා මඟුලක් කරන්න ගිහින් වරිගෙ නහගන්න එපා යැයි කියන ආප්තෝපදේශය අනුව කටයුතු කරමින් නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් ප්‍රතික්ෂේප කර යළි පැරණි සාමාන්‍ය දුරකතන භාවිතයට ගත් වත්මනේ රටම හඳුනන නාමයක් ඇති විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයකු පිළිබඳව බටහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.
ආරක්ෂක සේවයෙන් විශ්‍රාම ලබා වෙනත් රැකියාවක නිරතවූවෙකි. මේ රැකියාව කරගෙන යාමට නවීන තාක්‍ෂණය වැඩි වශයෙන් අවශ්‍ය කෙරේ. දන්නා තරමින් නවීන තාක්‍ෂණය භාවිත කරමින් සිය රැකියාව කරගෙන යන මේ අයගේ සේවය ලබාගන්නා ආයතනයේ සුහද හමුවකදී පැවති තරඟයකි.
මේ තරගයෙන් ජයගත් තිදෙනෙකුට නවීන පන්නයේ ජංගම දුරකතන ලබාගැනීමේ හිමිකම ලැබිණි. එක් දුරකතනයක් මේ කතානායකයාට ද ලැබිණි. මෙය ගත්දා සිට තම දුරකතන සිම්පත එයට ඇතුළත් කළත් මේ අටමඟුලෙන් වැඩගන්නට ගිය ඔහුට සිදුවුණේ නිකරුණේ බිල්පත් ගෙවන්නටය. අද බැරි වුණාට හෙට බලමු කියා මාසයක් දෙකක් ගත් සියලු උත්සාහයන් වතුරේ ගියේය.
මේ වැඬේ කරන්න බැහැ කී මේ කතානායකයා නවීන දුරකතනය පැත්තකට දැමීය. පෙර සේ පැරණි දුරකතනය යළි භාවිතයට ගත්තේය. මේ වැඬේ සිදුවී දැනට වසර දෙකකටත් වැඩි වුවත් කතාව එළියට ආවේ දුම්රියේ ගමන් කරමින් මිතුරෙකු හා කළ කතාබහක් නිසාය. නැතිනම් මෙය සදහටම රහසක්වන්නට ඉඩ තිබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අලුත් එකෙන් වැඩගනිද්දී පරණ එකේ අගය වැඩිවෙලා
jaya Wednesday, 02 January 2019 07:17 AM
අවුරුදු 60 ඉක්මවූ අයට හිනා වෙන්න හොඳ නෑ. ගෙදර ගුවන් විදුලියක් වත් නැති කාලේ ඉඳල ස්මාර්ට් ෆෝන් එකකට ආපුවම හරිම අමාරුයි පුරුදු වෙන්න. අපේ මහලොකු තරුණයොත් ඔකේ දන්නේ ෆේස්බුක් වයිබර් විතරයි.