(බිංගිරිය නන්ද එස්. ඒකනායක)
නාරම්මල නගරයට ආසන්න කුරුණෑගල ප්‍රධාන මාර්ගය දෙපස තරගයට මෙන් පවත්වාගෙන යන බත් කඩ දෙකකින් එක මුදලාලි කෙනෙකු අනෙක් බත් කඩය නැති භංගස්ථාන කිරීමේ අරමුණින් එම කඩයට හූනියමක් වැළලීමට යාමේදී අදාළ අනෙක් කඩ හිමියාගේ අතටම අසුවී එම හූනියම් මුදලාලිට පහරදීමේදී ඔහුගේ ඔලොගුවෙන් බිත්තර, කළු රතු නූල්, බුලත්, මිනී ඇට කැබලි එළියට විසිවී ඇති අතර, එම බිත්තර හූනියම් මුදලාලිගේම හිසේ ගසා ඇත. බිත්තර සාරු නාගත් හූනියම් මුදලාලිට පොලිස් අත්අඩංගුවේද සිටීමට සිදුවිය.
මෙම සිද්ධිය වටා පිටාවේ බොහෝ දෙනෙක් දැනගත් නිසාම බොහෝ දෙනකු එම හූනියම් මුදලාලිගේ කඩයට නොගිය අතර, හූනියම ආපසු තමන්ටම වැදී ඇති බව තේරුම්ගත් ඔහු තමා දුන් රුපියල් 20,000 ඉල්ලා ගුරුකම කළ කට්ටඩියා පසුපස මේ දිනවල දුවමින් සිටින බව ද කියති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.